කබ්රාල් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ගැන කියූ දේ
Posted on December 12th, 2022

උපුටාගැණීම  මව්බිම

වර්තමාන මහ බැංකු අධිපතිවරයා සහ මුදල් මණ්ඩලය ද සිදු කරනුයේ තමන් කළ ආකාරයෙන් ම ඩොලරයේ අගය ඉහළ යා නොදී පාලනය කිරීම බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.                   

මහනුවරදී මල්වතු මහ නාහිමි අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි බැහැ දැකීමෙන් අනතුරුව ඒ මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව සඳහන් කළේ ය.                                                                               

තවදුරට ත් අදහස් පළ කළ හිටපු මහ බැංකු අධිපතිවරයා මෙසේ පැවසීය.

අද මට මේ අය චෝදනා කරනවා ඩොලරයේ අගය ඉහළ යා නොදී බලහත්කාරයෙන් පාලනය කොට රුපියලේ අගය රැකගත් නිසා රටේ ආර්ථිකය කඩා වැටුණා කියා. නමුත් අද මහ බැංකු අධිපති හා මුදල් මණ්ඩලය කරන්නේ එදා මා කළ දේ ම යි. ඒකෙ වැරැද්දක් මම දකින්නේ නෑ. නමුත් එදා මම එහෙම කළ එක වැරදියි කියන අය. අද මේ අය කරන දේ ගැන මොකුත් කියන්නේ නෑ. මට එල්ල කරලා තියෙන සියලු ම චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා. මම නීති විරෝධී දෙයක් කරලා නෑ. රටේ ආර්ථිකය කඩා වැට්ටුවෙත් නෑ. එදා තිබුණු ආර්ථිකය පාලනය කරලා මම ජනතාවට සහන ලබා දුන්නා. අද මොකද වෙන්නේ. රටේ ජනතාවට බර පටවන්නේ නැතිව විකල්ප ක්‍රමවලට රාජ්‍ය පාලකයෝ යායුතුයි කියන එක තමයි මම හිතන්නේ. මේ සම්බන්ධයෙන් විකල්ප ක්‍රම තියෙනවා ඒවා සොයා බැලිය යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන විතරක් ම විශ්වාසය තියලා කටයුතු කිරීම පමණක් ම මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විසඳුමක් නෙවෙයි.”                                                   

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress