ගෝල්පේස් අරගල කරුවන් ඉල්ලන සිස්ටම් චේන්ජ් එක  හා ජන සභා සිස්ටම් එක (Part-I)
Posted on June 12th, 2022

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

අපට වෙච්ච දේ !!!

පියදාස සිරිසේන (1875-1946)

මිලින්ද මොරගොඩ ගේ පාත් ෆයින්ඩර් පාරේ යමින්, MCC ට්රෝජන් අශ්වයා හරහා රට කැඩීමට දෙන්නට ගියේ ඩොලර් බිලියන් භාගයකටත් අඩු අල්ලසක් පමණය.

වෙනුවට, UNO වල තමන්ගේම ටයිගර් කොඩිය සහිත ඊළම් රටක් පිහිටුවා ගැනීමට ලංකාවේ උතුරනැඟෙනහිර පලාත් දෙක දීමට  කැමති වෙනවා නම්, සඳහා  සිංහල පක්ෂ දේශපාලක කළු සුද්දන්ට, අයථා ක්රමවලින් ප්රභාකරන් විසින් ආරම්භකල අරමුදලින් ගෙවන්නට ඔහුගේ පිටරට වසන ගෝලයින් දීමට සූදානම් අල්ලස ඩොලර් බිලියන 52 කි.

ලංකාවේ ප්‍රධාන ගංඟා ද්‍රෝණි හත හා ඊළම් දේශ සීමාව

(Source of Map of River Basins: Professor C. M. Madduma Bandara, Seven river basins 1. Yalpanam, 2. Rajarata, 3. Dambadeni, 4. Mahaveli, 5. Deegavaapi, 6. Kelani, 7. Ruhunu (published in Chapter 4, in Fifty years of Sri Lanka’s Independence: a socio-economic review, edited by A.V. de S. Indraratna, 1998, p.83).

(Source 0f Eelam boundary: Language-Blind Regional Development Units | PDF | Sri Lanka | Drainage Basin (scribd.com)

ගෝල්පේස් අරගලය හා ධම්මපදය

ගිනි තියපියව්” කියා මෙසේජ් යවා අන්තිමේදී අරගලයෙන් හැලුන දුලීකා මාරපනට වඩා අපහසු තැනකට ඔමල්පේ සෝභිත හිමියන් පත්වුණේ උන්වහන්සේ, අරගලයේ සපෝටර් කෙනෙක් වශයෙන් ධම්මපදය ගාවා ගැනීම නිසා CID එකට යාමට සිදුවීම නිසාය. කවුරුන් පොලිසියේ රාජ්‍ය ලාංජනය වශයෙන් <ධම්මෝ රක්ඛති..> පාඨය තෝරාගත්තා දැයි මම නොදනිමි. එහෙත් කතෝලික කන්‍යාමාතාවන්, පූජකයින් මෙන් නොව හාමුදුරුවරුන්ට CID යාමට සිදු වන්නේ බුදු දහමේ ඇති අසීමිත නිදහස නිසාය. ඕනෑම හොරෙකුට සිවුර කැලයක් කරගත  හැකි නිසාය. පොලිස් බැරියර් කැඩීමට වියරු රකුසන් සේ යන කොණ්ඩේ වවාගත් අන්තරේ තරුණ භික්ෂූන්ගේ සිවුරු ඉවත්කරවා, මහපොල ආධාරයද කපා හැරිය යුතුය.

කෙසේ වෙතත් රටේ ප්‍රසිද්ධ උගත් ඔමල්පේ හාමුදුරුවන් අරගලකාරයින්ට ලොකු හයියක් විය. ගෝල්පේස් පිටියේ අටපිරිකර සහිතව දානයක්ද දෙනලදී. නමුත් අරගලය වනාහි 2018 දී තාප්පවල චිත්‍ර අන්ද තරුණයින්ගේ සටනක් නොව රට කැඩීමේ ව්‍යාපාරයේ රහස් හස්තයක් බව වටහා ගැනීමට වැඩිකාලයක් ගත නොවීය. <එක රටක්-එක නීතියක්> වැනි 1815 උඩරට පාවාදීම සිහිපත් කරවන <සිංහල බෞද්ධ> එක පෝස්ටර් එකක් වත් ගෝල්පේස් වල අදටහ් නැත. සමහර රැවුල් වවාගත් තරුණයින් ජාතික සමඟිය නම් මිථ්‍යාවකට අන්ධවී සිටියේය. මුස්ලිම් තරුණියක් පිටිපස්සෙන් සිට භික්ෂුවකට වැස්සට කුඩයක් ඉහළාගෙන සිටීම, තෝසේ, බුරියානි බෙදාගෙන කෑම ජාතික සමඟිය නොවේ. ඩොලර් බිලියන් 52 කට රට බෙදා දෙන ලෙස ඉල්ලීම, mcc ගිවිසුම යන කාරණා ගැන  දැන්වත් පෝස්ටර් ඒවිද? TNA හා දෙමළ පක්ෂ මේ ගැන කියන්නේ කුමක්ද? ඔමල්පේ හාමුදුරුවන් මේ ගැන අරගලකාරයින් සමඟ කතා කරණවාද?

දෙමළ නිජභූමිය

ජනසභා සිස්ටම් එක ගැන  මෙම ලිපිය ලියමින් සිටියදී මෙම බිලියන් 52 කේ අල්ලස නිසා, ඉහතින් පෙන්වන සිතියම ඊට ඇතුලත් කිරීමට තීරණය කළෙමි. එහි රතු ඉර ඊළම් මායිමය. එය උතුර-නැඟෙනහිර දෙපලාතෙන් ඔබ්බට ගිය මායිමකි. වතුකරයේ හා රටේ අනිත් පලාත් නවයේත් දෙමළ ජනයා විශාල පිරිසක් ජීවත්වන නිසා, හා විග්නේස්වරන්ගේ රටේ තිබෙනවා කියන ශිව ලිංග හත නිසා, ඔහුට අනුව මුළු දිවයිනම දෙමළ ජනායාගේ ආදි වාස භූමියය. 1918 සිට මැඩ්‍රාස් ප්‍රාන්තයෙන් මතුවූ වෙනම දෙමළ රටක් යන මතය, 1923 දී පොන්නම්බලම් අරුණාචලම් විසින් ලංකාවටද කොපිකර ගත්තේය. ලෝකයේ දෙමළ නිජබිම නම් ටැමිල්නාඩ්ය. මුස්ලිම් හා කතෝලික ජනයාට අරාබිකරය හා රෝමය නිජබිම් නොවුනත් මුල්බිම්ය. එහෙත් සිංහලයාට ලෝකයේ ඇති එකම ඉඩම් කැබැල්ල සිංහලේ පමණය. රටේ ජන සංඛ්‍යා ව්‍යාප්ති සිතියම හරියට කලවම්කල බිත්තරයක් වැනිය. එහි විසිරී ඇති ජන වර්ග, නැවත කහ මදය, සුදු කොටස, වශයෙන් ප්‍රදේශ අනුව  වෙන්කර ගත නොහැකිය.

‘13-A කියන්නේ අපේ අවසාන බලාපොරත්තුව නොවේ. ඊට එහාට  (රාවුෆ් හකීම්ගේ වචන වලින් නම්  ඉන් ඔබ්බට) යන්න ඕන.  මනෝ ගනේෂන්12/12/2021

13 වන සංශෝධනය යටතේ ලංකාව පෙඩරල් රටක් කිරීමේ රඟ, මඩකලපුවේ සිංහල ජනායට සිදුවන හිරිහැර වලින් එලිවේ (නොහොත් මඩකලපු ස්‍රී මංගලාරාමයේ අම්පිටියේ සුමනරතන හිමියන්ගේ ජීවිත සටන). මෙවැනි හිරිහැර (සිංහල ජනයා ඒ ප්‍රදේශ වලින් එලවා දැමීමේ ග්‍රාම සේවකයාගේ සිටම කෙරෙන නිලධාරී සැලැස්ම වැන්නක්) දකුණේ දෙමළ හෝ මුස්ලිම් ජනයාට සිදු නොවේ. වෙනම රටක් ලැබුණොත් උතුර, නැඟෙනහිර සිංහල ජනයා ඉන් එලවා ගැනීමත්, ටැමිල්නාඩ් සිට බොට්ටුවලින් එන ජනයා සමඟ අනුරාධපුරය දක්වාම ඊළම් මායිම් සටනක් කරගෙන යාමත් නිසැකය. මහවැලි ජලය ඉල්ලා කරණ සටන මානව හිමිකම් කඩකිරීමක් සේ ජිනීවා වලට ගෙනයාම ගැන හෝඩුවාවක් දැනටමත් විග්නේස්වරන් පෙන්වා දී තිබේ.

මේවා පෙන්වා දීම ජාතිවාදයද? නැත්නම් අරගලකාරයින් ගෝඨාභයගේ මස් රාත්තලම ඉල්ලීමේ රහස රට වැසියාට පෙන්වා දීමද? මේ යුද්ධය නම් කවදාවත්ම දිණන්න බෑ කියූ පිරිසට අයත් නොවූ එකම ඉහළ නිලධාරියාවූ (ටයිගර් සපෝටර් නෝර්වේ ඇමති එරික් සොල්හයිම්ගේ වචන ) ගෝඨාභය, ලංකරගෙන සිටි නිලධාරී හා අනිකුත් හොරුන්ගෙන් ගැලවී, මේ දෙවෙනි සිස්ටම් චේන්ජ් යුද්ධය ජය ගැනීමේ ශක්තියක් හා ආත්ම විශ්වාසයක් ඇති භටයෙක් බව පෙනේ.

සියළුම ජන වර්ගවලට සාමයෙන් හා සතුටින් ජීවත්වීමටත්, විශේෂයෙන් සිංහල බෞද්ධයින්ට රට කැඩී විනාශවී යාමේ තර්ජනයෙන් ගැලවීමටත් ජන සභා සංකල්පය  එකම විසදුම බව සියළුම මාදිලියේ අරගලකාරයින්ට පෙන්වා දීම ඉහතින් දැක්වෙන සිතියමේ අරමුණය.

ජනාධිපති විසින් කලයුතු ඔහුගේ චන්ද ප්‍රකාශණයෙන් පොරොන්දුවූ ජනමූළ සභා ක්‍රමය ක්‍රමාණුකූලව පියවරෙන් පියවරට ක්‍රියාවට නැංවීමය. 1832 දී කෝල්බෲක් රටේ භූමිය හා ජන වර්ග බෙදූ හා එතැන් සිට මේ දක්වාම කළු සුද්දන් විසින් අඩු වැඩි වශයෙන් පවත්වා ගෙන යන කොළඹ ක්‍රමයෙන් (සිස්ටම් එකෙන්, පැරඩයිම් එකෙන්) රට ගලවා ගැනීමය. පසුගිය වර්ෂ 75 ක් පුරාම, පක්ෂ දේශපාලකයින් කලේ සුද්දා විසින් ඇතිකල ගම හා කොළඹ අතර පරතරය, ගමට ආවඩමින්, කටින් බතල කොල හිටවමින්, තව තවත් තීව්‍ර කිරීමය. ගම ගැන, ග්‍රාම රාජ්‍ය ගැන කතා නොකල දේශපාලකයෙක් නැත. එහෙත් ඔවුන් ඇත්තවශයෙන්ම කලේ ගම් වැසියන් හිඟන්නන් බවට පත් කිරීමය. පක්ෂ, පාට අනුව  ගම හා පවුල් බෙදා පාලනය කිරීමය. අද වනවිට සිදුවන්නේ කොළඹ බලය අල්ලා ගන්නා දේශපාලකයා තමන්ගේ මන්ත්‍රී පඹයාට රුපියල් පොම්ප කිරීමය. මෙහි ප්‍රතිපලයකට එක් නිදසුණක් නම, වැසිකිළියක් නැති, වතුර නැති, යන්නට පාරක් නැති පාසැල්ය.

කෝල්බෲක් ගෙන් ගැලවීම (1832-2022)

පලවෙනිම සිස්ටම් චේන්ජ් එක නම්  R. ප්‍රේමදාස විසින් 4,000 සිට 14,022 ක් දක්වා වැඩිකල ග්‍රාම සේවා වසම් (GSN units), ස්වාභාවික මායිම් වලට අනුගත වන සේ (ජල ද්‍රෝණි ලෙස) සකසා අඩු කර ගැනීමය. (නිව්සීලන්තයේ ව්‍යවස්ථාවට අනුව එරට පහලම සිවිල් පරිපාලන ඒකක මෙසේ ජල ද්‍රෝණි විය යුතුය). ඉහතින් පෙන්වන සිතියම ලංකාවේ තිබෙන, ලොකු-කුඩා, දිග-කෙටි, ගංඟා නිම්න 103, භූගෝල විද්‍යාඥයෙකු විසින් පරිසර විද්‍යාවට අනුරූප වනසේ කොටස් හතකට බෙදීමකි. වැසි ජලය, ගහක අතුමෙන්, දිය උල්පත, ඇල, ඔය, යානාදී වශයෙන් උඩ සිට පහලට ගලා යමින් අවසානයේ ගඟක් ලෙස මුහුදට එක්වේ. මේ නිසා දේශපාලන හෝ ආර්ථික අවශ්‍යතාවය අනුව ඒවා අතර තිබෙන දිය බෙත්මට අනුව,  ගංඟා ද්‍රෝණි 25 ක්, 50 ක් 100ක් හෝ දහස් ගණනක් වුවද වෙන්කර හඳුනාගත හැකිය.  භූගෝල විද්‍යාවේ තිබෙන භූමි ප්‍රදේශ සංකල්පයට අනුව (Regional Concept), ඒවා සජිවි භූමි ඒකක (organic) ලෙස සැළකිය හැකිය.

රට පාලනය භාරව සිටි, සිටින, පක්ෂ දේශපාලකයින්ගේ වැරදි නිසා මතුවූ ගෝල්පේස් අරගලය, රට කැඩීමේ කුමණ්ත්‍රනකරුවන්ගෙන් ගලවා ගෙන යහමඟට ගැනීමට තවමත් ප්‍රමාද නැත. මෙම ලිපි මාලාවේ අරමුණවූයේ, 2018 දී තාප්පවල චිත්‍ර ඇඳි තරුණ, තරුණියන් මෙන්, දැන් 2022 දී අරගලයට අවංකවම සහභාගීවන රැවුල් වවාගත් හා නොගත් පංචස්කන්ධවලට (එයට රිංගා ගත් පක්ෂ දේශපාලකයින්ට නොව) ඔවුන් නොදන්නා බව පැහැදිලි ලෙසම පෙනීයන රටේ ඉතිහාසය හා භූගෝලය පිළිඹඳ  යම් අවභෝධයක් ලබා දීමය. මෙම නම වැනි අවසාන ලිපිය කොටස් දෙකක් වශයෙන් ලියන්නේ අරගලකරුවන්ට හා සෙසු සිංහල කතාකරණ ජනතාවට පෙන්වා දිය යුතු කරණු රාශියක් ඇති නිසාය.

නාගානන්ද කොඩිතුවක්කු නම් ඔහු බලයට ආවොත් කරණ දේ ගැන නිශ්චිත ප්ලෑනක් ඉදිරිපත් කර ඇත. එහෙත් අරගලකරුවන් විසින් ගොඨාභයගේ මස් රාත්තලම ලබාගත්තාට පසුව, රට අරජික නොකර කරණ දේ කුමක්දැයි මහජනයා ඉදිරියේ තැබීමට අසමත්ව සිටී. අන්තරේ මුදලිගේ ගේ කතාවෙන් එළිදරව් වුනේ ඔවුන් මුහුද මැද ඔහේ පාවෙන රුවලක් නැති ඔරුවක් වගේ බවය. වර්ෂ 2500 කට වැඩි අඛන්ඩ, ලිඛිත ඉතිහාසයක් ඇති රටකට (ලෝකයේ එවැනි ශිෂ්ටාචාර කීයක් තිබෙනවාද?) පාවී ගිනිගන්නට ඉඩදිය හැකිද?

ඉතාලි පුර රාජ්‍යයේ යහපාලන මන්ත්‍රීලා

මධ්‍යම ආණ්ඩුවට අදාල සිස්ටම් චේන්ජ් එක (පවතින පිළිවෙල වෙනස් කිරීම?) වනාහි ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. මෙහි තිබෙන සරලම යයි කිවහැකි චේන්ජ් දෙක නම් (1) චන්ද ක්‍රමය වෙනස් කර හොරුන් මන්ත්‍රීලා වීම නැවත්වීම හා (2) අල්ලස් හා දූෂණ වැරදි කරුවන්ට ඉතාමත් දැඩි දඬුවම් දෙන ලෙස දණ්ඩ නීතී සංග්‍රහය (වෙන බොරු නීති හා කොමිෂන් නොව) සංශෝධනය කිරීමත් ය. ගෝල්පේස් හා අරලිය ගහ මන්දිරය ලඟ දැනට කරණ රස්තියාදුවීම නවත්වා, මේ වෙනස්කම් දෙක සඳහා නීති පාස් කරණ තෙක්, දියවන්නා හෝටලයේ  ගේට්ටු දෙක ඉදිරිපිට බිම ඉඳගෙන ගාන්ධි, මාටින් ලූතර් කිං  කලා මෙන් අඛණ්ඩ සත්‍යග්‍රහයක් කර ජය ගැනීම කෙතරම් ප්‍රඥාගෝචරද? මන්ත්‍රීලාට ආහාර පාන හා බෙහෙත් ගෙන ඒම සඳහා වාහන වලට ඉඩදීම හැර, ඔවුන් 225 ම  හිර අඩස්සියේ තැබිය යුතුය. මධ්‍යම ඉතාලියේ, ටස්කනි ප්‍රදේශයේ තිබු සියනා පුර සමූහාණ්ඩුවේ (1125- 1555), එක්තරා අවධියකදී ( කවුන්සිල්වරු නව දෙනා තම මන්ත්‍රී නිලකාලය පුරාම (මාස 2) නැවතී, සිටියේ සිටි බිල්ඩිම තුලමය. එයට හේතුව ඉන් පිට ගියොත් ඔවුන් දූෂණයට ලක්විය හැකිවන නිසාය. යහපාලනය හා අවපාලනය ගැන Ambrogio Lorenzetti (1338-1339)  නම් සිත්තරා ලවා අන්ඳවන ලද බිතුසිතුවම් අදටත් දැකගත හැකිය ( The Allegory and Effects of Good and Bad Government series frescoes  was commissioned entirely by a civic group, the Council of Nine (the city council).

Republic of Siena – Wikipedia

මධ්‍යම රජය හා පර්යන්තය අතර අන්තර් සම්බන්ධතා (center-periphery relations)

මිනිස් ශරීරය ආශ්‍රිත සිස්ටම් රාශියක් ඇත. කණ හා ඇස වැනි කුඩා සිස්ටම් පවා ඉතාමත් සංකීර්ණය. මොළය හා අක්මාව මූලිකව, එකතුව මෙම සිස්ටම් හසුරවන්නේය. දේශපාලන වශයෙන් ලංකාවේ මධ්‍යම හා ගම වශයෙන් එකිනෙක හා බැඳුණ සිස්ටම් දෙකකි. මින් ගම හා සම්බන්ධ සිස්ටම් එක අරගල කරුවන් අතපසුකර දමා ඇත. එම සිස්ටම් එක මඟින් රටේ ප්‍රශ්ණ වලින් සියේට 70 ක් පමණම නිවැරදි කර ගැනීමට හා මධ්‍යම ආණ්ඩු සිස්ටම් එක දමණය කර ගැනීමට ඉඩක් තිබේ. උඩ (කොළඹ)  සිට පහලට වෙනුවට, බිම (ගම) සිට උඩට සිස්ටම් එක චෙන්ජ් කිරීමට අවකාශයක් ජන සභා සිස්ටම් එක මඟින් ලබාගත හැකිය. තවද, රටට උවඳුරක්වූ පක්ෂ දේශපාලනය හා රට කැඩීමේ ව්‍යාපාරය ඒ මඟින් ජයගත හැකිය. ලෝක මට්ටමෙන් ගත්තත් මෙවැනි මධ්‍යම-පර්යන්ත වශයෙන් බෙදීමක් තිබේ. යටත් විජිත අල්ලාගෙන සිටි යුරෝපා රටවල් දියුණු හරය (core) ලෙසත් යටත් විජිතව සිටි ලංකාව වැනි රටවල් සංවර්ධනය නොවූ හප/රොඩු (struggling to survive) ලෙසත් සැළකේ.

කොළඹට කිරි-අපිට කැකිරි

1971 දී  jvp එක කොළඹට කිරි කතාව කිව්වේ යටත් විජිත කරුමයෙන් ගැලවිය නොහැකි නොදියුණු රටක වුවත්,  දියුණු යයි සැලකෙන නගරයක් හා අසංවර්ධිත ග්‍රාමීය පසු තලයක් (hinterland) තිබෙන නිසාය. සෑම යටත් විජිතයකම පාලන ආකෘතිය වූයේ, එක් ප්‍රධාන වරායක් (කොළඹ) මඟින් මව් රටේ වරායක් (ලිවර්පූල්/ලන්ඩන්) හා සම්බන්ධ කල ආයාත-නිර්යාත වානිජ ආර්ථික ක්‍රමයය. යටත් විජිතයෙන් සූරාගත් සම්පත් (ලේ), ඒ සඳහාම තැනූ පාරවල්, රේල් පාරවල් (කාණු) මඟින් වරායට ගලා ගියේය. කැළණි වැලි රේල් පාර හොඳම නිදසුණය. කොලොම්පුරේ ශ්‍රියා කියා සින්දුවක් තිබෙන්නේ බොහෝ විට අමුඩ ලේන්සුවක් කරේදාගත් ඈත පිටිසර ගැමියා කොළඹ බලන්නට ඒමය!  කොළඹ හා ගම අතර ඇති පරතරය අවම කිරීමට යයි ගමට ආවඩමින්, 1931 න් පසුව සිටම ලංකාවේ කළුසුද්දන් වරින් වර බලයට පැමිණ කලේ කටින් බතල කොල හිටවමින් ගම යාචක මට්ටමේ පවත්වාගෙන යාමය. මෙහි ජාතිවාදී ප්‍රතිපලය ‘කොළඹට දෙන දේ අපිටත් දෙන්න’ (give us what Colombo gets) යන ප්‍රභාකරන්ගෙන දිවි ගලවාගත් කර්නල් කරුණාගේ ප්‍රකාශයෙන්ද, එහි අරාබි ශාරියා ව්‍යාප්තවාදයේ රඟ හිස්බුල්ලාගේ කාත්තන්කුඩියේ හිටවූ රටඉඳි ගස් වලින්ද පිළිඹිඹුවේ. ගම සංවර්ධනය පක්ෂ දේශපාලකයින්ගේ සල්ලි සොරාකෑමක් බවට පෙරළීම, 1978 න් පසු ඇතිවූ පිස්සු චන්ද ක්‍රමයේ ආනිසංශයක් විය.

අගනුවර අනුරාධපුරයට ගෙන යාම

මෙම කොළඹ පැරඩයිම් (Colombo Paradigm) නමැති සිස්ටම් එකෙන් ගැලවිමේ අවශ්‍යතාවය, පානදුරා වාදයෙන් (1873), විද්යෝදය විද්‍යාලංකාර පිරිවෙන් මඟින්, සිංහල මුස්ලිම් කෝලාහලයෙන් (1915) පසුව, ධර්මපාලතුමාගේ දුක්බර තනි සටන, කළුකොඳයාවේ නාහිමියන්ගේ දීප ව්‍යාප්ත ග්‍රාම ප්‍රතිසංස්කරණ  හා අපරාද මර්දන ව්‍යාපාරය (1933) යනාදියෙන්  රටේ කළු සුද්දන් පිරිසට, හා විශේෂයෙන් 1880 කර්නල් ඕල්කොට් ආගමණයත් සමඟ බිහිවූ ඕල්කොට් බෞද්ධයින්ට නිරන්තරයෙන්ම දන්වා සිටියේය. රටේ අගනුවර රජ රටට ගෙනයාමේ යෝජනාවක්, බෞද්ධ තොරතුරු විමර්ශණ කොමිෂන් සභාව විසින් 1955 දී රජයට යෝජනා කරණ ලදී. මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ සභාපතිත්වයෙන් එම කොමිටිය සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය විසින් පත්කලේ එවැන්නක් පත්කිර්‍රිමට කල ඉල්ලීම DSS අගමැති විසින් සෝල්බරි ව්‍යවස්ථාවේ 29 වගන්තිය යටතේ ප්‍රතික්ෂේප කල නිසාය.

ඉන්දියාවේ අගනුවර කල්කටාවේ සිට දිල්ලියට, පක්ස්ථානයේදී එය කරච්චි වරාය නගරයේ  සිට ඉස්ලාමාබාද් වලට, බ්‍රැසීලයේ (Rio de Janeiro සිට සැතපුම් 400  ක් රට ඇතුලට, Brasilia), මියන්මාරයේ යන රටවල මුහුදු වෙරළේ සිට රට අභ්‍යන්තරයට මෙසේ ගෙනගියේ මූලික වශයෙන් ජාතික, ආර්ථික අවශ්‍යතා පදනම් කරගෙනය. 1957 වර්ෂයේදී, ‘ලංකාවේ අගනුවර අනුරාධපුරයට ගෙන යා යුතුය,’ යන මාතෘකාවෙන් රචනාවක් ලියන්නට කියා.  මා ඉගෙනගත් කතෝලික පාසැලේ, උපතින් කතෝලිකයෙක්වූ, අපේ 10 වෙනි පන්තියේ ජාතික ඇඳුම අඳින ගුරුතුමා අපේ සිංහල දැණුම පරීක්ෂා කලේය. මෙම මාතෘකාව යටතේම දිග ලිපියක් 1998 දී ‘An alternative to the ‘Devolution’ dilemma: Move the capital to Rajarata,’ Island April 21-24), යනුවෙන් අයිලන්ඩ් පුවත්පතට මා විසින් ලියුවේ, දැන් 2022 දී අරගලකරුවන් කතාකරණ සිස්ටම් චේන්ජ් කතාව දැනට බොහෝ කලකට පෙර සිටම රටේ සිංහල බෞද්ධයින්ගේ ඉල්ලීමක්ව තිබූ නිසාය.

ජල රකුසාට බිලිවිය හැකි දියවන්නා හෝටලය

සුද්දන් දිල්ලියේ පරණ අගනුවරට ආපසු ගියේ 1858 හමුදා මියුටිනියට පසුවය. අනිත් රටවල යන්නේ අළුතෙන්ම අගනුවරක් තනාගෙනය. අනුරාධපුරය ලෝකයේම ඇති පැරණිම, විශිෂ්ට නගර නිර්මාණ සැළැස්මකට අනුව සැදූ, රුවන් වැලි මහා සෑය මඟින් විශ්වය හා බැඳුණා යයි සැළකෙන නගරයකි. සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ සංකේතයය. මේ වෙනුවට ලංකාවේ පක්ෂ දේශපාලක කළුසුද්දන් කලේ කුමක්ද? ලෝකයේ ලොකුම මුග්ධ ක්‍රියාවක් නම්, එක වගුරු බිමක සිට වගුරු බිමක් මැද අළුත් පාර්ලිමේන්තුවක් සදා ජයවර්ධන පුරයක් ඇටවීමය. ස්ථාන දෙක අතර දුර අහස් සැතපුම් 10 කටත් අඩුය. මේ නිසා දැන් කොළඹ 7 පවා ජලයෙන් යටවේ. කොළඹ වාහන තදබදයට විසඳුමක් ලෙස කරන්නට හදන්නේ අහස් පාලම් දැමීම හා අහසින් රේල් පාරක් දැමීමය. බයිසිකල් පැදීමෙන් ව්‍යායාම ගැනීමට පුරුදු කිරීම වැනි සිස්ටම් චේන්ජ් සමඟ කල යුතු වන්නේ, 20 අවුරුදු ප්ලෑනක් යටතේ අගනුවර කොළඹින්  අනුරාධපුරය දෙසට ගෙනයාම නොවේද? පවතින කැත ක්‍රමය යටතේ ජනාධිපතිලා හදන්නේ ජාතික යහපත වෙනුවට හම්බන්තොට, පොලොන්නරුව වගයෙන් ගොඩනැඟිලි හා පාරවල් සැදීමය

ගම-වැව-දාගැබ (සිංහලේ ආර්ථික, සාමාජික, දේශපාලන ත්‍රිත්වය)

අනාදිමත් කාලයක සිට පරිසරයට අනුකූලවුණ, ගම-වැව-දාගැබ යන තිරසර සංවර්ධන මොඩලයය. ගම් සභාව එය ක්‍රියාත්මක කල යන්ත්‍රයය. යමෙකුට මරණ දඬුවම දීමේ බලය තිබුණේ රජුට පමණය. ඉන් අමතර සියළු කටයුතු පහල නිලධාරීන් හා ගම් සභාව විසින් ඉටුකරණ ලදී. අඩු වැඩි වශයෙන් ගම් සභාව 1832 වනතුරුම ගම්මට්ටමේ ජනතා පාලන ඒකකයක් වශයෙන් පැවතියේය. 1832 දී කෝල්බෲක් රාජකාරි ක්‍රමය අහෝශි කිරීමත් සමඟ යුරෝපීය ගම්මුලාදෑනි-කච්චේරි පාලනක්‍රමය ඉස්මතුවිය.  රොබින්සන් හා ග්‍රෙගරි ආණ්ඩුකාරයින්ගේ කාලවල ගම් සභාව යළි පණ ගැන්වීමේ වටිනාකම පෙනී ගියේ වාරි කෘෂිකර්මයට අදාලවය. ඉන්දියාවේ පංචයාත් ක්‍රමයට වඩා දිගු හා ශක්තිමත් ඉතිහාසයක් තිබූ ලංකාවේ ගම් සභාවට 1931 න් පසුව ලංකාවේ කළු සුද්දන්ගෙන් ලැබුණේ කුඩම්මාගේ සැළකිලිය. එංගලන්තයේ කවුන්ටි සභා ක්‍රමය හොඳින් දත් ඩොනමෝර් පලාත් පාලන ඇමති SWRD බණ්ඩාරනායකට කළුකොඳයාවේ නාහිමියන් හා එකතුව ගම් සභාව ජාතික සම්පතක් වශයෙන් පුනර්ජීවනය කිරීමට ඉඩක් තිබූණි අයෙකි.

සුද්දා ගමට කල සේවය

1848 උඩරට කැරැල්ලට එක් ප්‍රධාන හේතුවක් වූයේ 1832 දී කෝල්බෲක් ගම් සභා සිස්ටම් එකට කල විනාශයය. මෙය තේරුම්ගත් සුදු ආණ්ඩුකාරවරු ගම් සභාවට යළි පණදීමට ක්‍රියාකලේය. 1856 දී වෝඩ් ගම් සභා පණතක් ක්‍රියාත්මක කලේය. 1879 දී රොබින්සන්, ගම් සභා වලට දඬුවම් දීමේ හා යම් අධිකරණ බලතල පවරන ලදී. 1865 දී සිට නගරාසන්න ප්‍රදේශ සඳහා ලෝකල් බෝඩ් හා 1865 දී මියුනිසිපලිටි සභා පිහිටුවීය. ග්‍රෙගරි ආණ්ඩුකාරයා විසින් උතුරු මධ්‍යම පලාතක් 1873  දී සැදුවේ පාලකයා හා වන්නියේ ජනයා අතර තිබූ දුරස්ථභාවය අඩුකිරීමේ අරමුණින්ය. හොරස් පෙරේරාගේ ලංකාව: බටහිර ජාතීන්ගේ පාලන සමය යන (1957/1961) පාසැල් පොතේ 150-59 පිටුවල මෙම කරුණු සැකවින් දක්වා ඇත. මෙම පොත නැවතත් රටේ, A. L. පන්තිවලට හඳුන්වා දිය යුතුය. රටේ ඉතිහාසය හා භූගෝලය පාසැල් වලින් ඉවත් කිරීම ඇරඹුණේ මිසිස් බී ගේ කාලයේදී අධ්‍යාපන ඇමති බදිඋද්දීන් යටතේය. අරගලකාරයින්ගේ දෙමව්පියන්ගේ සිටම ඉතිහාසය නොදන්නා නරුමයින් පරම්පරා බිහිවන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙසින්ය.

කෝල්බෲක් පස්සේ යන කළුසුද්දෝ

ලංකාවේ පක්ෂ දේශපාලක කළු සුද්දන් ගම විනාශකලේ,  R ප්‍රේමදාසගේ ගම් උදාව, S.B දිසානායකගේ සමෘධි වැඩ සටහන,  බැසිල්ගේ ගම නැඟුම හා කිරිඇල්ලේගේ ගම්පෙරලිය වැනි ධන නාස්ති හරහාය. JR ගේ හා R ප්‍රේමදාසගේ ප්‍රාදේශීය සභා -මනාප චන්ද ජරමරය නිසා ගම් සභාව අභාවයට ගියේය. ඒ වෙනුවට දැන් තිබෙන්නේ ගහ මරා ගන්නා ප්‍රාදේශීය සභා විහිළුවය. 1977 ට පෙර තිබූ ගම සභා-නගර සභා සිස්ටම් එකට ආපසු යන ලෙස 1999 දී අභයවර්ධන ජනාධිපති කොමිෂම විසින් කල නිර්දේශ අදටත් රාක්කයක ඇති දූවිලි වැදෙන තවත් රාජ්‍ය වාර්තාවක් පමණය (Local government reform commission). රටේ භූගෝල විද්‍යාවට පටහැනිව කෝල්බෲක් විසින් රට බෙදූ ඇතිකල පලාත් පහේ  ප්ලෑනට අනුව යමින් අදටත් තිබෙන පලාත් නවයේ මනසින් මිදීමට රටේ කළු සුද්දන්ට ආත්ම ශක්තියක් නැත,

ධනවාදී නියෝජිත ප්‍රජා-තන්ත්‍රවාදයට පැලැස්තර දැමීම

යුරෝපයේ හා ඇමෙරිකාවේ සමාජ විසින් ඒ රටවල ඇති ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදය, අපේ රටවල මෙන් මුළුමණින්ම බොරුවක් නොවීම සඳහා, ශක්තිමත් කවුන්ටි සභා, නගර සභා, නගර සභා තුල කොමියුනිටි සභා (Neighborhood Community organizations) , ගංඟා  හා භූගත ජල ද්‍රෝණි පරිපාලන සභා (River Basin Management Districts & Groundwater Management Districts), අපද්‍රව්‍ය පාලන කොමිටි (Waste Management Districts) යානාදිය මඟින් හැකිතාක් දුරට මහජන මැදිහත්වීමට ලංකරදී තිබේ. මෙම අදහස අනුව කොම්යුනිස්ට් හා ඒකාධිපති රටවල් පවා කුඩා ජන සංඛ්‍යා සහිත මහජන සභා පිහිටුවා ගත්තේය. ආයුබ් ඛාන් විසින් පකිස්ථානයේ රාජ්‍ය පාලනය සඳහා  සහභාගි කරගත්තේ රට පුරා පිහිටුවු මහජන සභාය. ඒ මඟින් ඔහු සිය ඒකාධිපතිභාවයට  ප්‍රජාතන්ත්‍රවාදී සළුවක් පළඳවන ලදී. වෙනිසියුලාවේ චාවේස් ජනාධිපතිද මහජන සභා ඇති කලේය. 

1971 jvp කැරැල්ලෙන් පසු ලංකාවේ පිහිටුවන ලද සේවක කවුන්සිල් හා ජනතා කමිටු (workers councils & peoples committees), පිළිවෙලින් රජයේ සේවකයින්ට හා ගම් නගර වල මහජනයාට උපදේශක බලයක් ලබාදීමේ අදහසින්, සමාජවාදී රටවල් අනුව යමින් ආරම්භ කරණ ලද සංකල්පයක් වුවත්, නුසුදුසු පුදගලයින් සහිත අතිශයින්ම දේශපාලනීකරණයවු ආයතන වීම නිසා ජනතාව අතර ප්‍රසාදයක් නොලබාම අභාවයට ගියේය. ආණ්ඩුවේ කාර්යාල හා වැඩබිම්වල වාමාංශික වෘත්තිය සමිති ඒවා අල්ලා ගත්තේ දැන් විශ්ව විද්‍යාල සිසුන් පෙරටුගාමීන් විසින් අල්ලා ගෙන තිබෙනවා මෙන්මය.

පක්ෂ දේශපාලකයින් විසින් <ගැමි දිරිය> මරා දැමීම

දේශපාලකයින්ගේ මැදිහත් වීමකින් තොරව ඉතාමත් සාර්ථකවු මහජන ව්‍යපෘතියක් ලෙස ගමි දිරිය වැඩසටහන කැපී පෙනේ. Rural livelihoods – Sri Lanka Community Development and Livelihood Improvement “Gemi Diriya” Project (worldbank.org) එහෙත් 2004 පොලොන්නරුවෙන් දී ආරම්භවුණ එය 2010 දී අතරමඟ නවතා දමා බැසිල් ඇමති යටතේ ගම නැඟුමක්, සමෘධි නිලධාරීවාදයක් හරහා එලිදක්වන ලදී. මුලින් සැළසුම්කර තිබුණේ එය උතුරු නැගෙනහිරටද ව්‍යාප්ත කිරීමට බව එහි අධ්‍යක්ෂකවරයා වරක් මට පැවසුවේය. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රජා සංවර්ධන හා ජීවන මාර්ග වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මකවූ ගැමි දිරිය වැඩ සටහන අහෝසි කිරීමට ගත් තීරණයට විරුද්ධව 2010 සැප්තැම්බර් 29 දා බදුල්ලේ පැවති පාගමනට ඌව පලාතේ ප්‍රාදේශීය කොට්ඨාශ 13 කට අයත් GSN unit 567 ක ජනයා සහභාගී විය. ( Gemi Diriya Project (Environmental Evaluation of Community Development and Livelihood Improvement Project), Ministry of Economic Development of Sri Lanka) ඊට පෙර ඔහු ජන සභා අධ්‍යක්ෂක ජෙනරාල් වරයෙක් පවා පත් කර,  ඒ පිළිඹඳව ප්‍රකාශණ පවා මුද්‍රණය කලත් එය ඉබේම නැතිවී ගියේය. පක්ෂ දේශපාලකයින් මහජනයා ස්වාධීනව ස්වයංතීරන ගන්නවාට කැමති නැත.

අරගලය හා පුරවැසි සහභාගීත්වය

අරගලකරුවන්ගේ, සාධාරණ සමාජයක් සඳහා තරුණයෝ නම් සංවිධානයේ, අකලංක හෙට්ටිආරච්චි විසින් කඩිනමින් කලයුතු ප්‍රතිසංස්කරණ වශයෙන් ඉදිරිපත්කල යෝජනා 8  ටේ තුන්වන යෝජනාව යටතේ, මෙසේ කියයි. ‘ව්‍යවස්ථාදායකය හා මහජනයා අතර සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය කිරීම: සියළු ජන කොටස්වලට භූගෝලීය සීමා, ජාතිකත්වය, ලිංගික, ආගමික විවිධත්වයන් නිසා පීඩාවට ලක් නොවෙන [ආකාරයේ] පුරවැසි සභා ක්‍රමයක්.’ මේ ජන සභා සංකල්පයේම සෙවනැල්ලක් මෙන්ම 20– සංහිඳියා කොමිෂමේ (LLRC) නිර්දේශ අනුමත කිරීමක්ය. මෙය හා 2019 ගොඨාභය චන්ද ප්‍රකාශණයේ සඳහන් වන ජනමූල සභා එකම කාසියේ දෙපැත්තක් යයි මට සිතේ. මීට වෙනස්ව පෙරටුගාමී පක්ෂයේ කුමාර් ගුනරත්නම් කෙළින්ම කතාවට බසින්නේ මාක්ස්වාදී ඇසකින්ය. ඔහු කියන්නේ ජනතාව බලගන්වන සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය බවය. ජනතාව බලගන්වන්න විප්ලවයක්ම අවශ්‍යද?  jvp එක නම් කියන්නේ ඔවුන් මුළු රටම ඔවුන්ගේ ශාඛා හරහා සංවිධානය කර ඇති බවය. මෙහි සත්‍යතාවය  ජූනි 9 දා රෑ රටපුරා සිදුවූ  මන්ත්‍රී ගෙවල් ගිනි තැබීමෙන් සනාථ විය.  නාගානන්ද කියන්නේද මහජන අරගලයක් අවශ්‍යය යන්නය.

අරගලයේ තරුණයින් නොව, නාගානන්ද, පැතුම් කර්නර් වැනි අය පවා 1940 ස් ගණන් වල ක්‍රියාත්මක කල  කළුකොඳයාවේ නාහිමියන්ගේ ග්‍රාම සංවර්ධන හා අපරාධ මර්ධන ව්‍යාපාරය (උන්වහන්සේගේ 1970 දී පලකල ස්වයංචරිතාපදානය පොතෙන්) ගැන අමතක කලත් ඊට සමානවම ලෝක බැංකු ආධාරයෙන් 2004 දී රජයෙන් ආරම්භකල ගැමි දිරිය වැඩ සටහන ගැන කියවිය යුතුමය. ඊට අදාල ලින්ක් මේ සමඟ කොපිකලේ ඔවුන්ගේ පහසුවටය. අරගලයට සම්බන්ධ ප්‍රොපෙසර්ලා ඒවා කියවා, ජ්ව්ප්-පෙරටුගාමී-අන්තරේලේ හරහා යන මහජන බලගැන්වීමක් වෙනුවට සාමකාමීව එය කල හැකි ආකාරය තරුණයින්ට පෙන්වා දිය යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress