යහපාලන සමයේ සංස්කෘතික අරමුදලේ මුදල් ගිල්ල බහිරවයන් ගැන පරීක්ෂණයක්
Posted on November 26th, 2022
Lanka Lead News
2015 – 2019 යහපාලන සමයේදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් කෝටි 1000 වැඩි මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විශේෂ පරීක්ෂණයක් පවත්වන බව වාර්තා වේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට 2017 වර්ෂයේදී බදවාගැනීමේ ක්‍රමවේද අනුගමනය නොකරමින් මුරකරුවන් 2250 දෙනකු බඳවා ගෙන ඇතැයි කියන සිද්ධියක් ගැනද කෝප් කමිටුවේ අවධානය යොමුවී අති බව පැවසේ.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2018-2019 අතර කාලයේදී ආදායම් උපයන ව්‍යාපෘතිවලට වඩා දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් විශාල මුදලක් වැය කර ඇති බවටත් එහිදී තොරතුරු අනාවරණය වී තිබේ.
පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් කෝටි සියයකට වැඩි මුදලක් ස්ථාවර තැන්පතු වලින් මුදා හැරීම සම්බන්ධයෙන්ද විශේෂ අවධානය යොමු වූ බව කෝප් කමිටුව පවසයි.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදී මේ කරුණු අනාවරණය වී ඇති බව සදහන්ය.