පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් ශූරතා සම්මාන හා තිළිණ ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්
Posted on November 23rd, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් ශූරතා සම්මාන හා තිළිණ ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.11.22 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
එංගලන්ත, දකුණු අප්‍රිකා, ඉන්දියා, පකිස්තාන්, මාලදිවයින්, බංගලාදේශ, ශ්‍රී ලංකා  ජයග්‍රාහකයින් ඒ අතර විය.
  පොදු රාජ්‍ය  මණ්ඩලීය චෙස් ශූරතාවය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ලැබීම රටට භාග්‍යයක් බවත් මෙරට තරුණ පෙළ අතර විනය හික්මීම ඉවසීම මෙන්ම දැනුම සඳහා චින්තන ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා   චෙස් ක්‍රීඩාව ඉවහල් වන බවත්   අග්‍රමාත්‍ය දිනේෂ්   ගුණවර්ධන මහතා  මෙහිදී සඳහන් කළේය.
 ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් සංගමයේ සභාපති භාරත් සින්ග්, ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති ලක්ෂමන් විජේසූරිය ඇතුළු නිලධාරීන් සහ සම්බන්ධිත රටවල නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්විය.
 
 අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Leave a Reply

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress