සිංහලෙන් නීතිය ඉගැන්නූ ගුරුවරුන්ට නීති විද්‍යාලයේ දොර වැහුවේ සිංහලෙන් නීතිය ඉගැන්වීම වළක්වා රජය ගෙනෙන ව්‍යවස්ථා විරෝධී නීති පහසුවෙන් ක්‍රියාත්මක කර දෙන්නද?
Posted on August 3rd, 2021

මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන

සිංහලෙන් නීතිය ඉගෙනගත් දැයේ දරුවන් රජය ගෙනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී පනත් සිංහලෙන් නීති තර්ක ගෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පරදවද්දී සිංහලෙන් නීතිය උගන්නන ගුරුවරුන්ට නීති විද්‍යාලයේ දොර වැහැව්වේ ඇයි? යන ප්‍රශ්නය ජනතාව හමුවේ ඇත.

ඉහත ප්‍රශ්නය වැදගත් වන්නේ රජය විසින් 2021.06.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කොරෝනා පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී බව නීතීඥවරයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී තහවුරු කර ඇත්තේ සිංහල භාෂාවෙන් නඩු පවරා (SC/SD/24/2021) සහ සිංහල භාෂාවෙන් නීති තර්ක ගෙන ඒමෙන් වන හෙයිනි.

කොරෝනා පනත් කෙටුම්පතේ වගන්ති 13ක් ඇති අතර ඉන් වගන්ති 7 ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. එකී තීරණය 2021.07.06 දින හැන්සාඩ් වාර්තාවේ ඇතුළත් කර ඇත.

(www.parliament.lk වෙබ් අඩවියට පිවිස හැන්සාඩ් වාර්තා තීරයේ 2021.07.06 දින හැන්සාඩ් වාර්තාවේ ඇති එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කියවිය හැකිය.)

කොරෝනා පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකග බව නීතීඥ සංගමය පවා තීරණය කර තිබූ අවස්ථාවක සිංහල භාෂාවෙන් නීති තර්ක ඉදිරිපත් කර එකී පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ තහවුරු කිරීමට නීතීඥවරයෙක් ක්‍රියා කර තිබීම විශේෂත්වයකි.

2021.07.20 වන දින පුරවැසියන් විසින් නීතීඥ සංගමය වෙත මහජන පෙත්සමක් ඉදිරිපත් කර කොරෝනා පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට වැරදි ලෙස පූර්ව අනුමිතියකට පැමිණීම සම්බන්ධයෙන් පරීක්ෂා කරන ලෙසත් ඉල්ලා ඇත.

මෙවැනි තත්ත්වයක් තුළ 2020.12.30 දින සහ 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය මගින් සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබාදීම සහ සිංහල භාෂාවෙන් නීති විභාග පැවැත්වීම වැළැක්වීමට සංස්ථාගත නීති අධ්‍යාපන සභාව, නීතිපතිවරයා නීතීඥ සංගමය සහ අධිකරණ අමාත්‍යාංශය එකතු වී අනු නීති පැනවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 3, 4, 18, 23, 24 සහ 106 ව්‍යවස්ථාවලට පටහැනි තත්ත්වයක් ද වේ.

සිංහලෙන් නීතිය ඉගෙනගත් දැයේ දරුවන් රජය ගෙනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී පනත් සිංහලෙන් නීති තර්ක ගෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පරදවද්දී සහ රජය ගෙනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී පනත් කෙටුම්පත් පිළිබඳ නිසි ඇගයීමක් කළ නොහැකි නීතීඥ සංගමයක බලපෑමට අනුව සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළක්වීම නීතිය පමණක් නොව සදාචාරය අනුවද නිවැරදි නොවේ.

සිංහලෙන් නීතිය ඉගැන්නූ ගුරුවරුන්ට නීති විද්‍යාලයේ දොර වැහුවේ රජය ගෙනෙන ව්‍යවස්ථා විරෝධී නීති පහසුවෙන් සම්මත කර ගන්නද? යන්න නීතීඥ සංගමය, අධිකරණ අමාත්‍යාංශය ඇතුලු නීති බලධාරීන් කොරෝනා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දක්වන ලද වැරදි ක්‍රියාදාමය පැහැදිලි පිළිතුරක් සපයයි.

සිංහලෙන් නීතිය ඉගැන්නූ ගුරුවරුන්ට නීති විද්‍යාලයේ දොර වැසීමෙන් සිදුකර ඇත්තේ නීතියේ පාලනය ශක්තිමත් කිරීමට ජනතාවට අවස්ථාව නොදී ජනතාව නීතියෙන් තවත් ඈත් කිරීමයි.

මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන.
දුරකථන 0342256066, 0712063394, 0786016161.
(2021.08.03)

One Response to “සිංහලෙන් නීතිය ඉගැන්නූ ගුරුවරුන්ට නීති විද්‍යාලයේ දොර වැහුවේ සිංහලෙන් නීතිය ඉගැන්වීම වළක්වා රජය ගෙනෙන ව්‍යවස්ථා විරෝධී නීති පහසුවෙන් ක්‍රියාත්මක කර දෙන්නද?”

  1. Ratanapala Says:

    THIS IS A CLEVER TRICK BY THE MUSLIMS TO INCREASE THEIR NUMBERS IN THE JUDICIARY AND ALLIED JUDICIAL SERVICES. IF THIS TREND IS TO CONTINUE THE FUTURE OF SRI LANKA IS VERY BLEAK.

    FIRST IT WAS A FRAUDULENT LAW COLLEGE EXAM THAT BROUGHT IN A DISPROPORTIONATELY LARGE NUMBER OF MUSLIM STUDENTS INTO THE LAW SCHOOL. THEN IT WAS MUSLIM LANGUAGE INTERPRETERS TO EVERY POLICE STATION SITING LACK OF TAMIL SPEAKING POLICE OFFICERS.

    HOW THIS TYPE OF LEGISLATION CAN COME ABOUT TO BY PASS THE COUNTRY’S OFFICIAL LANGUAGE TANTAMOUNTS TO TREASON A VILIFICATION OF THE STATUS OF THE OFFICIAL LANGUAGE.

    LANGUAGE IS A HUMAN CONSTRUCT AND THERE ARE NO PERFECT LANGUAGES. MOST OF THE DOCUMENTS IN THE UN ARE KEPT EITHER IN FRENCH OR IN SPANISH. ENGLISH IS NOT CONSIDERED AS PRECISE AS FRENCH IN KEEPING LEGAL DOCUMENTS. IF THEN ARE WE TO LEARN FRENCH TO BE JUDICIOUSLY CORRECT?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress