ශ්‍රී ලං.ග.ම. සේවක වර්ජනය අවසන්.
Posted on July 8th, 2022
සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය.
ලංකා ගමනාගමන මණ්ඩලය හා ඊට අයත් ඩිපෝවල සේවයේ නියුතු සේවකයින්ට සේවයට වාර්තා කිරීමේදී බලපා තිබූ ඉන්ධන හා ප්‍රවාහන පහසුකම් නොමැතිවීම මත සේවකයින්ට සේවයට වාර්තා කිරීමට නොහැකි වීමෙන් පොදු ප්‍රවාහන සේවය බිඳවැටීම වළක්වමින් අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙස ඉල්ලමින් 2022 ජූලි 08 දින ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වර්ජනය ක්‍රියාත්මක නොකිරීමට ශ්‍රී ලංගම වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය තීරණය කරන ලදී.
2022 ජූලි 08 (අද) පස්වරු 2.00 ට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන හා ශ්‍රී ලංගම සභාපති වරයා ඇතුලු බලධාරින් හා වෘත්තීය සමිති නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව නියමිත වර්ජනය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කරන ලදී.
විෂයභාර අමාත්‍යවරයා හා ශ්‍රී ලංගම සභාපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී පොදු මගී ප්‍රවාහන සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට සේවකයින්ට ඩිපෝ වෙත වාර්තා කිරීමට බාධාවක් නොවන පරිදි ඉන්ධන පහසුකම් ලබාදීමට එකඟවීමත් සමග අදාල වර්ජනය සිදුනොකරන බවත්, අදාල එම එකඟතාවය ලිඛිතව ලබාදීමට විෂයභාර අමාත්‍යවරයා එකඟ වූ බවත් දන්වා සිටිමු.
ආණ්ඩුව රටේ සියලු ජනතාව පීඩවට පත්කර ඇති මොහොතක ජනතාවගේ ප්‍රවාහන පහසුකම් අවම වශයෙන් හෝ සැපයීමට ඇති ශ්‍රී ලංගම බස්රථ අඛන්ඩව ධාවනය කරමින් ජනතාවගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් වෘත්තීය සමිති ඒ පිළිබඳව අඛන්ඩව අවධානය යොමුකරන අතර, ශ්‍රී ලංගම සේවක පිරිස් වල අයිතීන් දිනාගැනීම වෙනුවෙන් හා පොදු ජනතාවගේ අයිතීන් වෙනුවෙන් අප සංගමය අඛන්ඩව පෙනි සිටින බවත්, ශ්‍රී ලංගම වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය ලෙස පොදු ජනතාවගේ අයිතීන් වෙනුවෙන් අඛන්ඩව අරගල කරන බවත් අප සංගමය ප්‍රකාශ කරන්නෙමු.
ස්තුතියි.
මෙයට,
ශ්‍රී ලංගම වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය වෙනුවෙන්,
සේපාල ලියනගේ
ප්‍රධාන ලේකම්
සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය.