අමෙරිකානු තානාපතිනිය රාජ්‍යය තාන්ත්‍රික සීමාවෙන් ඔබ්බට යමින් සිටින බව වෘත්තිකයන් ඇයට ලිඛිතව දන්වයි 
Posted on July 26th, 2022
Lanka Lead News

ගරු ජුලී ජේ. චුන්ග්,
තානාපතිනි,
එක්සත් ජනපද තානාපති කාර්යාලය කොළඹ,
210 ගාලු පාර,
කොළඹ 03,
ශ්‍රී ලංකාව.
ගරු තානාපතිතුමියනි,
ශ්‍රී ලංකාවේ වෘත්තිකයන් වශයෙන් අපි ඔබගේ තනතුරෙහි ක්‍රියාකාරකම් පුරාවටම නිරීක්ෂණය කරමින් සිටිමු. ශ්‍රී ලංකාවේ ඔබගේ කටයුතු රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඔබ්බට ගිය දේශපාලන මට්ටමට ලඟා වී ඇති බව අපගේ අවධානයට ලක්විය.
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වයත් සම්බන්ධව අවංක උනන්දුවක් ඇති පුද්ගලයෙකු ද රාජ්‍ය තාන්ත්‍රික සීමාවෙන් ඔබ්බට ක්‍රියා කිරීමට නැඹුරු වනු ඇති බව තේරුම් ගත හැකි නමුත් එක්සත් ජනපදය කෙරෙහි ශ්‍රී ලංකා ජාතිකයන් තුළ සෘණාත්මක ආකල්පයක් ගොඩනැගීම වළක්වා ගැනීම සඳහා සීමාවන් තුළ ක්‍රියා කිරීම සැමවිටම අවශ්‍ය වේ. එය වඩාත් වැදගත් වන්නේ, ඉදිරියේ අපේක්ෂා කළ හැකි ගෝලීය ගැටලු සලකන විට මේ ජාතීන් ඔවුන් අතර සබඳතා ශක්තිමත් කර ගත යුතු කාලයයි.
එහෙයින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතිය 1961” උල්ලංඝනය කරන ඕනෑම හැසිරීමකින් ස්වයං සංයමයකින් සිටීම අපි අගය කරමු.
අද අප මුහුණ දී සිටින දේශපාලන තත්ත්වයට සෘජුව සම්බන්ධ වනවාට වඩා, අපට සහාය ලබා දීමට වඩා පිරිසිදු හා දීප්තිමත් මාර්ග තිබේ. ඔබ දන්නා පරිදි, වත්මන් අරගලය ප්‍රධාන වශයෙන් බිහිවී ඇත්තේ මේ මොහොතේ අප මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හේතුවෙනි. මෙම ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ රට පූර්ව-භංගාත්මක සාකච්ඡාවට නියමිත ණය ගෙවීම් පැහැර හැරීමකට අවතීර්ණ වන බවයි. 2022 ජූලි 25 දිනට නියමිත ශ්‍රී ලංකාවේ 5.875% ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් ඩොලර් මිලියන 250කට වඩා වැඩි ප්‍රමාණයක් හිමි Hamilton Reserve Bank Ltd සමාගම නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණයක නඩුවක් ගොනු කරමින් [නඩුව Hamilton Reserve v. Sri Lanka, 22-cv-5199, එක්සත් ජනපද දිස්ත්‍රික් උසාවිය, නිව් යෝර්ක් දකුණු දිස්ත්‍රික්කය (මෑන්හැටන්)] ප්‍රාග්ධන හා පොලී සම්පූර්ණයෙන් අයකර ගැනීමට අපේක්ෂා කරයි. තවද මතු වූ එක් ප්‍රධාන කරුණක් නම්, මෙම බැඳුම්කර ප්‍රාධාන වශයෙන් එක්සත් ජනපද විශ්‍රාම පද්ධති විසින් රඳවාගෙන ඇති අතර එමඟින් මෙය ඇමරිකානු විශ්‍රාමිකයන්ට දැඩි ලෙස බලපානු ඇත.
ගරු තානාපතිතුමියනි, ඔබගේ අභිප්‍රාය සත්‍ය බවට විශ්වාසයෙන් සහ ගෞරවයෙන් යුතුව අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ අපට සහනයක් ගෙන දීමට ඉහත ප්‍රශ්නයට සම්බන්ධ වන ලෙසයි. අප මුහුණ දී සිටින වත්මන් අර්බුදය හේතුවෙන් පමණක් නොව, සැතපුම් 9000 ක් ඈත රටක ඇති වූ අර්බුදයක් හේතුවෙන් ඇමරිකානු විශ්‍රාමිකයන් ද පීඩාවට පත් වනු ඇති බැවින්, මෙය සමථයකට පත් කිරීමට ඔබේ රජයට ප්‍රමාණවත් වුවමනාවක් ඇති බව අපි විශ්වාස කරමු.
කරුණාකර මෙය අධිකරණ ක්‍රියාවලියට ඇඟිලි ගැසීමට කරන ඉල්ලීමක් ලෙස වරදවා වටහා නොගන්න. මෙම ඉල්ලීම අපට සහනයක් වන නීතිමය රාමුව තුළ හැකි පහසුකමක් සඳහා ය.
ස්තූතියි.
අවංකව,
ඉංජිනේරු කපිල ආර් පෙරේරා
සභාපති – වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ