අටුව කඩා පුටුව සෑදීම
Posted on August 28th, 2021

රැල්ෆ් නාරංපනාව

අද පොලොන්නරුවේ ඇති පරක්‍රම සමුද්‍රය අරක්ශාකරන රලපනාව ගලවා ඒ වෙනුවට කොක්‍රීට්වලින් සෑදු මංතිරුවක් සෑදීමට රජය ගෙන ඇති තීරනයට විරුද්ධව බලවත් කතාබහක් සමාජය තුල ඇතිවෙමින් පවතී.බොහෝ දෙනෙක් රලපනාව ගැන කතාකරත් මේ ගැන හරි දැනීමක් නොමැතිබවක් සමාජ මාද්‍ය ඔස්සේ ඇතිවන කතිකා වලින් පෙනී යයි.

රජරට වැව් සංකීර්නය

ශ්‍රී ලංකා‍වේ වාරි ඉතිහාසය ක්‍රි.පූ. 6 වෙනි සියවස තරම් ඈතට දිවයයි. ක්‍රි.පූ. 6 වෙනි සියවසේදි උතුරු ඉන්දියාවෙන් පැමිණි ආර්ය ජන කොටස් ලංකා‍‍වෙ ජනාවාසකරණය කළ බව මහා වංශ තොරතුරු වලින් අනාවරණය‍‍වේ. විජය රජ සමඟ පැමිණි පිරිස් විසින් දිවයිනේ ගංඟා ඇසුරු කරගෙන ග්‍රාමයන් නිර්මාණය කරන ලදි. මේ ආකාරයට ශ්‍රී ලංකාවේ ජලය ඇසුරු කරගෙන ජලාශ්‍රිත ශිෂ්ටාචාරය ගොඩ නැගීම ආරම්භ විය.

පණ්ඩුකාභය රජතුමා අනුරාධගාමයෙහි අගනගරයට අවශ්‍ය ජල පහසුකම් ඇතිකරනු වස් ජය වාපි, අභයවාපි සහ ගාමිණි වාපි නමින් වැව් තුනක් ද නිර්මාණය කල බව සදහන්වේ. ඔහු විසින් සාදන ලද අඩි 3900 ක් දිගැති වේල්ලකින් වටවි ඇති අභයවාපී වැව අක්කර අඩි 1900ක ක ජල කඳක් රදවා තැබිය හැක. තිසා වැවෙන්ද මේ වැවට ජලය ලැබේ

ප්‍රාග් බෞද්ධ සමයේදි වාරි කර්මාන්තය මත සකස්වු ශිෂ්ටාචාරය අංග සම්පුර්ණත්වයට පත්වන්නේ ක්‍රි.පූ. 3 වන සියවසේදි රජ කල දේවානම්පියතිස්ස රජුගේ රාජ්‍ය කාලයේදීය. ක්‍රි.පූ. 3 වන සියවසේදි දේවානම් පියතිස්ස රජතුමා විසින් තනන ලද තිසා වැව 1889 දි ප්‍රතිසංස්කරණය කොට තිබේ. තිසා වැවේ දැනට දක්නට ලැඛෙන වේල්ලේ දිග සැතපුම් 1 3/4 කි. වැව පිරුණු විට අක්කර අඩි 2900 ක ජලය රදාපවති. අක්කර 2000 ක පමණ ප්‍රමාණයක වී වගාව සඳහා මේ වැවෙන් ජලය ඛෙදා හරියි.

අනුරාධපුර නගරයේ පිහිටා ඇති ප්‍රධාන වැවක් වනුයේ නුවර වැවයි. මෙහි නිර්මාණයද ක්‍රි.පු. යුගය දක්වා දිවේ. මෙය පළමුවන ගජබාහු රජුගේ (ක්‍රි.ව. 1114-1136) කාලයේදි තනවන ලදැයි සැලකේ. මේ වැව නකරවඩි, පත්තපාසානවාපී නමින්ද හඳුන්වනු ලැබේ.

ක්‍රි.පු. 3 වන සියවසේදි මහා නාග උප රාජ වරයෙක් කරච්ච නම් (වලස් වැව) කුඩා වැවක් තැනවීම ගැන මහා වංශයේ සඳහන් වේ. දුටු ගැමුණු රජුගේ යෝධයෙක් වශයෙන් සැලකෙන ලභිය වසභ වැව් තැනිම ගැන ප්‍රසිද්ධියක් ඉසිලූ කෙනෙකි.

වාරි ශිෂ්ටාචාරය පිළිබඳව ඛෙහෙවින් වැදගත් යුගය වශයෙන් දැක්විය හැක්කේ ක්‍රි.පු. 2 වන සියවසේදි රජ කල දුටු ගැමුණු රජුගේ අවධියයි. ක්‍රි.පු. 3 වන සියවසේ සිට දිවයින පුරා පැතිරි පිහිටා ඇති ලෙන්වල කටාරම් යටින් කොටා ඇති බ්‍රාග්මී ලිපිවල වැව් ගැනත් ඇල මාර්ග ගැනත් සදහන් වීමෙන් මේ බව පැහැදිලි වේ.

පණ්ඩුකාභය රජුගෙන් ඇරඹි අනුරාධපුර යුගයේ වාරිකර්මාන්තය ඉතා විශිෂ්ට තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිත කරමින් ගොඩනංවා ඇතිබව පැහැදිලි වේ.එසේම පෙරදිග ධාන්‍යාගාරය නමින් අතීතයේ ලක්දිව ප්‍රචලිත වීමටත් කෘෂිකාර්මික අතින් ස්වයංපෝෂිත අර්ථක්‍රමයක් ගොඩනගා ගැනීමටත් මෙම වාරිපද්ධතිය බෙහෙවින්ම ඉවහල් වී ඇති බව නිගමනය කළ හැකිය. වර්ථමානයේ පවා වියලිකලාපීය කෘෂිකාර්මික කටයුතු සඳහා මෙම වාරිපද්ධතීන් මගින් ලැබෙන පිටුවහල අතිවිශාල වෙයි.

මොකක්ද මේ රළපනාව

වැවෙහි බැම්ම සරලව වෑ කන්ද ලෙස සැලකේ.නමුත් රලපනාව හෝ සලපනාව ලෙස සැලකෙන්නේ රල පැන්නුම හෙවත් සුළං දාහරා හේතුවෙන් පැන න්ඟින ජල තරංග හේතුවෙන් වැව් බැම්මට සිදුවන හැනිය වැලැක්වීමට පැරණි ශිල්පියා ගත් අද්විතීය උත්සහයයි. වැවේ රැලි ඇතිවීමේදී රැල්ලේ සැර නිසා වැව් බැම්මේ පස සේදීයාම වැලැක්වීමට යොදා ඇති වැටිය නමින් මීට මේ නම ලැබී ඇත.

නවීන ඉන්ජිනේරු  ශිල්පයේත් මේ ක්‍රමය පාවිච්චිකරනු ලැබේ. (Riprap, also known as rip raprip-rapshot rockrock armour, or rubble, is human-placed rock or other material used to protect shoreline structures against scour and water, wave, or ice erosion.) කොක්‍රීට් බැංමකින් මෙය නොකල හැක්කේ ජලයේ ඇතිවන් රැල්ල නිසා වැව් බැම්ම කාදනයට බාජනය වනනිසයි. අවුරුදු දහස් ගානක් මේ වැව් රැකී තිබුනේ පැරණි හෙලයාගෙ තිබූ විශිෂ්ට තාක්ෂණික ශිල්ප ක්‍රමනිසායි

 

ශ්‍රී ලංකාවේ තරම් දියුණු වුත් පුළුල් වුත් වාරිකර්ම ලෝකයේ වෙනත් කිසිම රටක නොවු බව ඛෙල් නැමති ඉංග්‍රීසි ලේඛකයා පවසා ඇත. පෙර කරන ලද අති විශාල වැව් කර්මාන්ත සමහර විට ලක්සිව තරම් අන් කිසිම රටක දක්නට නොලැබේය යනු මාගේ විශ්වාසයයි. තවද ඒ ඒ සිමාව ඇතුලත දක්නට ලැඛෙන තරම් වැව් අමුණු කර්මාන්ත අන්රටක දැකීම දුෂ්කර ය. (බදුල්ලේ සභාපති ඛෙලි මහතා විසින් 1981 ඉංග්‍රීසි ආණ්ඩුව වෙත ඉදිරි පත් කල වාර්තාව)

ශ්‍රී ලංකාවේ වාරි තාක්ෂණයෙන් ඇතැම් විට ඉන්දියාව පවා ආභාෂය ලැබු බවට සාක්ෂි ඇත. කාශ්මීරයේ රජු අටවන ශත වර්ෂයේ දි එහි ජලාශ ඉදිකිරිම සඳහා ශ්‍රී ලාංකේය වාරි ශිල්පීන්ට ආරාධනා කළ බවට දොලොස්වන ශත වර්ෂයේදි රචිත කාශ්මීර වංශ කතාවේ වනරාජ තරංගනියේ ඉඟියක් කර ඇත.

වාරිමාර්ග තාක්ෂණය පිළිබඳව හෙන්රි පාකර්, ආර්.එල්.බ්‍රොහියර්, සී.ඩබ්.නිකොලස්, ආර්.ඒ.එල්.එච්.ගුණවර්ධන යන විද්වතුන් විසින් පුළුල් ලෙස පර්යේෂණ කොට ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව තරම් සංකීර්ණ හා ශිල්පිය දැනුම අතින් විශිෂ්ට දියුණුවක් පෙන්වන ලද වාරිමාර්ග පද්ධතියක් දක්ෂිණ ආසියාවේම නොවීය. ශ්‍රී ලංකාවේ වාරිමාර්ග පද්ධතිය එකිනෙකට සම්බන්ඳ වීම සුවිශේෂ ලක්ෂණයකි. මේවා සම්බන්ඳ කරන කෘතීම ඇළ මාර්ගයන්හි බැස්ම සැතපුමකට අඟල් 6 ක් පමණ වීමෙන් පෙන්නුම් කරන්නේ මිණුම් හා ඉදිකිරිම් තාක්ෂණයේ පැවති දියුණුවයි.

මෙවැනි පුරාණ තාක්ශ්නයෙන් ස්වන්පෝශිතවූ අපේ වාරිමාර්ග ක්‍රමය නුතන මංතීරු සංකල්පයෙන් වනසා දැමීමට අපි ඉඩ නොදියයුතුය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress