යල කන්නයේ පොහොර අවශ්‍යතාවය කඩිනමින් ඉන්දියාවෙන් සැපයෙන තීරණයක්
Posted on May 12th, 2022

High Commissioner of Sri Lanka in New Delhi

යල කන්නයේ පොහොර අවශ්‍යතාවය කඩිනමින් ඉන්දියාවෙන් සැපයෙන තීරණයක්
ඉදිරි යල වගා කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යූරියා සැපයීම පිළිබඳව සාකච්ඡා කර තීරණ ගැනීම සඳහා නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා අද (12) ඉන්දියාවේ ජාතික පොහොර දෙපාර්තමේන්තුවේ ලේකම් රාෙජ්ෂ් කුමාර් චතුර්වේදි මහතා හමුවිය.

මෙම කන්නයේ වී සඳහා යූරියා මෙටි්‍රක් ටොන් 65,000ක් අවශ්‍ය වනු ඇති අතර දෙරට අතර දැනට පවතින ඇ.ඩො. බිලියනයක ණය පහසුකම යටතේ වහාම ශ්‍රී ලංකාවට පොහොර සැපයීමට ඉන්දීය රජය තීරණය කර ඇත. එයට අදාල ඉදිරි සැපයුම් සම්බන්ධව මෙම හමුව සිදුවිය. ඉන්දියාවෙන් යූරියා අපනයනය තහනම් කර ඇති අතර එරට අවශ්‍යතා ස`දහා පාලනය කර ඇති තීරණය තාවකාලිකව ඉවත් කරන්නට ඉන්දිය බලදාරීහු මෙහි දී එක`ගත්වය පළ කර ඇැත.  

කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී ගෝපාල් බග්ලේ මහතා සමග සාකච්ඡා කර යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් ශ්‍රී ංකාවට සැපයීමට අවශ්‍ය අනුමැතිය සහ ප්‍රවාහන පහසුකම් සැලසීම සම්බන්ධයෙන් මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ පොහොර දෙපාර්තමේන්තුවේ ලේකම් චතුර්වේදි මහතාට මෙම හමුවේ දී ස්තුතිය පුද කළේය. ඊට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී චතුර්වේදි පැවසුවේ, ඉන්දියාවේ ‘අසල්වැසියාට ප්‍රථම ‘ ප්‍රතිපත්තියට අනුකූලව ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට තම දෙපාර්තමේන්තුව සැමවිටම සූදානම් බවත්, අවශ්‍ය යූරියා ප්‍රමාණය ශ්‍රී ලංකාව ආසන්නයේ පිහිටි ඉන්දියාවේ වරායක සිට නැව්ගත කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවත්ය. දැනට පවතින ණය මාර්ගය යටතේ සහ ඉන් ඔබ්බට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට රසායනික පොහොර අඛණ්ඩව සැපයීම සහතික කිරීමේ සැලැස්මක් ද මහ කොමසාරිස්වරයා සහ ලේකම්වරයා සාකච්ඡා කළහ. මහ කොමසාරිස් මොරගොඩ, නියෝජ්‍ය මහ කොමසාරිස් නිලූක කදුරුගමුව, අමාත්‍ය උපුල් පුෂ්පකුමාර සහ අමාත්‍ය උපදේශක ගාමිණී සරත් ගොඩකන්ද යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress