ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලවල නියෝජිතයින් හා අග්‍රාමාත්‍යතුමා අතර හමුවක්
Posted on January 25th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලවල නියෝජිතයින් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (25) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

තනාපති සබඳතාවලට අදාළව අග්‍රාමාත්‍යතුමා හා තානාපති නියෝජිතයන් අතර  මෙහි දී සුහඳ සාකච්ඡාවක් සිදුවිය.

මෙම අවස්ථාව සඳහා, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ  මහත්වරු සහ ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලවල නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress