ආර්ථික අර්බුදය ඇති වූයේ කෞටිල්‍යෙගේ දියකාවා උකුසු කුමන්ත්‍රණයට ලංකාව හසු වීම නිසයි
Posted on July 15th, 2022

නිදහස් සමාජ විද්‍යාඥ උපාලි ගුණසේකර

(2022. 04.19. දින Daily News පුවත් පතේ 7 වැනි පිටුවේ පළ කරන ලද ලිපියේ සිංහල අනුවාදයයි)

ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට දියකාවා උකුසු කුමන්ත්‍රණ න්‍යාය ක්‍රියාත්මක වෙන්නේ කෙසේද? යන පර්යේෂණ ගැටලුවට පිළිතුරු සෙවීමට 2010 වසරේ දී මා විසින් සමාජ විද්‍යාත්මක පර්යේෂණයක් ආරම්භ කරන ලදී.

එම පර්යේෂණයේ සාරාංශයක් සහ ඒ පර්යේෂණය ඇසුරින් ගොඩනගන ලද අනාවැකියේ සාරාංශයක් 2021 දෙසැම්බර් 20 වන දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රෙය්දී මා විසින් ප්‍රකාශයට පත් කරන ලදී. එම ප්‍රකාශය ඇන්ටි ඉලුමිනාටි යූ ටියුබ් නාලිකාවේ ප්‍රකාශයට පත් කර ඇත. මෙම ලිපිය පදනම් වී ඇත්තේ ඇන්ටි ඉලුමිනාටි යූ ටියුබ් නාළිකාවේ පළ වූ එම ප්‍රකාශය මතය.

ලංකාවේ ප්‍රධාන සිංහල දේශපාලන පක්ෂ දෙක 2020 දී දෙකඩ කර එසේ කඩා දැමූ කෑලි හතරෙන් කෑලි දෙකක් නැවත එකට එකතු කර අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවා එම පක්ෂයට මුස්ලිම් හා දෙමළ ඡන්ද දායකයන්ගේ චන්ද ලබාගෙන ලංකාවේ දේශපාලන බලය එම පක්ෂයට අත්පත් කර ගත හැකි බවට A.H.M. අෂ්රොෆ් මහතා විසින් පුවත්පතකට ප්‍රකාශයක් කර තිබුණේ 1993 දී ය. ඔහු ජාතික සමගි පෙරමුණ නමින් දේශපාලන පක්ෂයක් පිහිටෙව්වේ එම සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා ය.

මෙරට කොටි ත්‍රස්තවාදය පැවැති සමයේදී අෂ්රොෆ් මහතා මිය ගියේය. අෂ්රෝෆ් මහතාගේ දේශපාලන සැලසුමට සමාන ඊට වඩා භයානක ආකාරයෙන් රහසිගත දේශපාලන කුමන්ත්‍රණයක් 2010 වර්ෂයේදී නැවත කරළියට පැමිණියේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාම එක රොදකට ගන්නවා කියමින් ගඩොල් කැටයක් අරගෙන රට වටේ ගමන් ආරම්භ කරමින්ය. නිජභූමි සංකල්පය වෙනුවට රන් භූමි සංකල්පය ඔවුන් විසින් එම අවස්ථාවේදී ප්‍රකාශයට පත් කරන ලදී.

සිංහල දෙමළ මුස්ලිම් සමගි දේශපාලන පෙරමුණක් නිර්මාණය කිරීමට අෂ්රොෆ් මහතා අනුගමනය කළ ආකෘතිය සහ දැයම එක රොදකට ගැනීමට රන් භූමි කුමන්ත්‍රණකරුවන් අනුගමනය කළ ආකෘතිය මූලික වශයෙන් සමාන වූ අතර රන් භූමි කුමන්ත්‍රණකරුවන් අෂ්රොෆ්ට වඩා සූක්ෂම හා රහසිගත බව හොදින් නිරීක්ෂණය විය. රන්භූමි කණ්ඩායමේ නියෝජිතයන්ව ජනතාව අතර ප්‍රසිද්ධ කිරීමෙන් පසුව මැතිවරණ වලට තරග කිරීම සදහා විවිධ දේශපාලන පක්ෂවලට ඡන්ද අපේක්ෂකයන් වශයෙන් ඔවුන්ව ඉදිරිපත් කරන ලදී . ඔය අතරේ මා විසින් “හෙට” නමින් පුවත්පතක් පටන් ගන්නා ලද අතර එය පුවත්පත් මණ්ඩලයේ ලියාපදිංචි කරන ලදී. 2014 වසරේ ‘හෙට’ පුවත්පතේ එක් කලාපයක සිරස්තලයක් වශයෙන්

‘‘දකුණු ඉන්දියානු මහරාජා ආක්‍රමණය 2020 දී නියතයි යනුවෙන් යොදා උප සිරැසි වශයෙන් යෙදූවේ

“හැම පක්ෂයකටම ගෝලයෝ දාලා”, “සියලු ගෝලයෝ 2020 දී එක පක්ෂයකට එනවා” යනුවෙන් ය. මා මෙම අනාවැකියට පැමිණියේ මෙම කණ්ඩායමේ දේශපාලන හැසිරීම් නිරීක්ෂණය කරමින් එක්රැස් කරන ලද දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසුවය.

දැන් මට බය නැතුව කියන්න පුළුවන් මම එදා 2014 දී කියපු අනාවැකියත් සමගි ජනබල වේගය ආරම්භයත් අතර සමානකමක් තියෙන බව. 2014 අවසානයේ දී ශ්‍රීලනිපය දෙකඩ කරන ලදී. 2020 දී එක්සත් ජාතික පක්ෂය දෙකඩ කරන ලදී. දෙකඩ වූ එජාපයේ ලොකු කෑල්ල සහ මුස්ලිම් දෙමළ මන්ත්‍රීවරුන් කීප දෙනෙක් එකතු කොට ‘සමගි ජන බලවේගය’ නමින් පක්ෂය ගොඩනැගූ අතර 2020 දී සමගි ජනබලවේගය කෙසේ හෝ බලයට ගෙන ඒමේ සූක්ෂම කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක විය.

පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට එන මෛත්‍රීපාල මහතාගේ කණ්ඩායමේ සහාය සමගි ජන බලවේගයට ලබාගෙන පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා 19 වෙනි සංශෝධනයේ ප්‍රතිපාදන පරිදි සමගි ජන බලවේගයෙන් අගමැති වරයෙක් පත්කර ගෙන ආණ්ඩු බලය අත්පත් කර ගැනීමේ රහස් සැලසුමක් තිබුණි. අෂ්රොෆ්ගේ සැලසුම ව තිබුණේ තම පක්ෂයට ලැබෙන චන්ද වලින් පත් වෙන මන්ත්‍රීවරුන් මගින් පාර්ලිමේන්තු බලය ඇල්ලීමයි. එහෙත් මෙම සැලසුම ක්‍රියාත්මක වූයේ තනි සිංහල පක්ෂයක් වූ පොහොට්ටුවට ලැබෙන චන්ද වලින් පත් වෙන මෛත්‍රීපාල මහතාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ව දියකාවා උකුසු න්‍යායට අනුව රන්භූමි කුමන්ත්‍රණකරුවන්ගේ සමගි ජන බලවේගයට ඩැහැ ගැනීමටයි

මෙය මගේ පර්යේෂණයේ ප්‍රධාන උපකල්පනය විය. මම මෙම උපකල්පනයට පැමිණියේ 2020 මහ මැතිවරණයේ කැන්වස් කාලය තුළ සහභාගීත්ව නිරීක්ෂණ ක්‍රමය යටතේ රැස් කරන ලද දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසුවය.

ලංකාවේ දේශපාලන බලය අල්ලා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ දී බහුතරය සාදා ගැනීමට දේශපාලන පක්ෂ එකතු කරන ආකාරය රන් භූමි සමීකරණය වශයෙන් මගේ වාර්තා වල සඳහන් කර ඇත. රන් භූමි සමීකරණය වනාහී උපකල්පිත නිගමනයක් ලෙස නිරීක්ෂණ විශ්ලේෂණය මගින් ගොඩ නගන ලද්දකි.

රන් භූමි සමීකරණය මන්ත්‍රීවරුන් 113+ ලෙස සමතුලිත කිරීම කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණ බව පැහැදිලි විය. එම සමීකරණය මන්ත්‍රීවරු 113+ මන්ත්‍රීවරු වශයෙන් සමතුලිත කරන්නේ කෙසේද? දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්, මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන්, සමගි ජන බලවේග මන්ත්‍රීවරුන්, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්, එක්සත් ජාතික පක්ෂයේ නවක මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහ සිංහල සුළු පක්ෂවලින් පාර්ලිමේන්තු පැමිණේයැයි සිතූ මන්ත්‍රීවරුන් අතලොස්සක් පාර්ලිමේන්තුවේදී එකට එකතු කර ගැනීමෙනි. 19 වැනි සංශෝධනයේ ප්‍රතිපාදන අනුව පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරු 113+ සාදාගෙන යෝජනා ඉදිරිපත් කොට ඡන්දය ලබා දී අග්‍රාමාත්‍යවරයා ලෙස සජිත්ව පත් කිරීම මෙම කුමන්ත්‍රණයේ අවසාන අවස්ථාව බව මාගේ විශ්ලේෂණයේ වැඩි දුරටත් සඳහන් කරන ලදී. 2020 දී සමගි ජන බලවේගයට බහුතරයක් නොලැබුණොත් මේ සැලැස්ම ක්‍රියාත්මක කරන බව මාගේ පුරෝකථනය විය.

113+ සාදා ගැනීමට තවත් කණ්ඩායමක් එකතු වීමට සිටියේය. ඒ පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලූ මෛත්‍රීපාල මහතාගේ කණ්ඩායමයි. මැතිවරණයේ අවසාන භාගයේදී එම කණ්ඩායමට උකුස්සන් යනුවෙන් නමක් පට බැඳිණි. දියකාවා ඩැහැගත් මාළුවාට උකුස්සා ගැහුවා වගේ ගැහිල්ලක් මම ගහනවා යනුවෙන් මෙම මැතිවරණය අතරතුරදී මෛත්‍රීපාල මහතාගේ කටෙන් පිටවිය. මෛත්‍රීපාල මහත්තයාගේ දියකාවා උකුස්සා කතාවයි ප්ලෑන් බී එකෙන් ලංකාවේ බලය අල්ලන්න යනවා කියන මගේ අනුමාන නිගමනයයි අතර ලොකු සමානකමක් තිබෙන බව මෙහිදී මා හට නිරීක්ෂණය විය. ඒ අනුව මේ දේශපාලන කුමන්ත්‍රණය “දියකාවා උකුසු කුමන්ත්‍රණය” යනුවෙන් මා විසින් නම් කරන ලදී. දියකාවා උකුසු කුමන්ත්‍රණයෙන් ඔවුන් අදහස් කළේ යම් හෙයකින් ස්මගි ජන බලවේගයට බහුතර බලයක් ඇති ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වුවහොත් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ආණ්ඩුවක් පිහිටුවා පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයට පැමිණෙන විට එම සැසියේදී සමගි ජන බලවේගයේ අගමැතිවරයෙකු පත් කිරීම සඳහා 113+ මන්ත්‍රීවරුන් එකතු කර ගැනීම විය.

ශ්‍රී ලංකාවේ දේශපාලන බලය අල්ලා ගැනීමට ජාත්‍යයන්තරය විසින් දේශීය කුමන්ත්‍රණකරුවන් යොදාගෙන කරන කුමන්ත්‍රණයක් වශයෙන් මාගේ විශ්ලේෂණ වල සඳහන් ව ඇත. මෙහිදී සඳහන් කරන ලද තවත් අනාවැකියක් වූයේ මේ ආකාරයට පත් වෙන අගමැති සමඟ දෙවන දොන් ජුවාන් ධර්මපාල ගිවිසුම හෙවත් එම්. සී. සී. ගිවිසුම අත්සන් කරනු ලබන බවයි. එනම් නව ලෝක සමාජ ව්‍යුහය හෙවත් නිව් වර්ල්ඩ් ඕඩර් කුමන්ත්‍රණයට අනුව ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත් කිරීම එයින් ආරම්භ වෙන බවයි. දෙවන දොන් ජුවාන් ධර්මපාල ගිවිසුම යනු එම්.සී.සී. ගිවිසුමයි. දෙවන දොන් ජුවන් යනු මෙම කුමන්ත්‍රණය මගින් මන්ත්‍රීවරු 113+ සාදා ගෙන බලයට පත් වෙන අගමැති වරයායි.

( රනිල් වික්‍රමසිංහ මහතා දියකාවා උකුසු කුමන්ත්‍රණයට සම්බන්ධ නැති අතර ඔහු අගමැති තනතුරට පත් වූයේ දියකවා උකුසු කුමන්ත්‍රණයට අනුව නොවන බවද මාගේ විශ්ලේෂණ අනුව ප්‍රකාශ කර සිටිමි. එසේම අග්‍රාමාත්‍ය තනතුරට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතාට මම සුභ පතමි. 1952 දී දෙකඩ වූ ප්‍රධාන දේශපාලන පක්ෂය නැවත බිහි කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වීමත් සමග ශ්‍රී ලාංකික ජනතාවට උදා කර දීම සඳහා දියකාවා උකුසු කුමන්ත්‍රණය වෙස් වලාගත් ආශිර්වාදයක් බවට පත් වූ බවක් නිරීක්ෂණය වේ. සොබා දහමේ ආශිර්වාදයෙන් සිදු වූ මේ දේශපාලන සම්බන්ධතාව පළුදු නොකර ඉදිරියේදී තනි දේශපාලන පක්ෂයක් ගොඩනැගීමට දේශපාලනඥයන් සහ ජනතාව කටයුතු කළ යුතුය. පෘතුගීසීන් විසින් කෝට්ටේ සිංහල ලස්කිරිඥ්ඥා සෙබළු සහ සීතාවක හමුදාව එකතු කරගෙන කන්ද උඩරට සිංහල බෞද්ධ රාජධානිය ආක්‍රමණය කිරීමට පැමිණි අවස්ථාවේදී සිංහල ජාතිය සහ බුදු සසුන නැත්තටම නැති වෙන අවධානමකට පත් ව තිබුණි. එම අවස්ථාවෙදී විමලධර්මසූරිය රජතුමා පෘතුගීසි සේනාව සමග පැමිණි සීතාවක සේනාව තම පැත්තට හරවාගෙන පෘතුගීසි සේනාව සහ පෘතුගීසී සේනාවේ සිටි ජාතිද්‍රෝහී සිංහල ලස්කිරිඤ්ඤා සේනාව සමූල ඝාතනය කරන ලදී. එය ඓතිහාසික දන්තුරේ සටනයි. 2022. 05. 12 දින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සහ අගමැති වශයෙන් පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන ලද්දේ ඓතිහාසික දන්තුරේ සටනට නොදෙවෙනි සටනකි. මේ ජයග්‍රහනය ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලිවිය යුතුය. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් වීම මගින් නිව් වර්ල්ඩ් ඕඩර් කුමන්ත්‍රණයට රට ගොදුරු වීමට තිබූ අවධානම අඩු වූ බවද මෙහිදී සටහන් කර තබමි.)

2019 ජනාධිපතිවරණයේදී ද මගේ පර්යේෂණයේ අතුරු වාර්තාවේ පිටපත් පොහොට්ටුවේ දේශපාලනඥයන් බොහෝ දෙනෙකුට යවන ලදී. 2019 දී සකස් කළ අතුරු වාර්තාවේ සඳහන් අනුමාන නිගමන ඔප්පු කර පෙන්වීමට තරම් ප්‍රභල දත්ත නොතිබුණි.

දැන් ලංකාවේ සිදු වෙමින් පවතින්නේ මා විසින් 2020 මහ මැතිවරණය සමයේ දී පුරෝකථනය කරන ලද කුමන්ත්‍රණයේ අවසාන පූර්ව අදියර බව පැහැදිලිවම නිගමනය කොට ප්‍රකාශ කරමි. ලෝකයේ පාලන බලය පිළිම වන්දනා නොකරන ආගමිකයන් අතට අත් පත් කරගෙන පිළිම වන්දනාව නොකරන ආගමිකයන්ව වහල්ලු බවට පත් කර ගැනීම සඳහා වන් නේෂන් ස්ලෝගනය යටතේ කරනු ලබන නිව් වර්ල්ඩ් ඕඩර් ජාත්‍යන්තර කුමන්ත්‍රණයේ දේශීය කුමන්ත්‍රණයක් වශයෙන් මෙම කුමන්ත්‍රණය තව දුරටත් හඳුන්වා දිය හැකිය.

  1. 03. 26 දින සභ්‍යත්ව සංඛතන අංක 37 ෂූම් සාකච්ඡා වට සම්බන්ධ වෙමින් ඉඳුරාගාරේ ධමමරතන හිමි ද පෙන්වා දුන්නේ අපගේ රට ආක්‍රමණය කිරීම සඳහා කෞටිල්‍ය ගේ දියකාවා උකුසු ආකෘතිය ට අනුව දිගු කලක සිට කුමන්ත්‍රණය ක් සිදු වෙමින් පැවති බවයි. දියකාවා උකුසු ආකෘතියට අනුව ලංකාව යටත් විජිතයක් වන ආකාරයේ අසිරිය එම හිමි නම විසින් නරඹමින් සිරස මහරාජා සමග අත්වැල් බැඳගෙන සිටි අතර මේ අනතුර සිදු වෙන බවට රජයට අනතුරු ඇගවීම් සිදු කර ඇති බව වාර්තා නොවේ. මැදගොඩ අභයතිස්ස හිමි සමග කළ දුරකථන සාකච්ඡාවකදී උන් වහන්සේ මා හට ප්‍රකාශ කළේ කෞටිල්‍යගේ න්‍යායට අනුව කුමන්ත්‍රණයක් ලංකාවේ ක්‍රියාත්මක වෙන බව ධර්ම දේශනා මගින් හෙළි කළ බවයි.

දියකාවා උකුසු කුමන්ත්‍රණ ආකෘතිය පහත දැක්වේ. හයිටි රාජ්‍ය අස්ථාවර කිරීමටද ක්‍රියාත්මක කරන ලද්දේ තරුණ පරපුර ඉලක්ක කරගෙත ලෝකායතවාදී කාමුක ජීවන දර්ශනය හඳුන්වා දී ආර්ථික අර්බුදයක් ඇති කොට ඒ තුළින් දේශපාලන අර්බුදයක් නිර්මාණය වීමට සැලැස්වීමෙනි.

පියවර -1

දියකාවා උකුසු කුමන්ත්‍රණය ට අනුව මුලින්ම ජලාශ ය හිඳෙන්න හරිනු ලැබේ. එනම් රාජ්ය භාණ්ඩාගාර ය හිස් වීමට සැලැස්වීම යි. එය කරනු ලබන්නේ ලෝකායතවාදී ජීවන දර්ශනය හඳුන්වා දීමෙනි. එනම් කාමුක අතිපරිභෝජනවාදී ජීවන දර්ශනය හඳුන්වා දීමෙනි.

90 දශකයේ මුල් භාගයේ දී කුමන්ත්‍රණකරුවන් විසින් කාමුක දර්ශන යොදා ගෙන නිර්මාණය කළ වෙළඳ දැන්වීම් හරහා අත්‍යාවශ්‍ය නොවන විදේශීය භාණ්ඩ සඳහා වැඩි ඉල්ලුමක් නිර්මාණය කොට රටින් පිට ට යන ඩොලර් ප්‍රමාණය ඉහළ දැමීමට කටයුතු කර ඇත. මේ නිසා අපනයන ආදායම ඩොලර් බිලියන 10 ක් වෙද්දී ආනයන වියදම ඩොලර් බිලියන 20 ක් බවට පත් වී වාර්ෂික සෘණ වෙළඳ ශේෂය ඩොලර් බිලියන 10 ක් බවට පත් වී ඇත.

පියවර 2

ජලය සිඳී ගිය පසුව මාළුන්ගේ පෙනීම අඩු කිරීමට වතුර බොර කරනු ලැබේ.

ඒ අනුව බොරු ප්‍රචාරය කරමින් ජනතාව ගේ සිරස විකෘති කොට ගැටළුවට වග කිය යුත්තේ රජය පමණක් බව පෙන්වා දෙනු ලැබේ. වැඩි පුර භාණ්ඩ අපනයනය කිරීමට අසමත් වීම වැඩිපුර ආනයන පරිභෝජනය කිරීමට ජනතාව පෙළඹීම ආර්ථික අර්බුදය ට ප්‍රධාන හේතුව බව සගවා සම්පූර්ණ වරද දේශපාලකයන් පිට පටවා දේශපාලකයන් ව ජනතා වෛරයට භාජනය කරනු ලැබේ.දේශපාලකයන් මීට වග කිව යුතුය. එහෙත් ලෝකායතවාදී ජීවන දෘෂ්ටි ය හඳුන්වා දී බෞද්ධ ජීවන දර්ශනය බිඳ දැමීමට ඉඩ දූන් ස්වාමීන් වහන්සේලා ද.මීට වග කිව යුතුය. මේ රටේ තියෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියක් නියමින් සිංහල බෞද්ධ ජීවන දර්ශනය බිඳ දැමීමට පුද්ගලික නාලිකා වලට ඉඩ දී නිහඩව සිටි මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇතුළු සියලුම කතෝලික පූජකවරු වග කිව යුතුය. ලෝකායතවාදී ජීවන දර්ශනය මගින් ආර්ථිකය කඩා වැටෙන බව හඳුනා ගැනීම ට නොහැකි වූ ආර්ථික විද්‍යාඥයින් වග කිව යුතුය. එසේම ලෝකායතවාදී ජීවන දර්ශනය හඳුනාගැනීම ට නොහැකි වන පරිදි ආර්ථික විද්‍යාඥයින් බිහි කළ විශ්ව විද්‍යාල වල ආර්ථික විද්‍යා පීඨ ආචාර්ය මහාචාර්ය වරුද වග කිව යුතුය. විද්ශීය වෙළඳ පොළට කාර්මික නිෂ්පාදන යැවීමට නොහැකි වූ වෘත්තිකයන් හා තාක්ෂණ වේදීන් වග කිව යුතුය. ලෝකායතවාදී ජීවන දර්ශනය සමාජගත කළ පෞද්ගලික රූපවාහිනී නාළිකා හා ඒවායේ මාධ්‍යෙව්දීන් වග කිය යුතුය. මේ බව ජනතාවට අවබෝධ කොට දී පාලකයන් කෙරේ පමණක් ඇති කරන ලද ජනතා වෛරය සන්සිඳෙන්නට හැරිය යුතුය.

පියවර 3

මේ යටතේ ජලාශ යට ජලය එන ජලමාර්ග වසා දමනු ලැබේ.

රටට ඩොලර් එන මාර්ග අවහිර කිරීමට කුමන්ත්‍රණ කරුවන් කටයුතු කරන්නේ ඒ අනුව යි. රටට ඩොලර් නොඑවීමට විදෙස් ගත ශ්‍රමිකයන් පොළඹවා ගැනීම සඳහා කැම්පේන් එකක් සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක වෙයි. උණ්ඩියල් ක්‍රමයට ඩොලර් එවන ක්‍රම හඳුන්වා දී ඇත්තේද ඒ අනුවයි.

පියවර. 4

දියකාවන්ට මහා පරිමාණ යෙන් ජලාශයේ මාළු අල්ලා ගැනීමට සැලැස්වීම.

එනම් රාජ්ය අස්ථාවර කොට නව ආණ්ඩුවක් පිහිටුවීමට පසුබිම සකස් කොට දේශීය කුමන්ත්‍රණ කරුවාට ජයග්‍රහණය කිරීමට විදේශ ආධාර ලබා දීම. ගෝල්ෆේස් අරගලකරුවන්ට කෑම බීම මත් පැන් සැපයෙන්නේ විදේශීය ඩොලර් ආධාර මගින් බවට තොරතුරු ලැබී ඇත.

පියවර 5

දියකාවා මාළුවා ඩැහැගෙන උඩට එනවාත් සමගම උකුස්සා පැමිණ දියකාවා ගේ හොටේ සිටින මාළුවා ඩැහැ ගැනීම. එනම් දේශීය කුමන්ත්‍රණ කරුවා අත්පත් කර ගන්නා බලය විදේශීය කුමන්ත්‍රණ කරුවා විසින් අත්පත් කරගෙන රාජ්ය යේ සම්පූර්ණ බලය ක්‍රමානුකූලව අත්පත් කරගැනීම. දේශීය කුමන්ත්‍රණකරුවා බලයට පත් කොට ඔහු ලවා එම්.සී.සී. හෙවත් දෙවන දොන් ජුවන් ධර්මපාල ගිවිසුම අත්සන් කරවා ගැනීම මේ යටතේ සිදු වේ.

පියවර 6

මාළු ටික උකුස්සාගේ ගුදයේ අසූචි බවට පත් වී ගුදයෙන් එළියට ඒම.

එනම් විදේශීය කුමන්ත්‍රණ කරුවා ගේ වහල්ලු බවට පත් වීම. එනම් පිළිම වන්දනාව කරන ථෙරවාදී බෞද්ධ, හින්දු සහ රෝමානු කතෝලිකයන් පිළිම වන්දනාව නොකරන වන් නේෂන්වාදී නිව් වර්ල්ඩ් ඕඩර් ජාත්‍යත්තර කුමන්ත්‍රණකරුවන්ගේ වහල්ලු බවට පත් වීම. එනම් රට යටත් විජිතයක් බවට පත් වීම.

කුමන්ත්‍රණය පරාජය කිරීම

ඉහත පියවර අනුව ශ්‍රී ලංකාවේ නිව් වර්ල්ඩ් ඕඩර් යටත් විජිත ය පිහිටුවීමේ කුමන්ත්‍රණය අෂ්රොෆ් මහතා විසින් 1993 වර්ෂයේදී ද ආර්ථික කුමන්ත්‍රණය පුද්ගලික නාළිකා විසින් 1994 වර්ෂයේදී ද ආරම්භ කරමින් එහි අවසාන අදියර දක්වා මේ වන විට පැමිණ ඇත. මෙය පරාජය කිරීමේ හැකියාව තාමත් රජය සතුව ඇත. කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා ජනතා කැළඹීම පාලනය කර ගත යුතුව ඇත. ඒ සඳහා පහත පියවර අනුගමනය කිරීම කළ යුතු වේ.

පියවර 1

බොර කරන ලද ජලාශ යේ ජලය පෑදෙන්න ට ඉඩ හැරිය යුතුය.

දියකාවා උකුසු ආකෘතියට අනුව ජලාශය බොර කිරීම හෙවත් සමාජය තුළ මිථ්‍යාව හා ද්වේෂය පතුරුවා හරිනු ලබන්නේ මහජන කැළඹීම වර්ධනය කිරීමටයි. එසේ නම් මෙම කුමන්ත්‍රණ සැලසුම අක්‍රිය කිරීමට නම් කළ යුතු ප්‍රධාන කාර්යය වන්නේ මේ සිදු වෙන්නේ කුමන්ත්‍රණයක් බව ජනතාවට අවබෝධ කරවීමයි. එය කළ යුත්තේ රාජ්‍ය මාධ්‍ය මගිනි.

පියවර 2

අපි වැඩිපුර විදේශීය භාණ්ඩ පරිහරණය කොට ඉතා අඩුවෙන් දේශීය නිෂ්පාදන රට පැටවීම නිසා ඩොලර් බිලියන 10 ක සෘණ වෙළද ශේෂයක් වාර්ෂිකව නිර්මාණය වීම ආර්ථික අර්බුදය ට ප්‍රධාන හේතුව බව ජනතාවට ඒත්තු ගැන්විය යුතුය.

මෙම ඩොලර් බිලියන 10 ක සෘණ වෙළඳ ශේෂය පියවා ගත්තේ සංචාරක කර්මාන්තයෙන් සහ විදේශිය රැකියා නියුක්තිකයන් එවන ඩොලර් මගිනි. කොරෝනා වසංගත ය හමුවේ එම ආදායම් බිඳ වැටුණි. එමෙන්ම ණය වාරිකය වර්ෂයකට ඩොලර් බිලියන පහක් පමණ ගෙවීම ට සිදු වීම නිසා මහා භාණ්ඩාගාරයට ඩොලර් බිලියන 15කට ආසන්න මුදලක් වෙනදාට වඩා වාර්ෂිකව උපයා ගැනීමට සිදු විය. මෙම කරුණු පිළිබඳව මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීමට මෙතෙක් කටයුතු සිදු කර නැත. රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීම රාජ්‍ය මාධ්‍යෙය් වගකීමකි. එම වගකීම ඉටු කරන මෙන් ඉල්ලා සිටිමි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress