කුරුන්දවාසෝක විහාරය – තෙවෙනි කොටස
Posted on January 16th, 2023
විමල් පටබැඳිගේ (ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර්)
තමන්ගේ මවුබිමේ ඉතිහාසය සමග වෙන්කළ නොහැකි සේ බැඳී ඇති පුරාණ ශිෂ්ටාචාරය, සංස්කෘතිය සහ සංස්කෘතික සිහිවටන පිළිබඳ යම් පමණක හෝ දැනීමක් ලබාගැනීම සහ සංරක්‍ෂණය කිරීම මානව හිමිකමක් පමණක් නොව මානව වගකීමකි. තමන්ගේ මුතුන්මිත්තන් සැමරීමකි.
(දෙවෙනි කොටසෙන්)
ඉංගිරිසීන් 19 වෙනි සියවසේ සිට ක‍්‍රවුන් ලෑන්ඞ් (එන්ක්‍රෝච්මන්ට්* ඕඩිනන්ස් සහ සිලෝන් වේස්ට් ලෑන්ඞ් ඕඩිනන්ස් ආදී නීති ආඥා යෙදාගෙන සිංහල බෞද්ධයන් වසර දහස් ගණනක් භුක්ති විඳිමින් සිටි බිම්වලින් පළවාහැර සහ බෞද්ධ පුදබිම් පැවැත්ම සඳහා පුදා තිබූ සඟසතු ඉඩම් පැහැරගෙන ඉන්දියාවෙන් කූලීන් ලෙස ගෙනා ජනයා පදිංචි කරවා දෙමළ කොලනි පිහිටුවන ලද බව ඉතිහාසගත කරුණකි.
නටබුන් වූ කුරුන්දවාසෝක පුදබිම
කුරුන්දන්කුලම් වැව අසල පිහිටි කන්ද (කුරුන්දන්මලෙ* මුදුනේ තැනිතලාව මත ඇති නටබුන් වූ පුරාණ ගොඩනැගිලිවල ශේෂ කුරුන්දාවසෝක විහාරයේ ශේෂ ලෙස සැලකෙයි. එහි දර්ශනීය ස්තූපයක් තිබූ බව සනාථ කෙරෙන වට අඩි 140 ක් සහ උස අඩි 21 ක් පමණ වූ ගඩොල්ගොඩැල්ලක් 1964 වසර වෙනවිට ද එහි තිබූණි. වස්තු කොල්ලකරුවන් විසින් හෝ නිදන් හොරුන් විසින් ස්තූපය මැදින් හාරා විනාශ කොට ඇත. සම්පූර්ණයෙන් විනාශ කොට ඇති බුදුමැඳුරක අත්තිවාරමක ශේෂ විය. නටබුන් වූ පුරාණ ගොඩනැගිලි කීපයක කොටස්, ගල් කුළුණු රැුසක්, වටදා ගෙයක් පැවති බව පෙන්වන ලකුණු, ජල සැපයුම සඳහා වූ ළිං හෝ පොකුණු දෙකක නටබුන්, සහ කන්දේ බැම්මේ සහ පියගැටපෙළේ ශේෂ පැවති බව, වන මැද මංපෙත් සොයමින් ගිය, එල්ලාවල මෙධානන්ද හිමියන් කළ ගවේෂණයකිින් ලේඛනගත කොට ඇත.44
කුරුන්දවාසෝක විහාරය ඇතුළත් කොට ඇති මුලතිව් දිස්ති‍්‍රක්කය වෙහෙර විහාර සහ බුදු පිළිම ඇතුළු බෞද්ධ පූජනීය වස්තු පිරුණු පුරාණ ස්ථාන රාශියක් පැවති වනයෙන් වැසුණු බෞද්ධ ප‍්‍රදේශයක් බව ව්‍ය.ව. 19 වෙනි සියවසේ ඉංගිරිසි පරිපාලන නිලධාරීන්ගේ නිල වාර්තා හෙළි කරයි. සමීක්‍ෂණ මගින් පුරාවිද්‍යා භූමි ලෙස අඳුනාගනු ලැබූ ස්ථාන පනහක පමණ තොරතුරු වාර්තා කොට ඇත. එමෙන්්ම, අලූතින් පදිංචි කරවන ලද දෙමළ ජනයා ඒ වෙහෙර විහාර, බුදුමැඳුරු ඇතුළු ගොඩනැගිලිවල ගල්, ගඩොල් ආදී ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිත කරමින් නිවාස සහ කෝවිල් තනාගෙන ඇත. එපමණක් නොව බුදුපිළිම කොටස්, කොත්කැරලි, සිරිපතුල්ගල්, මුරගල්, පූජාසන, කුළුණු ආදි ආගමික වස්තු කෝවිල්වල පුල්ලෙයාර් සහ ශිවලිංග ලෙස පමණක් නොව මිරිස්ගල්, ගෙපඩි ලෙස පවා භාවිත කිරීම පිළිබඳව ඉතා දිගු විස්තරයක් 19 වෙනි සියවසේ ප‍්‍රදේශයේ ප‍්‍රධාන ඉංගිරිසි නිලධාරී ජේ.පී. ලූවිස් වාර්තා කොට ඇත. ප‍්‍රදේශයේ පදිංචියට පැමිණි දෙමළ ජනයා විසින් පුරාවිද්‍යා නටබුන් විනාශ කොට ඇති බව හෙන්රි පාකර් ද 1886 වසරේ නිල වශයෙන් වාර්තා කොට ඇත.
අක්කර දහසක පමණ විශාල ප‍්‍රදේශයක පැතිර පැවති කුරුන්දවාසෝක විහාර පුදබිම 1933 දී බෞද්ධ පුරාවිද්‍යා භූමියක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශයට පත්කොට ඇත. රක්‍ෂිත වනයකින් ද යුත් මේ භූමිය වරින්වර දෙමළ පවුල් පදිංචි කරවීම නිසා දැන් කුඩා වී ඇත. පදිංචි කරවීම් තවමත් නතර වී නැත. පුරාවිද්‍යා සමීක්‍ෂණ වාර්තාවල ඇතුළත් කිරීම් මිස, වනගතව තිබූ කුරුන්දවාසෝක විහාර පුදබිම සහ පුරාණ කුරුඳුගමුරට ප‍්‍රදේශයේ පුදබිම් සම්බන්ධ පුරාවිද්‍යා පර්යේෂණ සහ සංරක්‍ෂණය කිරීම විවිධ හේතු නිසා පසුගිය කාලයේ සිදු කොට නැත. එයට සුදුසු පසුබිමක් ද නොවීය. මේ ප‍්‍රදේශය එල්.ටී.ටී. ඊළාම් ත‍්‍රස්තවාදීන්ගේ අවසාන බල මූලස්ථානය විය. කෙසේ වෙතත්, ව්‍ය.ව. 2009 වසරෙන් පසු කුරුන්දවාසෝක විහාර පුදබිම පිළිබඳව යළිත් අවධානය යොමු කිරීමට බෞද්ධ ජනතාවට අවස්ථාව උදා විය.
පුදබිම යළි මිහිමත
ව්‍ය.ව. 2019 වසරේ පමණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කුරුන්දවාසෝක පුදබිමේ පර්යේෂණ කැණීම් අරඹා ඇත. බුදුපිළිම ශීර්ෂ, කිරිගරුඬ බුදුපිළිම සහ බෝසත් පිළිම කොටස්, නටබුන් වූ පුරාණ දාගැබක සහ භික්‍ෂු ආරාම විය හැකි ගොඩනැගිලි විසිහයක, වටදාගෙයක, බෝධිඝරයක, සීමාමාලකයක කොටස්, යන්ත‍්‍රගල්, යූප කොටස්, සිරිපතුල්ගල්, කොරවක්ගල්, මුරගල්, සඳකඩපහන්, කැඩුණු පියගැටපෙළවල්, පැතිබැමි, සෙල් කුළුණු, පොකුණක නටබුන් ආදි විවිධාංග කොටස් සහ පුරාණ සිංහල ප‍්‍රාකෘත (බ‍්‍රාහ්මී* සෙල්ලිපි සොයා ගැනීම ගැන වාර්තා විය. ලාහුගල ප‍්‍රදේශයේ වෙඩි දමා පුපුරුවා තිබූ ස්තූපයකින් සොයාගෙන තිබුුණු රන්කරඬුව සහ මිහින්තලේ කණ්ඨක චේතිය, මිරිසවැටිය, රුවන්වැලි සෑය, අභයගිරිය, තිස්සමහාරාමයේ නාග විහාරය ආදී මුල් කාලයේ ස්තූපවල අංගයක් ලෙස ”යූපය” නිර්මාණ කළ ලෙසින් මේ ස්තූපයේ ගර්භය මුදුනේ සෙල්මුවා යූපයක් නිරමාණය කොට තිබූ බව පැහැදිළිව දක්වා ඇත. එමෙන්ම, සම්පූර්ණයෙන්ම ‘කබොක්ගලින්’ ගොඩනගා ඇති, කුරුන්දවාසෝක දාගැබ වැනි ස්තූපයක් දිවයිනේ වෙනත් කිසි තැනකින් සොයාගෙන නැත. නියම කළ නොහැකි ඓතිහාසික අගයකින් යුක්ත ස්තූපයේ මුල් පාදම පවා පාදාගෙන ඇත.
ව්‍යවස්ථාපිත රාජකාරියට තහනම් නියෝග
පුදබිම සංරක්‍ෂණය කිරීමට සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා භූමි ලකුණු කිරීමට මායිම්ගල් පිහිටුවීමට පවා අබෞද්ධ වාර්ගික අන්තවාදී කණ්ඩායමක් බාධා කරයි. විරෝධතා, තර්ජන පමණක් නොව ප‍්‍රචණ්ඩව හැසිරෙන බව ද වාර්තා වී ඇත. මේ කණ්ඩායම විරෝධය සඳහා මුලතිව් මහේස්ත‍්‍රාත් අධිකරණය ද යොදාගෙන ඇත.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විශේෂිතව ව්‍යවස්ථාපිතව ආරක්‍ෂිත බැවින් අධිකරණය ඇතුළු සියලූ ආයතන සහ පුද්ගලයන් බැඳී ඇත. එසේ වුව ද, රාජ්‍ය ආයතනයක ව්‍යවස්ථාපිත නිල රාජකාරිවලට එරෙහිව වාර්ගික අන්තවාදී කණ්ඩායම ප‍්‍රදේශයේ අධිකරණය භාවිත කිරීම විශේෂයකි. පුරාවිද්‍යා භූමි සම්බන්ධව නියෝග කිරීමට අධිකරණ බලයක් නැති මහේස්ත‍්‍රාත් අධිකරණය, කුරුන්දවාසෝක විහාර පුදබිම සංරක්‍ෂණය කිරීම් නතර කළ යුතු බවට 2020 වසරේ කළ ඒකපාක්‍ෂික තහනම් නියෝගය පුරාවිද්‍යා නිලධාරීන් දින කීපයකට පසු 2020/10/22 දින පෙනී සිටි විට ‘පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රාජකාරිය අඛණ්ඩව සිදු කිරීමට’ තහනම ඉවත් කළ ද ඊට බාධා කිරීම් වලක්වා නැත. අපමණ බාධා, අවහිරතා මැද ස්තූපයේ සංරක්‍ෂණ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති විට වාර්ගික කණ්ඩායමේ ඒකපාක්‍ෂික ඉල්ලීමට යළිත් මහේස්ත‍්‍රාත් අධිකරණය, 2022.07.14 දින ස්තූපය සහ සියලූ නිර්මාණ කඩා ඉවත් කිරීමට නියෝග කළේය. නියෝගය සංරක්‍ෂණ කටයුතු නතර කිරීමට නොවේ. වසර 2125 ක් පමණ පැරණි ඓතිහාසික කුරුන්දවාසෝක චෛත්‍යය සහ පුදබිමේ මානව ශිෂ්ටාචාරයට අයත් නිර්මාණ කඩා ඉවත් කිරීමටය. ඒ නියෝගය 2022/07/19 දින අහෝසි කළ ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සහ/හෝ බෞද්ධයන්ට චෛත්‍යයේ සහ පුදබිමේ සංරක්‍ෂණ කටයුතු අවසන් කිරීමට නඩු තීන්දුවේ ඇති වචන හරඹයක් බාධකයක් වී ඇති බව දැක්වේ. දැනීමේ සහ අවබෝධයේ හිඩැසක් නිසා ද? අන්තවාදී වාර්ගික බලපෑම නිසා ද? ඔවුන්ගේ සිරකරුවෙකු වෙලා ද? එසේ නොවේ නම් ඒ කණ්ඩායමේ සහායකයෙකු බවට පත්වෙලා ද? වෙනත් හේතුවක් ද? මේ අමිහිරි සිද්ධිය පිළිබඳ අවධානය යොමු කරන සාමාන්‍ය පුරවැසියෙකුට ඇති වෙන කුකුසකි.
කුරුන්දාවාසෝක විහාර පුදබිම හින්දු කෝවිල් භුමියක් බව පවසමින් වාර්ගික අන්තවාදී කණ්ඩායම විවිධ බාධක, තර්ජන කළත්, බුදු මැඳුරක, වටදාගෙයක ශේෂ සහ බුදුපිළිම, බෝසත් පිළිම ඇතුළු විහාරරාමයකට අයත් පුරාවස්තු රාශියක් මතුකර ගැනීමට හැකි වූ අතර අක්කර සිය ගණනක භූමියක් පුරා පැතිරුණු පුරාණ බෞද්ධ විහාර සංකීර්ණයක් බව පුරාවිද්‍යා කැණීම්වලින් තහවුරු විය.
තමිල්නාඩු පාඩමක්
2011 වසරේ පී. රංගනාථන් නම් තමිල්නාඩු වැසියෙකු විසින් කරන ලද ආයාචනයක් අනුව දීර්ඝ අධිකරණ විනිශ්චයකින් පසු 2022 වසරේ මදුරාසි මහාධිකරණය තමිල්නාඩුවේ තලවෙට්ටි මුනියප්පම් දේවාලය (කෝවිල* සම්බන්ධව මෑතක දුන් නඩු තීන්දුවක් ගැන සටහන් කිරීම බෞද්ධ, අබෞද්ධ, අසිංහල සියලූ දෙනාගේ දැනීම සඳහා වැදගත් වෙනු ඇත. තමිල්නාඩුවේ දෙමළ ජනයා වසර දහස් ගණනක් භක්තිපූජා පවත්වමින් පැවති හින්දු (දෙමළ* තලවෙට්ටි මුනියප්පම් පිළිරුව බුදු පිළිමයක් බවට සහ ඒ ස්ථානය බෞද්ධ විහාරයක් බවට ප‍්‍රකාශ කොට මින් මතු හින්දු පුද පූජා නොකළ යුතු බවට සහ නාමපුවරු සවි කොට බෞද්ධ විහාරයක් බව ප‍්‍රසිද්ධ කොට ඒ අනුව කටයුතු කළ යුතු බවට නියෝග කරමින් තීන්දු කළේය. එමෙන්ම රාමා උපන් බිම ලෙස සලකනු ලබන අයෝධ්‍යාවේ රාම දේවාලය මත තනා තිබූ බබ්රි මස්ජීඞ් පල්ලිය සම්බන්ධ ගැටළුව විසඳීමට මහාධිකරණ නියෝගයෙන් කළ පුරාවිද්‍යා කැණීමෙන් බෞද්ධ විහාරයක නටබුන් මතු වූ බව ලොවට රහසක් නොවේ.
ව්‍ය.ව. 1933 ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කොට ඇති කුරුන්දවාසෝක (කුරුන්දි* විහාර භූමිය තුළ කෝවිලක් ඉදි කිරීමට ඉතා මෑතක අන්තවාදී වාර්ගික කණ්ඩායම උත්සාහ කරමින් ඇති බව වාර්තා විය. තිරිකුණාමලේ ෆෙඞ්රික් කොටුව තුළ ආරක්‍ෂක සේවා සාමාජික නිල නිවාස අසල නටබුන්ව තිබූ පුරාණ බෞද්ධ විහාරස්ථානයක සංරක්‍ෂණ කටයුතු අවසන් වෙමින් තිබියදී අසල වන රොදක උස් ගොඩැල්ලක් මත ‘ලිංගයක්’ තබා එය සොරකම් කළ බවට චෝදනා කොට පුදබිම සංරක්‍ෂණ කටයුතු නතර කිරීමට 1960 දසකයේ උත්සාහ කළ බව සහ එහි පෙරමුණ ගත් එකල තිරිකුණාමලය නියෝජනය කළ පාර්ලිමේන්තු සාමාජික (ඵඡු* වූ තැනැත්තා බොහෝ වියපත් වුව ද දැනුදු අන්තවාදී වාර්ගික කණ්ඩායම සමග බව පමණක් සටහන් කිරීම මතකය සඳහා වෙයි. එසේම මෙකලම ෆෙඞ්රික් කොටුවේ පුරාණ ගෝකණ්ණ විහාර පුදබිමේ තිබුණු, ශී‍්‍ර මහා බෝධියෙන් හටගත් පැලයක් වූ බෝධිය විනාශ කොට මුල් ද පුලූස්සා පිහිටි ස්ථානය කොන්කී‍්‍රට් දමා වසන් කරන ලද බව ද වාර්තා වී ඇත.
කුරුන්දවාසෝක පුදබිම සංරක්‍ෂණයට සහ සංවර්ධනයට පමණක් නොව, ව්‍ය.ව. 1833 වසරේ ඉංගිරිසීන් විසින් නිර්මාණය කරන ලද උතුරු සහ නැගෙනහිර පළාත්වල පුරාණ බෞද්ධ පුදබිම් සහ පුරාවිද්‍යා ස්ථාන සංරක්‍ෂණය, සංවර්ධනය සහ ආරක්‍ෂා කිරීමට එරෙහිව වාර්ගික සහ ආගමික උමතුවෙන් පෙළෙන සුළුතර අන්තවාදී කණ්ඩායම් නිරන්තරයෙන් තමන්ගේ අනුචරයන් සහචරයන් මෙහෙයවමින් සිටින බව කලෙක සිට දක්නට ඇත. මොවුන් සියල්ලෝම නාසිවාදියෝය. නාසිවාදය වාර්ගික උමතුවේ ම්ලේච්ඡු දිගුවකි.
උතුර සහ නැගෙනහිර පළාත් ද ඇතුළු ව දිවයිනේ වාසය කරන දෙමළ/හින්දු ජනතාවගෙන් 99%ක් පමණ ජනයා බෞද්ධ පුදබිම් සම්බන්ධයෙන් විරෝධයක් නැති බව ඉතා පැහැදිළි සත්‍යයකි. ඇෆ්ගනිස්තානය, බංගලදේශය, ඉන්දුනීසියාව, මාලදිවයින් ආදී රටවල බෞද්ධ පුදබිම් විනාශ කළ /කරන තලේබාන්, මුජහදීන්, අයි.එස්.අයි.එස් ආදී ආගමික අන්තවාදී කණ්ඩායම් මෙන් කි‍්‍රයා කරන, දෙමළ ජනතාව මත වැඩවසම් සමාජ ආධිපත්‍යය පවත්වා ගැනීමේ අරමුණෙන් යුත්, වාර්ගික දේශපාලන කණ්ඩායමක් ප‍්‍රචන්ඩකාරීව තම අනුචරයන් මෙහෙයවන බව ඉතා ප‍්‍රකටය. ඇමරිකා මහාද්වීපයේ, ඔස්ටේරලියාවේ, නවසීලන්තයේ, අපි‍්‍රකාකානු මහද්වීපයේ පැවති පුරාණ සංස්කෘතීන්, ආගම් විනාශ කළ යුරෝපීය/ඇමරිකානු ආක‍්‍රමණිකයන්ගේ කොන්තරාත්තුවක් අනුව මොවුන් ශී‍්‍ර ලංකාවේ පුරාණ මානව ශිෂ්ටාචාරය, සංස්කෘතිය විනාශ කරන්නේ දැ’යි සැකයකි. දෙවෙනි ලෝක යුද්ධ සමයේ යුදෙව් ජාතිකයන්ගේ ජීවිත දස ලක්‍ෂ ගණනක් විනාශ කළ දැඩි කි‍්‍රස්තු භක්තික, නාසිවාදී හිට්ලර්ගේ එක් අරමුණක් වූයේ යුරෝපය පුරා පැතිර සිටි යුදෙව් ජනයා සහ යුදෙව් ආගම, ශිෂ්ටාචාරය, සංස්කෘතිය විනාශ කිරීම ය.
අබෞද්ධ රාජ්‍ය බෞද්ධ පුරාවස්තු ආරක්‍ෂා කරයි.
දෙමළ භූමිය ඇතුළු ඉන්දියාව, සෞදිඅරාබිය, ඇෆ්ගනිස්ථානය, ඛෝටාන්, පකිස්ථානය, මාලදිවයින්, මැලේසියා, ඉන්දුනීසියා, කොරියා, පිලිපීන, චීන, රුසියා, මොන්ගෝලියා ආදී රටවල්, තමන් අදහන ආගම සහ සංස්කෘතිය කුමක් වුවත්, පුරාවිද්‍යා පර්යේෂණ කැණීම් මගින් සොයාගනු ලබන පුරාණ බෞද්ධ ස්ථාන, පුරාවස්තු සංරක්‍ෂණය කොට තම රටවල මානව ශිෂ්ටාචාරය, මානව සංස්කෘතිය සනාථ කරන, බිඳහෙළිය නොහැකි අද්විතීය සාධක ලෙස ආරක්‍ෂා කරන බව, අධ්‍යයනය කරන බව ලෝක ජනතාවට රහසක් නොවේ.
එසේ වුව ද, ‘තමිලක්කම්’ ව්‍යාපාරයේ නායක පොන්නම්බලම් අරුණාචලම්, ‘පනහට පනහ’ සටනේ නායක ජී.ජී. පොන්නම්බලම් සහ ‘දෙමළ රාජ්‍යය’ නායක චෙල්වනායගම්, නීතිඥ ‘ති‍්‍රමූර්තිය’, ලංකාවේ දෙමළ වර්ගවාදය බෞතීස්ම කොට දායාද කළ බව රහසක් නොවේ. ඓතිහාසික යුගය ආරම්භයේ සිට මවුබිම් වැසියන් වෙන සිංහල ජනයා පළවාහැර, සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය උතුරු සහ නැගෙනහිර පළාත්වලින් මුලිනුපුටා දැමීම ඔවුන්ගේ ප‍්‍රධාන අරමුණකි. ව්‍ය.ව. 19 වෙනි සියවසේ සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල ස්ථිර පදිංචිය ලැබ ඇති අන්තවාදී උමතුවෙන් යුත් වාර්ගික සහ ආගමික කණ්ඩායම් සිංහල, බෞද්ධ, මානව ශිෂ්ටාචාර සහ සංස්කෘතික භීතිකාවෙන් පෙළෙන බව ඔවුන් විසින් ම සනාථ කරමින් ඇත.
යුරෝපා භූමියේ වසර දහස් ගණනක් පදිංචිව සිටි දසලක්‍ෂ සංඛ්‍යාත යුදෙව් ජන වර්ගය සමූල ඝාතනය කොට යුදෙව් ආගම, ශිෂ්ටාචාරය, සංස්කෘතිය මකා දැමීම ව්‍ය.ව. 20 වෙනි සියවසේ මුල් භාගයේ ජර්මනියේ නිල නාසි බලකාය නිරිමාණය කළ නාසිවාදී හිට්ලර්ගේ එක් අරමුණක් විය. නාසිවාදය වර්ගවාදයේම ම්ලේචඡු දිගුවකි.
ඉන්දීය සහ දෙමළ බෞද්ධයන් ඇතුළු ලෝක බෞද්ධ ජනතාවගේ වන්දනාව සහ පිළිවෙත් පිරීම සඳහා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතේ සංරක්‍ෂණය කොට විවෘත කළ පසු, වසර 2125 ක් පමණ පැරණි කුරුන්දවාසෝක විහාර පුදබිම බෞද්ධයන්ගේ වන්දනාවට ලක්වෙන, සිත් නිවන වැදගත් පුදබිමක් පමණක් නොව දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් බැඳගන්නා, සිත් සනසන වැදගත් සුන්දර වනගත ස්ථානයක් වෙනු නිසැකය.
පාදක සටහන්:
1. මහාවංශය
2. කඩඉම්පොත් විමර්ශනය, ආචාර්ය එච්.එ.පී. අභයවර්ධන-.
3. නැගෙනහිර පළාතේ සහ උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය, එල්ලාවල මෙධනන්ද හිමි
4. සිං. පරි. එදා වැව් බැඳි රාජ්ජේ උතුරු මැද පළාතේ අත්පොත 1899, පි. 69, එම්.යූ.ඒ. තෙන්නකෝන්, වර්ෂා තෙන්නකෝන්
5. රිබෙයිරෝගේ ලංකා ඉතිහාසය. සිං.පරි. ටී.කේ. රුබේරු
6. ලංකාවේ ද්‍රවිඩ සිහිවටන., මහාචාර්ය නන්දසේන මුදියන්සේ
7. ලංකා විශ්වවිද්‍යාලය ලංකා ඉතිහාසය.
8. ලංකාවේ ස්තූපය., මහාචාර්ය සෙනරත් පරණවිතාන
9. Ribeiro’s History of Ceilāo -Transd. by P E Pieris – 1909- P. 170
10. J.P. Lewis, Manunual of the Vanni District-Colombo 1895- p. 55
11. R. W. Iwers, Manual of North Central Province. p.21
12. A.W. Nicolas – JRAS(CB)(CB), Vol. vi, pp.86-87
13.G.P. Malalaseka, The Pali Literature of Ceylon (Colombo) p. 91
14. Prof. L.S. Perera. Institutions of Ancient Ceylon from Inscriptions
15. Robert Knox – An Historical Relations of Ceylon
16. By the sieur de Lisle of the accademy of sciences, chief geographer to the King, Paris A.D. 1722&
17. The Administration Report for 1867 of the AGA Trincomalee District
18. Dr. Karthigesu Indrapala’s PhD thesis. p. 233
19. J.P. Lewis. Tombstone and Monuments in Ceylon (Colombo), 1913. pp. 233-5
20. Northern Ceylon (Sri Lanka) in the 19th Century, Bertram Bastiampillai. p. 3-10?
21. Ceylon Antiquary, Vol. 11, Part 1, p. 54ff. (1916) & Part 111, p.167ff. (1917)
22. Notes on Jaffna Chronological Historical Biographical. John H. Martyn. p. 92
23. Fifty years in Ceylon., Major Thomas Skinner