මහජන නියෝජිතයින් යයි කියාගන්නා මැති ඇමතිවරුන් 60 දෙනෙක් නව වසරේ මහජන මුදලින් ඉසුරින් පිරුණු විදේස රටවල නත්තල් සවාරියේ (ප්‍රවෘතියක්)
Posted on December 22nd, 2021

සුදත් ගුණසේකර මහනුවර

මම මේ රටේ ජනාධිපතිනම් මොවුන්  සියළුදෙනාම  යවන්නේ අපායට

මැති මතිවරුන් 60ක් ඔවුන්ගේ පවුල්වල අයද සමග මේ දිනවල ඇමෙරිකාව එන්ගලතය වැනි රටවල  නිවාඩුවක් ගතකිරීම සදහා විනෝද සවාරියක් පිටත්ව ගිය බවට ප්‍රවෘතියක් පලවිය.

මුලු රට මෙන්ම මුළුජාතියම විසාලා මහනුවර මෙන් රෝ බිය, දුර්භික්ස බිය,රෝගබිය සහ දේසපාලන යක්සශබිය  යන සිව් බියෙන් හා, බඩගින්න, අහස උසට ඉහලගිය බඩු මිල, සහ දෝරේ ගලා උතුරායන ජනතා අසහනයට අමතරව ඩොලර් බිලියන  60 කට වැඩි ලෝක නය උගුලක හිරවීසිටීම වැනි, බුදු දහමේ දැක්වෙන අන්තෝ ජටා බහි ජටා වැනි පඹගාලක  පටලැවී  ගැලවෙන මඟක් නොදැක රටේ ප්‍රධාන අහාරය වූ  බත් පතද තව ටික දිනකින් නැතිවන තත්වයට රට ඇද වැටී තිබේන මෙවැනි බියකරු වෙලාවක  රටේ තියෙන අන්තිම ඩොලරයද අතගාගෙන ඇමැති  බලතල යොදාගෙන  සිය අඹුදරුවන්ද සමන්ග ලෝකය වටා විනෝද සවාරි යන මහජන නියෝජිතයින්යයි කියාගන්නා මේ නරුමයින් හැමදෙනාම රටතුල තිබෙන අන්තිම තඹයද හොරගෙන රෝමය ගිනිගනිද්දී වීණා වාදනය කළ නීරෝ මෙන්” තමන් බලයට පත්කළ චන්ද දායකයින් ජීවිතයත් මරණයත් සමඟ පොරබදද්දී කිසිම විළිලජ්ජාවක් හෝ හිරිකිතයක් නැතිව රට සවාරි යන මුන් යැවිය යුත්තේ රටද? ගෙදරද එසේත් නැතිනම් සදාකාලික දේසපාලන වනසන්ඩයටද?.  

මේ  60 දෙනා පමණක් නොව පාර්ලිමේන්තුවේ සිටින 225  දෙනාටම තවදුරටත් මේ රට විනාස කිරීමට ඉඩ නොදී  ඔවුන්ද වහාම ගෙදර යැවිය යුතුයයියයි මම යෝජනා කරමි. එසේකොට මේ රටට හෝ ජාතියට කිසිදු වැඩක් නැති මහජන නියෝජිතයින් යයි කියන හොරමුලකට මාලුකඩයක මන්නා අමෝරාගෙන සණ්ඩුවන මාලුකාරයින් මෙන් ගහ බැනගමින් උනුනුන් මරා ගනිමින් මහජන මුදලින් කා බී බාල් නටන පාර්ලිමේන්තුව නැමැති දියවන්නා ඔය හෝටලයද වහාම වසා දමන මෙන් මම යෝජනා කරමි. එසේ නොකළොත් රට ජාතිය්ට ආදරය කරන මේ රටේ දේසප්‍රේමී පීඩිත ජනතාව එදා පැරිස් නගරයේ බැස්ටීල් හිරගෙදරට කලාක් මෙන් මේ රටත් ජාතියත් 1948 සිට විනාශ කළ එසේම් අදටත් එම පාප කර්මයම කරන ඔය පචමන්දිරයට ගිනිතියා විනාස කරන දිනය එතරම් ඈතක නොවන බවනම් නොකියාම බැරිය.

2019 ජනාධිපතිවරයාගේ රුවන්වැලිසෑ මලුවේ දිවුරුමේ කිසියම් වගන්තියක් තවමත්  පාවානොදී ඉතිරිවී ඇත්නම් එය හෝ රැකගැනීමට තවමත් අවන්කව අදහස් කරන්නේනම් ජනාධිපතිවරයාට  මේ ගැන වහාම බුද්ධිමත්තීරණයක් ගැනීමේ කාලය නමැති මහෝගය දැන් නහය ලන්ගටම එලඹ ඇතැයි මම සිතමි.එසේ නොකළොත් වැඩිකලක් යාමට පෙර ජනාධිපතිවරයා ඇතුළු මේ මහජන නියෝජිතයින්යයි කියාගන්නා රටවැසියන් රැවටීම සඳහා දිවා කාලයට පමණක් ස්වේත සළුධාරීන් වන සියළුදෙනාටම රනිල්ගේ ගජ මිතුරු අර්ජුන් මහේන්ද්‍රන්ට මෙන් සින්ගප්පූරුවේ හෝ වෙනත් සයිබීරියාවක සැගවී සිටීමට පිටරට සමූහ බින්ගෙවළ්  සොයාගැනීමට සිදුවනු නොඅනුමානය.

එහෙත් මේ කිසිවෙකුට කිසිදාක යම රජුගෙන් නම් සමාවක් නොලැබෙන නිසා අවසානයේ අපායේම පදින්චිවීම අනිවාර්ය වනු ඇත

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress