බුදුන් ධර්මදේශනා කළ භාෂාව -3
Posted on August 24th, 2021

විමල් පටබැඳිගේ (ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර්

අප කුඩා කල සිට දහම් පාසලේ දී පවා උගත් ධම්මපදය මෙයට ඉතා සුදුසු සේ සලකමි. අප උගත් ධම්මපදයේ පාලි ගාථා 423 කි. බුදුන්වහන්සේ එක් සූත‍්‍රයක් ලෙස දේශනා කොට නැත. අවස්ථා තුන්සියයකදී පමණ දේශනා කරන ලද, පැවිදි ගිහි දෙපිරිසට ම අදාල මේ ගාථා පළමු සංගායනාවේ දී ‘ධම්මපද’ නමින් කාණ්ඩයක් ලෙස ගොනුකොට ඇත.

ඛෝටාන් ධම්මපදය
දැනට වසර එකසිය විස්සකට පෙර ධම්මපදයේ පුරාණ පිටපතක් කාශ්මීරයේ උතුරු දේශ සිමාවට යාබද ඛෝටාන් ප‍්‍රදේශයේ ගොසර්න්ග කන්දේ පැවති පුරාණ විහාරයක නටබුන් අතරෙන් සොයාගෙන ඇත. බ(ර්*ච් ගස් පොතුවල ලියා ඇති එහි සමහර කොටස් විනාශ වී හෝ විනාශ කොට ඇත. එය ‘ඛෝටාන් ධම්මපදය’ යනුවෙන් නම් කොට ඇත. ඛෝටාන් ජනපදය පුරාණ ගන්ධාර මහා ජනපදයේ ප‍්‍රදේශයක් වූ ලෙස සලකයි. එසේම එය ‘ගාන්ධාරී ධම්මපදය’ යනුවෙන් ද හඳුන්වා ඇත. ලියා ඇත්තේ ‘ඛරෝස්ති’ අක්‍ෂරවලිනි. ව්‍ය.ව.පූ. 4 වෙනි සහ ව්‍ය.ව. 3 වෙනි සියවස් අතර කාලයට අයත් ලෙස සැලකෙයි. ව්‍ය.ව. තෙවෙනි සියවස වෙනවිට ඛරෝස්ති අක්‍ෂර භාවිතය අහෝසි වී ඇත.
ප‍්‍රාකෘත භාෂාවෙන් ලිඛිත ඛෝටාන් ධම්මපදයේ/ගාන්ධාරී ධම්මපදයේ යමකවග්ගයේ පළමු ගාථාව පමණක් ආදර්ශයක් ලෙස උපුටා දැක්වීම මෙහිලා ප‍්‍රමාණවත් වෙනු ඇත.

”මනොපුවගම ධමා
මනොසෙඨ මනොජව
මනසා හි ප‍්‍රදුඨෙන භාසදි ව කරොදි ව
තදො න දුහු අමෙදි
චකො ව වහනෙ පදි”
ථෙරවාදී ති‍්‍රපිටකයේ ඇති පාලි ධර්මය බුදුන්වහන්සේ දේශනා කරන ලද ධර්මය නොවේය යන අදහසක් කෙනෙකු ප‍්‍රකාශ කොට ඇති බැවින් පාලි ධම්මපදයේ යමකවග්ගයේ පළමු ගාථාව උපුටා දැක්වීම සුදුසු ය.

”මනොපුබ්බංගමා ධම්මා
මනොසෙට්ටා මනෝමයා
මනසා චෙ පදුට්ඨෙන භාසති වා කරොති වා
තතො නං දුක්ඛමන්වෙති
චක්කං ව වහතො පදං”
වසර දෙදහසකට වැඩි කාලයකට පෙර ලියන ලද ඛෝටාන්/ගාන්ධාරී ධම්මපදයේ ඉහත දැක්වෙන ගාථාවේ සඳහන් බුද්ධභාෂිතය සහ පාලි ධම්මපදයේ යමකවග්ගයේ පළමු ගාථාවේ ප‍්‍රකාශිත බුද්ධභාෂිතය එකක් ම බව පැහැදිලි කිරීමට අමුතුවෙන් විවරණ අවශ්‍ය නැත. එමෙන් ම වසර දෙදහසකට පෙර පැවති ප‍්‍රාකෘත භාෂාව සහ පාලි භාෂාව අතර පවතින සම්බන්ධය ද පැහැදිලි කළ යුතු නැත. ඉහත ප‍්‍රකාශය කරන ලද අධිමානසිකත්වයක් ලබා ඇතැ’යි කියන අයගේ දැක්ම සහ දැනුම තෙමලයෙන් බැඳුනු අන්ධකාරයෙන් වැසී ඇති සේය.

ති‍්‍රපිටකය සිංහලෙන් නොවීම හානියක් ද?
මිහිඳු මාහිමියන්ට පසුව වෙනත් අයෙකු විසින් හෝ ති‍්‍රපිටකය සිංහල භාෂාවට පෙරළන ලද බවට කිසිදු සාධකයක් නැත. වලගම්බාහු රජුගේ කාලයේ හෝ ති‍්‍රපිටකය සිංහල භාෂාවට නැඟූවේ නැත. සිදු කළේ ති‍්‍රපිටකය සහ අටුවා ලේඛනගත කොට සංරක්‍ෂණය කිරීම ය.
ගතවූ ඉතිහාසය තුළ කිසිවෙකු ථෙරවාදී ති‍්‍රපිටකය සිංහලෙන් නැතැ’යි තැවුලට පත්වූයේ නැත. ති‍්‍රපිටක දහම් දැනුම ලබාගැනීමට එය බාධාවක් නොවීය. ධම්මචක්ක සූත‍්‍රය, මංගල සූත‍්‍රය, රතන සූත‍්‍රය, සිඟාලොවාද සූත‍්‍රය, ධම්මපද, අභිධර්මය ආදී ති‍්‍රපිටක ධර්මය පාසලේ, දහම් පාසලේ, පන්සලේ උගත් දරුදැරියන්ට, වයසක උපාසක උපාසිකාවන්ට පවා කටපාඩමින් කීමට සහ අරුත් දැක්වීමට ති‍්‍රපිටකය සිංහලෙන් නොවීම හරස් වී නැත.
බෞද්ධ අප සියලූ දෙනාට ම බුදුන් දහම් දෙසූ, වසර දෙදහස් හයසියයකට වැඩි අතීතයේ සිට පැවත එන පාලි භාෂාව නිරායාශයෙන් නොදැනුවත්වම යම් ප‍්‍රමාණයකට ඉගෙනීමට පාලි ථෙරවාදී ති‍්‍රපිටකය මගින් ඉඩ සැලසී ඇත. පාසලේ දෙක, තුන වසරේ කුඩා ළමයෙකුට පවා පාලි ති‍්‍රපිටකයේ ගැඹුරු ධර්ම පාඨ හැර බුදුන් දේශනා කළ ධර්මය කටපාඩමින් කීමට සහ භාෂාව තේරුම් ගැනීමට සහ තේරුම් කිරීමට හැකියාව ලැබී ඇති බව සහ පාලි ති‍්‍රපිටකය සිංහලෙන් විකෘති කළ යුතු නැති බව

”අසෙවනාච බාලානං – පණ්ඩිතානං ච සෙවනා
පූජාච පූජනීයානං – එතං මංගල මුත්තමං”
සූත‍්‍ර පාඨය කියවන ඔබට ම පසක් වෙනු ඇත.

ති‍්‍රපිටකය සිංහලට පෙරළීම
වසර දෙදහස් දෙසිය පනහකට පමණ පසුව මෑතක සිට එක්තරා අසපුවක ‘මහාස්වාමී’ ති‍්‍රපිටක පෙළ සිංහල භාෂාවට පරිවර්තනය කරමින් (සිංහලෙන් අර්ථ දැක්වීම නොවේ., බුද්ධ දේශනාවල ‘ප‍්‍රකාශන අයිතිය’ තබාගෙන පළ කරමින් ඇත. ථෙරවාදී ති‍්‍රපිටක සූත‍්‍ර තමන්ට සිතෙන සේ කපා කොටා සිංහලට පෙරළා ‘රැුප්’ ගායනයට මග සලසා ඇත. (වසර තුනකට පමණ පෙර බෞද්ධ ගාථා ‘රැුප්’ කළ අඳබාල ගායකයන් ගැන ද අසන්නට ලැබුණි. පාලි ති‍්‍රපිටකයේ ජීවගුණය නසා දමා ඇතිි ‘අසපු සිංහල ති‍්‍රපිටකය’, ඒ ‘මහාසාමී’ රතන සූත‍්‍රය ”මැණික් ගැන කළ දෙසුම” බවට පත් කිරීම වැනි විකාරරූපී එකකි.
සමහර විට වසර දෙදහස් පන්සියයකට වැඩි කාලයක් ගත වුව ද තවමත් බුද්ධ දේශනා පාලියෙන් මිස සිංහල භාෂාවෙන් නැතැ’යි කතෝලික පූජකයෙකු සිංහල බෞද්ධයන් කෙරෙහි පළ කළ ‘සංවේගය’ සමනය කිරීමට අසපු ‘මහාසාමී’ ඉදිරිපත් වීමට ‘උරුම නෑකම’ හේතු වූයේ ද? නොඑසේ නම් අබෞද්ධ ‘ඇමකට’ (උගුලකට* අසුවී ද? දන්නේ ‘මහාසාමී’ම පමණකි. (ඔක්ස්ෆඞ් මහාචාර්ය ජෝන් වයික්ලිෆ් මියගොස් වසර දසක කීපයකට පසු, බයිබලය ඉංගිරිසියට පෙරළීමේ ‘මහා පාපය’ කරන ලදැ’යි චෝදනා කොට 5 වෙනි මාටින් පාප් නියෝගයෙන් මළ සිරුර ගොඩ ගෙන නඩු අසා දිරාපත් ඇටසැකිල්ල කුඩු කොට ගඟට දැමීමේ ජුගුප්සා ජනක සිද්ධිය පූජකතුමාට අමතක වෙන්නට ඇත.*

පරිවර්තනයෙන් විකෘතිය
ව්‍ය.ව. පළමු දහස්වස තුළ බිහි වූ කි‍්‍රස්තු දේශනා මුල් භාෂාවෙන් නැත. යේසු තුමාගේ මවුබස වූ ඇරමයික් භාෂාව නාමමාති‍්‍රක වී ඇත. පරිවර්තන තුළින් ‘යේසු’ නම ‘ජේසු’ යනුවෙන් වෙනස් වී ඇත. බයිබලය කොප්ටික්, ගී‍්‍රක, රෝම, ඉතාලි, ස්පාඤ්ඥ, ඉංගිරිසි, කොරියන්, හින්දි, සිංහල, දෙමළ ආදී භාෂා රාශියකට පෙරළා ඇත.
සිව්වෙනි සියවසේ අවසාන කාලයේ සංග‍්‍රහ කරන ලද ලෙස සැලකෙන ව්‍ය.ව. 1859 දී ඊජිප්තුවේ සිනායි කන්දේ කණ්‍යාරාමයක ගිනිතැපීමට ගිනිඋදුනට දැමීමට තබා තිබිය දී සොයාගත් බයිබල් පිටපත ‘සිනායි බයිබලය’ (සිනයිටිකුස්* නමින් හැඳින්වෙයි. පැරණිම බයිබල් පිටපත ලෙස පිළිගෙන ඇති ගී‍්‍රක භාෂාවෙන් ලිඛිත ඒ පිටපත සහ භාවිත බයිබලය අතර ඇති වෙනස්කම් 14,800 ක් හඳුනාගෙන ඇත. වරින්වර කරන ලද නූතන සංස්කරණ හා පරිවර්තනවල පුරාණ වචන 5,000කට වැඩි ගණනක අර්ථ වල ඇති වෙනස්කම් ගැන කි‍්‍රස්තු ධර්මාචාර්යවරුන් අතර පවතින අරගලය නිමක් නැත. 16 වෙනි සියවසේ අවසාන දසකය ආසන්නයේ 5 වෙනි සික්‍ෂ්ටස් පාප්තුමා මාස 18ක් පුරා අළුතෙන් ලියූ බයිබලය පවා වෙනස් වී ඇත. මුල් බයිබලය සහ සිංහල පරිවර්තනය අතර වෙනස්කම් තිබේ ද? කොපමණ ද? ඒ මොනවා දැ’යි විමසා බැලීම දේව නියමයට පටහැනි සේ සිතනවා විය හැකිය. (තිස්ස බාලසූරිය පියතුමාගේ සිද්ධිය සිහියට නැගේ.*

මානව ශිෂ්ටාචාරය වනසයි
මානව ශිෂ්ටාචාරය තුළ හැම ආගමක ම මුල් භාෂාවට අද්විතීය වටිනාකමක් ඇත. එය වෙනත් භාෂාවකට පෙරළීම මානව ශිෂ්ටාචාරයට නිගරු කිරීමකි. නොකළ යුතු දෙයකි. ව්‍ය.ව.පූ. පළමු දහස්වස තුළ පැවති යුදෙව් ආගමේ භාෂාව වූ හීබ‍්‍රරූ භාෂාව අදත් පවතී. යුදෙව් ආගමිකයෝ එය තමන්ගේ අනන්‍යතාවයේ ඉහළ ම සංඛේතය ලෙස රැුකගනිමින් අනාගත පරපුරට පවරා දෙති. මානව ශිෂ්ටාචාරය තුළ මෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ද පාලි ති‍්‍රපිටකයට හිමි වටිනාකම අපමණ ය. රැුකගැනීම පැවිදි ගිහි සියලූ බෞද්ධයන්ගේ පමණක් නොව මානව වර්ගයාගේ වගකීමකි.
විකෘති අර්ථ දෙන වචන යොදමින් සිංහල කවි කිරීම මගින් සිදු කරන්නේ ථෙරවාදි පාලි ති‍්‍රපිටකය, බුද්ධ දේශනා විකෘති කිරීමකි. ¥ෂ්‍ය කිරීමකි. මානව ශිෂ්ටාචාරය තුළ ථෙරවාදී පාලි ති‍්‍රපිටකයට හිමි අද්විතීය සංස්කෘතික අගය විනාශ කිරීමකි. එමෙන්ම විශේෂයෙන් ම සිංහල බෞද්ධ සංස්කෘතියේ මුදුන්මුල සිඳීමකි. වර්තමාන සහ අනාගත සිංහල බෞද්ධ පරම්පරාවට බුදුන් දහම් දෙසූ භාෂාව නිරායාශයෙන් ඉගෙනීමට ඇති හිමිකම අහෝසි කිරීමකි. බුදුන්වහන්සේ දහම් දෙසූ භාෂාව සිංහල බෞද්ධ සමාජය තුළින් තුරන් කිරීමකි. ථෙරවාදි ති‍්‍රපිටකය සිංහල භාෂාවට පෙරළමින් ‘මහාසාමි’ යොදා ඇති වචන දැනටමත් අන්තවාදී ආගමික දේශකයන් බුද්ධ දේශනා හෙළාදැකීම සඳහා විවෘතව ම යොදාගෙන ඇත. නුදුරු අනාගතයේ සිදුවිය හැකි වියසනය තක්සේරු කිරීම දුෂ්කර ය.
‘ගෞතම බුදු සසුන තුළදී ම නිවන් දැකීමේ’ අගය වදාරන අසපු ‘මහාසාමී’ විසින් ම බෙදාහැරීම සහ නැවත මුද්‍රණය කිරීම නතර කොට, තමන්ගේ සිංහල ති‍්‍රපිටකය, සිංහල මහා පිරුවානා පොත් වහන්සේ ආදී බුද්ධ දේශනා සම්බන්ධ පෙලදහම් පොත් භාවිත නොකරන ලෙස මහජනයාගෙන් ඉල්ලා සිටීම ස්වෙච්ඡුාවෙන් කරන්නේ නම් එය සංරක්‍ෂණය කොට ඇති ති‍්‍රපිටකය රැුකගැනීම සඳහා බෞද්ධයන් වෙනුවෙන් කරන, එසේම තමන්ට ම කරගන්නා උතුම් පින්කමකි. තමන්ගේ අවංක අරමුණ බුදුන් දෙසූ ධර්මය රැුකගැනීම සහ මතු පැවත්ම තහවුරු කිරීම නම් එය මගහැරිය නොහැකි වගකීමකි.

‘බාබා’ ව්‍යාපාර
ගිහියන්ගෙන් පමණක් සංයුක්ත වූ විනයවර්ධන ව්‍යාපාරය සහ වසර 70කට පෙර දුඹුරු රෙදි ඇඳ භික්‍ෂු වේශය ගත් ‘තාපස නිකාය’ අමතක කළ යුතු නැත. පිටතින් තැළිය නොහැකි නිසා දැන් අරටුවට කෙටීම ඇතුළතින් සිදුවෙයි. බණමඩුවක් තනා ගැනීමට නොහැකි දහස් ගණනක් පන්සල් තිබෙන රටේ, බොහෝවිට පෞද්ගලික දේපල තුළ ‘ස්වර්ණ මාළිගා’ ගොඩනගා කෝටි ගණන් වැය කොට සායිබාබාගේ ‘අසපුව’ (ආශ‍්‍රමය* වැනි, ‘මහමෙව්නා’, ‘සිරිසදහම්’ (සිරිධම්ම* ආදි නම් යොදා අසපු තනමින් ‘අසපු සංඝ සමාජ’ සහ ‘අසපු බෞද්ධයන්’ බිහිකරමින් ඇත. අනුගාමිකයන් විය හැකිි අය රටේ විවිධ පළාත්වල තවත් අසපු රැුසක් බිහි කොට ඇත. ඔද්දල් වී ඇති, ආතතියට පත් ව ඇති සමාජයට විවේක සුව විඳින ‘නිවාඩු නිකේතන’ වී ඇත. දැන් ආරණ්‍යසේනාසන ගැන අසන්නට ලැබෙන්නේ නැති තරම් ය.
ථෙරවාදී ති‍්‍රපිටක ධර්මය, බුද්ධභාෂිතය විකෘති කොට විනාශ කිරීමේ තමන්ගේ ගූඪ ¥ත ගමනේ ස්වරූපය නවීකරණය කොට, තම අප‍්‍රකාශිත අරමුණට පැවිදි සහ බෞද්ධ ගිහි සමාජයෙන් පැනනගින බාධක, විරෝධතා සමනය කරගැනීමට සමාජ සංවාද සහ සුබසාධක ව්‍යාපෘති අරඹමින්, පෙර ගමන් මග වසාගෙන අළුතින් ‘බැටළු හමක්’ පොරවාගෙන සිටියි. බරපැන කොපමණ වුවත් ඔවුන්ට බරක් නොවේ. මාගධී සහ පාලි භාෂා අවුලක් නිර්මාණය කොට සිංහල බෞද්ධ සමාජය අන්දමන්ද කිරීම ද එවැනි ‘බාබා’ කෙනෙකුගේ අමන වැඩකි. ලිච්චවී රාජ්‍යය විනාශ කළේ ඒ තුළ රෝපනය කළ මිනිස් ‘පිළිල’ මගිනි.
නව බොදු ගී ගායනා තුළින් කි‍්‍රස්තු දේශනා කරන කි‍්‍රස්තු දේවගැතියන් (පාස්ටර්ස්, බෞද්ධ වේශයෙන් මාධ්‍ය තුළින් බොදු වැඩ සටහන් මෙහෙයවන, පන්සල්වල දායක සභාවල ප‍්‍රධාන තනතුරු දරන, බෞද්ධ නාමයෙන් සංගම් අටවාගත් අබෞද්ධයන් පමණක් නොව පැවිදි ගිහි වෙනසක් නැතිව රහත් වූවන්, සෝවාන් වූවන්, මාර්ගඵල ලැබූවන්, බුදුන් සහ මෛතී‍්‍ර බුදු වූවන්, ‘සෝවාන් සහතික’ නිකුත් කරන්නන්, තුන්කල් දකින අධිමනස් ඇත්තන් වසර පහළොහක පමණ සිට ති‍්‍රපිටක ධර්මය සහ සසුන විකෘති කරමින්, ¥ෂ්‍ය කරමින් සිටින බව නොරහසකි. අබෞද්ධයන් මෙහෙයවන ‘සර්වාගමික’ ව්‍යාපාරය (ඉන්ටර්ෆේත් මුව්මන්ට් සහ නෝර්වේ ව්‍යාපෘතිය සීරුවෙන් ගමනේ යයි.
පාස්කු දින ප‍්‍රහාරයෙන් පසු කාත්තන්කුඩි ආගමික අන්තවාදී බලකොටුවෙන් සිවුරු සහ බෞද්ධ උවැසියන් අඳින ඇඳුම් රාශියක් සොයාගත් බව අමතක කළ යුතු නැත. අනාගතයේ ප‍්‍රධාන බෞද්ධ සිද්ධස්ථානවලට සහ පූජක ලෝගුව ඇඳගෙන කතෝලික, කි‍්‍රස්තියානි දේවස්ථානවලට, ආගමික ‘ප‍්‍රතිරූපකයන්’ නොඑති’යි සිතිය හැකි ද?
ථෙරවාදී ති‍්‍රපිටකය සිංහල භාෂාවට පෙරළමින් සහ බුද්ධභාෂිතය විකෘති කොට ඇති සැටි සහ කිරිබත්ගොඩ පාර, පිටි¥ව පාර, මීවනපලාන පාර, තිරිකුණාමල පාර, මහනුවර පාර, වලස්මුල්ල පාර, තිත්තගල්ල පාර, වහරක පාර ආදී පාරවල්, අතු පාරවල් බුද්ධභාෂිතයට සහ සසුනට සිදු කොට ඇති සහ සිදු කරන විනාශය විමසා නිසි පියවර ගැනීම ති‍්‍රපිටකධාරී පැවිදි ගිහි වියතුන්ට පැවරී ඇති අත්හැරිය නොහැකි වගකීමකි. දහම් පිපාසය නිසා මංමුලා වී මේ පාරවල යන බෞද්ධයන් සිහි එළවා ගැනීම සහ පැවිදි ගිහි ති‍්‍රපිටකධාරී විද්වතුන් ඔවුන්ට ඒ සඳහා මග පෙන්වා දීම අවශ්‍ය ය.

රජයේ වගකීම
ධර්මය විකෘති කරන, ධර්ම විනයෙන් බැහැර වූ විෂමාචාර සහිත පැවිද්දන් චීවර ගලවා භික්‍ෂුත්වයෙන් ඉවත් කිරීමට සංඝයාට ති‍්‍රපිටක ධර්මයෙන් බලය පැවරී ඇත. අති පුරාණයේ සිට එය බලාත්මකව පැවති බව අසෝක සෙල්ලිපි සහ පැරණි අධිකරණ තීන්දු සනාථ කරයි. එහෙත් උපැවිදි කොට සඟ සසුනෙන් නෙරපනු ලැබූ අයෙකු තමාම චීවරයක් දරා සිටී නම් ඔහු ‘චීවර චෞරයෙකි’. චීවරධාරී ප‍්‍රථිරූපකයෙකි. සඟ සසුනට අයිති නැත. ඔහු දරන සිවුර ගැලවීමට සංඝයාට නොහැකිය. කුමන ස්වරූපයෙන් හෝ පෙනීසිටින ‘ප‍්‍රතිරූපක චෞරයන්’ සම්බන්ධව පවතින රටේ පොදු නීතිය යටතේ ‘චීවර චෞරයන්’ සම්බන්ධව නිසි කටයුතු කිරීම රජයට භාර වගකීමකි. චීවර චෞරයාගේ පෞද්ගලික දේපල පවා සාංඝික දේපල බවට පත්වෙයි.
ථෙරවාදී පාලි ති‍්‍රපිටකය තවමත් සංරක්‍ෂණය වී ඇත. අජාතසත්තු, කාලාශෝක, ධර්මාශෝක, වළගම්බාහු රජුන් කල මෙන් ධර්ම සංගායනාවක් කිරීමේ අවශ්‍යතාවයක් නැත. එහෙත් වසර දහයක, පහළොහක පමණ කාලයක සිට සමහර දේශකයන් සහ ලේඛකයන් විසින් කරනු ලබන විකෘති අර්ථ දැක්වීම් මගින් ති‍්‍රපිටකය විකෘති කිරීම, ¥ෂ්‍ය කිරීම සිදු කරමින් ඇත. කණීරජානු තිස්ස, ගෝඨාභය, පරාක‍්‍රමබාහු රජුන් දවස මෙන් රාජ්‍ය මැදිහත්වීමක අවශ්‍යතාව දැඩි වී ඇත. එබැවින් පැවිදි ගිහි වෙනසකින් තොරව සියලූ ති‍්‍රපිටක දේශකයන් සහ ලේඛකයන් බලාත්මකව බැඳීසිටින කතිකාවතක් සම්මත කිරීම බුද්ධ ධර්මය ආරක්‍ෂා කිරීමට සහ ප‍්‍රවර්ධනය කිරීමට ව්‍යවස්ථාවෙන් බැඳී සිටින රජයේ අනුල්ලංගණීය ප‍්‍රමුඛ වගකීමකි.

සංඝ සංස්ථාවේ වගකීම
එසේම භික්‍ෂු නායකත්වයේ සිටින සහ උගත් ති‍්‍රපිටකධාරී භික්‍ෂූන්ට පැවරී තිබෙන වගකීම රජයේ වගකීමට දෙවෙනි නොවේ. රජය මැදිහත් වී ‘කතිකාවතක්’ (පනතක්* සම්මත කරගැනීමේ දී එහි විධිවිධාන අකුරක්, වචනයක්, වාක්‍ය ඛණ්ඩයක් පාසා එළඹගත් සිහි නුවණින් විමසුම් සහිත වීම ප‍්‍රධාන වගකීමකි. (විහාර දේවාලගම් පනත අහෝසි කළ යුතු ‘පුද්ගල’ නීතියක් ලෙස ප‍්‍රකාශ කරන අබෞද්ධ නීතිඥයෙකු අධිකරණ ඇමති බව අමතක කළ යුතු නැත.* එමෙන් ම හරසුන් නිකාය භේදයෙන්, ස්තී‍්‍ර, පුරුෂ භේදයෙන් තොරව සියලූම භික්‍ෂූ, භික්‍ෂූණීන් (දසසිල් මාතාව සාමණේර භික්‍ෂුණී අවස්ථාව ය.* එකම සංඝ සංස්ථාවක් තුළ විනය පිටකය අනුව සංගත වීම අවශ්‍ය ය. අතීතයේ මහා ථෙරවරුන් මැදිහත්ව රජුන්ගේ සහාය ඇතිව සම්මත කරගත් ඓතිහාසික කතිකාවත් ද ආදර්ශයට ගැනීම වැඩදායකවෙනු ඇත.
මේ වගකීම් අවශ්‍යයෙන්ම ඉටුකළ යුතු කාලීන අවශ්‍යතාවයකි. රජයේ වගකීම සහ සංඝ සංස්ථාවේ වගකීම එකක් නොවේ. දෙකකි. මේ දෙක පටලවා එකක් ලෙස ගෙන සමහර පැවිදි සහ ගිහි (ගිහි සියල්ලන් බෞද්ධ දැ’යි නොදනිමි.* දේශකයන් සහ ලේඛකයන් ලොකු ආන්දෝලනයක යෙදී ඇත. ව්‍යවස්ථාවේ 9 වෙනි ව්‍යවස්ථාව රටේ ලක්‍ෂ දෙසියයකට ආසන්න වූ බෞද්ධ මහජනතාවගේ ප‍්‍රධාන ම මූලික අයිතිවාසිකම ප‍්‍රකාශිතව ම සහ ඍජුව ම ආරක්‍ෂා කිරීම සඳහා බව රජය සහ රටේ සියලූ ජනකොටස් අමතක කළ යුතු නැත. වසර දෙදහස් දෙසිය හැත්තෑවකට වැඩි කාලයක් පුරා මෙරට බෞද්ධ ජනතාවගේ උරුම හිමිකම වෙන ප‍්‍රධාන ම මූලික අයිතිය සහ 9 වෙනි ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමට විධායකය, ව්‍යවස්ථාදායකය පමණක් නොව අධිකරණය ද රටේ සියලූ පුරවැසියන් ද බැඳී ඇත. මෑතක කාදිනල්තුමා ද විවෘතව ම එය පැහැදිලි කළේ ඒ අවබෝධය ඇතිව බව නිසැක ය. (එයට ව්‍යවස්ථාවේ සඳහන් සෙසු අයිති වාසිකම් හරස් වේ නම් එය ව්‍යවස්ථාවේ ඇති අවුලකි.*
අන්‍යාගමිකයන් නසමින් දසදහස් ගණනින්් ජන සංහාර කළ, 1815 ගිවිසුම මගින් දිවයිනේ පාලන වගකීම භාරගත්, අබෞද්ධ මහා බි‍්‍රතාන්‍යයේ මහරජු ද බෞද්ධයන්ගේ ප‍්‍රධාන ම මූලික අයිතිවාසිකම වෙන බුද්ධ ධර්මය ආරක්‍ෂා කිරීමට සහ ප‍්‍රවර්ධනයට බැඳීසිටි බව අමතක කළ යුතු නැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress