රටේ ණය අර්බුදයට හේතුව ස්වෛරීත්ව බැඳුම්කර ණයයි – මහාචාර්‍ය ලලිතසිරි ගුණරුවන්
Posted on November 20th, 2022

උපුටා ගැන්ම  හිරු පුවත්

රට මුහුණ දී ඇති ණය අර්බුදයට ප්‍රධාන සාධකයක් වන්නේ ස්වෛරීත්ව බැඳුම්කර මත ලබාගත් ණය බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් පවසනවා.

අර්බුදය, අයවැය සහ අනාගතය යන මැයෙන් මහවැලි කේන්ද්‍රයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා.

මෙම සම්මන්ත්‍රණය පැවැත්වුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.<br /><br />අර්බුදය, අයවැය සහ අනාගතය යන මැයෙන් මෙම සංවාදශීලී සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණේ ශ්‍රි ලංකා වෘත්තීයවේදීන්ගේ සංවිධානය විසින්.

එම අවස්ථාවට එක් වූ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පැවසුවේ ස්වෛරීත්ව බැඳුම්කර මත අසීමාන්තික ලෙස ලබාගත් ණය හේතුවෙන් රට දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවයි.”මද්දුමබණ්ඩාරට ධුරය අහිමි වුණේ මේ නිසයි – බැසිල් – මෛත්‍රී කෝන්තරයට හේතුව හෙළිවෙයි –

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2023 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress