2022/05/15 දින අසිරිමත් තෙමගුල සිහිපත් කරමින් වෙසක් පොහෝ දින බර්ලින් බෞද්ධ මහා විහාරස්ථානයේ සිදු කරන ලද ශීල භාවනා වැඩසටහන
Posted on May 17th, 2022
බර්ලින් බෞද්ධ මහා විහාරස්ථානය
2022/05/15 දින අසිරිමත් තෙමගුල සිහිපත් කරමින් වෙසක් පොහෝ දින බර්ලින් බෞද්ධ මහා විහාරස්ථානයේ සිදු කරන ලද ශීල භාවනා වැඩසටහන පිණ්ඩපාත චාරිකාව සහ දන්සල යන ආදිය විශාල ශ්රී ලාංකික පිරිසකගේ දායකත්වය ඇතිව සිදු කරන ලදි. එම පිංකම් හා සහභාගී වීමට ශ්රී ලාංකිකයන් මෙන්ම ජර්මන් ජාතිකයන් තායි, බුරුම, බංග්ලාදේශ, චීන , ආජන්ටිනා ඇතුළුව විවිධ රටවල පිරිස් සහභාගී විය.
https://m.facebook.com/watch/?v=1181625835930120&extid=WA-UNK-UNK-UNK-AN_GK0T-GK1C&ref=sharing
වෙසක් උත්සවය සදහා ඩෙන්මාර්කයේ කොපන්හේගන් බෞද්ධ මහා විහාරාධිපති ශාස්ත්රපති මාරතුගොඩ උපරතන ලොකු හාමුදුරුවන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය හතර නමක් සහභාගී වූ අතර ශ්රී ලංකා තානාපතිනී මනෝරි උනම්බුවෙ මහත්මිය ඇතුළු ගිහි පිංවතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඉතා උත්කර්ෂවත් ලෙස සිදු විය. විහාරස්ථාන පරිපාලක තිස්ස වීරරත්න මහත්මාද වැඩ සටහන් සංවිධානය සහ මෙහෙයවීම සිදු කරන ලදි.
Ven. Kusala Dhamma Thero
Resident monk
Das Buddhistische Haus
Berlin Vihara
Berlin – Frohnau
Germany