වර්තමාන අර්බුධයෙන් රට ගොඩ ගැනීමේ ඒකායන ක්‍රමය
Posted on April 19th, 2022

ආචාර්ය සුදත් ගුණසේකර

අග්‍රාමාත්ය සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ හිටපු ස්ථිර ලේකම්, ශ්‍රී ලන්කා පරිපාලන සේවා සන්ගමයේ සභාපති (1991-1994) සහ මහනුවර සින්හල බෞද්ධ ජෙස්ඨ පුරවැසියන්ගේ සන්විධානයේ සභාපතී

  (මව් බිමට ආදරය කරණ පුරවැසියෙකුගෙන් මුලු රටටම අලුත් අවුරුදු තෑග්ගක්!)

වර්තමාන අර්බුධයෙන් රට ගොඩ ගැනීමේ ඒකායන නොවුනත් හොඳම ක්‍රමය පුලුල් ජාතික වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට එකඟවන නව ජනාධිපතිවරකු යටතේ පාර්ලිමේන්තුවේ සිටින සියළුම පක්ශ නායක්යින් සහ අමාත්ය තනතුරුවලට අදාල  විශයන් පිළිබන්ද විසේසඥ සහ ප්‍රායෝගික දැනුමක් ඇති පිටතින් ගන්නා විශිස්ඨ පුද්ගලයින් කීපදෙනකුගෙන් සමන්විත සර්ව පාක්ශික අන්තර්කාලින ඇමති මන්ඩලයක් යටතේ තුන් (3)අවුරුදු කාලසීමාවකට, 2025 වනතුරු රට පාලනය කිරීමයි.

එසේ කිරීමෙන් එකිනෙකා අතර කුළල්කාගන්නා වර්තමාන පක්ශ අතර ජාතික වැඩපිළිවෙලකට එකඟත්වයක් ඇතිවීමෙන් පවතින දේශ පාලන අස්ථාවරත්වයද සමනය වී,නව දේශපාලන සන්ස්කෘතියක් ඇතිවී සමාජ අසහනය දුරුවී, ආර්ථිකයද යහපත් වී,රටට සාමයද උදාවනු ඇත.

සවිස්තරාත්මකව පහතින් දැක්වෙන මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට දලදා සමිඳු ඉදිරිපිට දිවුරා පොරොන්දුවීමට සූදානම් නම්, එසේම එය කළ හැකියයි තමන්ට ආත්ම විශ්වාශයක් ඇත්නම් ගෝඨාභය රාජපක්ශ ජනාධිපතිවරයාටම වුවද තව දුරටත් ජනාධිපති වශයෙන් කටයුතු කළ හැක. කෙසේ වුවද එසේ කිරීමට නම් ඔහු වටා සිටින ප්‍රධාන උපදේශක අතුලු කේවට්ටයින් සියල්ල වහාම ඉවත් කොට මේ සින්හල බෞද්ධ රටේ රාජ්ය නායකයකුගේ උපදේශකයින් වීමට අවශය දැනුම, විචාර බුද්ධිය සහ පරිනතබව ඇති රට පිළිගත් පැවිදි, ගිහි උගතුන් පිරිසක් ඒ සඳහා පත්කර ගත යුතුය.

මන්ද විපක්ශය ගෙන ඒමට අදහස් කරන විශ්වාශභන්ග යෝජනාව ඉස්ථිරවශයෙම පරාජයවන බැවින් පාර්ලිමේන්තුවේ බහුතරය ආරක්ශාකරගතහොත් තව ටික කලක් මේ රජයම තිබිය හැකිබැවිනි…

එහෙත් පැහැදිළිව කවුරුත් වටහාගතයුතු කරුණක්

•මර්ධනයෙන් හෝ

• අර්බුධයේ නිර්මාත්තෲන්වන ඇමතිකමක් දැරීමට කිසිම සුදුසුකමක් නැති අසාර්ථක අතීතයක් ඇති ආත්මාර්ථකාමී හොර මැර අයම විටින් විට මාරුකරමින් ඇමති මන්ඩල පත්කිරීමෙන් හෝ

•ජනාධිපතිවරයාගේ, ප්‍රධාන උපදේශක ඇතුලු කේවට්ටයින්ගේ මෙතෙක් ජනාධිපතිවරයා මනෝලෝකයකට ගෙනගොස් විනාශකරණළද උපදෙස් අනුව  තවදුරටත් ක්‍රියා කිරීමෙන් හෝ හෝ

• ඥානක්කා සහ තිරුපති දෙවියන්ගේ  උපදෙස් අනුව හෝ

• සජිත්, අනුර කුමාර වැනි බලය ලබා ගැනීම එකම අරමුණ කරගත් දවල් සිහින දකින රටේ පවතින ගැටලු වලට ඔවුන් යෝජනා කරන කිසිදු පිළියමක් ඉදිරිපත් නොකොට රජයට ගෙදර යනමෙන් හිස් සටන්පාඨ පමණක් කියමින් ඔවුන් කියන පරිදි පාර්ලිමෙන්තුව විසුරුවාහැර මැතිවරණයක් පැවැත්වීමෙන් හෝපවතින අර්බුධ කිසිසේත්ම විසඳිය නොහැක

පාර්ලිමේත්ව විසුරුවා මැතිවරණයකට යාමෙන්ද එය විසඳිය නොහැක.

මන්ද දැනට රටතුල පවතින ආර්ථික,දේශපාලනික සහ සමාජ අසහනය අනුව විපක්ශ නායකයා සහ අනුර දිසානයක ඇතුලු ඇතම් අය කියන පරිදි මැතිවරරණයකට යාමට මේ අවස්ථාව කිසිසේත්ම සුදුසු නොවේ. එය වූ කළී කබලෙන් ලිපට වැටීමකි.

මැතිවරණයක් පවත්වා අවසාන කිරීම සඳහා අවම වශයෙන් මාස 5 ක් වත් ගතවීම, රටතුල පවතින අර්බුධකාරි තතවය නිසා සාධාරන මැතිවරණයක් පැවැත්වීමේ දුස්කරතා, මැතිවරණයකට වැයවන රුපියල් කෝටි 1500 පමණ විශාල වියදම සහ එය සොයාගැනීමේ ඇති අපහසුතාව, පවතින සමාජ අසහනය යටතේ පාක්ශිකයින් අතර මැතිවරණයකදි ඇතිවිය හැකි ගැටුම් නිසා විශාල ගණනක් මියයාමට වුවද ඇති ඉඩකඩ, මැති වරණයක් තිබ්බද කිසිම පක්ශයකට රජයක් පිහිටුවීමට ප්‍රමාණවත් ආසන සන්ක්යාවක් නොලැබීම නිසා අනිවාර්යෙන්ම එකිනෙකට පරස්පර අදහස් හා අරමුණු ඇති පිරිස් සමන්න්ඝ හවුල් ආණ්ඩුවකට යාමට සිදුවීම නිසා බලලෝභී, ආත්මාර්ථකාමි දේශපාලකයින් ඕනෑම පාවාදිමක් කොට ආණ්ඩුවක් පිහිටුවනු ඇත.එසේ වූ විට බෙදුම්වාදීන් සහ ජාතිවාදීන් අතට පාලන බලය නැවතත් යාම නිසා සින්හල බෞද්ධයින්ගේ අයිතිවාසිකම් තවත් අහිමිවීම සහ පක්ශ දේශපාලනය නමැති මළපුඩුවේ මේ රට තව තවත් හිරවී ඉන් මිදීමට ඇතී ඉඩකඩ මුළුමනින්ම ඇහිරීයාම  ආදී හේතු මැතිවරණයකට විරුද්ධව ඉදිරිපත් කළ හැක. එබැවින් බල ලෝභයෙන් උමතුවි ගිනිගෙන දැවෙන අනුන්ගේ රැවුලෙන් තම සුරුට්ටුව පත්තුකර ගැනීමට දඟලන බඩගෝස්තරවාදි බලලෝබී දේශපාලකයින් හැර සිහි මොලේ ඇති කිසිවෙකු මේ අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීමට එකඟ නොවනු ඇත.

මේ අර්බුධයෙන් රට ගොඩ ගැනීමේ ඒකායන ක්‍රමය

එමනිසා වර්තමාන  අර්භුධය විසඳීමට ඇති  අවස්ථාවෝචිත හා සුදුසු එකම  ක්‍රමය මහජන මතයට කන්දී  ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වහාම ඉල්ලා අස්වී පවතින පාර්ලිමෙන්තුවට විවස්ථාවෙ 40 වන වගන්තිය අනුව නව ජනාධිපතිවරයෙකු පත්කොට ගැනීමට ඉඩ සලසා පාර්ලිමෙන්තුවේ සිටින සියලුම දේශපාලන පක්ශවල නායකයින්ගෙන් සහ ඉන් පිටතින් නව ජනාධිපතිවරයා විසින් තෝරාගණු ලබන දේශපාලනය, ආර්ථිකවිද්යාව, මේ රටේ කෘශිකර්මාන්තය,කර්මාන්ත, මූල්ය, විදේශප්‍රතිපත්ති, පරිපාලනය, වෙළඳ හා වානිජ කටයුතු,  සෞක්ය වැනි ශේස්ත්‍ර පිළිබඳ විසේසඥ දැනුමක් සාහ් ප්‍රායෝගික දැණුමක් ඇති දේශප්‍රේමී බුද්ධිමතුන් කීපදෙනකුගෙන් සමන්විත විධායක බලතල සහිත 17 දෙනකුගේ පමණ අන්තර්කාලීන කුඩා ඇමති මන්ඩලයකින් රට පාලනය කරන රජයකින් පමණි. (වර්තමාන ඇමති මන්ඩලයේ මෙන් මෙම නව ඇමති මන්ඩලයේ, මැටි  ඇමති, මිරිස් ඇමති, රතුලූණු ඇමති,වේවැල් ඇමති,පිත්තල ඇමති, එලවුළු ඇමති,පලතුරු ඇමතී, බතික් හා මැටි  ඇමති, හා බුලත් සහ හුණු ඇමති  වැනි විකාර උප ඇමති හා රාජ්ය ඇමති තවාන්ද නොමැත)

නව ඇමතිමන්ඩලය  ජනතා අපේක්ශාවන්ට අනුකූලව සකස්කෙරුණු ජාතික ප්‍රත්හිපත්ති මාලාවක්  ක්‍රියාත්ම්ක කිරීමටද  එකඟ විය යුතුය. (කෙටුම්පතක් පහතින් දක්වා ඇත) ඊට එකඟ  නොවන කිසිවෙක් එම ඇමති මන්ඩලයේ සිටීමට සුදුසුකම් නොලබයි. තවද 2025 මැතිවරණය දක්වා එම ඇමති මන්ඩලය පැවතිය යුතු බවද මම යෝජනා කරමි.

පාර්ලිමේන්තුවේ සිටින සෙසු මන්ත්‍රිවරුන් සියලු දෙනාම අමාත්යාන්ශ 17 ට අදාල  කමිටු 17 කට බෙදා එකී අමාත්යාශ වල කටයුතු අධීක්ශනය කළ යුතුයයිද තවදුරටත් මම යෝජනා කරමි.

දැන් අපි නිසැකවම අරාජකවූ රටක්

මේ රජයේ අවිධිමත්, අදූරදර්ශී හා අක්‍රමවත් රාජ්ය පරිපාලනය සහ අක්‍රමවත් මුදල් පාලනය නිසා මේ වනවිටත් රට අරාජක වී බන්කොලොත් වී හමාර බව ලන්කා වාසී  ජනතාව මෙන්ම  මුළු ලෝකයම දැන් පිළිගෙන හමාරය. යමෙක් එය නැතැයි කියනවානම්, එය තම පස්චාත් භාගය හෙළුවෙන් බව නොදැන අහන්කාරයෙන් සහ මුග්ධභාවයෙන් මත්වී සෙබඩ ඉදිරියේ ප්‍රේමාන්විත රන්ගනයක යෙදෙන මොණරෙකුගේ නැටුමක් වැනියයි කිව යුතුය.

ඕනෑම රජයක මූලික වගකීම් තුනක් ඇත

ඕනෑම රජයක මූලික වගකීම් වශයෙන් කෞටිල්ය විසින් ප්‍රකාශිත රක්ඛ (රටේ ආරක්ශාව) පාලන (පාලනය) සහ යෝගක්ශේම(ජනතාවගේ සුභසෙත  සැළසීම) යන  පරමාර්ථ තුනම ඉටුකිරීමට මේ රජය දැන් සාකළ්යෙන්ම අපොහොසත් වී ඇත.

ඒ අතර

අද මුළු රටම ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතුයයි අරගල කරයි.

ඒ සමන්ගම දැනට සිටින අග්‍රාමාත්ය වරයාද ඉල්ලා අස්විය යුතුයයිද ඔවුහු කියත්. ඒ දෙකෙන් කුමක් සිදුවුවත් සියලුම ඇමතිවරුන්ගේ තනතුරුද ඒ සමඟම අහෝසිවේ  එවිට රට අරාජික වෙයි, මේ  වූ කළී අති භයානක තත්වයකි.

එසේ වුවහොත් රට අරාජකවීම වලක්වා ගැනීම සහ රටතුල අඛණ්ඩ පාලනය පවත්වාගෙන යාම සඳහා පාර්ලිමේන්තුව වහාම රැස්වී දැනට රාජ්ය සභාවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් මේ රටේ ජනාධිපති තනතුර දැරීමට වඩාම සුදුසු පුද්ගලයා, ආණ්ඩුකරම විවස්තාවේ 40 වන වගන්තිය අනුව, ජනාධිපතිවරයා වශයෙන් පත්කොට ගතයුතුය. එවිට ඔහුට දැනට සිටින ජනාධිපතිවරයාගේ ධුරයේ ඉතිරි කාලය ජනාධිපති වශයෙන් කටයුතු කළ හැක.

එසේ පත්වන නව ජනාධිපති වරයා රට අරාජික වීම වැළැක්වීම සහ රාජ්ය යාන්ත්‍රණය ස්ථාපිතකොට රටේ පාලනය සහ ජන්තා සේවාවන් අඛන්ඩව පවත්වාගෙන යාම සඳහා ප්‍රථමයෙන්ම අමාත්ය මණ්ඩළයක් පත්කරගත යුතුය.ඒ සඳහා පවතින තත්වය යටතේ වඩාත්ම සුදුසු ක්‍රමයනම් රට පිලිගත් ජාතික වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරිමට එකඟ වන සර්ව පාක්ශික අන්තර්කාලින අමාත්ය මණ්ඩලයක් පත්කර ගැනීමය.

එබැවින් ඉහත සඳහන් පරිදි ජනාධ්හිපතිවරයා සහ අගමැතිවරයා යන දෙ දෙනාම ඉල්ලා අස්වුවහොත්

ප්‍රථමයෙන්ම,

රට අරාජකවීම වලක්වා ගැනීම සහ රටතුල අඛණ්ඩ පාලනය පවත්වාගෙන යාම සඳහා පාර්ලිමේන්තුව වහාම රැස්වී දැනට රාජ්ය සභාවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් මේ රටේ ජනාධිපති තනතුර දැරීමට වඩාම සුදුසු මහජන නියෝජිතයා, ආණ්ඩුකරම විවස්තාවේ 40 වන වගන්තිය අනුව ජනාධිපතිවරයා වශයෙන් පත්කොට ගතයුතුය.

ඒ සමඟම හදිසි විවස්තා සන්සෝධන

1) දැනට පවතින විවස්ථාවෙන් ජනාධිපතිවරයා සතු විධායක බලතල අග්‍රාමාත්ය වරයා ඇතුලු අමාත්ය මන්ඩලයට පවරාගැනීම

2)      පාර්ලිමේන්තු මන්ත්‍රීන් නොවන, පක්ශයයකට අයත් නැති විසේසඥයින් පිටතින් ඇමති මණ්ඩලයට පත්කරගැනීමට විවස්තාවෙන් ඉඩකඩ නොමැතිනිසා පවතින ජාතික ලැයිස්ටුව අහෝසිකොට පත්කල මන්ත්‍රීන් 6 දෙනකු හෝ 7 කු පත්කර  ගැනීම සඳහා ජනාධිපතිවරයාට බලය දීම

3 ද්විත්ව පුර වැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ වෙනත් කිසිම රාජ්ය සේවා තනතුරක් දැරීම තහනම් කිරීම

යන කරුණු තුනට

 අවශ්ය විවස්ථා සන්සෝධන සම්මත කර ගත යුතුය.

අනතුරුව

නව ජනාධිපති වරයා විසින් තුන් අවුරුදු කාලසීමාවකට උපරිම වශයෙන් 17 දෙනකුට නොවැඩි අන්තර්කාලීන සර්වපාක්ශික අමාත්ය මණ්ඩලයක් පත්කළ යුතුය. (මෙම ඇමති මන්ඩලයේ නියෝජ්ය ඇමතිවරුන් නොසිටිය යුතුය )

නව අමාත්ය මණ්ඩලය පහත සඳන් පරිදි විය යුතුයයි මම යෝජනා කරමි.

 යෝජිත අමාත්ය මණ්ඩලය

ජනාධිපති; අමාත්ය මණ්ඩලයේ ප්‍රධානියා, ආණ්ඩුවේ ප්‍රධානියා සහ සන්නද්ධ සේවාවන්හි ප්‍රධානියා

1අග්‍රාමාත්ය, රාජ්ය ආරක්ශක,  බුද්ධසාසන හා සන්ස්කෘතික කටයුතු

2 මුදල් හා රාජ්ය පරිපාලන

3 ඉඩම්, වාරිමාර්ග සහ පරිසර සන්රක්ශන

4 කෘශිකර්මාන්ත, වැවිලි කර්මාන්ත සහ කුළුබඩු

5 කර්මාන්ත, බලශක්ති හා තාක්ශන 

6 අධ්යාපන සහ ක්‍රීඩා

7 අධිකරණ, නිතිය හා සාමය

8 සෞක්ය, ආයුර්වේද සහ සමාජසේවා

9 නිවාස, පලාත්පාලන හා ජලසම්පාදන

10 වෙලඳ හා නාවික 

11 විදේස සහ ජාත්යන්තර කටයුතු

 12 ධීවර සහ සමුද්‍ර සම්පත් –

13 කම්කරු හා රැකිරක්ශා –

 14 ගමනාගමන, මහාමාර්ග හා ගුවන්සේවා 

 15 ප්‍රවුර්ති, ගුවන්විදුලි, රූපවාහිනී සහ ජනමාධ්ය

16`උඩරට ගැමි පුනරුත්ථාපන සහ කන්ද උඩරට (ජාතියේ හදබිම ) සන් රක්ශනය 

17 ස්වදේශ කටයුතු, ග්‍රාම සන්වර්ධන හා රජයේ වැඩ

මා ඉහතින් සඳහන් කරණලද නව අන්තර්කාලීන ඇමතිමණ්ඩලය විසින් ක්‍රියාත්මක කළයුතු යෝජිත  ජාතික ප්‍රතිපත්හ්ති මාලාවේ කෙටුම් පතක්ද පහතින්  දක්වමි.

අන්තර්කාලීන  ජාතික රජයේ ප්‍රතිපත්ති

1.මේ සෑම අමාත්යාන්ශයකටම රජයන් වෙනස්වීම අනුව වෙනස් නොවන.ජාතික ප්‍රතිපත්ති මාලාවක් තිබිය යුතුය

2 ස්වාධීන අධිකරණයක් හා ස්වාධීන රාජ්ය සේවයක්.

3 රාජ්ය සේවයේ දේශීය (ශ්‍රි.ළන්.පසේ).  මෙන්ම විදේශීය සේවා ශ්‍රී.ලන්.වි.සේ තනතුරු සියල්ලටම වුර්තීය නිලධාරීන් පමණක් පත්කල යුතුය.දේශපාලකයින් සහ ඔවුන්ගේ දූ දරුවන්,   ඥාතීන් සහ හිතවතුන් පත්කිරීම වහාම අවසන්කල යුතුය මේ වනවිට පත්කොට ඇති එවැනි අය වහාම ආපසු ගෙන්විය යුතුය..

3 රාජය සන්ස්ථා සහ මන්ඩල ආදියටද එම ප්‍රතිපත්තියම අනුගමනය කළයුතුය.

4 මෙරට, පිටරට සියළුම රාජ්ය සේවා ආයතන වලට සේවක සන්ක්යාව  භාන්ඩාගාරයේ සැපයීම් සහ සේවා සන්ක්යා දෙපාර්තමේන්තුවේ නියමයන් අනුව පමණක් සිදුකල යුතුය.

5 සමස්ත රාජ්ය සේවටම බඳවා ගැනීම් කලයුත්තේ තරඟ විභාග වලින් කුසලතා අනුව පමණි.

6.රාජ්ය මුදල් වැය කිරීම කල්යුත්තේ රාජ්ය නිලධාරීන් විසින්, රාජ්ය ආයතන හරහා පමණි .දේශපාලකයින් හරහා විමධ්යගත ආදී විවිධ ක්‍රම ක්‍රම හරහා  රාජ්ය මුදල් බෙදා හැරීම සහ අවභාවිතය වහාම නතරකළ යුතුය.

7. එසේම කාර්යක්ශම, අපක්ශපාති රාජ්ය සේවයක් ගොඩනැගීම සඳහා එය ජාතික, දිසා, සහ  ප්‍රාදේශීය වශයෙන් දේශ පාලනීකරණය කිරිමද වහාම නතරකළ යුතුය.

8 සියළුම රාජය සේවකයින්ගේ පත්වීම්,මාරුකිරීම් හා උසස්කිරීම් ආදිය රාජයසේවා රෙගුලාසි අනුව පමණක් සිදුකළ යුතුය. සියලුම

9 මැති ඇමතිවරුන් වසරක කාලයක් වැටුප් නැතිව සේවය කළ යුතුය

10 1977 ජේ.ආර්/රජිව් ගිවිසුම, 13 වන විවස්ථා සන්ශෝධනය සහ පලාත් සභා අහෝසි කිරීම

11.ආණ්ඩුකාර නතුරුද අහෝසිකොට කාර්යාලද වහාම වසාදමා එම කාර්යාල වල රජයේ නිලධාරීන් දිසාපති, ප්‍රාදේශීය උපදිසාපති සහ වෙනත් එවැනි කාර්යාල වලට අනුයුක්ත කිරීම

 12 ජනාධිපති, අග්‍රාමාත්ය, අගවිනිසුරු අමාත්ය මන්ඩල ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිට හැර වෙනත් කිසිම රාජ්ය නිලධාරියෙකුට නිල රථ නොදිම

13 තම රාජකාරියට වාහන අවස්ය සියලුම රාජ්ය නිලධාරින්ට එක් එක්  මට්ටමේ ශේස්ත්‍ර රාජකාරි සඳහා ඒ ඒ මට්ටමේ අමාත්යාන්ශ, දෙපාර්තමේන්තු සහ උප කාර්යාලවල වාහන සන්චිතයක් බැගින් පවත්වා ගත යුතුය.

14 තම රාජකාරි කටයුතු සන්දහා වාහනයක් අවස්ය නිලධාරින්ට කලින් පැවති ක්‍රමයට  වාහන ගැනීම සඳහා ණය මුදලක් දීම.

15 දේශපාලකයින්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය සහ සියලු අමතර වරප්‍රසාද අහෝසි කිරීම. එසේම ඔනුට  හෝ ඔවුන්ගේ ඥාතීන්ට රජයේ කොත්‍රාක්, මත්පැන්, වැලි, දැව බලපත්තර ආදිය දීම තහනම් කළයු තුය.

16 දේශපාලනය මහජන සේවයක් මිස දැනට කෙරෙන පරිදි රක්ශාවක් හෝ වියාපාරයක් හා ජාවාරමක්කොට නොගත යුතුය.

17 බලයේ සිටින එමෙන්ම දැනට බලයේ නැති ආණ්ඩුකාරවරුන් මැති ඇමතිවරුන් වැනි කිසිකෙනෙකුට ප්‍රභූ ආරක්ශාව නොසැපයිය යුතුය. එසේම ඔවුන්ගේ නිල රථ,හා නිල නිවාසද වහාම රජයට භාර දිය යුතුය.

18 මේ රටේ එක ජාතියක්, එක නීතියක් යන රාජ්ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම

 19 මේ රටේ ජාතිය ස්‍රී ලාන්කික  අනන්යතාව සින්හල බෞත්ධ.

අභයන්තර රාජයපාලනය

20 සුද්දා මේ රට හා ජාතිය විනාශකිරීමට ඇටවූ  මර උගුලක් වන දේශ පාලන පක්ශ ක්‍රමය සහ පලාත් ක්‍රමයද  අහෝසි කිරීම සහ ඒ වෙනුවට දේශපාලන පක්ශ නැති ස්වදෙශීය සන්ස්කෘතිය පදනම් කරගත් දිසා රාජ්ය පාලන ක්‍රමයක් ඇතිකිරීම.

21 රටේ අභයන්තර පාලනය දිසාපති, ප්‍රාදේසිය උප දිසාපති, කෝරාල සහ ගම්පති වරුන් යටතේ නැවතත් ක්‍රියාත්මක් කිරීම

22 සෑම ග්‍රාම සේවා කොට්ථශයකටම ග්‍රාමීය සේවා මද්ධියස්ථානයක්. ගම් මට්ටමේ සියලුම රාජ්ය නිලධාරින් එම කර්යාලයේ එකම වහලක් යටතට.

විවිධ

23 සෑම අන්තර් ජාතික ගිවිසුමකටම ජාතික රාජ්ය සභාවේ අනුමතිය අනිවාර්ය කිරීම

24 ආර්ථික සන්වර්ධනයට අදාල සන්වර්ධන කටයුතුවලට හැර වෙනත් කිසිම කෙනෙකුට  තීරුබදු රහිත  වාහන ආදිය ලබා නොදීම

25 රටේ විදේශ මුදල් සන්චිතය වැඩිකර ගැනීම සඳහා මහ බැන්කුවේ ජාතික සන්වර්ධන අරමුදලක් ආරම්භකොට විදෙස්වල සිටින සියලුදෙනාටම මාසිකව එම අරමුදලට තමන්ට හැකි මුදලක් එවනමෙන් ඇරයුම් කිරීම සහ එම ගිණුම් අයිතිකරුවන්ට ඒ සඳහා විසේශ පොලියක් ගෙවිම සහ වෙනත් වරප්‍රසාද ලබා දිම

26 1977 සිට මේ රටී දේශපාලනය කල සියලු දෙනාගේම වත්කම් සොයා බලා වැරදි අන්දමින් උපයාගත් සෑම සතයක්ම (මෙරට පිට රට   ඇති) සහ දේපල සහ මුදල් අපචාර  පිළිබඳ වරද කරුවන්ට දැඩි දඬුවම්. දේපල රාජ සන්තක කිරීම සහ ප්‍රජා අයිතිය අහෝසිකිරීම ඇතුලු. එසේම මේ රටේ පුරවැසියන් රොහල්වල බෙහෙත් නැතිව  මිය යද්දී වයිද්ය ප්‍රතිකාර සඳහා දේශපාලකයින් ඇමරිකාව, සින්ගප්පූරුව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවලට රජයේ වියදමින් ගොස් ලක්ශ ගණනින් වැය කළ මහජන මුදල් ආපසු රජයට ලබාගැනීම

27 දේශපාලකයින් විසින් පිටරට බැන්කුවල තැන්පත්කොට ඇති මුදල් මේ රටට ගෙන්වා රාජසන්තක කිරීම.

28 සියලුම රජයන් විසින් රටට අහිතකර අන්දමින් එලම්බ ඇති සියළුම ජාත්යන්තර ගිව්සුම් අදාල පාර්ශව ස මඟ සාකච්චාකර අහෝසි කිරීම හෝ කොන්දේශි රටට හිතකර අඳමින් සන්සෝධනය කිරීම

 29 මේ රටේ ඉන්ධන ටිකවත් බෙදාගන්ට බැරිව දැනට ඉන්දියාව සතුකොට ඇති රන් බිජු දාන කිකිළියක් වැනි,ඉන්ධන බෙදාහැරීම  වහාම ලන්කා පෙට් සන්ස්ථාවට ආපසු භාර දීම

30 මේ රටේ කිසිම ජාතික සම්පතක් පිටරටකට විකිනීම මින්මතුවට තහනම් කිරීම.

31 මිනීමරුම්, ලමා අපචාර, මත්ද්‍රව්ය පිළිබඳ සහ දේශද්‍රෝහි සියලුම අපරාධ, වලට මරණ දඬුවම දිම වහාම ආරම්භ කිරිම.

32 මේ රටේ ජාතික අධ්යාපනයට විශාල හානියක් සිදුකර ඇති එසේම දැනටත් සිදු කරණ, ජනතාව සූරාකන, මනසින් විජාතික අනාගත පරම්පරාවක් බිහිකරන රට පුරා පිහිටුවා ඇති ඊනියා ජාත්යන්තර පාසැල් වසන්ගතය වහාම  අහෝසි කිරීම.

33 දැනට ඇති පරිදි 100 ඉක්මවන වාර්ශික රාජ්ය නිවාඩුදින ගණන ජාත්යන්ත්‍ර සාමාන්ය ගණනවන 12 හෝ ඊට ආසන්න ගණනකට අඩු කිරීම

ඒ යටතේ

1සින්හල අලුත් අවුරුදු නිවාඩු               2,

2ජනරජ දිනය මැයි 22 :                        1

3 වෙසක්පෝය                                      2

4ජාතික වීර දිනය  (මැඉ 9)                   1 

5 පොසොන් පෝය (ජාතික දිනය)       1  බුද්ධාගම ලක්දිවට ගෙන ආ දිනය

6 ජාතික ගොවි කම්කරු දිනය  මැයි     1                 

7 ජාතික වීර දිනය                                 1

8  ජාතික පරිසර දිනය                           1

7 ජාතික ළමා  දිනය                              1                  

8 ජාතික මව් වරුන්ගේ  දිනය               1

9 ජාතික වැඩිහිටි  දිනය                        12

සෙසු සියළු පෝය දින සහ ඒ ඒ ආගම්වලට අදාල ආගමික දින අදාල ආගම් අදහන අයට පමණක් සීමා කිරීම. (මේ තුලින් ලෝකයේ වැඩිම රජයේ නිවාඩු දින ගණන ඇති අපගේ රටේ, දැනට වසරකට අහිමිවන මිනිස්දින කෝටිගණනක් රටේ සන්වර්ධනයට යොදාගැනීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙණු ඇත  

34 රාජද්‍රෝහී, දෙශද්‍රෝ හී අපරාධ, මත්ද්‍රව්ය පිලිබද   අපරාධ, සාපරාදී මිනිමැරුම්, ආගමික සිද්ධස්ථාන වලට සිදුකෙරෙන අපරාධ ආදීයට මරණ දඬුවම දීම

මැතිවරණ ක්‍රමය

35 ප්‍රජාතන්ත්‍රවාදය බේරාගැනීමට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම.

දැනට පවතින  දිස්ත්‍රික් මන්ත්‍රී ක්‍රමය,අනුපාත ක්‍රමය, බහු ආසන ක්‍රමය,  මනාප ක්‍රමය අහෝසි කිරීම සහ පැරනි ආසන ක්‍රමයට යාම. පක්ශයේ නායකයා විසින් අපේක්ශකයින් තෝරන ක්‍රමය වෙනස්කොට  පැරනි මැතිවරණ කොට්ඨාශශ ක්‍රමයට යාම සහ අදාල මැතිවරණ කොට්ථාශයේ ජනතාව විසින් තම අපේක්ශකයා තෝරා ගන්නා ක්‍රමයක් හඳුන්වා දීම..

 එසේම තම අපේක්ශකයා තෝරාගැනීමේ බලය ආශනයේ ජනතාවටට දිය යුතුය.අපේක්ශකයෙකු වීම සඳහා අවම අධ්යාපන, වත්කම්, චරිත සහ ප්‍රජා සේවයට ඇති පළපුරුත්ත මෙන්ම ආසනයේ වසර 5ක අවම පදින්චිය  හෝ එම ආසනය තුල උපන් අයකු වීම අනිවාර්ය කළ යුතුය තවද කිසියම් නියෝජිතයකු තම වගකීම් නිසියාකාරව ඉටු නොකරන්නේ නම් ඔහු ඉවත් කිරීමට අදාල චන්ද කොට්ඨාශයේ චන්ද දායකයින්ට බලය දිය යුතුය. 

36 ක්‍රි.පූ.427 සිට මේ රටේ තිබුණු තුන් සින්හලේනැවත පිහිටුවීම

37 1815උඩරට ගිවිසුම අත්සන්කරනවිට තිබුණු සින්හ කොඩිය නැවතත් මේ රටේ ජාතික කොඩිය වශයෙන් පිළිගැනීම.

38මු ලු රටටම එක ජාතික ගීයක් සින්හලෙන් පම්ණක් ගැයීම

39 රටපුරා අධිරාජ්යවාධී නස්ඨාවශේෂ වශයෙන් දක්නට ලැබෙන සියළුම පුද්ගල නාම,  ස්ථාන, මන්මාවත්, චතුරස්සර නාම සින්හලෙන් ලිවීම සහ සජිත් ප්‍රේමදාස විසින් උදාගම් වැඩසටහන යටතේ රට පුරා නව ගම්මානවලට තබා ඇති අරාබි සහ ඉන්දීය නම් වෙනුවට, ඒවා මුල්බැසගැනීමට පෙර වහාම සින්හල නම් ආදේශකිරීම

40.සමස්තලන්කාවාසීන් මෙන්ම මුලු ලොවම ලන්කා රාජ්ය සින්හල බෞද්ධ රටක් වශයෙන් පිලිගැනීම

41 සියළුම ජනවර්ග, භාශා, ආගම් සහ ප්‍රාදේසීය නම්වලින් ඇති සියලුම දේශපාලන පක්ශ තහනම් කිරීම . 

42 1505  -1848 දක්වා වසර 443ක් තිස්සේ මේ රටත් සින්හල ජාතියත් පෘතුගීසි, ඕලන්ද සහ ඉන්ග්‍රීසි යන ප්‍රබල අධිරාජ්යවාදි ආක්‍රමනිකයින්ගෙන් ආරක්ශාකරගත් කන්ද උඩරට  වීර සින්හලයින් වෙනුවෙන් ද එසේම 1815 සිට 1948 දක්වා සටන් වලදී 100-1000 ගණන් මරා ඔවුන්ගේ  ඉඩකඩම් සියල්ල බලහත්කාරයෙන් අල්ලාගෙන ,තම ගම්දනවු වලින් පන්නා දමා ඔවුන් සතු සියළු දෙයම අහිමිකොට නැවත ඔවුන්ගෙන් කොල්ලකාගත් ඉඩම්වල ඉන්දීය වතුකම්කරුවන් ලක්ශ ගනනින් පදින්චිකොට ඔවුන්ගේ ඉඩම්ද අහිමිකොට තම උපන්බිමේම අනාථයින් බවට පත්කොට සදාකාලිකවම දරිද්‍රබවේ පතුලටම දමා ඔවුන්ට ඉන්ග්‍රීසීන් විසින්  සිදුකරණ ලද අසාධාරනකම් වලට ද, 1948 සිට මේ දක්වාම කිසිදු රජයකින් යුක්තිය හා සාධාරණය ඉටුකොට නැත. එදා ඒ උඩරැටියන් නොසිටියේනම් අද සින්හල කියා ජාතියක් හෝ රටක් අපට  නැත.

එමනිසා ඒ වීර මුතුන්මිත්තන්ගෙන් පැවත එන උඩරට සින්හලයින්ට දැන්වත් ඔවුන්ගේ අහිමිවූ ඒ අසාධාරනයන්ට සාධාරනය ඉටුකළ යුතුය.

මේ සඳහා අලුතෙන් පිහිටුවීමට යෝජිත උඩරට ගැමි සන්වර්ධන හා කඳුරට (හදබිම ) සන්රක්ශන අමාත්යාන්ශය යටතේ විශේශ ජාතික වැඩ පිලිවෙලක් සකස්කළ යුතුය.

එහි මූලික අන්ග වශයෙන්

1 මු.ම. අඩි 5000 ට ඉහල සම්ස්ස්ත භූමියම ( සින්හල රජකාලේ මෙන්) දැඩි සන් රක්ශිත හා ආරක්ශිත ඉකලාපයක් වශයෙන්ප්‍රකාශ කිරීම (මෙම කොටසේ සියලුම වර්ගයේ ජනාවාස තහනම්කළයුතුය.මෙම කොටසට අවශ්ය කම්කරුවන් ඊට බහැරින් ගෙන ආ යුතුය ).

2 අඩි 3500-5000 දක්වා විශාල පරිමාණයේ තේ වතු පමණි. ඒ තුලද තේ කර්මාන්ත ශාලා, සහ ඒවා පාලනය කිරීමට අත්යාවශය ගොඩනැගිලි හැර වෙනත් කිසිම ජනාවාශයක් නොසෑදිය යුතුය.

3 අඩි1000 -3500 අතර කොටසේ මිශ්‍ර වගා සහිත  අක් 2 ½ ගොවිපවුල් පදින්චිකිරීමේ ව්යාපාරයක් ආරම්භ කළයුතුය.(මේ කොටසෙන් 3500-5000 අතර කොටසට අවශ්ය කම්කරුවන් සැපයිය හැක )

මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිමෙන් කඳුරට වන සම්පත් ආරක්ශාවී භූ  ස්ථාවරත්වයද රැකෙන අතර  ජල පෝශක ප්‍රදේශ ආරක්ශා වීම මෙන්ම පාන්ශු සන් රක්ශනය වීම, තේ වගාව ආරක්ශා වීම, ජනතාවගේ ඉඩම් ප්‍රස්නය විසඳීම මෙන්ම වතු දෙමල ප්‍රස්නයද විසඳෙනු ඇත.

.

43.පාර්ලිමෙන්තුවේ දැනට සිටින ජාතිලැයිස්තු මන්ත්‍රී 29 අහෝසිකොට  ඉතිරි 196,  1977 ට පෙර තිබුණු 165 දක්වා අඩුකළ යුතුය.

44.මේ රටේ ආර්ථිකයේ කෘශි කර්මාතයට සහ පශුස්ම්පත් සන්වර්ධනයට  මුල්තැන් දිය යුතුය.

45 ඒ සමඟම  කෘශි කර්මාන්තයේ සියලුම අන්ශවලට නැවතත් රසායනික පොහොර ලබාදි රටේ ආහාර ස්වයන්පෝශිත භාව්ය සහ සුරක්ශිත භාවය ආරක්ශාකොට කෘශි භෝග අපනයනය වැඩිකර ගැනීමට වහාම පියවර ගත යුතුය.

46 බුඩ්ධාගම් රාජ්ය ආගම කිරීම සහ අනෙකුත් සියලුම ආගම් ඇදහීමේ අයිතිය පමණක් තහවුරු කිරීම.

මේ සඳහා අලුතෙන් පිහිටුවීමට යෝජිත උඩරට ගැමි සන්වර්ධන හා කඳුරට (හදබිම ) සන්රක්ශන අමාත්යාන්ශය යටතේ විශේශ ජාතික වැඩ පිලිවෙලක් සකස්කළ යුතුය.

එහි මූලික අන්ග වශයෙන්

1 මු.ම. අඩි 5000 ට ඉහල සම්ස්ස්ත භූමියම ( සින්හල රජකාලේ මෙන්) දැඩි සන් රක්ශිත හා ආරක්ශිත ඉකලාපයක් වශයෙන්ප්‍රකාශ කිරීම (මෙම කොටසේ සියලුම වර්ගයේ ජනාවාස තහනම්කළයුතුයා.මෙම කොටසට අවශ්ය කම්කරුවන් ඊටබහැරින් ගෙන ආ යුතුය ).

2 අඩි 3500-5000 දක්වා විශාල පරිමාණයේ තේ වතු පමණි. ඒ තුලද තේ කර්මාන්ත ශාලා, සහ ඒවා පාලනය කිරීමට අත්යාවශය ගොඩනැගිලි හැර වෙනත් කිසිම ජනාවාශයක් නොසෑදිය යුතුය.

3 අඩි1000 -3500 අතර කොටසේ මිශ්‍ර වගා සහිත  අක් 2 ½ ගොවිපවුල් පදින්චිකිරීමේ ව්යාපාරයක් ආරම්භ කළයුතුය.(මේ කොටසෙන් 3500-5000 අතර කොටසට අවශ්ය කම්කරුවන් සැපයිය හැක )

මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිමෙන් කඳුරට වන සම්පත් ආරක්ශාවී භූ  ස්ථාවරත්වයද රැකෙන අතර  ජල පෝශක ප්‍රදේශ ආරක්ශා වීම මෙන්ම පාන්ශු සන් රක්ශනය වීම, තේ වගාව ආරක්ශා වීම, ජනතාවගේ ඉඩම් ප්‍රස්නය විසඳීම මෙන්ම වතු දෙමල ප්‍රස්නයද විසඳෙනු ඇත.

(ශ්‍රී ලන්කා පරිපාලන සේවයේ, ප්‍රාදේශීය ආදායම් නිළධාරි, අතිරේක දිසාපති,දෙපාර්තමෙන්තු ප්‍රධානි,සන්ස්ථා ප්‍රධානි, විවිධ අමාත්යාnශ ලේකම් වරයෙකු, වෘතීය සන්ගම් ප්‍රධානියෙකු සහ විශ්ව විද්යාල කතිකාචාර්ය වරයකු වශයෙන් වසර 40 ක් පමණ කාලයක් තුල මා ලැබූ අත්දැකීම් වලට අමතරව සමාජයේ විවිධ තරාතිරමේ ගිහි පැවිදි පැතිකඩක් සමඟ සාකච්චා කිරිමෙන් ලබාගත් තොරතුරු සහ ජපානය,තායිලන්තය.ඉන්දියාව, එන්ගලන්තය සහ ඇමෙරිකාව වැනි රටවල සන්චාරයකිරීමෙන් ලබනලද අත්දැකීම්ද මෙම ලිපිය සකස්කිරීමට උපකාරවිය)  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress