සුභසාධක ප්‍රතිලාභ ගෙවීම් ලැබීම් පිණිස සුදුසු තැනැත්තන් හඳුනා හඳුනාගැනීමේ ක්ෂේත්‍ර  සමීක්ෂණයේ ගැටළු විසඳන තෙක්  තාවකාලිකව ඉවත් වීම.
Posted on November 23rd, 2022

සංවර්ධන නිලධාරී සේවා සංගමය

ලේකම්,
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය,
නිදහස් චතුරස්‍රය
කොළඹ07.

ලේකම් තුමනි,

සුභසාධක ප්‍රතිලාභ ගෙවීම් ලැබීම් පිණිස සුදුසු තැනැත්තන් හඳුනා හඳුනාගැනීමේ ක්ෂේත්‍ර  සමීක්ෂණයේ ගැටළු විසඳන තෙක්  තාවකාලිකව ඉවත් වීම.

ඉහත සමීක්ෂණය සඳහා සමාජ සුබසාධක  මණ්ඩලය විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අවශ්‍ය උපදෙස් දැනටමත් ලබා දී තිබේ. අනුව මෙහි මූලික කටයුතු ප්‍රාදේශීය මට්ටමෙන් සිදුවෙමින් පවතී. මෙම සමීක්ෂණයේ අරමුණු කුමක් වුවද එම සමීක්ෂණය තුළින් වසම්වල පදිංචි ජනතාවගේ සියලු තොරතුරු ආවරණය කොට තොරතුරු පද්ධතියක් සැකසීම කාලීන අවශ්‍යතාවයක් ලෙස අපි දකිමු. එසේ වුවද එම සමීක්ෂණය සිදු කිරීමේදී පැනනගින ප්‍රායෝගික ගැටලු රාශියක් තිබෙන බව අපි පෙන්වා දෙමු.

ඒවා පහත පරිදි කෙටියෙන් සඳහන් කරමු. එම ගැටළු සහිතව මෙම කටයුත්ත සිදු කිරීම දුෂ්කර වී ඇත.

1.
සුභසාධක ප්‍රතිලාභ පනත 21 සහ 22 වගන්ති අනුව වරදක් සිදුවුවහොත් ව්‍යාජ තොරතුරු සැපයීම යටතේ දැඩි දඬුවම් සහ දඩ මුදල් අය කිරීමට සමීක්ෂණ නිලධාරීන් යටත්කර තිබීම,

2.
එක් ග්‍රාම නිලධාරී වසමක රාජකාරි කරන ආර්ථික සංවර්ධන නිලධාරි, ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරි ඇතුළු සමීක්ෂණයට සම්බන්ධ වන සියලු නිලධාරීන් සාමූහිකව වගකියන ආකාරයට ග්‍රාමීය කමිටුවක් මඟින් ක්‍රියාත්මක නොවීම,

3.
සමීක්ෂණ නිලධාරියාට ලබාදෙන උපදෙස් පත්‍රිකාව පිටු 95 කින් යුත්ත වන බැවින් එය වට්ස්ඇප් (Whatsapp) මගින් පමණක් පරිශීලනය කිරීම දුෂ්කර බැවින් නිලධාරීන් වෙත සෑම වසමකටම එක් මුද්‍රිත පිටපත බැගින් හෝ මෙතෙක් ලබා නොදීම,

4.
සියලුම වසම් භාර ආර්ථික සංවර්ධන නිලධාරීන් සහ සම්බන්ධ වන නිලධාරීන් සතුව ඇන්ඩ්‍රොයිඩ් (Smart) වර්ගයේ දුරකතනයක් නොතිබිය හැකිය. එවැනි තත්ත්වයක් තුළ මෙම සමීක්ෂණය සිදු කිරීමට අනිවාර්‍ය කිරීම හා සඳහා විකල්ප ආදේශකයක් නොයෙදීම,

5.
සමහර ප්‍රදේශ වලට සන්නිවේදන තරංග ක්‍රියාකාරිත්වයේ දුර්වලතා ඇති බැවින් මාර්ගගත ක්‍රමයට තොරතුරු ඇතුලත් කිරීමට නොහැකි බැවින් සඳහා සුදුසු විකල්ප වැඩ පිලිවෙලක් සකස් නොකිරීම,

6.
සමීක්ෂණ නිලධාරීන්ට ගෙවන බවට ප්‍රකාශ කරන මුදල හා එහි අගය කීයද යන්න සහතික කළ ලියවිල්ලක් හෝ චක්‍රලේකයක් දන්නා තරමින් මෙතෙක් නිකුත්කර නොමැති අතර වාචික පොරොන්දු වන සමීක්ෂණය සිදු කරගැනීමට එකඟ නොවීම,

7.
සමහර ග්‍රාම නිලධාරී වසම් වල පවුල් සංඛ්‍යාව 1000 ආසන්න හෝ ඊට වැඩි අගයක් ගන්නා බැවින් සමීක්ෂණ කාලය දීර්ඝ කිරීම,

8.
අදාළ සමීක්ෂණය නිලධාරියාට තම කැමැත්ත මත සමීක්ෂණය තෝරාගැනීමේ ඉඩ තිබිය දී ඇතැම් ආයතන ප්‍රධානීන් ආර්ථික සංවර්ධන නිලධාරීන්  වෙත මෙම සමීක්ෂණ රාජකාරිය අනිවාර්ය කිරීම.

ඉහත කරුණු පිළිබඳව ආර්ථික සංවර්ධන නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් නියෝජනය කරන වෘත්තීය සමිති නායකයන් සහ ඔබතුමා ඇතුළු වගකිවයුතු නිලධාරීන් සියල්ලගේ සහභාගීත්වයෙන්  කඩිනම් සාකච්ඡාවක් සිදු කරන මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.  එම සාකච්ඡාවෙන් පසු  එළඹෙන තීරණයන්ට අනුකූලව මෙම සමීක්ෂණය ක්‍රියාත්මක කරන තුරු 2022 නොවැම්බර් 23 දින සිට මෙම සමීක්ෂණයට අදාළ සියලු රාජකාරි වලින්  ආර්ථික සංවර්ධන නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් තාවකාලිකව ඉවත් වන බව කාරුණිකව දන්වා සිටිමු.

ස්තුතියි.

මෙයට,
චන්දන සූරියආරච්චි
ප්‍රධාන ලේකම්

රංජිත් බණ්ඩාර
ලේකම්

එච්. . සේනාරත්න
සභාපති

සම්බන්ධීකරණය071 81 782 68
ஊடக ஒருங்கிணைப்பு – +94 71 81 782 68
Coordination – +94 71 81 782 68

පිටපත් – :අගකගසගරැ (දැ.ගැ.පි.)
1.
ජනාධිපති ලේකම්
2.
ගරු අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා මහතා
3.
ලේකම්මුදල් අමාත්‍යාංශය
4.
අතිරේක ලේකම් (ස්වදේශ කටයුතු පාලන)
5.
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්දිස්ත්‍රික් පාලන
6.
සියලූම දිස්ත්‍රික් ලේකම්වරුන්
7.
සියලූම ප්‍රාදේශීය ලේකම්වරු

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress