Q & A session 2 – භාහිර ලෝකය හා තුන් ලෝකය
Posted on November 24th, 2022

තිස්ස ගුණතිලක 

Q: බාහිර ලෝකයක් ඇත හෝ නැත යන අන්තවලට මම එකඟ නැත.

A: බුද්ධදේශනයේ වැදගත්ම සූත්‍රයක්වන මහාසතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාවේ මෙසේ සඳහන් වෙයි (කායානුපස්සනාව තුල ඇති ‘පබ්බං 6ම’ රෑපය අරෑපයෙන් (නාමයෙන්) වෙන්කරන ක්‍රම 6 කි) :

‘අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති, 

බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති, 

අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති’

යන්න විමසා බැලීම වටී.

අජ්ඣත්තං කායෙ -අභ්‍යන්තරකාය යනු සිතතුල උපාදානවන ශරීරයයි.

බහිද්ධා කායෙ -බාහිර ලෝකයේ ඇති රෑප ශරීරයයි

අජ්ඣත්තබහිද්ධා කායෙ -බාහිර ලෝකයෙ ඇති රෑප කාය අභ්‍යන්තරයේ ඇතිවන නාම කාය සමග ගැටගැසීමෙන් ඇතිවන චිත්තරෑප (නාමරෑප-කාම) කායයි.

මේ තුන්කායෙන් රෑපය වෙන්කොට දකිමින් වාසය කරන්න (විපස්සනාව), යනු මෙහි සම්පූර්ණ අර්ථයයි.

ඒ නිසා භාහිර ලෝකය යනු දෘශ්ඨිගත, අන්ත ස්වාභාවයකට හසුනොවන සත්‍යයකි.

මෙම ස්වාභාවය එනම් ‘ආත්මීය නොවන භාහිරයේ පැවතීම’ නිවැරදිව වටහා නොගෙන බුද්ධ දර්ශනයයේ ‘සත්‍ය ඤණය’ (තිපරිවට්ටයේ පලමු අවස්ථාව) ඇතිකර ගත නොහැක.

Q: භාහිරය හා තුන් ලෝකය දැක්වෙන සූත්‍ර දේශනාවක් ඔබට පෙන්වාදිය හැකිද?

A: 2022 නොවැම්බර් මස 15වනදා lankaweb අන්තර්ජාලයේ පලවූ ‘Q & A – භාහිර ලෝකය හා තුන් ලෝකය’ ලිපියේ අඩංගු ‘ප්‍රථම නිබ්බාන සූත්‍ර දේශනාව’ ආශ්‍රිත පැහැදිලි කිරීමට අමතරව පහත සඳහන් සූත්‍ර දේශනාව තුලද මෙම කරැනම විස්තර වේ.

බාහිය සූත්‍රය

භාහිය දාරැචීරගේ අවසන් කටයුතු නිමකර පැමිනෙන භික්ෂූන් ඒ බව දැනුම් දුන්කල තතාගතයන් වහන්සේ පවසන උදාන වාක්‍යය මෙම සූත්‍ර දේශනාවේ අන්තයේ හමුවන්නේ මෙසේය;

යත්ථ ආපො ච පථවී, තෙජො වායො න ගාධති;

න තත්ථ සුක්කා ජොතන්ති, ආදිච්චො නප්පකාසති;

න තත්ථ චන්දිමා භාති, තමො තත්ථ න විජ්ජති.

යදා ච අත්තනාවෙදි, මුනි මොනෙන බ්‍රාහ්මණො;

අථ රූපා අරූපා ච, සුඛදුක්ඛා පමුච්චතී’’ති. දසමං;

යම් තැනක අපො, පඨවි, තේජෝ, වායෝ ධාතුන් ස්තීරවම නොපිහිටයිද, යම් තැනක තාරකාවෝ නො බබළත්ද, සූර්‍ය්‍යයා නො බබළයිද, චන්‍ද්‍ර‍යා නො දිලෙයිද, එහෙත් එතැන අන්‍ධකාරයද විද්‍යාමාන නොවන බව යමෙක් දකීද, හෙතෙම රෑප අරෑප ලෝක වෙන්වෙන්ව දැක සැප දුක ඇති කාම ලෝකයෙනුත් නිදහස් වෙයි.

සතර මහා භූත අවස්ථාව ඇතුඑව තරැ, හිරැ, සඳු වැනි අරෑපාවචර ලෝකය (සම්මතයෙන් පනවාගත් ප්‍රඥ්ප්ති නාම) මැකී ගියත් එතැන අන්ධකාර නොවන්නේ ආලෝකය ලබාදෙන ආකාශ වස්තූන්ගේ රෑප හැඩතල පමනක් ඉතිරිවී ඇති (ආත්මීය නොවන) රෑප ලෝකය මතුවන බැවිනි. බුද්ධ දර්ශනය තුල නාමය මැකීගොස් රෑපය පමනක් මතුවන තැන නිර්වාණ ධාතුව හමුවන්නේය යයි සඳහන් වන්නේ මෙම සංසිද්ධියයි.

සුභ පැතුම් 

තිස්ස ගුණතිලක 

2022 ඔක්තෝබර් මස 25 වනදා

Leave a Reply

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress