වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ – පිරිනිවන් මඤ්චකයෙහි කල දේශනාව
Posted on December 4th, 2022

තිස්ස ගුණතිලක 

පන්සාළිස් වසක් සත්වයා සසර සයුරින් ඵතර කරවීමට (උපන්දා සිට මේ මොහොත දක්වා ඵකතු කල ක්ලේෂයන් දුරැකොට දුකින් මිදීම) උත්සාහයක යෙදුන තතාගතයින් වහන්සේ පිරිනිවන් මඤ්චකයෙහි තමන් වහන්සේ සියළු ලෝක සත්වයාට මින්මතු දේශනයක් නොකරන බවත් ඵ්නිසා මෙම අවසන් දේශනාවේ තමන් වහන්සේ කල සියළුම දේශනාවල ක්ෂාරය අඩංගුවිය විය යුතුබවත් දැන සත්වයා දුකින් මිදීමට කලයුතුම දේ පිරිනිවන් මඤ්චක දේශනාවට ඇතුලත් කලේය. 

ප්‍රමාදය සියල්ලම වසයි ඵනිසා ප්‍රමාදය ඉවත්කර වහවහා අප්‍රමාදය මතුකර/සකස්කර ගැනීමට (සම්පාදේථ) යුහුසුළු වන්න. 

මෙයයි බුද්ධ වචනය. සිතුවිල්ලේ (අරමුනේ) ඇතිවන ස්කන්ධයේ උදය-වය දැකීමට – නාම රෑප පරිච්ඡේදය දැකීමට,  ‘සිහියේ’ හා සිතුවිල්ලේ වේගයන් ගැලපිය යුතුය. ඵනම් ‘සිහියේ’ වේගය අඩාල කරන කාරක දුරැකල යුතුය. සිහියේ සිට සිතුවිල්ල දැකීම යනු මෙම සංසිද්ධියයි.

වයධම්මා සංඛාරා – සංඛාරයේ (නාමයේ) වය ධර්මතාවය දැකීමට

අප්පමාදේන සම්පාදේථ – අප්‍රමාදය සම්පාදනය කරගනිව්

මෙම ගාථාව නැතහොත් අවවාදයේ ඇති ගැඹුර මෙතෙක් ලොවට හෙලිවී නැති බවයි මාගේ හැගීම. ඒ දේශකයන්ට එහි අරැත වටහා ගැනීමට නොහැකිවී ඇති බැවිනි. සමස්ත බුද්ධ දේශනයේම ගැඹුර නොතේරෙන අයෙකුට මෙම පිරිනිවන් මඤ්චක දේශනාව ගලපාගත නොහැක.

‘සිහිය’ යනු භෞතික තත්වයක් ලෙස අප හඳුනාගතිමු. එය ‘සිතින්’ වෙනස්ව පවතින්නක් බවද, පෙර මතකය හා සම්බන්ධව පවතින බවද දැන් අපි දනිමු. ක්ලේෂයන් (ආස්‍රවද ඇතුළුව) හා ඥාණ හටගන්නේ සිහිය තුලම බව අප පසුගිය ලිපිවල සාකච්ඡා කල බව ඹබට මතක ඇත.

‘සතිය’ යනු සිහිය තුල හිඳ සිත දැකීමයි. නැතහොත් සිතට සිහිය පැවැත්වීමයි/පිහිටුවීමයි. යෝනිසෝමනසිකාරය යනුද මෙම ක්‍රියාවලියමයි. විපස්සනාවෙන් කරන්නේද එන එන සිතට (අරමුනට) සිහිය පැවැත්වීමයි. සතිය පිහිට විය යුතු වන්නේ සිතේ (අරමුනේ) මුලම ඇතිවන ස්කන්ධ ක්‍රියාවලියේ උදය (ඇතිවීම) වය (නැතිවීම) දැකීමටයි. ස්කන්ධ ක්‍රියාවලිය (රෑප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ) ඇතිවන තැන රූපත් නැතිවන තැනිවන තැන අරූපත් (නාමත්) හටගනි. තතාගත දේශනාව නම් ‘මහනෙනි, සෝවාන් වීමටත්, සකරදාගාමි වීමටත්, අනාගාමි වීමටත්, අර්හත් වීමටත් කල යුත්තේ ස්කන්ධයේ උදය-වය දැකීම පමනමයි – දස්සනේන පහාතබ්බා’

දැන් සිහියේ සිට සිත (අරමුන) දකින ක්‍රියාවලිය සලකා බලමු. සිහිය හා සිත වේගයන් දෙකක පවතී. වේගය යනු ‘ඇතිවන නැතිවන විපරිනාමවන’ වේගයයි. සිතේ ඇතිවන නැතිවන වේගය ක්ෂණයක් වන අතර එම වේගය කෙතරම්ද යත් බුදුන් වහන්සේ එයට සමකල හැකි වේගයක් සම්මත ලෝකයෙන් උදාහරන කොට දැක්වීමට තමන් වහන්සේට අපහසුයයි පැවසූ බව බුද්ධ දේශනාවේ සඳහන් වෙයි. එනම් සිතේ (අරමුනේ) වේගය ආලෝකයේ වේගයටත් අධික වන බව දත යුතුය.

භෞතික තත්වයක පවතින සිහියේ පැහැදිලි වේගය (apparent/ostensible speed) අරමුනේ වේගයට වඩා ඉතා අඩු එකකි. මේ හේතුවෙන් එනම් වේගයන්ගේ වෙනස නිසා (incomparability) සිහියේ සිට සිත දැකීම අපහසුය.

ස්වාභාවයෙන්ම සත්වයාගේ සිහියේ (ඇතිවන නැතිවන) වේගය (inherent speed) සිත දැකීමට හැකි ඉහල අගයක පවතින අතර එය වැසී පවති. සිත දැකීමට නම් සැඟවී පවතින මෙම වේගය මතුකර ගත යුතුව ඇත. සිහියේ පවතින මෙම ඉහල වේගය සත්වයා තුල විශේෂයෙන් මිනිසාතුල පවතින ‘බුද්ධ ස්වාභාවය’ යි.

බුදුන් වහන්සේ පිරිනිවන් මංඥ්කයේ කල දේශනාවේ සඳහන් වන්නේ මෙම වේගයන්ගේ වෙනසයි. ‘අප්‍රමාදය සම්පාදනය කරගනිව්’ යනුවෙන් කල අවවාදය තුල ගැබ්ව ඇත්තේ සත්වයා තුල ස්වාභාවිකම පවතින බුද්ධ ස්වාභාවය එනම් සිහියේ පවතින (inherent) වේගය මතුකර ගැනීමට යුහුසුලු වෙයව් යන පනිවිඩයයි.

සත්වයා තුල නිරතුරැවම පවතින බුද්ධ ස්වාභාවය ‘පංච නීවරණ’ වලින් වැසීපවතින අතර නීවරණ ප්‍රහානය කිරීමෙන් සිත දැකීමට අවශ්‍ය සිහියේ වේගය මතුකර ගත හැකිය. පට්ච්චසමුප්පාදයේ ධම්මානුපස්සනාවේ ‘නීවරණපබ්බං’ හි තතාගතයන් වහන්සේ මෙම ධර්මතාවය සැකවින් විස්තර කර ඇත.

පංච නීවරණ නැමති ‘පොරොප්ප’ යෙන් (clog/impediment) වැසී පවතින සත්වයාගේ සිහිය තුල ස්වාභාවිකවම පවතින බුද්ධ ගුණය නැතහොත් වැසී පවතින වේගය මතුකර ගැනීමට අවශ්‍ය මාර්ගය ධම්මානුපස්සනාවේ අවසාන භාගයේ ඇති   ‘බොජ්ඣඞ්ගපබ්බං’ හි තතාගතයන් වහන්සේ මනා ලෙස දේශනා කර ඇත.

ඹබ විසින් කලයුතු වන්නේ සප්ත බොජ්ඣඞ්ගය වැඩීමෙන් පංච නීවරණ නැමති පොරොප්පය ගලවා ඔබ තුල ස්වාභාවිකවම පවතින බුද්ධ ස්වාභාවය (සිත දකින වේගය) මතුකර ගෙන ස්කන්ධයේ උදය-වය දැක සෝතාපන්නයට (නිවන්මගට) පිවිසීමයි.

මා උත්සාහ කලේ මෙතෙක් කලක් වැසී පැවතුන බුද්ධ පණිවිඩයේ සත්‍ය ඥාණය විවරකර දී ඔබට පරතෝඝෝශය හා ධම්මවිචය ඇති කිරීමටයි.

ඹබට සුභ පැතුම් 

තිස්ස ගුණතිලක 

2022 දෙසැම්බර් මස 05 වනදා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2023 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress