‘JAT පින්තාරු ශිල්පී අභිමන්’ වැඩසටහන වෙනුවෙන් JAT හා NAITA අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
Posted on December 10th, 2021
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය
දෑතේ සවියෙන් කැටයම් මවනා දැව පින්තාරු ශිල්පීන් දිරිගැන්වීමේ අරමුණින් JAT Holdings සහ NAITA එක්ව ආරම්භ කිරීමට නියමිත ‘JAT පින්තාරු ශිල්පී අභිමන්’ වැඩසටහන වෙනුවෙන් විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ සහභාගීත්වයෙන් අද (10) දින JAT Holding සමාගමෙහි ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ අධිකාරියේ (NAITA) සහයෝගය ලබා ගනිමින් ක්ෂේත්රයේ සිටින දැව පින්තාරු ශිල්පීන්ගේ පෙර දැනුම ඇගැයීමකට ලක්කර (RPL) මෙරට දැව භාණ්ඩ ක්ෂේත්රය සංවර්ධනය වෙනුවෙන් අතහිත ලබාදෙමින් එම දැව පින්තාරු ශිල්පීන්ට NVQ 3 සුදුසුකම ලබා දී නිපුණතා සහිත ව්‍යවසායකයින් බිහි කිරීම මෙහි අරමුණ වේ.
මෙම සත්ක්‍රියාවේ ආරම්භය සනිටුහන් කරමින් දැව පින්තාරු ශිල්පීන් ලියාපදිංචි කිරීම ද අද දින සිදු විය.
මෙම මෙහෙවර සඳහා NAITA ආයතනයේ සභාපති තරංග නලීන් ගම්ලත් මහතා, JAT Holdings නිර්මාතෘ සහ කළමනාකාර අධ්යක්ෂ ඊලියන් ගුණවර්ධන, JAT holding සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී නිශාල් ප්‍රදිනාන්දු මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.
මාධ්‍ය ඒකකය
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය
December 10th, 2021 at 9:07 pm
Digitalization is the name of the game. Instead of painting on the concrete or brick wall teach them to paint digitally on a Canvas. Also teach them how to transfer the pictures taken with cameras as PNG (or even convert to DXF (Drawing or Data eXchange Formats) etc. or their own thus created via networks. This will open the way for them to design Apps for Play Store or Apple Store which are lucrative businesses.
This is for our mandarins at the top who decide the fate of our youths lining up at passport offices!.
December 10th, 2021 at 10:47 pm
I want to add that digital painting is inexpensive as the software and paint that can be synthesized is free.
I believe that what is required is the exposure in that particular field to do any job well. I think those in the music industry has already achieved it and excelled on it.
Have a look at the scene of the following video which is being commented on by artists around the world who are reacting to it. The scene when the audience sways their phones is exactly the same as that of famous French singer JJ Goldman’s rendition of ‘la bas’ as a tribute to the slain Sri Lankan singer Sirima Nicole.
‘https://youtu.be/4UzMhZ3kZGo’
December 10th, 2021 at 10:49 pm
Sorry, “….the scene and the tune ….”. The composer ‘Daddy’ is talented.