ජූලි චං අන්ර චූන්
Posted on May 16th, 2022

ජයන්ත හේරත්

යකා පේන තරම් කළු නැතය කියූ

බෝං-අගේන් අන්ර,

ජූලි චං

බැහැ දකින්නට ගියේය.

පස්ස දොරෙන් ඇතුළු වී

ඉස්සරහ දොරෙන් මතු විය.

දැන් දැන්

අවවාද අනුශාසනා

ලැබෙන්නේ

ඇමරිකන් එම්බසියෙන්ය.

උතුරු කොරියාවෙන්

කිම් ඉල සුං නොවේය.

වෙනස මරුය.

කියුබාව දෙස බලන්නට

අන්ර ජූලි චංට 

කිව්වද දන්නෙත් නැත.

කියුබාව පරෙස්සම් වෙන්න ඕන දැන් ය.

අන්රගෙ ස්ලෙව්ස්ලා 

එක්ස්ට්ර්ම්ලි කේපබල්ය,

දේපල වතු පිටි වාහන

පේන්නට බැරිය.

ශුන්‍ය ය.

පෙට්රොල්, භූමිතෙල් නැතත්

ගිණි තබන්නේය.

මිනිස් බිලි ගැන 

අමුතුවෙන් කිව යුතු නැත.

ශුන්‍ය ය.

ඇහේ කැටරැක්ට්ද දන්නෙත් නැත

පරික්ෂා කර ගෙන

ඔපරේෂන් කර

ඇස් පෙනෙන්නට

පටන් ගන්නා විට

බොහෝ ප්රමාදය,

අශ්වයා පැන ගොසින්ය. 

ජිල්

ජැක් නැතුව

ඔලේනා දකින්නට

කියැව් ගියාය

මදර්ස් ඩේ 

සර්ප්රය්ස්ය.

ඒවා එන්නත්ය,

පපටෙරියන් කාර්ය

වඩාත් පහසු කරන්නට රෙකමන්ඩ් කර ඇත.

එන්නත විතරක් මදිය

බූස්ටර ද දිය යුතුය.

ජිල් හා ඔලේනාට

නැළවිලි ගීයක් කියා

යුක්රේන් කාලුශ්

2022 යුරෝවිෂන් සෝන්ග් කන්ටෙස්ට් විනර් වුනේය.

ලංකාවට කෙලවෙන්න

ඔන්න මෙන්න තියා

ඉන්දියාව

යොහානි මැණිකේ උස්සා තැබීය.

ඉන්දියාවේ හිතේ ලංකාවය.

අඩු තරමේ මැණිකේ

බච්චන්ගේ හිතේවත් නැත.

එන්නතක්ය.

හිරාන්ට

බෙස්ට් ඩ්රාමා ඇට්ටර් කම

එංගෙලන්ත ඔලිවියර් අවොර්ඩ් එක හරහා ලැබුනේ

ගෝල්පීසේ සාම-ආරගලිස්ට්-බජව්ව යන අතරතුරේය.

බූස්ටර්ය.

සුබුද්දිට

බෙස්ට් ඇට්ටර්ස් කම

හම්බ විය,

ඒ වේදිකා ඒකාංගික නාට්ය ලෝක තරඟවලියකදීය.

බූස්ටර්

පිට පිටය.

ජාත්යන්තර සම්මාන

සංවර්ධනය වෙමින් පවතින රටවල

ඩ්රීම්ස් ය,

ගිගා ඩ්රීම් ප්රයිස් ය.

විශේෂයෙන් ලංකාවැස්සන්ට

ඊට වඩා ඩ්රීම් එකක් නැත.

ලංකාවේ විදේශ නය

ඇමෙරිකන් ඩොලර් බිලියන් 51ක්ය.

මුළු ජනගහනය මිලියන් 20

අතරේ බෙදුවත්

එකෙක් ඩොලර් 2500ක් විතර ණය ය,

මහ ලොකු ගානක් නොවේය.

පහුගියදා

crypto වාශ්ප විය,

ඩොලර් ට්රිලියන් එකක්ය

බිලියන් නම් 1000ක්ය.

ශුන්‍ය 12 ශුන්‍ය විය.

ඉලක්කං මැජික්ය.

සංවර්ධිත රටවල් එය

හොඳාකාරවම දනීය,

සංවර්ධනය වෙන රටවල

මොරාල් එක උස්සන්නට

බූස්ටර් දෙන්නේය,

තවත් සම්මාන මඟ එන්නේය.

මරුය!

Nancy Pelosi

ඇමරිකන්

කතා නායිකා වය.

3rd inline for President-Of-The-United-States ය  

යකඩය.

Thatcher ය.

Thatcher ගේ පිළිරුවටත් බිත්තර වැදුනේය.

ට්රුම්ප් ගේ

රාජාසන කතාව

ඉරා සුනු විසුනු කලේ

ට්රුම්ප් ගේ මූණ ඉස්සරහමය.

පහු ගියදා

Ukrain ගියේය.

Zelensky comedian ය

බිලියන 33 ක

පරණ 

යුද අවි

ආදාර ලැබුනේය.

Pelosy ට

ලී වලින් හැදු

Princess of olga

තෑග්ග ලැබුනේය.

උන්නහෙට හිනාය.

ඒ කට මටත් හිනාය.

මතක් උනේ

ලොකුම

pumpkin ගෙඩියේ කතාවය

ගොවියෙකුට

ලෝකයේ ලොකුම

වට්ටක්ක ගෙඩිය

හැදුනේය.

ඔහු එය රජුට තෑගී කළේය.

රජු දුප්පත් ගොවියාට

සල්ලි ඉඩ කඩම් තොගයක්

තෑගී කළේ

තව වට්ටක්ක වවන්නය.

මේක බලා හිටපු

මහා ධන පතියෙක්

රජුට විශාල  මුදල් සම්භාරයක් තෑගි  කළේය.

රජු ඔහුට

වට්ටක්ක ගෙඩිය

තෑගී කළේය.

තෑග්ගෙන් තෑග්ග

උතුම් තෑග්ගය.

චර්චිල් අගමැති වූනේ

4 න්ය

රනිල්

දිනුවේ එකෙන්ය.

ඇත්තම නම්

බින්දුවෙන් ය.

ශුන්‍ය යෙන්ය.

දේෂප්‍රිය

උප්පරවට්ටියෙන්ය.

රනිල්ට ඕනා

Churchil ට ත් 

වඩා ලොකු

කෙරුමෙක්

බව පෙන්නීමටය.

Uncle Nephew

පාර්ට්යේ

nephew ය

දැන් අන්කල්  උනාට.

අප්පමාදෝ අමතා පදන්ය.

ශුන්‍ය නරක නැත.

සුභ වෙසක් මගුලක් වේවා!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress