කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරියක සමග මනෝ සාකච්චාව
Posted on May 22nd, 2021

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි 

ආයුබෝවන්! අපි අපේ සාකච්චාවට පැමිණි ඔබතුමියව ඉතා සාදරයෙන් පිලිගන්නවා.

ආයුබෝවන්!

අපි ඔබතුමියව මේ සාකච්චාවට කැදවා ගත්තේ ඔබතුමිය අති විශේෂ චරිතයක් නිසයි. ඒ ඔබතුමිය විශේෂඥ වෛද්‍යවරියක වගේම ප්‍රබල දේශපාලඥයෙක්.

ඔව්! ඔබ හරි. මට දේශපාලනය සම්බන්ධවත්, වෛද්‍ය වෘත්තීය සම්බන්ධවත් මනා අවබෝධයක් තියෙනවා.

දැන් අපෙ රට බරපතල අර්බුදකාරී තත්වයකට මුහුණ දීලයි ඉන්නේ, මේ කොරෝනා වෛරසය නිසා. ඔබතුමිය මෑතකදී ප්‍රකාශ කළා අඩු තරමින් සති දෙකකටවත් මේ රට සම්පුර්ණයෙන්ම ලොක්ඩවුන් කරන්න කියලා,ඔබ විශේසඥ වෛද්‍යවරියක් වශයෙන් ප්‍රකාශ කරනවා කියලාත් කීවා. ඉතින් ඒ කතාව හරිද?

ඔව්! මම එහෙම කිව්වා. මම ඒක වගකීමකින් කියපු කතාවක්. මේ කතාව කියන්නේ මම විතරක් නොවෙයි. සියලුම වෛද්‍ය සංගම් එක හඬින් මේ ඉල්ලීම ඉල්ලා සිටිනවා.

ඔව්! අපි දැක්කා සියලුම විශේෂඥවරුන් මේ ඉල්ලීම ඉදිරිපත් කරමින් කතා කරනවා. ඇත්තටම ඒ ඉල්ලීම සාධාරණද?

ඇයි ඔබ එහෙම කියන්නේ? මේ රට බරපතල අර්බුදකාරී තත්වකයි පවතින්නේ! කොරෝනා වෛරසය කියන්නේ කාටවත් පාලනය කිරීමට අසීරු වෛරසයක්. නමුත් ඒක මිනිස් සිරුරේ උපරිම වශයෙන් පවතින්නේ, දින 21ක් පමණ කාලයක් පමණයි. ඉතින් මුළු රටම දින 14ක් ලොක් ඩවුන් කලාම මේ වෛරසය පාලනය කිරීම ඉතාම පහසුයි. දින 14ක් මුළුමනින්ම පැතිරීම නවතිනවා.

දැන් ඔබ කිව්වා උපරිම දින 21ක කාලයක් මේ වෛරසයට පැවතිය හැකියි කියලා, ඉතින් ඇයි දින 14ක ලොක් ඩවුන් එකක් ඉල්ලන්නේ දින 21ක ලොක් ඩවුන් එකක් නොඉල්ලා?

ඇත්තටම දින 21ක ලෝක ඩවුන් එකක් දෙන්න පුළුවන් නම්, බොහෝ දුරට මේ වසංගතය මර්ධන කල හැකියි. නමුත් රටේ ආර්ථිකය සම්බන්ධව හිතලා,තමයි අපි දින 14ක් ලොක් ඩවුන් එකක් ඉල්ලන්නේ.

හොදයි! රජය දින 14ක් ලොක් ඩවුන් එකක් දුන්නත් අවදානමක් තියෙනවා කියන මතය ඔබ දරනවා. නමුත් දින 21ක ලොක් ඩවුන් කිරීම තමයි නිවැරදීම ලොක් ඩවුන් කිරීමට අදාළ වෙන්නේ කියන විශ්වාසය ඔබට තියෙනවා!

ඔව්! ඒ කතාව හරි.

අපේ රටේ සාමාන්‍ය අම්මලා මේ වගේ ලෙඩකට කියන්නේ දෙවියන්ගේ ලෙඩ කියලා! එහෙමත් නැත්නම් අම්මාවරුන්ගේ අසනීප කියලත් කියනවා. මේ වගේ තත්වයකදී ඒ අය තම නිවස ලොක් ඩවුන් කරගන්නවා. රෝගියාට වෙනම තැනක් නිවසේ සකස් කරනවා. කිසිවෙකුට ගෙදරට එන්න දෙන්නෙත් නැහැ. තමන් අවට ගෙවල් වලට යන්නෙත් නැහැ. විශේෂයෙන් නිවස කිලි වලින් ආරක්ෂා කර ගන්න වෙහෙසනවා. මස් මාළුවත් ගෙදරට ගේන්නේ නැහැ. මෙහෙම තියාගෙන දින 14කට පස්සේ ලෙඩාව නාවනවා.දින 7ක් අඛණ්ඩව නෑවාට පස්සේ තමයි යලිත් සමාජගත වෙන්න ඉඩ දෙන්නේ! සම්පුර්ණ දින ගණන 21ක් ගතවෙනවා.මේක රෝගියාගේ පාර්ශවයෙන් සිදුවෙන දෙයක්. ඔබ යෝජනාකරන්නෙත් මෙවැනි දෙයක්?

ඔව්!අපි යෝජනා කරන්නෙත් එවැනි දෙයක් නමුත් රටේ ආර්ථිකය ගැන හිතලා අපි කියන්නේ අඩු තරමින්දින 14ක් ලොක් ඩවුන් කරන්න කියලයි.

හොදයි! මේ වෙනකොට රෝහල් ගතව කොවිඩ් රෝගීන් කොච්චරක් විතර ඉන්නවාද?

අද වෙනකොට 31,338 ක් රෝගින් ප්‍රමාණයක් ප්‍රතිකාර ගනිමින් ඉන්නවා.

හොදයි! හඳුනා නොගත් කොවිඩ් රෝගීන් තව කොච්චර විතර අපේ සමාජය තුල ඇති ඔබ සිතනවාද?

ඒක මට කියන්න බැහැ. සමහර විට ලක්ෂයක් හෝ දෙකක් පමණ රෝගීන් සමාජය තුල සිටිය හැකියි.

හොඳයි! අපි හිතමු, ලක්ෂ දෙකක කොවිඩ් ආසාදිතවෙලා සමාජය තුල ඉන්නවා කියල. ඒකට රෝහල්ගතව සිටින 31,338ත් එකතු කලාම ආසාදිතයෝ 231,338ක් ඉන්නවා. එතකොට රටේ ජනගහනය ලක්ෂ 210ක්  ඉන්නවා. දැන් මේ 231,338 කොවිඩ් රෝගීන් නිසා කොවිඩ් රෝගීන් නොවන 20,768,662 ජනතාව ගෙවල් වල කොටුකර තැබිය යුතුයි කියලයි විශේෂඥ වෛද්‍යවරුන් පවසා සිටින්නේ ඒක එහෙම නේද?

ඔව්! අපි ඉල්ලා සිටින්නේ එයයි.

මේ යෝජනාව තුල කිසිම විශේෂඥතාවයක් නැහැ කියලා හිතෙන්නේ නැද්ද?

ඇයි එහෙම කියන්නේ අපි විශේෂඥ වෛද්‍යවරුන් සියල්ලක්ම එක හැඳින් කියන මේ විසදුම තමයි විද්‍යාත්මක එකම විසදුම.

අර අපේ කිසිම විශේෂඥ දැනුමක් නැති අම්මලා කරන දේම ඔබතුමියගේ හා විශේෂඥ වෛද්‍ය පරපුරේ ඥානය මුසු කරලා නවීනතම ආකාරයකට ඒ වැඩේම කරලා ක්‍රියාකාරී මිනිසුන් 20,768,662ට තමන්ගේ කාර්යන් කරගෙන යාමට ඉඩදිය හැකි ක්‍රමවේදයක් ඔබලා තුල නැද්ද?

නැහැ. අපි ඉදිරිපත්කරන්නේ ඉතාමත් නිවැරදි දෙයයි

ඔබලා මේ මිනිසුන් 20,768,662 දෙනා දින 14ක් ලොක් ඩවුන් කිරීමෙන් සිදුකරන්නේ කොරෝනා නැති මිනිසුන් 9950ක් මරා දැමීමයි. ඒ බව ඔබේ විශේෂඥ ඥානයට ගෝචර වන්නේ නැහැ. කියලා මම යෝජනා කරනවා.

එහෙම දෙයක් වෙන්නේ කොහොමද කාවද මැරෙන්නේ? කොහෙද මල කඳන් තියෙන්නේ?

ඔබලා මේ ලොක් ඩවුන් කිරීම තුලින් මිනිස් දින 290,761,268 විනාශ කරනවා. තව විදියකට කියනවා නම් අක්‍රිය කරනවා. අවුරුදු 80ක් ජීවත්වෙන මිනිහා දින 29,200ක් ගත කරනවා. ඒ අනුව ඉතා පැහැදිලිව ඔබලා මිනිසුන් 9950ක් මේ දින 14 තුලදී මරා දමන බව කියන්න වෙනවා.

ඕක පිස්සු කතාවක්! එහෙම නම් මොකක්ද කරන්න කියන්නේ?

කොරෝනා හැදුනේ නැති මිනිසුන්ට ආරක්‍ෂිත ක්‍රම යටතේ සිය දෛනික කටයුතු කරගෙන යන්න ඉඩදීලා, කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන ක්‍රමයක් නිර්මාණය වෙන්න ඕනි. එකයි අපි විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ.

එහෙම නම් ඔබම කියන්නකෝ මොකක්ද ක්‍රමය කියලා?

අර ගමේ අම්මගෙන් ඇහුව නම් කියයි “ළමයෝ අපි ගංවතුරක් ගැලුවම ඔක්කොම එක තැනකට වෙලා, ගංවතුර පහව ගියාම යනවා වගේ, හැම ග්‍රාමසේවක වසමකම බරපතල නොවන කොවිඩ් රෝගීන් බලා ගන්නා මධ්‍යස්ථානයක් දාන්න කියලා.

අනේ මන්ද?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress