‘කාබනික කෘෂිකර්මයෙන්‘ – ‘හරිත කෘෂිකර්මය‘ ට කියන්නේ ‘අහසින් – පොළවට‘ වගේ වැඩක්
Posted on October 17th, 2021

රජිත් කීර්ති තෙන්නකෝන් දකුණ හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර

මාස 12 ක් තුල ආණ්ඩුව කාබනික කෘෂිකර්මයෙන් – හරිත කෘෂිකර්මයට රිවස් ගියර් දාලා තියෙනවා.  මේක හරියට අයලීන් සිරිවර්ධන ගේ ‘අහසින් පොළවට‘ කතාව වගේ.  එකිනෙකට වෙනස් සංකල්ප දෙකක්. ආණ්ඩුව අද ‘බෙහෙත් – පොහොර‘ ප්‍රශ්නය නිසා ඉන්නේ ‘දෙලොවක් අතර‘.  ඔබ චිත්‍රපටි දෙකම අධ්‍යක්ෂණය කළේ ලෙස්ටර් ජේමිස් පීරිස් වුනාට ‘කාබනික නාඩගම‘ අධ්‍යක්ෂණය කරන්නේ ‘ගජ මිතුරු කණ්ඩායම‘ යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය. 

‘‘අයලීන් සිරිවර්ධන නම් අහසින් පොළවට කතාව අවසන් කළේ ‘වෙරළින් සයුරට‘ හරහා ‘කතරින් එතෙරට‘ ගිහින්.  කෘෂිකර්මය විනාශ කරන ‘ගජමිතුරු කණ්ඩායම‘ අපි කතරේ තියලා එතෙර පනින බව නම් ස්ථීරයි‘‘ යැයිද තෙන්නකෝන් පැවසීය.

අද රටේ ලොකුම ප්‍රශ්නය කෘෂිකර්මාන්තයට බෙහෙත් – පොහොර නැතිවීමයි.  කාබනික ලේබල් ගහපු ‘රතු කැට‘ වෙනදා ගාටන වඩා දෙගුණයක් මිල ගෙවලා ගෙනත් ගොවිජන සේවා මධ්‍යස්ථානවල ගොඩ ගහලා දැන් වගා කරපියව් කියනවා.  මේ අය දන්නේ නෑ, වල් නාශක – දිලීර නාශක – කෘමි නාශක නැතුව මහා පරිමානයෙන්  වී වවන්න බෑ කියලා. යැයි තෙන්නකෝන් මහතා පැවසූවේ හල්දුමුල්ලේ පැවති උත්සවයක දී ය.

ගජමිතුරන්ගේ මඩිය තර කර ගන්න ‘කාබනික සංකල්පයක්‘ ගෙනල්ලා දැන් රටේ ආර්ථිකය හොම්බෙන් ගිහින් තියෙනවා. කෘෂිකර්මයෙන් ජීවත් වෙන ගම්මානවල මිනිස්සුන්නට දැනටම කන්න නෑ. තේ වගාවේ දළු නෑ.  අර්තාපල්-කැරට්-බීට් අල හැදෙන්නේ නෑ. බෝංචි කරල් හැදෙන්නේ නෑ.  බඩඉරිඟු හදන්නේම නෑ. හරක්ට දෙන්න තණ කොළ වගාවටත් යූරියා ඕනි.

ආණ්ඩුව ‘කාබනික කෘෂිකර්මයෙන් – හරිත කෘෂිකර්මයට‘ ඊයේ ගැසට් රිවස් කළා. 1960 දශකයේ ‘හරිත විප්ලවය‘ (Green Revolution)  කියලා‘ මීහරකා කුඹුරෙන් ඉවත් කරලා ට්‍රැක්ටරය කුඹුරට දැම්මා. මෙච්චර කල් කාබනික ගැන කථා කරලා දැන් හරිත කෘෂිකර්මය ගැන ගැසට් ගහනවා. ආණ්ඩුව දැන් හරියට ගිණි මද්දහනේ තණමල්විල මල් ගැහුව වදුරෙක් වගේ.  වෙලාවකට මල් වතු මැදින් පනිනවා. ඊලඟට මහ මුදුදේ පීනනවා.

දැන් චීන අශුචි නැව ආපහු රටට ගේන්න උත්තසහ කරනවා.  මේක අපරාධයක්. මේක පාපයක්.  මඩ පොහොර ඕනි වෙළාවට බණ්ඩි පොහොර ගෙන්නන කෘෂිකර්ම අමාත්‍යාංශයකින් රටේම කෘෂිකරමය විනාශ වෙනවා. යැයිද පැවසීය.

රජිත් කීර්ති තෙන්නකෝන්

දකුණ හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර

One Response to “‘කාබනික කෘෂිකර්මයෙන්‘ – ‘හරිත කෘෂිකර්මය‘ ට කියන්නේ ‘අහසින් – පොළවට‘ වගේ වැඩක්”

  1. NeelaMahaYoda Says:

    හරිත කෘෂිකර්මය යනු කුමක්ද?
    කෘෂි නිෂ්පාදන වැඩි කිරීම සදහා කෘෂිකාර්මික ශිල්පීය ක්‍රම වල තාක්ෂණික වශයෙන් දියුණුවක් ඇති කල ක්‍රියාවලියක් ලෙස හා ලොව සාගිනි නිවීම සදහා මහත් බලාපොරොත්තු තබා දියත් කළ කෘෂි විප්ලවීය වැඩ සටහන හරිත විප්ලවය ලෙස හැදින්වේ. එහි නිල නාමය වුයේ කෘෂිකාර්මික සංවර්ධනය සදහා ප්‍රකාශිත ලෝක සැලැස්ම යන්න ය.

    එය ස්වාභාවික යැපුම් කෘෂිකර්මය වෙනස් කරමින් රසායනික වූ කෘෂිකර්මයක් ප්‍රශුත කළේ ය. ඉන් අනතුරුව මිනිසා කෙරෙහි හිමිව තිබු ස්වභාවික බොහෝ දෑ මිහිතලයෙන් ඉවත් කිරීමට ද එයට සම්පුර්ණ ශක්තියක්ද තිබිණි. මෙය වැඩි ඵලදාවක් ලබා දෙන, පරිසරයට ඔරොත්තු දෙන බෝග වර්ග හදුන්වා දීම, විවිද කෘෂි රසායන ද්‍රව්‍යය, පොහොර, පළිබෝධ නාශක ආදිය බාවිතය හා වාරි මාර්ග ජලය ලබා දීම, යන්ත්‍ර සූත්‍ර මගින් ශීග්‍රයෙන් අස්වැන්න වැඩි පලදායි හා පරිසරයට ඔරොත්තු දෙන බෝග වර්ග හදුන්වා දීම හරිත විප්ලවය මගින් සිදුවේ.හරිත විප්ලවය ආරම්බ වන්නේ 1943 දී මෙක්සිකෝවේ අහාර නිපැයුම වැඩි කිරීම සදහා කෘෂිකාර්මික පරීක්ෂණ විය්‍යාපෘතියක් ඇරබීම හරිත විප්ලවයේ ආරම්බය ලෙස සැලකේ. මෙය 1962 අවසන් වුවත් 1963 ලෝක අහාර හා කෘෂිකාර්මික සංවර්ධනය සදහා වන ලෝක සැලැස්ම නම් වැඩසටහන ඇරබීමත් සමග මෙම වැඩසටහන හරිත විප්ලවය නමින් ලොව පුරා ප්‍රචලිත විය. මේ සදහා ජාත්‍යන්ත්‍ර කෘෂිකර්ම පරීක්ෂණ පිළිබද උපදේශක සබාව පිහිටවන ලදී. හරිතවිප්ලවය ආශිත කෘෂිකාර්මික තාක්ෂණය අංශ දෙකකින් ක්‍රියාත්මක විය

    නව මාදිලියේ වැඩි පලදායී බීජ වර්ග නිපදවීම
    නවීන කෘෂිකාර්මික ශිල්ප ක්ක්රම යොදා ගැනීම

    නව මාදිලියේ වැඩි පලදායී බීජ වර්ග නිපදවීම (දෙමුහුන් බීජ නිපදවීම)වැඩි පලදායී බීජ වර්ග නිපදවීමේ ක්‍රමයක් ලෙස දෙමුහුන් බීජ ක්‍රමය හදුන්වා දිය හැකි ය. මෙමගින් සිදුවන්නේ ජාන වශයෙන් එකිනෙකට දුරස්ථ බීජ වර්ග දෙකක් පරාගනය කිරීමෙන් ලබා ගන්නා බීජ රෝපණය කර ඒවායින් බීජ ලබා ගැනීමයි. ඹ්ඝ් 407 නමින් හදුන්වන වී ප්‍රරබේද දෙමුහුන් කරන ලද වී ප්‍රභේදයයි තිරිගු හා රයි මුහුන් කොට වැඩි ගුණාංග සහිත තිරිගු වර්ග නිපදවා ඇත.
    දෙමුහුන් බීජ වල විශේෂ ගුණාංග
    ලෙඩ රෝග වලට ඔරොත්තු දීම
    කෘමි උවදුරු වලට ඔරොත්තු දීම
    කෙටි කාල සීමාවක දී අස්වැන්න ලබා ගත හැකි වීම
    සාම්ප්‍රදායික වී වර්ග වලට වඩා කිහිප ගුණයකින් අස්වැන්න වැඩි වීම
    අධික වැසි වලට ඔරොත්තු දීම
    දිලිර රෝග වලට ඔරොත්තු දීම
    පටක රෝපණය
    වැඩි පලදාවක් ලබා ගැනීම සදහා අනුගමනය කල හැකි තවත් ක්‍රමයක් ලෙස පටක රෝපණය හැදින්විය හැකි ය. රසායනාගාර මගින් සිදු කරන ක්‍රියාවලියක් මගින් ශාක වල ඇති පටක වලින් ඉහළ ගුණාත්මක අගයක් ඇති පැල රාශියක් ලබා ගැනීම මෙමගින් සිදුවේ. මෙසේ හරිත විප්ලවය ආශිත කෘෂිකර්මය මගින් වැඩි පලදාවක් බීජ වර්ග නිෂ්පාදන සදහා අවදානය යොමු කරන ලදී. මේ නිසා ලෝක ධාන්‍ය නිෂ්පාදනය ඉහළ ගිය අතර මිලියනයක් පමණ ජනතාවට කුසගින්නෙන් මුදවා ගැනීමට හැකියාව ලැබී ඇත.
    2.නූතන කෘෂිකාර්මික ශිල්ප ක්‍රම යොදා ගැනීම
    කෘෂිකාර්මික කටයුතු වල දී යන්ත්‍ර බාවිතය පුළුල් වී ඇත. බිම් සැකසීම, බීජ වැපිරීම, පැල සිටවීම, කෘෂි රසායන ද්‍රව්‍ය බාවිතය, අස්වනු නෙලා ගැනීම සදහා යන්ත්‍ර බාවිතය ඉහළ ගොස් ඇත. මේ නිසා වැඩ කටයුතු පහසු වීම, කාලය ඉතිරි වීම, ශ්‍රමය හිගයට පිලියමක් වීම, යන්ත්‍ර නඩත්තුව සදහා අවශ්‍යය සේවා සැපයීමට නව රැකියා බිහි වීම, රැකියා වියුක්තියට ඒ තුලින් විසදුමක් ලැබීම වැනි වාසි දායක සිදුවීම් නූතන කෘෂිකාර්මික ශිල්ප ක්‍රම බාවිතය මගින් සිදු වී ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress