සාලිය පීරිස් ජයගත් නීතීඥ නිලවරණයේ ඇත්ත සඟවන්නේ ඇයි…?
Posted on March 14th, 2021

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන උපුටා ගැන්ම දිවයින

2021 පෙබරවාරි 28 ඉරිදා දිවයින සංග‍්‍රහයේ බුලිත ප‍්‍රදීප් කුමාර ලියා ඇති ”කුවේරගේ පරාජය හෙවත් වේදිකාවට ගෙන දෑත් බැ`ද ඇ`දිවත කඩා දැමීම” ලිපියට පිළිතුරක්
 
 
 2021 පෙබරවාරි මස 24වන දින ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා තෝරා ගැනීමට පවත්වන ලද නිලවරණය අංශ කීපයකින් වැදගත් විය. එය වඩා වැදගත් වූයේ වර්තමාන ආණ්ඩුවට පෙර පැවැති යහපාලන ආණ්ඩුවේ නීති න්‍යායාචාර්යවරයෙක් වූ සාලිය පීරිස ජනාධිපති නීතිඥවරයා සභාපති තරගයට පිවිස තිබීමය. සාලිය පීරිස් ජනාධිපති නීතිඥවරයා පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ එයට සම්බන්ධ වී තනතුරු ලබා ගත් අයෙක් වූ අතර එය නීතිඥ වෘත්තියේ සම්බන්ධතා අතර පවතින ගැටුමකදී ස්වාධීනත්වයට අහිතකර ලෙස බල නොපාන බව කිව නොහැකිය.
 
 2015 ජනවාරි මාසයේ එවකට බලයේ සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජයට පත් කරමින් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත‍්‍රීපාල සිරිසේන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්වරයා බලයට පත් වීමත් සමග නීතියේ වැදගත් වෙනස්කම් රැසක් සිදු විය. ඒ අතර වැදගත් නීති සංශෝධනය වූයේ 19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමය. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාගේ ආණ්ඩුව 19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2015 දී ගෙන ආවද, එවැනිම 19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් වර්ෂ 2002 දී ද චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය සමයේ ගෙන ඒමට එවකට බලයේ සිටි රනිල් වික‍්‍රමසිංහ අගමැතිගේ ආණ්ඩුව ක‍්‍රියාකර තිබුණු බව 2015 දී ජනතාවගේ මතකයෙන් ගිලිහී තිබුණි. 2002 දී ඉදිරිපත් කර තිබූ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් වසරකින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ජනාධිපතිවරයා වළක්වන විධිවිධාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කර ඇතුළත් කිරීමට ක‍්‍රියාකර තිබූ අතර, වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත‍්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු බවට ඉන් යෝජනා කර තිබුණි.
 
 එකී 19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිය යන පදනමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කරන ලද අතර සරත් නන්ද සිල්වා (අ.වි), වඩුගොඩුපිටිය (වි), බණ්ඩාරනායක (වි) ඉස්මයිල් (වි) එදිරිසූරිය (වි) සහ යාපා (වි) ජේ. ඒ. එන්. ද සිල්වා (වි) විසින් 2002 ඔක්තෝබර් 1 සහ 3 යන දිනවල ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගන්නා ලදී. එම විනිසුරු 07 දෙනාගේ ඒකමතික තීරණය (Determination) වූයේ ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීම සීමා කරන්නේ නම් එනම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවට සංශෝධනය කරමින් වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීම ජනාධිපතිට සීමා කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවත් එය නීතියක් වන්නේ ජනමත විචාරණයක් මගින් ජනතාව විසින්ද අනුමැතිය දීමෙන් පසුව බවත් ය. එම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හේතුවෙන් 2002 දී ගෙන එනු ලැබූ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් බවට පත් කිරීමට අවශ්‍ය වන ඉදිරි පියවර එනම් පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමට කටයුතු නොකළ අතර එකී 19 වන ව්‍යවස්ථා සංශෝධනය එතනින් අවසන් විය.
 
 තත්ත්වය එසේ තිබියදී යහපාලන ආණ්ඩුවේ නීති න්‍යායාචාර්යවරයෙක් වූ සාලිය පීරිස් ජනාධිපති නීතිඥවරයාද සහාය දුන් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාගේ ආණ්ඩුව නැවත 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් වර්ෂ 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර ඒ අවස්ථාවේදී එසේ ඉදිරිපත් කරනු ලැබූයේ අග‍්‍රාමාත්‍යතුමා සහ ප‍්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ නියමය පරිදි 2015 මාර්තු මස 13 වන දින ගැසට් පත‍්‍රයේ 11 වන කොටස අතිරේකය (2015.03.16 දින නිකුත් කරන ලද) මගින්ය.
 
 පාර්ලිමේන්තුවේ ප‍්‍රථම රැස්වීමට නියම කළ දිනයෙන් වසර 4 1/2 ක් ඇතුළත පාර්ලිමේන්තුව විසිරුවීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත‍්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු බවට වන විධිවිධානය සහ තවත් විධිවිධාන 16 ක් සහිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් නීතිගත කිරීමට අපේක්ෂා කළ අතර එකී කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු තිදෙනකු විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථානුකූලත්වය පරීක්ෂා කළ අතර 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කළ පාර්ලිමේන්තුව විසුරුවීමට අදාළ වූ විධිවිධානය හැර අනෙක් විධිවිධාන 16 සම්බන්ධව තීරණය එම විනිසුරුවරු තිදෙනා විසින් පාර්ලිමේන්තුවට දන්වා යවා ඇත.
 
 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කෙරෙහි අවධානය යොමු නොකර, 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගත් අතර දෙවන වර සහ තුනවර වර කියවා පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය පමණක් ලබා ගෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 80.1 ව්‍යවස්ථාව යටතේ සිය සහතිකය යෙදීමට චමල් රාජපක්ෂ කථානායකවරයා පියවර ගත් අතර මෙය 2002 දී 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කිරීමක් වූ අතර 2002 දී ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව 79 ව්‍යවස්ථාව සහ 80.2 ව්‍යවස්ථාව අනුගමනය කිරීමෙන් බැහැර වීමට 2015 දී කථානායකවරයා ක‍්‍රියා කර තිබුණි.
 
 සැලකිල්ලෙන් අවධානයට යොමු කිරීමේදී පාර්ලිමේන්තුව විසින් 2015 දී ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධව කටයුතු කර ඇත්තේ 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කිරීමෙන් බවත්, 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 07කු විසින් ජනමත විචාරණයක් සඳහා යොමු කළ විධිවිධානයට 2015 දී කථානායකවරයා විසින් නොසැලකිල්ලෙන්/ අනවධානයෙන්/අනවබෝධයෙන්/ නොමග ගොස් 80.2 ව්‍යවස්ථාව යටතේ ජනමත විචාරණයකට නොගොස් සහතිකය යොදා ඇති බව පැහැදිලි වූයේ සහ එය වඩාත් තහවුරු වූයේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් 2018 නොවැම්බර් මස 09 වැනි දින අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් පාර්ලිමේන්තුව විසුරුවීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් නඩුවකින් නලීන් පෙරේරා (අ.වි) බුවනෙක අලූවිහාර (වි), සිසිර ආබෲ(වි) ප‍්‍රියන්ත ජයවර්ධන (වි), විජිත මලල්ගොඩ (වි), ප‍්‍රසන්න ජයවර්ධන (වි) සහ මෘදු ප‍්‍රනාන්දු (වි) විසින් ලබා දුන් තීන්දුවත් (Judgement) සමගය. එනම් වසර 4 ක් යන තෙක් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීම කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමත් සමග 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණයට පටහැනිව 2015 දී ඉදිරිපත් කර ඇති 19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් කරගෙන ඇති බවයි. එය වඩාත් හො`දින් තහවුරු වන්නේ වත්මන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද 20වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීමට හැකි කාලය වසර 4 සිට නැවත වසර දක්වා අඩු කිරීමට යෝජනා කිරීම සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් ඒ ස`දහා ජනමතවිචාරණයක් පැවැත්විය යුතු බවට තීරණය කිරීමෙනි.
 
 වත්මන් පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය 2020.10.20 දින ප‍්‍රකාශ කරමින් පාර්ලිමේන්තුවට දන්වා සිටියේ 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 3 වන වගන්තිය (33 ව්‍යවස්ථාව), 5 වන වගන්තිය (35 ව්‍යවස්ථාව), 14 වන වගන්තිය (70 ව්‍යවස්ථාව), 22 වන වගන්තිය (104 (උ) (උ) ව්‍යවස්ථාව) මගින් සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 ක මන්ත‍්‍රීවරුන්ගේ ඡන්දය සහ ජනමත විචාරණයක් මගින් ජනතාවගේ කැමැත්තද අවශ්‍ය බවයි.
 
 පාර්ලිමේන්තුවේ 2/3 මන්ත‍්‍රී ඡන්දයෙන් පමණක් 2015 දී සම්මත කරගත් 19 ය, නැවත ප‍්‍රති සංශෝධනය කිරීමට 2020 දී පාර්ලිමේන්තුවට 2/3 ක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය වී ඇති බව කථානායකවරයා ප‍්‍රකාශයෙන් අනාවරණය වීමත් සමග ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 76.1 ව්‍යවස්ථාවේ දක්වා ඇති පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත්හැරීමට එනම් 2015 දී පාර්ලිමේන්තුව 2/3 මන්ත‍්‍රී ඡන්දයෙන් සිදු කළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන නැවත මුල් තත්ත්වයට ගෙන ඒමට ජනමත විචාරණයක් මගින් කිරීමට සිදු වීම වත්මන් පාර්ලිමේන්තුවට සිදුවී ඇති අසාධාරණයක්, අයුක්තියක් සහ ව්‍යවස්ථාදායක බලය අත්හැරීමක් බව අධිකරණ ඇමැති අලි සබි‍්‍ර ජනාධිපති නීතිඥවරයාට තේරුම් නොගිය බව පිළිගත හැකි තත්ත්වයක්ද? යන්න ජනතාව බුද්ධියෙන් විමසිය යුතුය.
 
 ඉහත කාරණා අනුව පැහැදිලි වන්නේ අධිකරණ ඇමැති අලි සබි‍්‍ර ජනාධිපති නීතිඥවරයා සහ යහපාලන ආණ්ඩුවේ නීති විශාරදයන් පෞද්ගලික අරමුණෙන් කටයුතු කරන්නන් මිස නීතියේ පාලනය වෙත යොමුවන සිතෙන් කටයුතු කරන අය නොවන බවයි.
 
 එවන් නීතිමය පසුබිමක 2021 පෙබරවාරි 28 ‘ඉරිදා දිවයින සංග‍්‍රහයේ’ බුලිත ප‍්‍රදීප් කුමාර ලියා ඇති ”කුවේරගේ පරාජය හෙවත් වේදිකාවට ගෙන දෑත් බැ`ද ඇ`දිවත කඩා දැමීම” ලිපිය මගින් සාලිය පීරිස් ජනාධිපති නීතිඥවරයා සහ අධිකරණ ඇමැති අලි සබි‍්‍ර ජනාධිපති නීතිඥවරයාගේ චේම්බරය අතර පැවති සන්ධානය සහ එකී නිලවරණය ආණ්ඩුව නියෝජනය කරන ක`දවුරේ පරාජයක් පමණක් බවට ජනතාව අතර අදහසක් ඇති කිරීමට උත්සාහ කර ඇති බව පෙනේ. නමුත් එය එසේ නොවේ. අධිකරණ ඇමැති අලි සබි‍්‍ර ජනාධිපති නීතිඥවරයාගේ චේම්බරය සහ සාලිය පීරිස් ජනාධිපති නීතිඥවරයා අතර පැවති සන්ධානය එයට වඩා බොහෝ දුර යයි.
 
 2016 අංක 14 දරන අතුරුදන් වූ තැනැත්තන් පිළිබ`ද කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ 27.සසස වගන්තියේ දැක්වෙන බලහත්කාරයෙන් අතුරුදන් කිරීමෙන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය” පවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර එය සම්මත කර ගෙන තිබීම සහ අතුරුදන් වූ තැනැත්තන් පිළිබ`ද කාර්යාලයේ සභාපතිවරයා වූ සාලිය පීරිස් ජනාධිපති නීතිඥවරයා එයට කෙතෙක් දුරට සම්බන්ධ වී සිටියේද? යන්න පිළිබ`ද එකී ලිපිය කරුණු නොදක්වන අතර, මේ සම්බන්ධයෙන් අධිකරණ ඇමැති අලි සබි‍්‍ර ජනාධිපති නීතිඥවරයා හෝ කුවේර ද සොයිසා නීතිඥවරයා නිහ`ඩ ප‍්‍රතිපත්තියක සිටියේ ඇයිද? යන්න සහ යහපාලන ආණ්ඩුවේ පොදු නීති උල්ලංඝනයන්වලදී ඔවුන් ඒවාට මැදිහත් වී නීතිය නිවැරදි කිරීමට මැදිහත් නොවූයේ ඇයිද? යන්න පිළිබ`ද විමසා බලා නැත.
 
 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කළ 19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය, පාර්ලමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත්හළ 20වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ බලහත්කාරයෙන් අතුරුදන් කිරීමෙන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර එහි විධිවිධාන සම්මත කර ඇති 2016 අංක 14 දරන අතුරුදන් වූ තැනැත්තන් පිළිබ`ද කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත ගැන ජාතික සංවාදයක් ඇති කළ යුතු අවස්ථාවක 2021 පෙබරවාරි 28 ‘ඉරිදා දිවයින සංග‍්‍රහයේ’ බුලිත ප‍්‍රදීප් කුමාර ලියා ඇති ”කුවේරගේ පරාජය හෙවත් වේදිකාවට ගෙන දෑත් බැ`ද ඇ`දිවත කඩා දැමීම” ලිපිය මගින් නීතියේ යථා තත්ත්වය වෙනතකට යොමු කර ඇති බව පෙනේ.
 
 19-20 ව්‍යවස්ථා සංශෝධනවලදී සහ 2016 අංක 14 දරන අතුරුදන් වූ තැනැත්තන් පිළිබ`ද කාර්යාලය පනත සම්බන්ධයෙන් නීති අපගමනයන් ස`දහා දැක්වූ දායකත්වය, නීතිමය සාකච්ඡාව මෙවර නීතිඥ නිලවරණයේදී අපේක්ෂකයන්ද මතු කළේ නැත. එනම් නීතියේ පාලනය ආරක්ෂා කිරීමට වැදගත්වන මූලික නීති මතවාද සාකච්ඡා කළේද නැත. මෙවැනි නීතිමය සාකච්ඡාවක් මෙවර නීතිඥ නිලවරණයේදී සාකච්ඡාවට ගත්තේ නම් නීතිඥවරු ඉදිරියේ ඇ`දිවත ගැළවෙන්නේ අලි සබි‍්‍ර අධිකරණ ඇමැතිවරයාගේත්, සාලිය පීරිස් ජනාධිපති නීතිඥවරයාගේත් ඒවාට සම්බන්ධ නීති විශාරදයන්ගේත් ය.
 
 ශ‍්‍රී ලංකාව වැනි රටක එවැනි මතවාදයක් තවත් වසර කීයකින් ඇති වේද? කිව නොහැකිය.
 
 19-20 ව්‍යවස්ථා සංශෝධනවලදී සහ 2016 අංක 14 දරන අතුරුදන් වූ තැනැත්තන් පිළිබ`ද කාර්යාලය පනත පැණවීමේදී වැරදි කාර්ය පටිපාටියක් අනුගමනය කළ යහාපාලන ආණ්ඩුව සහ වත්මන් ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි නීති විශාරදයන් මෙවර නීතිඥ නිලවරණයේදී එකී කාරණා මතු නොකර පොදු අපේක්ෂක ලෙස තෝරාගෙන සිටි සාලිය පීරිස් ජනාධිපති නීතිඥවරයා වෙත සිය පක්ෂපාතීත්වය පෙන්නුම් කරමින් සිටියේ ය. අලි සබි‍්‍ර අධිකරණ ඇමැතිවරයාගේ නීතිඥ චේම්බරයේ පක්ෂපාතීත්වය යහපාලන ආණ්ඩුවේ සහ ජිනීවා යෝජනා බලාත්මක කිරීමේ දේශපාලකයන්ගේ නීති උපදේශකයකු වූ සාලිය පීරිස් ජනාධිපති නීතිඥවරයා වෙනුවෙන් දැක්වීය.
 
 මේ සැ`ගවුණු ඇත්ත බුලිත ප‍්‍රදීප් කුමාර ඉහත ලිපියෙන් විස්තර කරන්නේ වත්මන් ආණ්ඩුවේ දේශපාලන ශරීරයට හිතකර නොවන පටු අර්ථයෙන් ය.
 
 නීතිඥ චේම්බර් අතර ඇති පුද්ගලික සම්බන්ධතා, නීතියේ පාලනය ශක්තිමත් කිරීම අභිබවා බලපැවැත් වූ මෙවර නීතිඥ නිලවරණයේ දී ඇති වූ අධිකරණ ඇමැති චේම්බර් සහ ඒකාබද්ධ විපක්ෂ සන්ධානය සමාජයට කෙසේ බලපානු ඇතිද? යන්න කීමට තවම කල් වැඩිය.
 
 අවසානයේ කිව හැක්කේ මෙවර නීතිඥ සංගම් නිලවරණයේදී වේදීකාවට ගෙන දෑත් බැ`ද ඇ`දිවත කඩා දැමීම සිදුකර ඇත්තේ කුවේරගේ නොව ජනතාවගේ බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress