බලශක්ති සහයෝගීතාවය සම්බන්ධයෙන්  අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ තානාපති Khaled Nasser AlAmeri අතර සාකච්ඡාවක්..
Posted on November 28th, 2022

 අග්‍රාමාත්‍ය මාධය අංශය

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා විශාල විභවයක් පවතින බව එක්සත් අරාබි ජනරජයේ තානාපති Khaled Nasser AlAmeri පැවසීය.

ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ නව ආයෝජන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කොළඹ,අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදී  ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වන බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ තානාපතිවරයා සඳහන් කළේය.

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට අමතරව කෘෂිකර්මාන්තය සහ කාර්මික ක්ෂේත්‍ර වැනි නව ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට දැන් අවස්ථාව පවතින බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ලබා දී ඇති සහයෝගය මෙන්ම වර්තමාන ආර්ථික ගැටලුවලින් ඉක්මනින් යථා තත්ත්වයට පත්වීමට උපකාර කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා  එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ස්තූතිය පලකළේය.

මෙම හමුවට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහීන්ද ගුණරත්න මහතා එක්ව සිටියේය.

 අග්‍රාමාත්‍ය මාධය අංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2023 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress