ජනාධිපතිට රට පාලනය කරන්න බෑ.. අගමැතිට රට බාර දිය යුතුයි.. රාජපක්‍ෂලා මෙතනින් ඉවරයි..- මුරුත්තෙට්ටුවේ හිමි
Posted on October 20th, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා තමන් වහන්සේලා මැදිහත්වීම වූයේ උතුම් රටක් හැදීමට බලාපොරොත්තුවෙන් බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

නමුත් කාගේ හෝ අවාසනාවකට අද රට අභාග්‍ය සම්පන්න තත්වයකට ඇද ඇද වැටී ඇති බව ද උන්වහන්සේ පැවසූහ.

මේ යන ගමන මේ ආකාරයෙන්ම ගියහොත් රාජපක්ෂ පරම්පරාවේ දේශපාලන අවසානය සිදුවන තම නිගමනය බවද උන්වහන්සේ තවදුරටත් එහිදී කියා සිටියහ.

තවදුරටත් අනාගතයේ හෝ රාජපක්ෂලා මෙරට බලය දැරිය යුතු බව හිතන්නේ නම් අගමැති මහින්ද රාජපක්ෂ මහතාව වහාම රට බේරා ගැනීම සඳහා මැදිහත් විය යුතු බවද උන්වහන්සේ පැවසූහ.

ඒ නිසා තවමත් ප්‍රමාද නැති බවත් වහාම රට බාර ගන්නැයි මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවත් ඒ සඳහා වත්මන් ජනාධිපතිතුමන් ද අකමැත්තක් නොදක්වනු අැති බව තමන් වහන්සේ විශ්වාස කරන බවත් උන්වහන්සේ කියා සිටියහ.

ගෝඨාභය රාජපක්ෂ මහතාට රට පාලනය කරන්න බැරි බව ඔප්පු වී අවසන් බවත් තමනට අත්සැකීමක් නැති බව එතුමාම සඳහන් කර ඇති බවත් එහිමියන් තව දුරටත් කියා සිටියහ.

සිය විහාරස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවක දී ආනන්ද හිමියන් මෙම අදහස් පල කරන ලදී.

One Response to “ජනාධිපතිට රට පාලනය කරන්න බෑ.. අගමැතිට රට බාර දිය යුතුයි.. රාජපක්‍ෂලා මෙතනින් ඉවරයි..- මුරුත්තෙට්ටුවේ හිමි”

  1. Sarath W Says:

    How wrong this monk is. It is the Prime Minister who is ruining the country by sabotaging the plans of the president. The president contested the election surrounded by eminent people and gave hope to over six million voters. The voters thought he will have most of them in the parliament and the cabinet, but ended up with most of the uneducated, corrupt and thugs as MPs and most of Mahinda’s gang as ministers. We all know Mahinda did not wanted Gota to be the president. Now he is pushing Namal baby to be the president and doing everything possible to destroy Gota. Gota has given in to his BIG BROTHERS and made Namal Baby the MINISTER FOR EVERYTHING. Big mistake

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress