දොරින් දොරට කප්රුක් – ඉපලෝගම පොල් පැළ බෙදා දීම
Posted on July 24th, 2021
තිසර සමල් – අනුරාධපුර
පොල් පැළ ලක්ෂ 40 ක් දිවයින පුරා සිටුවීමේ ” දොරින් දොරට කප්රුක ” ජාතික වැඩසටහන යටතේ ඉපලෝගම ගොවිජන සේවා කාර්යාලයේදී පොල් පැළ බෙදා දීම රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
” දොරින් දොරට කප්රුක ” ජාතික වැඩසටහන මගින් ගෙඩි මිලියන 2800 ක් පමණ වන වාර්ෂික පොල් අස්වැන්න ගෙඩි මිලියන 3600 ක් දක්වා වර්ධනය කර ගැනීමේ ඉලක්කයයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලය ආසන සංවිධායක, හිටපු පළාත් සභා අමාත්‍යය සරත් ඉලංගසිංහ මහතා, ඉපලෝගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් හා රාජ්‍යය නිළධාරීන්, ලංකා පොස්පේට් රාජ්‍යය සමාගමේ හිටපු සභාපති උපාලි අනුරාධ දිසානායක මහතා ඇතුළු ප්‍රදේශවාසීන් සහභාගී වූහ.