කුඩා ලංකාව මුළු ලෝකයටම දුන් ආදර්‌ශය
Posted on July 29th, 2022

Source: Black-white rule in Sri Lanka, 2022

2009 අප්‍රේල් අග-මැයි මුල මෙවැනි දෙයක් ලංකාවේද සිදුවිය. බොහෝදෙනාට නොවැටහුණත් එය මෑත ලෝකයේ පරණ යටත් විජිත හා බැඳුණු  ඉතිහාසයේ සිදුවු වැදගත්‌ම සිදුවීමකි. මිලිබෑන්ඩ් හා කුෂ්නර් යන බ්‍රිතාන්‍ය හා ප්‍රංශ විදේශ ඇමතීන් දෙන්නා යුරෝපා සුදු රටවල ඒජන්තවරු වශයෙන් ප්‍රභාකරන් විනාශ මුඛයෙන් ගලවා ගැනීමට බලවත් උත්සාහයක් දැරුවේය. මේ සඳහා කුෂ්නර්ගේ  කූඨ උපාය වූයේ ප්‍රභාකරන් මුණගැසී මුලතිව් දෙමළ හිරකරුවන් (ප්‍රාණ ඇපකරුවන්) මුදා ගැනීමට සාකච්ඡා කිරීමට යාමට ලංකා රජයෙන් අවසර ඉල්ලීමය. එවිට ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් කියා සිටියේ එසේ ගියොත් නිසැකවම කුෂ්නර්ව ප්‍රභාකරන් විසින් හිරකාරයෙක් කරගන්නා නිසා ඊට ඉඩදිය නොහැකි බවය. එසේ හිරකාරයෙක් වීම තමාට ප්‍රශ්නයක් නොවන බවත්, තමා ඕනෑම දෙයකට මුහුණ දීමට සූදානම් බවත් කුෂ්නර් කී විට ගෝඨාභය කියා සිටියේ, එය කුෂ්නර් ට ප්‍රශ්නයක් නොවුනත් ලංකාවේ යුද්ධ හමුදාවට එය ප්‍රශ්නයක් වන බවය.

ඇඹිලිපිටියේ රූස්ස සියඹලා ගහක් යට මේ දෙන්නාට මහින්ද රාජපක්‍ෂ මහතා ලුනු මිරිස් හා කිරිබත් කැව්වා යනාදී කිසි වැදගැම්මකට නැති සුරංගනා කතා මෙන් නොව, ගෝඨාභය කොළඹදී දුන් මෙම එඩිතර, වෙඩිල්ලක් වැනි පිළිතුරෙන් මිලිබෑන්ඩ් හා කුෂ්නර් කෙතරම් ලැජ්ජාවට පත්‌වුනාද යත් දෙන්නාම කෙළින්ම ගියේ නිව්යෝක් නගරයේ යූ එන් ඕ බිල්ඩිම ඉදිරියේ ඇති පදික වේදිකාවටය. ඔවුන් එහි පාර අයිනේ රැස්වී සිටි දෙමළ ඩයස්පෝරාව අමතා, ඊට පසු ගියේ ඇමෙරිකන් විදේශ ලේකම් හිලරි ක්ලින්ටන් හමුවීමටය.  ගෝඨාභය දුන් මේ නිර්භීත පිළිතුරේ අගය ඉතාමත් පැහැදිලි වන්නේ ඉදිරියේදී යුද්ධය නැවතත් ගෙනයාමට හැකිවන අයුරින් ප්‍රභාකරන් බේරාගෙන යාම සඳහා ඇමෙරිකන් යුද නැවක් මුලතිව් අසල  මුහුදේ රැඳී සිට ඇති බව දැන් අප දන්නා නිසාය. හිරේට ගත් කුෂ්නර් ගලවා ගැනීමටය කියා එන ඇමෙරිකන් භටයින් ඒ සමඟ ප්‍රභාකරන්වද ගලවා ගෙනයාම කූට සැලැස්ම විය. කුෂ්නර් පමණක් යන්නේ මිලිබෑන්ඩ් කොල්ලාට කොළඹ සිට එය බලා සිටීම සඳහාය.

Source: Black-white rule in Sri Lanka, 2022

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress