හිටපු ජනපති මෛත්‍රී,සමග විමල්, වාසු, ගම්මන්පිල එකම වේදිකාවක – රතන හිමිට විරෝධයක් (වීඩියෝ)
Posted on March 2nd, 2022

උපුටා ගැන්ම  හිරු පුවත්

ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 11ක් විසින් සකස් කරන ලද මුළු රටම හරිගමට දස වැදැරූම් ජාතික ප්‍රකාශනය එලි දැක්වීම අද පස්වරුවේ සිදුවුණා.

ඒ, හිටපු ජනාධිපති මෛති්‍රීපාල සිරිසේන, ආණ්ඩුව නියෝජනයකරන හවුල්කාර පක්ෂ වල නායකයින් වන අමාත්‍ය විමල් විරවංශ, උදය ගම්මන්පිල වාසුදේව නානායක්කාර ඇතුළු තවත් පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැවති උත්සවයකදීයි.

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ,පිවිතුරු හෙල උරුමය, ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය ඇතුළු පක්ෂ 11ක් විසින් සකස් කරන ලද මුළු රටම හරිමගට යෝජනාවලියයි එහිදී එලි දැක්වුයේ.

රටේ මතුව ඇති ආර්ථීක අර්බුදය ජයගැනීම සදහා වන දසවැදැරූම් යෝජනාවලියක් එහිදි ජනගත කෙරුණා. <br /><br />එම යෝජනාවලට අනුව රට මුහුණදි ඇති මුලික අර්බුද 05ක් හදුනාගෙන ඇති අතර ඊට ඩොලර් සංචිත ගැටලුව, විදේශ ණය අර්බුදය සහ විදේශ විනිමය හිඟවීම මගින් රට ණය උගුලක සිරවීම ආදී කරුණු ඇතුළත්.

කෙසේ වෙතත්, පුජ්‍ය අතුරලියේ රතන හිමියන් අදහස් දක්වා අවසන් වීමත් සමග රතන හිමියන් නියෝජනය කරන අපේ ජනබල පක්ෂයේ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් එම ස්ථානයට පැමිණ රතන හිමියන්ට විරෝධය පළ කරමින් අදහස් පල කළා.

එහිදී එම ස්ථානයේ යම් නොසන්සුන් තත්වයක්ද ඇතිවුණා.

එම අවස්ථාවට එක්ව සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවිය යුතු බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress