ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට විවෘත ලිපියක්.
Posted on September 22nd, 2022
Geethanjana Kudaligamage

අපගේ රටට සිදුව ඇති නස්පැත්තිය වන්නේ අපගේ දිළිඳු කම නොව, අප ජීවත්වන වත්මන් ලෝකය පිළිබඳව අපට ඇති අනවබෝධයයි. එනම්, අද ලෝකයේ සිදුවන්නේ කුමක්ද, ජාත්‍යන්තර මුල්‍ය ආයතන වල කාර්ය භාරය කුමක්ද වැනි කරුණු පිළිබඳව අප සතු අනවබෝධයයි, නොදැනීමයි. මෙම හේතුව නිසා අප එකම වරද සිය දහස්වර කරන්නෙමු. අප විසින් ඇසිය යුතුම ප්‍රශ්නය කිසිදු දේශපාලකයෙක් හෝ නිලධාරියෙක් විසින් අසන බවක් නොපෙනේ. අපගේ ආර්ථික විශේෂඥයෝ සිතන්නේ ලේමින්ග්ස් නමැති සතුන් සිතන ආකාරයටය. (මේ ලෙමින් නමැති සතා කෙතරම් මුග්ධද යත්, ඌ ඉදිරියේ සිටින උගේ සගයා ප්‍රපාතයකින් පහලට පැන්නොත් ඌද පැන දිවි නසා ගනී. P.B ජයසුන්දර වැනි අතිශය දුෂිත ආර්ථික විශ්ශඥයෝ එබඳු මුග්ධයෝය.)
දෙවන ලෝක යුද්ධයෙන් විනාශවූ යුරෝපය ගොඩ නැගීම පිණිස Marshall Plan එක යටතේ බිහිකළ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ලෝක බැංකුව වැනි ආයතන, එම කාර්යය නිමා වූ පසුවත් ලෝකයේ පවතින්නේ මන්ද යන්න අපගේ ආර්ථික විශ්ශඥයෝ නොදනිති. ඔවුන් සිතන්නේ මේ ආයතන පවතින්නේ තුන්වන ලෝකය දියුණු කිරීමට කියාය. මේ ආයතන පිළිබඳව සොයා බැලීමටද ඔවුනට අවශ්‍ය නැත. ඇතැම්විට මේ නිලධාරීන් විකිණී සිටින නිලධාරීන් විය හැක. ජාත්‍යන්තර මුල්‍ය ආයතන විසින් දුෂිත රාජ්‍ය නිලධාරින් මිලයට ගැනීම තුන්වන ලෝකයේ සුලභ සංසිද්ධියකි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ලෝක බැංකුව විසින් රට රටවල ආර්ථිකයන් විනාශ කරන ආකාරය පිළිබඳව විවිධ විශේෂඥයන් විසින් කෙතරම් සාක්ෂි ඉදිරිපත් කර තිබුනද අපගේ විශේෂඥයන්ට ඒවා වැදගත් නොවේ. ඊට හේතුව විය හැක්කේ එක්කෝ ඔවුන් අතිශය මුග්ධයින් වන හෙයිනි. නැතහොත්, ඔවුන්ද මේ රට විනාශකිරීමේ කුමන්ත්‍රණයේ කොටස් කරුවෝ නිසාය.
දැන් දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ලෝක බැංකුව පිළිබඳව අපගේ විශේෂඥයන් ගයන ප්‍රශස්ති ගායනා අපට අසන්නට ලැබේ. මෙය අතිශය කනගාටු දායක තත්වයකි.
ඔබ දෙපලට පොත් කියවීමට කාලය සොයා ගැනීමට අපහසු නම්, කරණාකර Prof මයිකල් හඩ්සන් ගේ සහ ජෝන් පර්කින්ස් ගේ පහත සඳහන් වීඩියෝ නරඹා මේ පිළිබඳව නැවත සිතා බලන ලෙස ඉල්ලා සිටිමි.
Confessions of an Economic Hit Man : Perkins, John: 9781576753019: Amazon.com: Books