රුසියාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය වෙනුවෙන් සැමවිටම පෙනී සිටි විශ්වාසවන්ත මිතුරෙක්   – අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
Posted on November 28th, 2022

අග්‍රාමාත්‍ය මාධය අංශය

රුසියාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය වෙනුවෙන් සැමවිටම පෙනී සිටි විශ්වාසවන්ත මිතුරෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. කොළඹ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී  පසුගියදා නව රුසියානු තානාපති Levan S. Dzhagaryan මහතා හම වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.  
දශක ගණනාවකට පෙර ඔරුවල වානේ කර්මාන්ත ශාලාවක් සහ කැලණියේ ටයර් කම්හලක් පිහිටුවමින් ශ්‍රී ලංකාවේ කාර්මීකරණයට සෝවියට් සංගමය ලබා දුන් සහයෝගය අග්‍රාමාත්‍යවරයා මෙහිදී  සිහිපත් කළේය. ශ්‍රී ලාංකික සිසුන්ට  ලුමුම්බා   රුසියානු විශ්ව විද්‍යාලවල  පිරිනමන ශිෂ්‍යත්ව පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා  ස්තූතිය පළකළේය.
  ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සඳහා රුසියාවේ උපරිම සහයෝගය ලබාදෙන බව තානාපතිවරයා මෙහිදී අග්‍රාමාත්‍යවරයාට සහතික විය. ශ්‍රී ලංකාව තුළ රුසියානු මහා පරිමාණ ආයෝජන සඳහා ඇති හැකියාව පිළිබඳවද මෙහිදී සවිස්තරාත්මක ලෙස සාකච්ඡා කෙරිණී.
මෙම හමුවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ද සහභාගී විය.  

අග්‍රාමාත්‍ය මාධය අංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2023 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress