බුදුන්වහන්සේ ලොවට දෙසු ප්‍රථම වචන කීපය ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පලමුවන ගාථාව:
Posted on November 27th, 2022

තිස්ස ගුණතිලක 

“ද්වෙමෙ, භික්ඛවෙ, අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා. කතමෙ ද්වෙ? යො චායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථසංහිතො, යො චායං අත්තකිලමථානුයොගො”

පබ්බජිතෙන – ආර්ය මාර්ගයට  පිවිසෙන තැනැත්තා 

න සෙවිතබ්බා  -. ආශ්‍රය නොකල යුතු

ද්වෙමෙ අන්තා – අන්ත දෙකකි

කාමසුඛල්ලිකානුයොගො යනු ශරීරයට අධික සැප සම්පත් ලබාදීම බවත් අත්තකිලමථානුයොගො යනු ශරීරයට අධික දුක්දීම බවත් සමහර ගිහි පැවිදි දේශකයින් අදටත් අපට කියාදෙයි. සත්‍ය ධර්මයේ විශ්වීය (universality) බව අමතක කරනා මොවුන් ශරීරයට අධික සැපත් දුකත් දිය හැක්කේ සමාජයේ එක්තරා කොටසකට පමනක් බව අමතක කරති. එවිට ධර්මයේ ඇති විශ්වීය ස්වාභාවය ගිලිහී යයි. උදාහරනයක් ලෙස අධික සැප විදිය හැක්කේ සමාජයේ ඇති හැකි අයට පමනි. බුදුන් වහන්සේ දේශනා කල සත්‍ය ධර්මය සියඑ දෙනාටම එකසේ අදාල විය යුතුය.

බුදුන් වහන්සේගේ ප්‍රථම දේශනාවේ ප්‍රථම වාක්‍ය ඛණ්ඩය තමන් වහන්සේ අවබෝධකල දහම සංක්‍ෂිප්තකල වැදගත්ම දහම් පණිවිඩයි. පසිදුරන් පිනවමින් භාහිර ලෝකය කාමාවචර ලෝකයක් (දෙයක්/යමක් ඇති ආත්මීය ලෝකයක්) කරගනිමින් ආස්වාදවිදිමින් අප සියඑ දෙනාම අනුසෝතගාමීව යන මෙම ගමන කාමසුඛල්ලිකානුයෝගයයි. ඹබත්, මමත්, සිගමන් යදින යාචකයාත් ඇතුඑ අප සියඑ දෙනාම කාමසුඛල්ලිකානුයෝගය තුල ‘සක්කාය දෘශ්ඨියේ’ සිරවී සිටිමු. දුකට මුල එම දෘශ්ඨියයි.

පංචේන්ද්‍රිය පිනවීම දුකට මුල බව එදා බුදුසමයටත් පෙර සිටි ශාස්තෘන් දැන සිටියත් එය ඇතිවන ආකාරයවත් එයින් මිදෙන ආකාරයවත් නිවැරදිව දැකීමේ හැකියාවක් ඹවුන්ට නොතිබිනි. එහෙයින් විවිධ විසදුම් ඉදිරිපත්වූ අතර එයින් බුදුන් වහන්සේ දඔදිව පහලවන සමයේ ප්‍රබලව පැවතුන ජ්‍යෙයින (නිගන්ඨ) ශාස්තෘ මහවීර ඉදිරිපත් කල ‘කර්ම පල’ විසදුම සමාජගතවී තිබින. ශරීරයට දුක්දීමෙන් පෙරකල කර්මය තැවිය හැකිබවත් මතුබවයක සැප විදීමට මෙම භවය තුල කර්ම කිරීමෙන් වැලකී සිටිය යුතු බවත් එම ඉගැන්වීමයි (නැවත ඉපදීම, මියගිය අයට පිංදීම ආදී සංකල්පද මෙම කර්මපලය තුලම ගැබ්වී ඇත). මේ නිසා සිදුහත් කුමරා උපදින විට සමාජය ඇසුරැකලේ ශරීරයට දුක්දීමේ ක්‍රියාවලියයි. පැවිද්දන් නොයෙකුත්  සත්වව්‍රත වලත් ගිහියන් ශීල ව්‍රතයෙහිත් නිමග්නවී ශරීරයට විවිධ පරිමාණයන්ගෙන් (Various degrees) දුක්දෙමින් සිටි අතර බුදුන් වහන්සේගේ මෑණියන්ද සිදුහත් කුමරා කුසදරාගෙන සිටින සමයේ සීලව්‍රත පිරෑ බවත් නොයෙකුත් තැන්හි සඳහන් වෙයි. ශීල සමාදානය කුමන ආකාරයෙන් පිරැවත් එය සීලබ්බතයකි. අත්තකිලමථානුයෝග යනුවෙන් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ තතාගතයන් වහනසේ ප්‍රතික්ෂේප කල අනික් අන්තය මෙම ‘සිලබ්බත පරාමාසයයි’ ශීලයි.

කාමෙසු කාමසුඛල්ලිකානුයොගො – රැප අරෑප ලෝක දෙක ඵකට ගැටගසාගෙන  කාමාවචර ලෝකයක් මවාගෙන ‘දෙයක් යමෙක්’ ඇතැයිද. ඵය දකින ‘මමෙක්ද’  ඇතැයි යන හැගීමෙන් (සක්කාය දිට්ටිය) අනුසෝතගාමිව සිටින අන්තය

අත්තකිලමථානුයොගො – කාම ලෝකයේ මායාවක්සේ ඇතිවන නන්දි රාගය නොහොත් පංචකාමය (ආස්වාදය) ශීලව්‍රතයෙන් යටපත් කිරීම හෙවත් ‘සීලය’.

සක්කාය දිට්ටිය හා සීලයෙන්  (සීලබ්බතයෙන්) මිදීම තතාගතයන් වහන්සේ දේශනාකල දුකෙන් මිදීම සඳහා ආශ්‍රය නොකල යුතු අන්ත දෙකෙයි. එදා දඹදිව පුරා ප්‍රචලිතව පැවතුන මෙම අන්ත දෙකම තතාගතයන් වහන්සේ ප්‍රකික්ෂේප කල අතර දුකින් මිදෙන මාර්ගය ලෙස හදුන්වා දුන්නේ මධ්‍යම ප්‍රතිපදාව වන ‘නාම රෑප පරිච්ඡේදය’යි නැතහොන් ආර්ය අශ්ඨාංගික මාර්ගයෙන් ප්‍රකටවන ‘නාමයෙන් මිදීමයි’. 

සුභ පැතුම් 

තිස්ස ගුණතිලක 

2022 ඔක්තෝබර් මස 28 වනදා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2023 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress