ශ්‍රී ලංකාවේ අර්බුදය පිළිබඳ ප්‍රකාශය
Posted on June 27th, 2022

ධරණි රාජසිංහම් සේනානායක

අවධානය යොමු කළ යුතු දක්ෂිණ හඬ: ණය යුක්තිය, ණය අවලංගු කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවල විනිවිදභාවය සඳහා කැඳවීමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සන්ධානය – The Coalition for Economic Democracy in Sri Lanka (CEDSL) යනු ශ්‍රී ලාංකික ඩයස්පෝරාව ද ඇතුළුව රට තුළ සහ විදේශයන්හි සිටින අදාළ විද්වතුන්, ක්‍රියාකාරීන්, කෘෂිකාර්මික, ධීවර හා කාර්මික කම්කරුවන්, සිසුන්, ව්‍යාපාරිකයින්, වෘත්තීය සමිතිකරුවන් සහ වෘත්තිකයන්ගෙන් සමන්විත කණ්ඩායමකි. රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී ආර්ථික අයිතීන් සහ යුක්තිය පිළිබඳ වටිනාකම් ආරක්ෂා කිරීම එහි මූලික අරමුණු වේ.

වසර දෙකක ආර්ථික වශයෙන් විනාශකාරී Covid-19 ලොක්ඩවුන් කිරීම්, රාජ්‍ය ණය ඉහළ යාම සහ ගෝලීය වශයෙන් මුදල් මුද්‍රණය කිරීම හේතුවෙන්, ප්‍රමුඛතාවයක් ලෙස ණය කපා අවලංගු කිරීමක් (debt jubilee) සහ ණය කපා හැරීමක් සඳහා වන ජනතාවගේ ඉල්ලීම්වලට අවනත වන ලෙස අපි ජාත්‍යන්තර පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ යහපැවැත්ම සහ ආරක්‍ෂාව සඳහා තීරණාත්මක වන එහෙත් ප්‍රසිද්ධ සාකච්ඡාවලදී ප්‍රමාණවත් ලෙස නියෝජනය නොවන වත්මන් ණය අර්බුදය සහ එහි සමාජ, දේශපාලන සහ ආර්ථික බලපෑම් සම්බන්ධ ප්‍රධාන කරුණු කෙරෙහි ඔබේ අවධානය යොමු කිරීමට අපි කැමැත්තෙමු.
ණය යුක්තිය සඳහා කැඳවීමක්
ජීවනෝපාය සහ සෞඛ්‍යයට බලපාන ඉන්ධන, ආහාර සහ ඖෂධ හිඟය, දරිද්‍රතාවය සහ අසමානතාවය වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකාවේ ජනතාව මත ඇති ආර්ථික බර ලිහිල් කිරීම වෙනුවෙන් වූ ජාත්‍යන්තර සහයෝගීතාවයන් සාදරයෙන් පිළිගනිමු. කෙසේ වෙතත්, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) ණය උගුල සහ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමට විසදුම් ලෙස, ISB හිමියන්ට ප්‍රතිලාභ ලබා දෙන කෙටිකාලීනව කෙරෙන උපාය මාර්ගික වශයෙන් වටිනා රාජ්‍ය වත්කම් විකිණීමට වඩා තිරසාර විසඳුම් අවශ්‍ය වේ.
2022 මැයි/ජූනි මාස වන විට ශ්‍රී ලංකාවේ ණය ඇමෙරිකානු ඩොලර් බිලියන 51ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, ISB හිමියන්ට සහ Blackrock වැනි මූල්‍ය සමාගම්වලට ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක පමණ ණය ගෙවීමට ඇත. මෙම සමාගම් ඇමරිකානු එක්සත් ජනපද රජයේ 'කොවිඩ්-19 සහන අරමුදල්’ ලබාගෙන ඇති අතර ඒවා යොදාගෙන ආර්ථික වශයෙන් විනාශකාරී කොවිඩ්-19 ලොක්ඩවුන් හරහා ලොව පුරා රටවල වත්කම් අහිමි කිරීමට (asset stripping) සහ දුප්පත්කම ඉහළ නැංවීමට ක්‍රියා කර ඇත.
ණය ගැති බවේ ප්‍රභවයන් සහ පැහැර හැරීමේ හේතු පිළිබඳව මාධ්‍යවල පුළුල්ව පැතිරුණු  වැරදි තොරතුරු මධ්‍යයේ, ශ්‍රී ලංකාව මේ වසරේ අප්‍රේල් මාසයේදී, ස්වාධීන රාජ්‍යයක් ලෙස ණය පැහැර හැරීම සිදු කළ පළමු අවස්ථාව උදාවිය. මේ ණය ගෙවීම පැහැර හැරීමට හේතු වී ඇත්තේ 50% කට ආසන්න ප්‍රමාණයක් වන ISB වෙත ගෙවිය යුතු ණයයි.
ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව ඔවුන්ගේ බහුපාර්ශ්වික ණය අයකර ගැනීම කල් දැමීමට කැමැත්ත පළ කර ඇති අතර ජපානය, චීනය සහ ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල් දරන ද්විපාර්ශ්වික ණය ගෙවීම කල් දැමීමට කැමැත්ත පළ කර ඇත. ණය අවලංගු කිරීමට අමතරව සමඟ ඩොලරය මත යැපීම ඉවත් කිරීම සහ ජ්‍යාත්‍යන්තර වෙළදාම සදහා ඩොලරයට අමතරව මුදල් ඒකක ගණනාවක් යොදා ගැනීම (currency basket) අවශ්‍ය වේ. ISB ණය උගුල සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් නිර්ණය කරන මුදල අවප්‍රමාණය කිරීමට පියවර ගැනීම නිසා රජයට මූල්‍ය ස්වාධීනත්වය සහ මූල්‍ය ස්වෛරීභාවය අහිමි වන අතර මෙය වර්තමාන ආහාර, ඉන්ධන, ඖෂධ, පොහොර, ගෑස් යනාදිය හිඟයට මුල වේ. 'අතිශයින්ම වරප්‍රසාදිත' ඩොලරයේ ප්‍රකාශිත හිඟය කෘතිමව නිර්මාණය කරන ලද බංකොලොත්බවේ වඩාත්ම විනාශකාරී බලපෑමයි.
එක්සත් ජනපද පුරවැසියන්ද ඇතුළත් වන රාජපක්ෂ පවුල විසින් සොරකම් කරන ලද වත්කම් ආපසු ලබා දීම අත්‍යවශ්‍ය වන අතර, ණය යුක්තිය, ණය කපා හැරීමක් සහ ණය අවලංගු කිරීමේ අවශ්‍යතාවය ඊටත් වඩා වැඩි බවත් වර්තමාන ජාත්‍යන්තර මූල්‍ය ව්‍යුහය ඊට නොගැලපෙන බවත් අපි විශ්වාස කරමු. විශේෂයෙන්ම, ගෝලීය සියයට 1 සඳහා වැඩ කරන සහ ඉතිරිය මත බර පටවන ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) භූමිකාව ප්‍රශ්න සහගතය.
IMF සාකච්ඡා වල විනිවිදභාවය
ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ නීත්‍යානුකූල භාවයක් නොමැති නමුත් පුරවැසියන් නියෝජනය කරන බව කියන ආණ්ඩුවක් අතර සිදුවෙමින් පවතින සාකච්ඡා වල විනිවිද භාවය නොමැතිකම, ශ්‍රී ලංකාව සහ IMF අතර සහජයෙන්ම අසමාන සම්බන්ධතාවයක ප්‍රතිවිපාකයකි. එයට ප්‍රධාන හේතුවක් වන්නේ IMFහි තීරණ ගැනීමේ ක්‍රියාවලියට ඇමරිකා එක්සත් ජනපදය සහ පැරණි යුරෝපීය යටත්විජිත හිමි රටවල්වල දැඩි බලපෑමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ‘විනිවිදභාවය’ ඉල්ලා සිටින අතර සහ සියලුම ණය හිමියන්ට ‘සමාන ලෙස’ සලකන ලෙස ඉල්ලා සිටින නමුත්, ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය ගෙවීම පැහැර හැරීම පිටුපස සිටින ISB හිමියන්ගේ නම් ඉතාම පරිස්සමින් ආරක්ෂා කරන රහසකි!
2019 දී, ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් (Middle income country - MIC) ලෙස ලෝක බැංකුව විසින් වර්ගීකරණය කරන ලද අතර, එයින් පසු ශ්‍රී ලංකාව සහනදායී සංවර්ධන ණය සඳහා සුදුසුකම් නොලබන ලද අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඉහළ පොලී අනුපාත යටතේ පුද්ගලික ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් ණය ගැනීමට බලකෙරිණි. 2019දී බලයට පත් වූ නව රජය බදු කපා හැරීම නිසා රාජ්‍ය ආදායම සැලකිය යුතු ලෙස අහිමි විය. 2019 පාස්කු බෝම්බ ප්‍රහාර සහ වසර 2 ක මිලිටරිකරණය කරන ලද Covid-19 ලොක්ඩවුන් කිරීම සහ සාමූහික එන්නත් කිරීම් ආදී ප්‍රතිපත්ති වර්තමාන කෘතිමව නිර්මාණය කරන ලද ණය අර්බුදය අවුලුවාලීමට හේතු වී තිබේ.
2019 දී, ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් (MIC) ලෙස ලෝක බැංකුව විසින් වර්ගීකරණය කරන ලද නමුත් වසර තුනකට පසුව 2022 දී ඇතැම් ජාත්‍යන්තර ක්‍රියාකාරීන්ට අවශ්‍ය වී ඇත්තේ ශ්‍රී ලංකාව 'අඩුම සංවර්ධිත රටක්' (Least Developed country - LDC) ලෙස නැවත වර්ග කිරීම ය. ලෝකයේ දුප්පත්ම දුප්පතුන් අතරට එක් වීමට දිවයිනට සිදුව ඇත. එනම් වොෂින්ටනයේ සම්මුති භාෂාවෙන්, "අධික ණයගැති දුප්පත් රටක්" (Highly indebted poor country - HIPC) බවට පත්වීමට සිදුව ඇත.
LDC තත්ත්වය යනු ශ්‍රී ලංකාව සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට තමන්ගේම අභිලාෂයන් සඳහා ක්‍රියා කිරීම අත්‍යාවශ්‍ය මොහොතක ආර්ථික සහ විදේශ ප්‍රතිපත්ති ස්වාධිපත්‍යය සහ ස්වෛරීභාවය සැලකිය යුතු ලෙස අහිමි වීමයි. ඒ වෙනුවට ගොඩනැගෙමින් පවතින භූ දේශපාලනික මූලෝපායික කන්ඩායම්වලට සම්බන්ධ වීමට බල කිරීමයි. උදාහරණයක් ලෙස ඉන්දියානු සාගරය මුල් කරගෙන QUAD වැනි භූ දේශපාලනික මූලෝපායික කණ්ඩායම් සැලකිය හැකිය. මෙය සීතල යුද්ධයේ දෙවැනි අදියරයි (Cold war 2.0).
ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තේරී පත් නොවූ සහ පුරවැසියන්ට දැරීමට සිදුවන බර ඉහළ දමන ‘නීච ණය’ (Odious debt) ගොඩගැසීමේ ඉතිහාසයක් ඇති දේශපාලඥයන් සමඟ සිදු කරන විනිවිද භාවයෙන් තොර ගනුදෙනු හරහා ජනතා පරමාධිපත්‍යය සහ ජාතික ප‍්‍රතිපත්තිවල ස්වාධීනත්වය හෑල්ලූවට ලක්වෙමින් පවතින බව අපි සලකමු. නීච ණය ගොඩගැසීම සම්බන්ධයෙන් විශේෂයෙන් කැපී පෙනෙන්නේ රටේ විශාලතම මූල්‍ය වංචාවට සම්බන්ධ වූ අලුතින් පත් වූ අගමැතිවරයා සහ 2019 වන තෙක් එක්සත් ජනපද පුරවැසියෙකු වන ජනාධිපතිවරයා සහ ඥාති සංග්‍රහයේ ගිලී සිටින ඔහුගේ පවුලයි. ඔවුන් දැන් ජාතික වත්කම් විකිණීමට IMF සමඟ සාකච්ඡා කරනවාද?!
දේශීය සහ ගෝලීය මාධ්‍යකරණය තුළ ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් වැරදි තොරතුරු, අතිශයෝක්තිය සහ බිය ජනනය කිරීමේ පැහැදිලි රටාවක් තිබේ. ජාතියේ සහජ ධනය, එහි උපාය මාර්ගික වත්කම් සහ මේ රටේ ශක්තීන් මෙයින් අවතක්සේරු කරන අතර ද්‍රවශීලතාවය අහිමිවීම (illiquidity)  සහ බංකොලොත් බව (insolvency) අතර වෙනස හඳුනා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් IMF විසින් යෝජිත වත්කම් සහ රාජ්‍ය සතු ව්‍යවසාය (SOEs) කුණු කොල්ලයට විකිණීමට (fire-sale) පසුබිම සැකසී ඇත. 
ආර්ජන්ටිනාවේ සිට ග්‍රීසිය සහ ලෙබනනය දක්වා පැහැදිලිව පෙනෙන පරිදි, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා IMF හි සම්ප්‍රදායික ප්‍රවේශය, SOEs පුද්ගලීකරණය, කප්පාදු පියවර (austerity measures) සහ රටවල වත්කම් කුණු කොල්ලයට අලෙවි කිරීම (fire-sale) මගින් හුදෙක් තවත් ගැටළු ඇති කරන අතර දුප්පතුන් මත තවත් බර පටවයි. එසේම නීච ණය යනු නීත්‍යානුකූල භාවයක් නොමැති සහ දූෂිත යැයි ප්‍රසිද්ධ රජයන්ට නිසි සැලකිල්ලෙන් තොරව ISB ණය දීමේ ප්‍රතිඵලයකි. ඇත්ත වශයෙන්ම, ගෝලීය සියයට 1ක පිරිස සඳහා වැඩ කරන IMF යනු ගැටලුවේ කොටසක් මිස විසඳුම නොවේ. මැදි ආදායම් ණය උගුලට රටවල් හිර කරන 'පොම්ප කිරීම සහ බැහැර කිරීම' (pump and dump) සඳහා වූ දර්ශක සහ ඇල්ගොරිතම හැසිරවීම, විකෘතිකරන ලද දත්ත සහ දර්ශක, න්‍යාසයන්, LDC හෝ HIPC තත්ත්වය සහ රටවල්වල වත්කම් ඉවත් කිරීමේ පැරිස් සමාජයේ (Paris club) 'විසඳුම්' ද මේ අතරට අයත් වේ.
අවධානය යොමු කළ යුතු දකුණේ හඬ
ජාත්‍යන්තර ආධාර ව්‍යුහය තුළ සංවර්ධනය, ණය අවලංගු කිරීම සහ ණය යුක්තිය පිළිබඳ දකුණේ හඬ මත ගොඩනැගුණු ඉදිරි දැක්මක් සඳහා හදිසි අවශ්‍යතාවක් පවතී. ගෝලීය දකුණේ (Global south, එනම් ආසියානු, අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු රටවල්) බොහෝ රටවල් ISB ණය හිමියන්  විසින් නොසැලකිලිමත් ලෙස ණය දීමේ ප්‍රතිඵලයක් ලෙස මේ හා සමාන නීච ණය තත්ත්වයකට මුහුණ දී සිටී. මේ නිසා මේ තත්වයට ISB ණය හිමියන්ද වග කිව යුතුය.
බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම වන්නේ ණය අවලංගු කිරීම සහ ඩොලරට මතම යැපීම ඉවත් කිරීම සහ ඒ වෙනුවට විදේශ වෙළඳාම් කිරීමට විනිමය ඒකක කීපයක මිශ්‍රණයක් යොදා ගැනීම (currency basket) මිස IMF ප්‍රතිව්‍යුහගත කිරීම නොවේ; නිදසුනක් වශයෙන්, සම්බාධකවලට ගොදුරු වූ රුසියාවෙන් සමහර විට තේ වෙනුවට වට්ටම් සහිත තෙල් සහ ගෑස් මිලදී ගැනීමට හැකි විය හැකිය. තම නිපයුම් සහ මුදල් සඳහා හොඳ වටිනාකමක් ලබා දෙන ඕනෑම රටකින් තම අවශ්‍යතා ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ආර්ථික හා විදේශ ප්‍රතිපත්ති ස්වෛරීභාවය තිබිය යුතුය.
මූලෝපායික වත්කම් සහ වත්කම් බැහැර කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට තරයේ විරුද්ධත්වය ප්‍රකාශ කරමු: පෞද්ගලීකරණය කිරීමට නියමිත උපාය මාර්ගික ඉඩම්, ගුවන් තොටුපල, වරාය, ප්‍රවාහන, ටෙලිකොම් සංඛ්‍යාත සහ බලශක්ති යටිතල පහසුකම් ලැයිස්තුවක් දැනටමත් සකස් කර ඇත. යුගදනවි බලාගාරය එක්සත් ජනපදය පදනම් කරගත් නිව් ෆෝට්‍රස් සමාගමට අත්තනෝමතික ලෙස විකිණීම දැනටමත් තර්ජනයට ලක්ව ඇති ජාතික බලශක්ති සුරක්ෂිතභාවය සහ ප්‍රතිපත්තිමය ස්වෛරීභාවය තවදුරටත් අවධානමකට ලක් කර ඇත.
අද ශ්‍රී ලංකාවේ අවශ්‍යතා විදේශ නීති සමාගම් වන Lazard සහ Clifford Chance විසින් ISB වෙළඳුන් සමඟ ඊනියා IMF සාකච්ඡා වලදී නියෝජනය කරයි. පෞද්ගලීකරණයට උපදෙස් දීම සහ ඉන් පසු ලාභ ලැබීම යන දෙකටම සම්බන්ධ වූ Lazard අවස්ථා ගණනාවකදී රාජ්‍ය සමාගම්වල මිල අවතක්සේරු කර ඇති අතර, ඒ හරහා එහි වත්කම් කළමනාකරණ අංශයට අඩු මිලට කොටස් මිලදී ගෙන සැලකිය යුතු ලාභයකට නැවත විකිණීමට හැකි විය. .
ශ්‍රී ලංකාවේ නීති සමාගම්වලට සහ ගණකාධිකාරීවරුන්ට රටේ පුරවැසියන්ගේ අවශ්‍යතා නියෝජනය කළ නොහැකි තරමට ණය සාකච්ඡා සංකීර්ණ නම් සහ ණය පිළිබඳ දත්ත පවා ප්‍රශ්නකාරී නම්, ණය නීච ණය ගණයට වැටේ නම්, එහි හිමිකරුවන් නොදන්නේනම්, සහ සාකච්ඡා විනිවිදභාවයෙන් තොර නම් ඊනියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා ක්‍රියාවලියේ නීත්‍යානුකූලභාවය, විනිවිදභාවය සහ වගවීම පිළිබඳ ප්‍රශ්නයක් පැන නගී. ග්‍රීසිය, ලෙබනනය සහ ආර්ජන්ටිනාව සහ අනෙකුත් රටවල ජ්‍යත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා වලදී ද එවැනි ගැටළු මතු විය.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර නීතිය යටතේ සියලු මානව හිමිකම් සාක්ෂාත් කර ගැනීම සඳහා පූර්ව කොන්දේසියක් ලෙස ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය සහ ඔවුන්ගේ ධනය, සම්පත් සහ ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳ ස්ථිර ස්වෛරීභාවය තහවුරු කරයි. එසේම, රාජ්‍යවල ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය, අනෙකුත් රාජ්‍යයන් සමඟ සබඳතාවල සමානාත්මතාවය සහ ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේ ස්වයං පාලනය පිළිබඳ මූලධර්ම ගෝලීය Covid-19 සහ අනෙකුත් 'වසංගත' සහ දේශගුණික ව්‍යසන ආඛ්‍යාන මගින් ඛාදනය කළ නොහැකිය.
තිරසාර විසඳුම්: දිගු කාලීන, මධ්‍ය කාලීන, කෙටි කාලීන
අපි ණය සහනවලට වඩා බොහෝ දේ ඉල්ලා සිටින අතර ණය යුක්තිය ඉල්ලා සිටිමු. ශ්‍රී ලංකාවේ අර්බුදය මානුෂීය ව්‍යසනයක්” ලෙසින් සලකන විටදී එය ආර්ථික, දේශපාලන, සමාජීය සහ භූ දේශපාලනික මානයන් සහ ගතිකත්වයන් සමඟ වඩාත් සංකීර්ණව බැඳී ඇති බව ඉතා පැහැදිලිය. එබැවින් ආර්ථික සහ සාමාජීය වශයෙන් වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ගේ ජීවිත වැඩිදියුණු කිරීමට සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ සහ ඔවුන්ගේ රාජ්‍යයේ ස්වෛරීභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා විසඳුම් නිසි ලෙස සැලසුම් කිරීම, සකස් කිරීම සහ ඉලක්ක කිරීම කළ යුතුය.
1. අපි ණය අහෝසියක් (debt jubilee) ඉල්ලා සිටින අතර, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් ණයට හිර කර ඇති අපරික්ෂාකාරී ණය දීමේ යෙදී සිටින BlackRock (එය ද Adani කොටස් ද ඇත) වැනි ISB ණය හිමියන් විසින් දරා සිටින නීච ණය කපා හරින ලෙස ඉල්ලා සිටිමු. Covid-19 මානව ඉතිහාසයේ විශාලතම ධනස්කන්ධයක් ආර්ථික ඉණිමඟේ පහළ සිට ඉහළට මාරු කිරීමට මග පෑදීය.
2. ශ්‍රී ලංකාවේ මුල්‍ය ස්වෛරීභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ දකුණු-දකුණු සහයෝගීතාව ප්‍රවර්ධනය කරන සහ අවශ්‍යතා සහ අභිලාෂයන්ට ප්‍රතිචාර දක්වන සංවර්ධන මාවතක් අනුගමනය කිරීම සඳහා ඩොලරය මත යැපීම ඉවත් කිරීමේ ක්‍රියාවලියක් සහ විනිමය මිශ්‍රණයක් හරහා (currency basket) වෙළඳාම් කිරීමේ ක්‍රියාවලියක් වහා ආරම්භ කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු. ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ. ගෝලීය දකුණේ ශ්‍රී ලංකාව සහ අනෙකුත් ණය සිරවී සිටින රටවල් සඳහා වත්මන් ජාත්‍යන්තර සංවර්ධන ව්‍යුහයේ අදාළත්වය ප්‍රශ්න කළ යුතුය. IMF, WB, OECD, Paris Club of Donors වැනි ආයතන සමඟ ශ්‍රී ලංකාව සිය සබඳතා යළි සලකා බැලිය යුත්තේ එහි ස්වෛරීභාවය සහ ප්‍රතිපත්ති ස්වාධීනත්වය බිඳ නොදැමෙන ආකාරයෙන් එහි පුරවැසියන්ගේ අභිලාශ සඳහා ක්‍රියා කිරීමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලින් සහ ඇමරිකානු එක්සත් ජනපදයේ වෙළඳ සම්බාධකවලින් තොර ස්වාධීන රටක් ලෙස සාකච්ඡා කිරීමේ හැකියාව ගොඩනගාගැනීමටයි. 
3. දිවයිනේ භූ මූලෝපායික වටිනාකම සහ ආරක්ෂක ගැටළු නොසලකා හරිමින් ඉඩම්, ගුවන් තොටුපළ, වරාය, ටෙලිකොම් සංඛ්‍යාත, ප්‍රවාහන හා බලශක්ති යටිතල පහසුකම් ඇතුළු උපාය මාර්ගික වත්කම් පුද්ගලීකරණය සඳහා ගෙන යන සියලුම මුලපිරීම් සහ ක්‍රියාමාර්ග වහාම නතර කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු. 
4. වත්මන් ගෝලීය බලශක්ති යුද්ධ, භූ දේශපාලනය සහ ගෝලීය මිලිටරි ව්‍යාපාරික කර්මාන්ත සංකීර්ණයේ කාබන් පිරිවැය දරා ගැනීමට කුඩා රාජ්‍යයකට බල කරන 'දේශගුණික ව්‍යසන' කතිකාවන් පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබා ගනිමින් ජාතික බලශක්ති සහ ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු. ආහාර සුරක්‍ෂිතතාව තහවුරු කිරීමේදී ඉතා වැදගත් වන්නේ ආහාර සැපයුම් දාම නඩත්තු කිරීම සහ ඉන්ධන සලාක ලබාදීමේදී ධීවර හා කෘෂිකර්ම අංශ සඳහා ඉන්ධන සඳහා ප්‍රමුඛතාවය දීමයි. බදුකරණය තාර්කික කිරීම සහ ධනවතුන් ඉලක්ක කිරීම - ගොවීන්, ධීවරයින් අවිධිමත් අංශයේ අස්ථිර කම්කරුවන් සහ කුඩා හා මධ්‍ය කාලීන ව්‍යවසායන් වැනි වඩාත් අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට ඔවුන්ගේ ජීවනෝපාය පවත්වාගැනීමට අවස්ථාව සැලසීම වැදගත් වේ. එවැනි ප්‍රතිපත්තියක් නොමැති විට, දිවයිනේ කුඩා කාබන් පියසටහන නොසලකා හැර, ප්‍රමාණවත් සංක්‍රාන්ති සැලැස්මක් සහ තාක්ෂණ හුවමාරුවක් නොමැතිව හරිත බලශක්තිය” වැනි දේශගුණික ආඛ්‍යාන සහ කාබනික පොහොර සඳහා ඉක්මන් වීම ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් දකුණු ගෝලීය රටවල වර්තමාන ඉන්ධන, ආහාර සහ ආර්ථික අර්බුදයට සැලකිය යුතු ලෙස දායක වී තිබේ. 
5. Covid 19 ලොක්ඩවුන් කිරීම්, නිවාඩු දින යන මුවාවෙන් ජාතික ආයතන සහ අධීක්ෂණ ආයතන දුර්වල කිරීම, කෘතිමව නිර්මාණය කරන ලද ඉන්ධන හිඟය, විමධ්‍යගතකරණය සහ අකාර්යක්ෂම ඩිජිටල්කරණය, වසංගතයක් බවට පත්ව ඇති දූෂණය සහ වගවීමේ ඌනතාවය නිසා ඇතිවූ  ප්‍රතිවිපාක ආමන්ත්‍රණය කිරීම සඳහා පාලනය කිරීම පිණිස රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම ඉතා වැදගත් වේ. පොදු ප්‍රවාහනය වැනි සේවා දියුණු කිරීමට වඩාත් බලශක්තිය කාර්යක්ෂමව යොදා ගන්නා සහ පරිසර හිතකාමී පියවරයන් ගත හැකි අතර සහ දේශපාලකයන්ට සහ වරප්‍රසාද ලත් 'වෘත්තීය' පන්තිය සඳහා තීරුබදු රහිත කාර් බලපත්‍ර අහෝසි කිරීම අවශ්‍ය වේ. අවසාන වශයෙන්, පුරවැසියන් දේශීය කර්මාන්තයට සහ නිෂ්පාදකයින්ට සහාය වන පරිදි දේශීය නිෂ්පාදන මිලට ගැනීම” ප්‍රවර්ධනය කිරීමට රජය විසින් මෙහෙයවන පාරිභෝගික අධ්‍යාපන වැඩසටහනක හදිසි අවශ්‍යතාවයක් පවතී.
2022 ජූනි 24 වැනි දින, ශ්‍රී ලංකාව, ප්‍රංශය සහ ඕස්ට්‍රේලියාවේදී මෙම ප්‍රකාශය ලියා අත්සන් කරන ලදී:
තමරා කුනනායගම් මහත්මිය ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති/නිත්‍ය නියෝජිතවරිය වූ අතර බ්‍රසීලයේ සහ කියුබාවේ හිටපු තානාපතිනිය ද වූවාය. ඇය එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය ක්‍රියාකාරී කණ්ඩායමේ සභාපතිනිය / වාර්තාකරු ලෙස සහ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ (OHCHR) ජ්‍යෙෂ්ඨ නිලධාරිනිය ලෙස සේවය කළාය.
ආචාර්ය ධාරිනී රාජසිංහම්-සේනානායක යනු ජාත්‍යන්තර සංවර්ධනය සහ දේශපාලන ආර්ථික විශ්ලේෂණ පිළිබඳ පර්යේෂණ විශේෂඥ දැනුමක් ඇති සමාජ හා වෛද්‍ය මානව විද්‍යාඥවරියකි. ඇය "ජාත්‍යන්තර සංවර්ධන ව්‍යුහයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ දකුණු දැක්මක්" (Southern perspectives on Reform of the International Development Architecture) පිළිබඳ ජාත්‍යන්තර මෙහෙයුම් කණ්ඩායමේ සාමාජිකාවක් වූවාය.
ජෙරමි ලියනගේ මහතා සමාජ විද්‍යාව පිළිබඳ ගුරුවරයකු, ප්‍රජා සංවර්ධන කථිකාචාර්යවරයකු වූ අතර පල්ලියේ, ප්‍රජා සහ රාජ්‍ය අංශවල තනතුරු හෙබවීය. Bridging Lanka නම් පුණ්‍යායතනය ආරම්භ කිරීමට පෙර ජෙරමි ඕස්ට්‍රේලියාවේ පළාත් පාලන ආයතනවල ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්තිමය තනතුරුවල සේවය කළේය.
සම අත්සන් කරන්නන්
ආචාර්ය දර්ශන කස්තිරිරත්න, සහකාර මහාචාර්ය, පරිගණක විද්‍යා සහ මෘදුකාංග ඉංජිනේරු පීඨය, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT)
ආචාර්ය මයිකල් රොබට්ස් - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශයේ (1961-76) සහ ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අංශයේ (1977-2003) ඉතිහාසඥ සහ කථිකාචාර්ය. රෝඩ්ස් විශාරද. ඔහුගේ ප්‍රධාන කෘති වන්නේ කෘෂිකාර්මික ඉතිහාසය, සමාජ සංචලනය, ජාතිකවාදය සහ වාර්ගික ගැටුම් ය
ආචාර්ය සන්ධ්‍යා හේවාමාන්න - මානව විද්‍යාව පිළිබඳ මහාචාර්ය, එසෙක්ස් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශය, සහ IMPACT-Global Work හි අධ්‍යක්ෂ
මහාචාර්ය ජයදේව උයන්ගොඩ, කොළඹ විශ්වවිද්‍යාලය, දේශපාලන විද්‍යාව සහ ජ්‍යාත්‍යන්තර සබඳතා පිළිබද මහාචාර්ය.
මහාචාර්ය Kristian Stokke සමාජ විද්‍යා සහ මානව භූගෝල විද්‍යා අංශය ඔස්ලෝ, නෝර්වේ
කැනඩාවේ වින්ඩ්සර් විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා සහ අපරාධ විද්‍යා අංශයේ මහාචාර්ය ආර්. චෙරන්
මහාචාර්ය අශෝකා බණ්ඩාරගේ - කැලිෆෝනියා සමෝධානික අධ්‍යයන ආයතනයේ ශාස්ත්‍රීය සහ කීර්තිමත් (අනුබද්ධ) මහාචාර්ය. ඇය යේල් විශ්ව විද්‍යාලය, බ්‍රැන්ඩිස් විශ්ව විද්‍යාලය, මැකැලෙස්ටර් විද්‍යාලය, ජෝර්ජ්ටවුන් විශ්ව විද්‍යාලය, යුරෝපීය සාම විශ්ව විද්‍යාලය සහ මවුන්ට් හොලියෝක් විද්‍යාලය, එම්ඒ යන ස්ථානවල ඉගැන්වූවාය.
ආචාර්ය රෝහිණී හෙන්ස්මන් මුම්බායි සහ ලන්ඩන් පදනම් කරගත් කම්කරු අයිතීන්, ස්ත්‍රීවාදය, සුළුතර අයිතීන් සහ ගෝලීයකරණය පිළිබඳව කටයුතු කරන ලේඛිකාවක්, ස්වාධීන විශාරදවරියක් සහ ක්‍රියාකාරිනියකි.
P.C නාදන් මහතා - ලංකා වෙළඳ හා පොදු සේවක සංගමයේ (CMU) නියෝජ්‍ය මහලේකම්, ශ්‍රී ලංකාවේ වාණිජ අංශයේ විශාලතම වෘත්තීය සමිතිවලින් එකකි.
රංජිත් සෙනෙවිරත්න මහතා - සමුද්‍ර ඉංජිනේරු සහ රෝමයේ FAO හි හිටපු නිලධාරියෙකු වන ඔහු දැන් රසායනික නොවන ජෛව විවිධත්වයෙන් යුත් ‘වන උද්‍යාන’ වගා ක්‍රම ප්‍රවර්ධනය කරයි.
ත්‍යාගරාජා වරදාස් මහතා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - කොළඹ විශ්ව විද්‍යාලයේ පොදුරාජ්‍ය මණ්ඩලීය විශාරද - බාත් විශ්වවිද්‍යාලය, U.K. Rotary Peace Fellow (ස්වීඩනය-ශ්‍රී ලංකාව) CWDF හි සම-නිර්මාතෘ, CHATHRA, Jaffna Sangam
ලැසිල් ද සිල්වා මහතා - හිටපු අධ්‍යක්ෂ, පරිපාලන, සහ හිටපු අධ්‍යක්ෂ, ව්‍යවස්ථාදායක සේවා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
හිරාන් ප්‍රනාන්දු මහතා - විශ්‍රාමික රසායන ඉංජිනේරුවරයෙකි, ඔහු වසර 25 කට වැඩි කාලයක් යුනිලීවර් හි සේවය කර දැනට සිවිල් සේවා ක්‍රියාකාරකම්වල නිරතව සිටී.
ආනන්ද වීරසේකර මහතා - විශ්‍රාමික මානව සම්පත් කළමනාකරණ විශේෂඥ සහ සමාජ ක්‍රියාකාරී
ගාමිණී ලින්දගෙදර මහතා - යාන්ත්‍රික ඉංජිනේරු සහ සමාජ ක්‍රියාකාරි
හර්මන් කුමාර මහතා - ජාතික කැඳවුම්කරු, ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය, ප්‍රජා අභිලාෂ ඉඩම් හිමිකම් ජාලයේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය
පීටර් රෙසෙල් මහතා: කළමනාකරණ උපදේශක සහ උපායමාර්ගික ආශ්වාදයේ ප්‍රධානියා
අශෝක සිරිවර්ධන මහතා - කලින් දේශපාලන විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය; ලන්ඩනයේ පොදුරාජ්‍ය මණ්ඩලීය ටෙලිකොම් සංවිධානයේ ජාත්‍යන්තර සිවිල් සේවකයෙකු සහ විශ්‍රාමික නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ශ්‍රී ලංකා ටෙලිකොම්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress