අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මල්ලිකා නිවාස සමිතියේ සියවස් සැමරුම
Posted on December 2nd, 2021
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
මල්ලිකා නිවාස සමිතියේ සියවසක ජයග්‍රහණය” සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) දින පස්වරුවේ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ජැස්මින් ශාලාවේ දී පැවැත්විණි.
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ මව වන මල්ලිකා හේවාවිතාරණ ළමාතැනීගේ සංකල්පයක් අනුව මල්ලිකා නිවාස සමිතිය ආරම්භ වූයේ 1920 ඔක්තෝබර් 09 වැනිදාය. අසරණ වූ කාන්තාවන්ට සහ ළමුන්ට සහන සැළසීම එහි ප්‍රධාන අරමුණ වී තිබිණි.
මල්ලිකා නිවාස සමිතියේ සියවස් සැමරුම් උත්සවයට සමඟාමීව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මල්ලිකා හේවාවිතාරණ ළමාතැනීගේ ඡායාරූපයකට මල්දමක් පළඳවමින් එතුමියට ගෞරව දක්වන ලදි. අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.
මල්ලිකා නිවාස සමිතියේ සියවස් සැමරුම වෙනුවෙන් මෙහි දී සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් ද නිකුත් කෙරිණි. ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් එම සමරු මුද්දරය හා මුල් දින කවරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ අග්‍රමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට පිළිගැන්නුවේය.
අනතුරුව මල්ලිකා නිවාස සමිතියේ හිටපු සභාපතිනියන් පස් දෙනෙකුට අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් සියවස් සමරු තිළිණ ප්‍රදානය කෙරිණි.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ, අමාත්‍යවරුන්වන ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු කථානායක දේශබන්දු කරූ ජයසූරිය, තැපැල්පති රංජිත් ආරියරත්න, මල්ලිකා නිවාස සමිතියේ සභාපතිනි දමයන්ති ද අල්විස් ප්‍රනාන්දු මහත්ම මහත්මීහු ඇතුළු මල්ලිකා නිවාස සමිතියේ සමාජිකාවෝ සහභාගි වී සිටියහ.