පොහොර තහනම ඉවරයි. වගා හානි වූ ගොවීන්ට රජය වන්දි ගෙවිය යුතුයි. ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් සහාය දුන් සැමට ස්තුතියි.
Posted on August 3rd, 2021
හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකොන්
2021 අගෝස්තු මස 1 දින සිට පොහොර ගෙන්වීම සඳහා අවසර ලබා දීමට රජය කටයුතු කර ඇත.
පොහොර ආනයනය සඳහා පනවා තිබූ තහනම රජය විසින් ඉවත් කර ඇත. එසේ නමුත්, පොහොර ගෙන්වීම සඳහා අවසර ලබා දෙන්නේ කුමණ ව්‍යාපාරිකයින්ට ද, ගෙන්වනු ලබන්නේ කුමන පොහොර වර්ග ද යන්න පිළිබඳ නිශ්චිත නැත.
ඩොලර් හිඟය පියවා ගැනීම සඳහා පොහොර ආනයනය තහනම් කරනු ලැබූ නමුත් රජය කාබනික කෘෂිකර්මය සඳහා යැයි ඉතා ග්‍රාම්‍ය ප්රචාරක ව්‍යාපාරයක් ගෙන ගියේය. කාබනික වගාව ප්‍රචලිත කිරීම සඳහා යැයි කියමින් රු. කෝටි 8 ක ප්රචාරක ව්‍යාපාරයක් භාතිය සංතෘෂ් සංගීත කණ්ඩායම සමඟ සැලසුම් කළ අතර ජනතා විරෝධය හරහා එය අතහැර දමන ලදී.
පොහොර තහනම හේතුවෙන් වී අස්වැන්නේ දැවැන්ත කඩාවැටීමක් සිදුව ඇත. අතිරේක ආහාර භෝග වර්ග 11ක අස්වැන්න අඩුවී ඇතැයි පසුගිය දා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. තේ පොහොර නොමැතිවීම නිසා තේ දළු අස්වැන්න අඩුවිය.
සලාක ක්‍රමයක් යටතේ පොහොර ආනයන අත්ත දුෂිත ගණුදෙනුවක් බවට පත් විය හැකිය. කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර ප්‍රතිමිතියකින් යුතුව ආනයනය කිරීම සඳහා රජය පියවර ගත යුතුය ඇත. එමෙන්ම ප්‍රෝඩාකාරී පොහොර තහනම නිසා වගා හානියකට පත් පිරිසට වන්දි ගෙවීමට රජය පියවර ගත යුතු ය.
August 4th, 2021 at 7:20 pm
THIS NIMCOMPOOP WHO CANNOT EVEN SPEAK PROPERLY BECAME SOMEBODY THANKS TO JADAPALANAYA AND A GOVERNOR TO BOOT. NOW HE HAS A TITLE – HITAPU AANDUKARA. HIS PATHETIC ‘SOUR GRAPES’ CRY IS TO BE EXPECTED.