නීතියේ ආධිපත්‍ය සහ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ගැන ජනපති කියයි (වීඩියෝ)
Posted on September 3rd, 2022

උපුටා ගැන්ම  හිරු පුවත්

“ජනපති දුටු මිත්‍රත්වය – එන අයට පාර්ලිමේන්තු කැන්ටිමෙන් තේ දෙන්න ද ?

අරගලයේදී පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට දැරූ උත්සාහය නීතියේ ආධිපත්‍ය සහ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

156 වන පොලිස් දින සැමරුමට කොළඹදී අද එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

රටේ මූලික නීතිය වන ව්‍යවස්ථාවට අනූව කටයුතු නොකරණ පුද්ගලයින්ට එරෙහිව ක්‍රියා කළ යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

1866 වර්ෂයේ සැප්තැම්බර් මස 03 වන දින ඇරඹුණු පොලීසිය මහජන ජීවිත හා දේපල ආරක්ෂා කරමින් සමාජ සුරක්ෂිතබව පවත්වාගැනීමට කැපවන ප්‍රධාන ආයතනයයි.

156 වැනි පොලිස් දින සැමරුම අදට යෙදී ඇති අතර ඊට සමගාමීව අද සිට 10 වනදා දක්වා පොලිස් සතියක්ද නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොලීස් 156 වන සංවත්සරයේ ප්‍රධාන උත්සවය පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන්.

මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වසිටියා.

පොලිස් නිලධාරියෙකුට ජීවිතයේ එක්වරක් පමණක් ලබාගත හැකි ජනාධිපති පොලිස් වීරතා පදක්කමක් 2022 මැයි මස 09 වන දින නිට්ටඹුව නගරයේදී කලහකාරී පිරිසක් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනය කළ සිද්ධියේදී මිය ගිය ආරක්ෂක නිලධරි පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන නිලධාරියා වෙනුවෙන් පිරිනැමුණා.

මේ අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පිරිසකටද මෙහිදී ප්‍රණාම සහතික පිරිනැමුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress