කවුරුත් දන්න රහස
Posted on October 24th, 2021

Charaka Eranda Gamage Courtesy FB

මෙරට කෘෂිකර්මාන්තයේ වර්තමාන අර්බුධයට ප්‍රධානම හේතුව මෙරට කෘෂිකර්මාන්තය ගැන මෙළෝ දෙයක් නොදන්නා, ජීවිත කාලය තුළ කුඹුරකට හේනකට ගොස් නැති, වගා කරන්නේ පොහොර භාජනයක යැයි සිතා සිටින, කෘෂි රසායනික වගාවට යොදන්නේ ව්‍යංජනයකට පොල් කිරි දමන ආකාරයෙන් යැයි සිතා සිටින, යළ මහ කන්නයන් ගැන නොදන්නා , බොහෝ විට ගෙදර ප්ලාස්ටික් පෝච්චියක මිරිස් පැළයක් බටු පැළයක් සිටුවා ගෙදර දොරේ දිරා යන අපද්‍රව්‍ය සියල්ල එයට දමමින් එය තමා කාබනික කෘෂිකර්මය යැයි සිතා ඒ ගැන නන් දොඩවන , නඟුල වියගහ නොදන්නා, AC කාමර වල සිටිමින් පෑනෙන් හාන, ඉංග්‍රීසි භාෂාව හැසිරිය හැකි නිසා තමන් සියල්ල දන්නේ යැයි සිතා සිටින, ගැටළු ප්‍රශ්න නිරාකරණය කළ යුත්තේ මහදැන මුත්තා මුට්ටියේ ඔලුව හිරකරගත් එළුවාගේ ප්‍රශ්නය විසදූ ආකාරයට යැයි සිතා සිටින පිරිසක් මැදිහත් වීම සහ රජයට උපදෙස් ලබා දෙමින් සිටීමය.

අප රටට වඩා ආර්ථික සංවර්ධනයක් ලබා ගෙන ඇති, රටටත් ජනතාවටත් හෙණ ගැහුවත් තමන්ගේ ගාන ලැබේ නම් ඕනම ගොන් තකතීරු වැඩක් කරන අපේ රටේ වැනි දේශපාලකයන් නොව සැබෑවටම රටට ජනතාවට ආදරය කරන දේශපාලන නායකත්වයන් සහිත, ජනතාවගෙ සෞඛ්‍ය , සමාජ සංවර්ධනය ගැන අප රටට වඩා දහස් වාරයක් ප්‍රයෝගිකව සිතන කිසිදු රටක් 100% කාබනික වගාවක් සදහා නින්දෙන් අවදි වූ සැනින් යාමට තීරණ නොගන්නේ ඇයිද යන්නට හේතු, අබ ඇටයක් තරම් වත් මොළයක් තිබෙන ඕනෑම කෙනෙකුට තේරැම් ගත හැකිය.

වර්තමානයේ අප රට කාර්මික දෝශයකට ලක්ව ගුවනේ ගමන් කරන ගුවන් යානයක් වැනිය. අප සියල්ල එහි මගීන් ය. දිගටම ගමන් නොකර සුදුසු තැනකට ගොඩ බා කාර්මික දෝෂය නිවැරදි කර නැවත ගමන් ආරම්භ කීරීමට මේ වන විට ඕනෑ තරම් අවස්ථාවන් ඇත. නමුත් ටික කළකින් එම අවස්ථාවන් සියල්ල අහිමිව යානය කඩා වැටී යනු ඇත. ගුවන් නියමුවන් හිතුවක්කාර නොවී යානය සුදුසු තැනක ගොඩ බා නිවැරදි ප්‍රතිසංස්කරණයන්ගෙන් අනතුරැව නැවත ගමන ආරම්භ කළ යුතුය. ගුවන් නියමුවන් සහ ඔවුන්ගේ පවුල් වල අය සතුව සතුව පැරෂුට් ඇත. අනෙකුත් ජීව්තාරක්ෂක උපකරණ ඇත. යානය කඩා වැටීමට පෙර ඔවුන් යානයෙන් පිටතට පැන දිවි ගලවාගනු ඇත. සාමාන්‍ය ජනතාව වන අපට එසේ නැත. අපේ අහිංසක දුවා දරැවන්ගේ අනාගතය වෙනුවෙන් යානය ප්‍රතිසංස්කරණය කළ යුතුමය.


2 Responses to “කවුරුත් දන්න රහස”

  1. NeelaMahaYoda Says:

    පොඩි එවුන්ට බැනලා වැඩක් නෑ මහ එකා හරක් බ්දින කනුවක් නම්

  2. dhane Says:

    Like same Rajapaksa family eliminated LTTE after 30 years introduction of Compose feriliser should would have done stage by stage. At the very start of Ellam war did not targetted Killinochi looking for Proba. It started from East and gradulally round-up Proba which took nearly 3 years. Same way if introduced compose fertiliser stage by state famers & other big cultivators like tea, coconut & rubber will see the progress and follow. Thereby Government would have corner to the wall JVP & Saith’s non famers protests all over the country.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress