ආණ්ඩුකාර උතුරු මැද
Posted on January 16th, 2023

තිසර සමල් – එප්පාවල

උතුරු මැද පළාත් අාණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ සංකල්පයට අනුව රන් මාවත නමින් ආරම්භ කරන ලද වැඩසටහනේ ප්‍රගතිසමාලෝචන රැස්වීමක් කම්කරුව හා විදේශ කටයුතු අමාත්‍ය ගරු මනූෂ නානයක්කාර හා උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරුමැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

උතුරුමැද පළාත් රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා ලංකාවේ පළමු වතාවට වැඩිහිටි ආරක්ෂණ හෙද සත්කාර හා පංචකර්ම සේවා සඳහා n v q level දක්වා රජයේ  හා පුද්ගලික රැකියා විරහිත පිරිස් විධිමත් පුහුණුවකින් පසුව විදෙස් රටවල ඉල්ලීමට අනුව කාණ්ඩ වශයෙන් යොමු කිරීම හැකියාව මෙමගින් සිදුවේ.

මෙම පුහුණුව මගින් still present සහතිකයක් හිමිවන අතර ‍මෙමගින් ඕනෑම රැකියා යුත්තේ වායුක්තිකයකු විදෙස් රැකියා සඳහා පහසුවෙන් යොමු කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර. විදේශ කටයුතු අමාත්‍යාංශයේ සාමාන්‍ය අධිකාරී සෙනරත් යාපා .ජේෂ්ඨ කළමනාකරු එච් එම් සුනිල් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර ලේකම්. උතුරු පළාත් සභාවේ සහකාර ලේකම්. වයඹ පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්. විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පළාත් සභාවේ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress