කාලාම සූත්‍රය තුල ප්‍රකටවන නාම-රෑප පරිච්ඡේදය
Posted on November 20th, 2022
තිස්ස ගුණතිලක
භාහිර රෑප හැඩතලයේ ප්‍රතිබිම්භය පංචේන්ද්‍රියන්ගේ ප්‍රසාදනය වීමෙන් ‘ස්ඛන්ධ ක්‍රියාවලිය’ ආරම්භවන බවත් ඒ නිසාම සිතේ රෑප ලෝකය හටගන්නා බවත් අප දැන් දන්නෙමු. ඒ රෑප සංඥාව පෙර මතකය හා ගැලපීමෙන් (විතක්ක විචාර වීමෙන්) භාහිර රෑප හැඩතලයට අනූරෑප නාමය (අරෑප ලෝකය-world of labels) සිත තුල සංකාර වෙයි. විඤ්ඤාණයට හේතුවන මෙම සංකාරය භාහිර රෑප හැඩතලය පිළිබද සම්පූර්න දැනුම (නාමය) සිතට ලබාදෙයි (සංකාර පච්චයා විඤ්ඤාණ).
උදාහරනක් ලෙස; දකින්නේ භාහිරයේ ඇති පුටුවක වර්ණරෑප හැඩතලයේ ප්‍රතිබිම්භය යයි සිතමු (චක්ඛු ප්‍රසාදය). එම වර්ණරෑපයේ ‘සංඥාව’ පෙර මතකය හා ගැලපීමෙන් සම්මුතියෙන් පනවාගත් (ප්‍රඥ්ප්ති) නාමය වන ‘පුටුව’ හා එහි සම්පූර්ණ ගුණ (characteristics) සිත තුල ‘සංකාර’වී පුටුව පිළිබඳ සම්පූර්ණ දැනුම ‘විඤ්ඤාණ’ වේ. විඤ්ඤාණය යනු භාහිරයේ හමුවන හැඩතලයේ සම්පූර්ණ රෑප (රෑපීය) දැනුමයි.
මෙසේ භාහිර රෑපය නිසා සිත තුල ඇතිවන සංකාරය (නාම රෑපය නැතහොත් අරෑපය) තෙයාකරය – වචී සංකාරය, කාය සංකාරය හා මනෝ සංකාරය වශයෙනි. වචී සංකාරය යනු භාහිර රෑප හැඩතලයේ ප්‍රතිබිම්භය සිත තුල වචනයට පෙරලීමයි. එසේම කාය (ක්‍රියා) සංකාරය යන තැන භාහිර රෑප හැඩතලයේ ප්‍රතිබිම්භය ලියන වචනය (ලේඛණය) ඇතුළු අනිකුත් ක්‍රියාවලට පෙරලේ. වචනය (භාෂාව) කතාකලත් ලියුවත් දෙයාකාර සංකාරයම නාම රෑපයකි.
සත්‍යය හමුවන්නේ අරමුණේ නාමය ඉවත්කල තැනයි. නාමය ඇතිවනවිට භාහිරය ආත්මීයවී ආස්වාදය හමුවේ. භාහිරය ආත්මීය නොවන විට ආදිනවය හා නිස්සරනය හමුවේ.
මහනෙනි, අර්ය මාර්ගය අවබෝධයට (දුක නැතිකිරීමට) කල යුත්නේ ‘ස්ඛන්ධයේ උදය-වය’ දැකීමම පමනකි. එනම් ස්ඛන්ධය (රෑප වෙදනා සංඥා සංකාර විඤ්ඤාණ) යේ ඇතිවීම හා නැතිවීම දැකීමය (දස්සනේන පහාතබ්භා). ස්ඛන්ධයේ ඇතිවන අන්තයේ ‘රෑප’යත් නැතිවන අන්තයේ ‘නාම’යත් නැතහොත් අරෑපයත් (විඤ්ඤාණයත්) පවතී. රෑපය හා අරෑපය එකතුවන තැන (විඤ්ඤාණ පච්චයා නාම රෑප) භාහිර රෑප හැඩතලය උපාදනයවී භව වීමෙන් භාහිරය ‘දෙයක්/යමක්’ ලෙස දැනෙන කාම ලෝකය සිත තුල සකස්වී දුක උපදින ගර්භය ඇතිවේ.
නාමය හා රෑපය එකතුවන තැන ඇත්තේ දුකමය. සිත තුල මෙසේ ඇතිවන ‘අයහපත්වූ’ නාමය සෑමවිටම උත්සාහ කරන්නේ රෑප ලෝකය හා එක්වී යමක්/දෙයක් ලෙස දැනෙන කාම ලෝකය සකස්කීරීමටයි. අවිද්‍යව යනු මෙම ක්‍රියාවලියයි.
කාලාම සූත්‍රය තතාගතයන් වහන්සේ දේශනාකලේ කේසපුත්‍තයේ වැසියන්ටය. කාලා – කෙලෙස්, ම – තවන/නැතිකරන යන අර්ථය ගෙනේ.
එහි අන්තර්ගතයවන
1 තෙපි අනුන් කියනු ඇසීමෙන් නොපිළිගනිව්.
2 පරම්පරායෙහි ආ හෙයින් නොපිළිගනිව්.
3 මෙය මෙසේ විය හැකියයිද නොපිළිගනිව්.
4 පිටක පාළිය හා සමාන වේයයිද නොපිළිගනිව්.
5 තර්‍කානුකූලයයිද නොපිළිගනිව්.
6 න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්.
7 මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගනිව්.
8 අප නුවණින් තීරණයකොට ගන්නාලද දෘෂ්ටියට සමානයයිද නොපිළිගනිව්.
9 මේ මහණ තෙමේ යහපත් කෙනෙකි, ඔහුගේ කීම පිළිගත යුතුයයිද නොපිළිගනිව්.
10 මේ ශ්‍රමණ තෙමේ අපගේ ගුරුයයිද නොපිළිගනිව්.
යම් ධර්මයක් ක්ලේශන්ගේ ප්‍රහානයට හේතුවන්නේ යයි තමන්ම අවබෝධකරන්නේද දුක නැතිකීරීමට එයම ඉවහල් වන්නේය. කාලාම සූත්‍රයතුල අන්තර්ගතය මෙයයි.
තතාගතයන් වහන්සේ ඉහත සදහන් කරැනු දහයම ප්‍රතික්ෂේප කලේ ඒ සියල්ලම පරිච්ඡේදකල යුතු නාම (අරෑපාවචර) ලෝකය ඇතිවීමටත් පැවතීමටත් ඉවහල්වල බැවිනි. මේ කරැනු දහයේම අන්තර්ගතය ‘සංකාර නාමයක්’ වන වචනයයි.
ක්ලේශයන්ගේ ප්‍රහානයට (කාලාම) භාහිරය යමක්/දෙයක් බවට පත්කෙරෙන නාම රෑප පරිච්ඡේදය කල යුතුබව මෙම දේශනයෙන්ද ගම්‍යවෙයි.
අනාගාමි මාර්ගයේ සිට අර්හත් මාර්ගයට පිවිසීමට රැක්ඛමූලගතෝ ශුන්‍යගාරගතෝ විය යුතුවන්නේ වචනයෙන් (දෙඩීමෙන් හා ඇසීමෙන්) නාම ලෝකය සකස්නොවීමටයි, නාම ලෝකයෙන් බැහැරවීමටයි. නාම ලෝකය (නාමය) මැකීයන තැන මතුවන්නේ සදාතනික නිවනයි.
සුභ පැතුම්
තිස්ස ගුණතිලක
2022 නොවැම්බර් මස 20 වනදා