අරගලය දෙස ආපසු හැරී බලන කලාකරුවන් ගැන ජාතික සංවිධානවල ඇගයීමක්
Posted on December 7th, 2022
Lanka Lead News
ප්‍රවීන රංගන ශිල්පී ගිහාන් ප්‍රනාන්දු මහතා කලාකරුවෙක් ලෙස ඊනියා අරගලය ගැන ඉදිරිපත් කරන මතය පිළිබදව ලංකා ලීඩ් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,
‘‘ගිහාන් සමග අපි සියයට සියයක්ම එකඟ වෙනවා. ජාතික සංවිධානවලට අරගලය ආරම්භයේදීම ඒ ගැන නිවැරැදි විග්‍රහයක් තිබුණා. ඒක වික්ටෝරියා නූලන්ඩ්ගේ පිටපතට අනුව රඟපාන නාට්‍යයක් බවට.
නීතිඥ සංගමයේ සහ ඇමරිකානු තානාපතිනිය ගෝඨාභය කියන දුප්පත් ජනාධිපතිවරයාව සහ ඔහුව පාවාදීම සදහා ආරක්ෂක හමුදාවට පැනවූ මානසික බාධකවල ශක්තිය අරගෙන පොඩි කොල්ලො කුරුට්ටො ටිකක් තමයි ඒක ආරම්භ කළේ. ඕනෑම සටනකින් පසු දේශපාලන වාසි ලබාගන්න බලන දේශපාලන බලවේග ඊට සෘජුවම හා වක්‍රව සහයෝගය ලබාදුන්නා. ඩයස්පෝරාව සහ ඉස්ලාම් අන්තවාදීන් අරමුදල් සහ බුරියානි දුන්නා.
කලාකාරයෝ කියන අහිංසකයෝ සහ ආණ්ඩුව කෙරෙහි කලකිරී සිටි අවංක තරුණ, තරුණියෝ ඊට සහාය දැක්වුවා නාට්‍යයේ පිටපත කාගෙද කියල දන්නෙ නැතුව. ජාතිකවාදී කියන දේශපාලන නායකයෝ පවා ඒ ‘‘හුජ්ජ කොල්ලන්ට‘‘ බයේ උන් කියපු විදිහට වැඩේ කළා. ඔවුන්ව කොතරම් පැටලිලාද කියනව නම් සමහරු සමාව ඉල්ලනවා ගෝඨාභය බලයට ගෙනල්ලා සජිත්ව පරද්දපු එක ගැන. නමුත් ඔවුන් ඇත්තටම සමාව ඉල්ලන්න ඕනෙ ඊනියා අරගලයට බයවෙලා රට අමාරුවේ දැමීම ගැන