International Center for Higher Education- ICHE Sri Lanka        උසස් අධ්‍යාපනය සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානය
Posted on January 16th, 2023

මාධ්‍ය නිවේදනය -17 ජනවාරි 2023

අධ්‍යාපන, පුහුණු, තරුණ සහ ක්‍රීඩා  සංවර්ධනය සඳහා

යුරෝ මිලියන 26000 ක්ශ්‍රී ලාංකිකයින්ටත් අවස්ථා

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, පුහුණු, තරුණ සහ ක්‍රීඩා  සංවර්ධනය සඳහා යුරෝපා සංගමයේ  (EU) ERASMUS Plus වැඩසටහන යටතේ  අරමුදල්, ශිෂ්‍යත්ව හා පහසුකම් ලබා ගැනීම පිණිස අදාල පාර්ශවයන් පුහුණු කරනු ලබන නේවාසික නොවන තුන් දින පුහුණු වැඩසටහනක් 2023 පෙබරවාරි මස 16,17,18 දිනවල  ජාත්‍යන්තර උපදේශකයින් විසින් කොළඹදී පවත්වනු ලැබේ.

වසර 2021-27 කල සීමාව සඳහා යුරෝ මිලියන 26000 ක් යුරෝපා සංගමය විසින්  මේ වෙනුවෙන් වෙන් කර ඇති අතර යුරෝපා සංගමයට අයත් රටවල් සමග සම්බන්ධවෙමින් සුදුසු ව්‍යාපෘති සිදු කිරීමට ශ්‍රී ලංකාවටද අවස්ථා ලබා ගත හැකි බව ICHE Sri Lanka හි ජාත්‍යන්තර උපදේශකයින් පවසයි .

දේශගුණික විපර්යාස, තරුණ හා  කාන්තා සංවර්ධනය මෙන්ම ඩිජිටල්කරණය මෙම වැඩසටහනේ ප්‍රමුඛතා වන අතර වැඩි අවධානයක් උසස් අධ්‍යාපනයට යොමු කර ඇත.

රජයේ ආයතන මෙන්ම පෞද්ගලික ආයතන, වෙළඳ මණ්ඩල,පාසල්  හා රාජ්‍ය නොවන ස්වේච්ජා ආයතන ලෙස මෙන්ම පෞද්ගලිකවද  මෙම අරමුදල් හා ශිෂ්‍යත්ව වලට අයදුම් කල හැක.

පසුගිය දශක කිහිපය තුල ශ්‍රී ලංකාවේ විශ්ව විද්යාල කථිකාචාර්ය වරුන් මෙම අරමුදල් වලින් ප්‍රයෝජන ලබා ඇත.

මේ පිලිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට හා දින තුනේ උක්ත පුහුණුව සඳහා ලියාපදිංචි වීමට උනන්දුවක් දක්වන්නේ නම් www.ichesrilanka.org වෙබ් අඩවියට පිවිසිය හැක.

ICHE Sri Lanka යනු ශ්‍රී ලංකාවේ සැමට උසස් අධ්‍යාපනය ලැබීමේ අයිතිය වෙනුවෙන් ක්‍රියා කරන පෞද්ගලික ආයතනයක් වන අතර මේ වනවිට ERSMUS Plus ප්‍රවර්ධන මෙහෙයුමක් ලාභ අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම වැඩසටහන වසරකට පෙර පැවැත්වීමට නියමිතව තිබුනද ලංකාවේ පැවති තත්වය අනුව කල් දැමීමට සිදුවිය, මේ පිළිබඳව කරණ ලද online සැසිය https://www.youtube.com/watch?v=SmIPDDlF42Q&t=756s මගින්  හා නිල වෙබ් අඩවිය (https://erasmus-plus.ec.europa.eu/ ) මගින් යුරෝපා සංගමයේ  මෙම ERASMUS Plus වැඩසටහන පිලිබඳ මුලික අවබෝධයක් ලබා ගත හැක,

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress