ජනයාගේ ඉඩම්වල පුරාවස්තු කළමනාකරණය කිරීම
Posted on October 6th, 2021

මතුගම සෙනෙවිරුවන්

              ලංකාව පුරා සැමතැනකින්ම ‌ෙඑතිහාසික වටිනාකමකින් යුත් පුරාවස්තු රාශියක් හමු වී තිබේ.විහාස්ථාන නටබුන් ශිලා ලේඛන මෙන්ම වාරිමාර්ග නටබුන්ද ඒ අතර වෙයි.මේවායින් ඇතැම් පුරාවස්තු හමු වන්නේ ජනතාව සන්තක පෞද්ගලික ඉඩම් වලය.ඉංග්‍රීසීන් විසින් මුඩු බිම් පනත යටතේ රජයට පවරා ගන්නා ලද ඉඩම් පසුව වතු වැවිලි සඳහාද මධ්‍යම පන්තික පුද්ගලයන්ටද වෙන්දේසි කිරීම නිසා මෙවැනි තත්වයක් උදා වී තිබේ. උතුර සහ නැගෙනහිර පළාත් වල බහුතරයක් මෙවැනි ඉඩම් දෙමළ සහ මුස්ලිම් ජනයාට වෙන්දේසි කර තිබේ.පුරාවිද්‍යෘ ආඥා පනත යටතේ මෙවැනි පුරාවස්තු ගැසට් කර තිබෙන්නේ ස්මාරක වශයෙනි.එවිට ඉඩමේ අයිතියක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නෑත.එබැවින්  ඒ පුරාවස්තු සියල්ල බෙහෙවින්ම අනාරක්ෂිතය.වෙසෙසින් නැගෙනහිර සහ උතුරු පළාතේ තත්වය ඉතාමත් බරපතලය.කුඹුරු ඉඩම් වලට යාව පවතින ස්ථූප සහ ආරාම ගොඩනැගිලි වරින් වර ඩෝසරයට යටවෙයි.දිවයිනේ අනෙක් පළාත් වලද තත්වය තරමක් බරපතලය.ඉඩම අයිති කරුවා දෙමළ හෝ මුස්ලිම් පුද්ගලයෙකු නම් මෙම පුරාවස්තු විනාශ කිරිම හෝ අතුරුදහන් කරනුයේ ඉඩම් අල්ලා ගැනීමේ අරමුණින් සහ ආගමික වුවමනාවෙන්ය. සිංහල පුද්ගලයෙකු නම් ඉඩම් කට්ටි කිරීම හෝටල් සෑදීම වැනි විවිධ සංවර්ධන අවශ්‍යතා සඳහා පුරාවස්තු වනසා දැමීම සිදු කරයි.මෑතකදී පුරාවිද්‍යා දේපාර්තමෙන්තුව විසින් මඩකලපු දිස්ත්‍රික්කයේ ‌ෙඑතිහිසික ස්ථාන තිස්පහක පමණ මායිම් කණු සිටවා පැමිණි ඇත. මේ වන විට ඒම කණු ගලවා ගත් ප්‍ර දේහ වැසි ජනයා ගෙමිදුල් වල බංකු සාදාගෙන තිබේ.ජනයා සතු ඉඩම් වල තිබෙන පුරාවස්තු සම්බන්ධව කලුතර දිස්ත්‍රික්කයේ අත් දැකීම් කීපයක් බහාලීම උචිතයයි සිතමි.

     කලුතර දිස්ත්‍රික්කයේ මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වරකගොඩ ගනේ උඩ පවතින පුරාවිද්‍යා භූමියකට අත්වූ ඉරණමයි.ගම්පළ සහ කෝට්ටේ යුගයන්ට සමකාලීන වාස්තු ස්වරුපයෙන් යුක්ත මාළිගා භූමියක් මෙහි හමු වන අතර එම ස්ථානයේ දැනට විහාරස්ථානයක් පවතී.මෙම භූමියට ප්‍රවිශ්ඨ වීම පිණිස පුරාණයේ අඩි 30 ක පමණ පළලකින් යුක්ත පඩි පෙළක් තිබී ඇත.දළදා වහන්සේ වැඩැම්මවීම පිණිස අලි ඇතුන් ට ගමන් කිරීමට පහසු වනු පිණිස මෙම පඩි පෙළ සකස් කරන්නට ඇතැයි සිතමි.ඒ ආසන්නයේ ශිලාලේඛනයක්ද ඇත.අවාසනාවකට මෙම පඩි පෙළ පවතින්නේ පෞද්ගලික ඉඩමකයි.එහි රබර් වවා තිබුණි.මෙහි පැරණි අයිතිකරු කාලයක් තිස්සේ මෙම භූමිය ආරක්ෂා කරගත්තේය. ඔහු වයෝවෘද්ධ වීමෙන් පසු ඉඩම දරුවන්ට ලියා දෙන ලදී. පසුව දරුවන් විසින් ඉඩම කට්ටි කර බෙදා ගැනීමට බෙදුම් නඩුවක් දැමූ  අතර ඒ අතරවාරයේ එක්තරා දිනකදී  ඉඩම් කට්ටියේ  අයිතිකරු විසින් පඩිපෙළ ඩෝසරයකට යට කරන ලදී.නිදන් සෙවීමේ අරමුණින් හෝ ඉඩම් සුද්ද කිරීමේ අරමුණින් ඔහු එසේ කර ඇත. අවසානයේ බන්ධනාගාර ගතව දඩයකට යටත්ව නිදහස් විය.ඒ අගනා පඩි පෙළ විනාශ විය.

     මෙම දිස්ත්‍රික්කය තුල රයිගම් සහ පස්යොදුන් කෝරළ වල අනුරාධපුර යුගයට අයත් නටබුන් රාශියක් විසිර පවතී. විශේෂයෙන් කටාරම් කෙටූ ගල් ලෙන් විශේෂිතය.මෙම ගල් ලෙන් අතැම් විට ජනයා සතු ඉඩම් වලද වැවිලි සමාගම් සතු ඉඩම් වලද බහුලව දක්නට ලැබේ.රයිගම් කෝරළයේ ප්‍රබුද්ධගම අසල ගල්ලෙන කටාරම් කෙටූ විහාල ගල්ලෙනකි. වරාය නගරයට අවශ්‍ය ගල් ලබා ගැනීම සඳහා කලුතර දිස්ත්‍රික්කය තුළ ගල් කොරි රාශියක් මේ වන විට පිහිටුවා තිබේ.විවිධසමාගම් ගල් පර්වත ලබා ගැනීමට දැඩි කැමැත්තකින් පසුවේ.

යටකී. ප්‍රබුද්ධගම ගල්ලෙන තිබෙන පර්වතය වතු සමාගමකට අයත් බැවින් එයද ගල්කොරියකට ලබා ගැනීමට උත්සාම දරනු ලැබීය. මේ අවස්ථාවේ දී මදුරාවල ප්‍රා දේශීය ලේකම් තුමිය මැදිහත්ව මෙම ගල් ලෙන බේරා ගැනීමට කටයුතු කර ඇත.වලල්ලාවිට ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගුලවිට ගල්ලෙනකටද මෙවැනි ඉරනමක් අත් වන්නට තිබුණි.එයට හේතුව ගල්කොරියක් සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේනුතව විසින්ම අවසර ලබා දීමයි.පසුව ගල් කොරියට ඉස්මත්තේ තිබෙන ගල්ලෙන තුළ ආදි මානවයාගේ ශිලා මෙවලම් හමු වීම නිසා ඒ ගල් ලෙනද බේරා ගනු ලැබිණ.

    මෙවැනි විනාශ කිරීම් මෙන්ම විනාශ කිරීමට උත්සාහ දැරීමද් අනන්ත අප්‍රමාණය. වර්තමාන සංවර්ධන ප්‍රවේශයන් තුළ ජාතික උරුමයන් සහ පරිසරය පිළිබඳ නිවැරදි තක්සේරුවක් නොතිබීම මෙයට එක් හේතුවක්ය.මෙම පැරණි නටබුන්  ආරක්ෂා කරලීමට පුරාවිද්‍යා ආඥා පනතේ .තිබෙන්නේ සීමිත ඉඩකඩක් පමණකි.ඒ. සෑම ඉඩමක්ම පවරා ගැනීමටද නොහැකිය.ඉඩම් භුක්තිය පිළිබඳ විවිධ ගැටළු දක්නට ලැබේ.හවුල් අයිතිය තිබෙන ඉඩම් පවරා ගැනීමද දුෂ්කරය.මෙවැනි ප්‍රශ්ණ වලට පිළීතරු සෙවීමට මෙතෙක් උත්සාහ දරා නොමැත.පුරාවිද්‍යා ආඥා පනත වෙනස් කිරීම පිණිස මේ වන විට යෝජනා කැඳවා ඇති බැවින් යම් විසඳුම් කීපයක් යෝජනා කිරීම උචිත යයි සිතමි. පුරාවස්තුව පවතින ඉඩමේ අයිතිකරු සහ පුරාවිද්‍යා නිළධාරීන් අතර තිබෙන සම්බන්ධය මෙහිදී මූලිකව වැදගත්ය.ඉන්පසු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයා සහ අයිතිකරු අතර යම් ගිවිසුමක් ඇති කරලීම කල යුතු යැයි සිතමි.ඒ අනුව  කොන්දේසි ඇතුලත් කර  මෙම ස්මාරක නැවත ගැසට් කිරීම කල යුතුයයි සිතමි.මෙවැනි පියවරයන් මගින්  පුරාවස්තු නිවරදිව කළමනාකරණය කිරීමට හැකිවෙයි. ඒ සඳහා  නව විෂයක් හඳුන්වා දීම අත්‍යවශ්‍ය වන්නේ  ඉහත කී ගැටළු තත්වයන් නිසාය.නඩු පැවරීමෙන් සහ දඩ නියම කිරීමෙන් පමණකි පුරාවස්තු ආරක්ෂා වන්නේ නැත.

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress