13-A මර උගුල හා ජනාධිපති රනිල් (ව) කරකවන <කොටි> වලිගය – part 2.
Posted on February 6th, 2023
C. Wijeyawickrema, LL.B., Ph.D
Balkanization of India (plan since 1800s)
Source: Malhotra and Neelakandan (2012)
ඉතිහාසය කන්නද?
ජනවාරි 27 දා ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා වීසින් කල අභියෝගය නිසා පරලවූ රනිල් ජනාධිපතිතුමා නොසිතූවිරූ ලෙස දේශපාලන පඹගාලක පැටලී සිටී. ඔහුගේ තර්ක පුස්ස බින්ඳාක් වැනි දෙඩවිලි විය. සිංහල නායක කළු සුද්දන් විසින් කරන්න පොරොන්දුවී නොකරපු (නීතිපොතේ ඇති අකර්මණ්‍ය/මිය ගිය නීති) දේවල් කෙතරම්ද? 13-A+ ගැන නහයෙන් අඬන ජනාධිපතිට 9 වගන්තියට යන කලදසාව ගැන බොරුවටවත් මතක් වුනාද? මේ කඩිමුඩියේ දැන් දිනේෂ් අගමැතිටත් බුද්ධ ශාසන කොමිෂන් වාර්තා (1955->) හා උඩරට ගැමි පුනරුත්ථාපන කොමිෂන් වාර්තාව (1951) මතක්වී ඇත.
1955/6 දී යාපනේ ඩෙල්ෆ් දූපතේ බාල් නැටුමකදී භාෂා ප්‍රශ්නය ගැන කට වරද්දාගෙන සර් ජෝන් අගමැති පක්ෂය අටට බස්සා ගත්තේය. දයාන් ජයතිලක කියන අන්දමට එවකට සර් ජෝන්ගේ උපදේශකව සිටියේ රනිල්ගේ පියා එස්මන්ඩ් වික්‍රමසිංහය. 1965 UNP-ITAK සභාග ආණ්ඩුකාලයේදී ඩඩ්ලි අගමැති බෝම්බ ප්‍රහාරයකින් බේරුණේ එස්මන්ඩ්ගේ නිවසෙන් පිටත්ව යද්දීය. ජනාධිපති සිරිසේන, කුමාර් සංගක්කාරට හිටි හැටියේ ලන්ඩන් තානාපතිකම ඔෆර් කලා වගේ, ජාතික ගීය දෙමළෙන් ගයන්නට නියෝගකර තිබුණ සංහිඳියාවත් බකල් කලා වගේ (දැන් දකුණේ එය භාෂා දෙකෙන්ම ගැයුවත් උතුරේ එය ගයන්නේ දෙමළෙන් පමණය), රනිල් මැතිඳුන්ද තයිපොංගල් සඳහා යාපනේට ගොස් කොළඹ ඉන්නා දෙමළ හා මුස්ලිම් පක්ෂ නායකයින් හා ඉන්දියන් හා ඇමෙරිකන් තානාපතිලා සතුටු කරන්නට 13-A+ ජරමරයක් ගැන දොඩවා දේශපාලන පඹගාලක පැටලී සිටී.
මේ දුර්භික්ෂයක් වැනි අවස්ථාවක 13-A නමැති නයා සිය කලිසම් සාක්කුවේ දමා ගන්නේ රට තුල මහා ජන වියවුලක් ඇතිකර විදේශ හමුදා රටට ගොඩබස්සවා ගැනීමේ අරමුණෙන්ද යන මට ඇති සැකය දයාන් ජයතිලකටද ඇත. උදාහරණයක් වශයෙන් වර්ෂ 37 ක කාලය තුලම නිහඬව සිටි රනිල් ඔහුට කිසිම මහජන චන්ද වරමක් නැති අවස්ථාවක පරණ පිනකට හෝ කුවේණීගේ සාපය හෝ නිසා ලැබුණ විධායක බලයක් ගැන කතා කරයි. වර්ෂ 37 තුල සිදුවූ දේ දයාන් ජයතිලක වාර්තා කරන්නේ මෙසේය ((Daily FT, 2/2/2023).
Main reasons for non-implementation/partial implementation of 13-A are:
1. The LTTE waged all-out war which made implementation of 13A by President Jayewardene and Premadasa (the latter had introduced it in Parliament) impossible on the ground.
2. President Chandrika Bandaranaike Kumaratunga by-passed 13A and moved in a federal direction with her ‘union of regions’ package.
3. The Tamil parties rejected 13A even as start-line for talks and disdained pushing for its implementation.
4. President Mahinda Rajapaksa was undecided about full implementation and inclined against it.
5. President Gotabaya Rajapaksa was opposed to the 13th Amendment and provincial/territorial devolution.
රනිල් මැතිඳුන්ගේ මුග්ධ හා ව්‍යාජ උපදේශකයින්ගේ දැනගැනීම උදෙසා ලියන මෙම ලිපි තුනේ මෙම දෙවන කොටසින්, අප අසන තුන්වන ප්‍රශ්ණයට පිළිතුරු සැපයේ. රටේ ඉතිහාසය නොදන්නා මෙම බාල මහළු දේශපාලකයින්ට පෙන්වා දිය යුතුව ඇත්තේ දෙමළ බෙදුම්වාදය 1923 දී පමණ ආරම්භවූ රේල් පාරේ හෙමින් හෙමින් නොනැවතී ගමනාන්තය බලා යන කෝච්චියක් බවත් එය නැවැත්විය හැක්කේ නිවැරදි මතවාදයකින් බවත්ය. උතුරු නැඟෙනහිර දෙමළ නිජ භූමියක් තිබෙනවාය යනුවෙන් 1940 දශකයේදී චෙල්වනායගම් (දෙමළ ජනයාගේ මෝසස්!) විසින් ගෙතූ මිථ්‍යා මතය පරාජය කිරීමය. රටේ දේශපාලනය කල ක්‍රිස්තියානි හා ඕ මයිගෝඩ් බෞද්ධයින් (කළු සුද්දන්) තම හැසිරීමෙන් ඊළම් මතවාදයට සක්ක ගසා දුන්නේය.
මෙම ඊළම් ගමනේ (ඉතිහාසයේ) ලක්ෂණ කීපයක් මෙසේය:
1. එය යටත් විජිත වාදයේ බෙදා පාලනය කිරීමේ උපක්‍රමය හා බැඳී ඇත.
2. එය ලෝක ක්‍රිස්තියානි ව්‍යාපාරය මඟින් පෝෂණය විය.
3. එය ඉන්දියාවේ ද්‍රවිඩ දේශපාලනය හා බැඳී ඇත.
4. 1935 සිට එය සිංහල මාක්ස්වාදීන්ගේ කර උඩ ලැග සිටියේය.
5. සිංහල ආණ්ඩු සමඟ සහයෝගයෙන් ක්‍රියාකල ද්‍රවිඩ නායකයින් ටැමිල් ට්‍රේටර්ස්ලා ලෙස හංවඩු ගසනු ලැබීය.
6.1931 සිටම සිංහල දේශපාලකයින් බෞද්ධ මධ්‍යම ප්‍රතිපදාව අනුව යමින් ද්‍රවිඩ නායකයින්ගේ අධිමානය හෝ හීනමානය දමණය කිරීමට නොසිතුවේය.
7.යාපනේ වෙල්ලාල කුලය විසින් සියේට 60 ක් පමණවන කුලහීන යයි ඔවුන් සිතන ජනයා අර්ධ වහළුන්සේ යටපත්කර තබා ගැනීම වැලැක්වීමට ලංකා රජයට තිබූ වගකීම දකුණේ සිංහල දේශපාලකයින් විසින් මඟහැරියේය. එය දකුණේ තිබූ කුලභේදය මෙන් පුද්ගලික ගණුදෙණුවක් නොව මුළු යාපන සමාජයම වසාගත් එලිපිටම ක්‍රියාත්මකවූ පොදු ව්‍යසනයක් විය.
8. දැනට ටිකක්, පසුවට ගොඩක් (little now, more later) යන රීතිය ඔවුන්ගේ මාර්ගෝපදේශක තේමාව (motto) විය. මේ නිසා මුග්ධ හා වංක සිංහල දේශපාලයින් පිළිකාවක් කිරිපෙවීමෙන් සුවකල හැකියයි සිතා ඇලවූ පැලැස්තර ඊළමට ඇටවූ ඉනිමං පොලු වැනි විය.
9. දෙමළ බෙදුම්වාදය යනු දිවයිනේ භූගෝල විද්‍යාවට හා ඉතිහාසයට (ඉතිහාසය යනු අතීත භූගෝල විද්‍යාවය) පටහැනි මතවාදයක් බව අදටත් සිංහල ඕ මයිගෝඩ් බොරු බෞද්ධයින් විසින් වටහාගෙන නැත.
10. මැලේරියා මදුරුවා විසින් අනුරාධපුර හා පොලොන්නරු රාජධානි දෙමළ හා මුස්ලිම් ජනාවාස වීමෙන් වැලැක්වූයේය. සිංහලීකරණය, බුදු පිළිම ආක්‍රමණය, ආදී දෙමළ බෞද්ධයා, යන කතා පෙඩරල් බෙදුම්වාදීන්ගේ ඇස්බැන්දුම් උපක්‍රමය.
World Christian plan to balkanize India
එකිනෙක හා බැඳී ඇති මෙම කාරණා 10 එකින් එක විග්‍රහ කිරීමට යෑමෙන් මෙම ලිපිය දීර්ග වෙන්නේය. ඒ නිසා ඒවා සියල්ල සමස්ථයක් වශයෙන් සළකා බලමි. ඉහත සඳහන් 1, 2, 3 යන කරුණු එක කරුණක පැති තුනක් වැනිය. බටහිර යටත් විජිත වාදයේ ලක්ෂණ වූයේ යටත් විජිත වාසීන් බෙදා පාලනය කිරීම, ඔවුන්ගේ සිත් තුලට හීනමානය රිංගවීම, දෙවියන් හරහා අශීලාචාර මිනිසුන් ශීලාචාර කීරීම හා ඔවුන් බේබද්දන් කිරීමත්ය. 1551 දොන් ජුවන් ධර්මපාලගේ සිට රටේ බිහිවූ ක්‍රිස්තියානි පිරිස හැම විටම සුද්දන්ගේ දරදිය අදින්නන් විය. පන්සල හා ගම අතර තිබූ ගහට පොත්ත වැනි සම්බන්ධය කැඩීම නෝත් ආණ්ඩුකාරයාගේ සිටම ගෙනගිය තවත් බෙදීමේ ක්‍රමයකි. ඒ අස්සේ <බුද්ධාගම කියන්නේ බොරුවක්> යන ප්‍රොජෙක්ට් එක භාරගත්තේ සිංහල ක්‍රිස්තියානි පාදිලිවරුන්ය. 1873 දී පානදුරා මහාවාදයෙන් එය අවසාන විය. සේපාල් අමරසිංග, රන්ජන් රාමනායකලා අදටත් කරන්නේ එයය.
පොදුවේ යටත් විජිතවල ගෙනගිය මෙම බෙදීමේ ක්‍රමය ඉන්දියාවේදී ක්‍රියාත්මකවූ ආකාරය Rajiv Malhotra හා Aravindan Neelakandan යන දෙදෙනා විසින් ලියනලද Breaking India: Western Interventions in Dravidian and Dalit Faultlines (2012) නමැති පොතේ විස්තරකර ඇත. එය ක්‍රිස්තියානි ව්‍යාපරයක් විය. මෙම ව්‍යාපාරය බෝන් අගේන් හා ක්‍රිස්තියානි මූලධර්මවාදය යනුවෙන් අද ලංකාවට බලවත් තර්ජනයක් නොවේද?
පකිස්ථානය මෙන් දකුණු ඉන්දියාවේද ද්‍රවිඩස්ථානයක්, වෙනම රටක්, පිහිටුවා ගැනීමේ ව්‍යාපාරය, 1917 සිට නේරු විසින් එය 1963 දී ව්‍යවස්ථා සංශෝධන යකින් තහනම් කරණ තුරුම ක්‍රියාත්මක විය. ඩඩ්ලි-පෙඩරල් පක්ෂ සභාග ආණ්ඩු කාලයේදී (1965-70) කඳුකරයේ DMK වශයෙන් ව්‍යාප්තවූයේ මෙසේ ඉන්දියාවේ තහනම්වූ ඉන්දියන් බෙදුම්වාදයය (එසේ වුවත් තෙන්මෝලි නම් සඟරාව හරහා ස්වාධීන ටැමිල්නාඩු ව්‍යාපාරයක් ආරම්භකල පෙරුන්චිත්ති තිරනාර් නිහඬකරලීමට 1985 දී රජිව් ගාන්ධි ගත් උත්සාහය අසාර්ථක විය.
Chronology of the Separatist Paradigm (Dravidasthan)
මෙහි පහතින් දක්වෙන්නේ රොබට් හාඩ්ග්‍රේව් යන දකුණු ඉන්දියා ඉතිහාසය පිළිඹඳ විද්වතාගෙන් උපුටාගත් කරුණුය (Chapter10: Religion, politics and the DMK by Robert L. Hardgrave in South Asia Politics and Religion, edited by Donald E. Smith,1966).
පොන්නම්බලම් අරුණාචලම්ගේ 1921/23 ටැමිලක්කම් ව්‍යාපාරය හා ද්‍රවිඩස්ථාන් අතර තිබූ න්‍යායාත්මක සම්බන්ධය මෙහිදී පැහැදිලිවේ. ඉන්දියාවේ ද්‍රවිඩ බෙදුම්වාදය හා ලංකාවේ දෙමළ (මලබාර් වැසියන්ගේ) බෙදුම්වාදය අතර තිබුණේ එකම මූලාශ්‍රයකින් ආරම්භවී සමාන්තරව ගලනා ගංඟා දෙකක වැනි බැඳීමකි.
,,, E. V. Ramaswamy Naicker, born in 1879, married at the age of 13, became a sannyasi 6 years later, started the Dravidian Federation (DK) party in 1944, as a militant (DK members wear black shirts), anti-religious (philosophy of Hinduism is false and an opiate), anti-Sanskrit (need to de-Sanskritize Tamil language, Ramayanaya is false, destroy the images of sacred Hindu deities such as Rama and Ganesha) movement.
(A) 1917-1963 (legal phase)
*1.1917 August – South India Liberation Front founded (Justice Party)
It was then anti-Brahmin not anti-Hindi (power of Tamil Nadu was in the hands of the Brahmin 2%)
** (**= incident in Sri Lanka)- 1911Arunachalama Ponnambalam got the designation, Malabar Inhabitant changed to Ceylon Tamils at the first census in Ceylon)
**-1921-1924 – Agreement in Ceylon between Tamil and Sinhala politicians for a ratio of 1 Tamil for 2 Sinhala representatives
*2.1925 – Self-Respect Movement began
*3.1931 – Naicker’s trip to Russia
** -1936-1937 – Balanced representation (fifty-fifty demand by GG Ponnambalam (a Christian) in Ceylon.
*4.1937 – Hindi introduced as a compulsory subject in schools (Rajagopalachari of the Congress Party was in control)
Anti-Hindi campaign began, Hindi language changed to an optional subject.
*5.1938 December – Justice Party Convention asked for a separate Tamilnad operating directly under London
*6.1939 – Dravida Nadu Conference asked for a separate and independent Dravidasthan
*7.1940 – Muslims League’s Lahore resolution demanding a Pakistan, mutual support for separate states
**-1940s – C. Sundaralingam, MP for Vavniya spoke of Tamil state in Northern and Eastern Provinces in Ceylon.
*8.1944 – Justice Party reorganized as DK- Dravida Federation (remained a quasi-military organization).
**-1944 –1945 – Soulbury Commission rejected discrimination complaint by GG Ponnambalam.
*9.1947 – Jinna refused to help Naicker to help create a Dravidasthan
**-July 1947 – SJV Chelvanayagam proposed merger of Tamil Nad and Tamil state in Ceylon.
**-Nov 1947 – Chelvanayagam’s speech at Trincomalee; promised to snatch Trincomalee from the Sinhala enemies and deliver it to Nehru for India’s security if Nehru so asked.
*10.1949 – DMK formed by C. N. Annadurai. Reasons: Naicker was a dictator, hadno faith in democracy, refused to honor the national flag, boycotted Independence Day celebrations, rejected Indian constitution; married a 28 year old girl when he was 72 and made her heir to the party leadership.
**-Dec. 1949 – Tamil state party (ITAK) was formed in Ceylon by SJV Chelvanayagam wowing for a separate Tamil state.
*11.1952 Indian General Election. Anna said DMK was genuinely communist.” burned Hindi books, painted tar over Hindi signs, burned the flag, burned pictures of Gandhi. (DMK has a tribal mentality-Nehru) Independence demand at the election.
*12.1955 – Hindi became the National (official) language of India
*13.1956 – Reorganization of states on language basis (Naicker abandoned Dravidasthan goal to a smaller Tamilnadu separatism goal)
*14.1957 Tamilnadu election – Independence demand
*15.1962 – DMK Election manifesto (long-range goal was the creation of a Dravidasthan Socialist Federation) Independence demand. Kamraj of the Congress Party won but DMK won 50 seats in the state legislature. In Feb. 1962 Kamraj changed the state name from Madras to Tamilnad. He wanted Madurai (Pandyan capital) as state capital.
*16.1963 – Separatism proscribed from Indian politics(not from people or writers). 1962 දී චීනය ඉන්දියන් දේශසීමා ප්‍රදේශ අල්ලා ගැනීමෙන් පසු මතුවූ දේශාණුරාගය ඉදිරියේ මෙම තහනම ගෙන ඒමට නේරුට ශක්තිය ලැබුණත් ඉන්පසු බෙදුම්වාදි අරගලය, ඉන්දියා විරෝධී ව්‍යාපාරයකින් හින්දි විරෝධී සටනක් බවට පෙරලුනේය.
*17.1985 – RajivG failed in his request from Perunchiththiranar (who started the magazine Thenmoli) to stop the Independent Tamilnadu movement.
දෙමළ නායකයින්ගේ අධිමානය/හීනමානය
මන්නාරමේ මුතුපර කැඩීමේ කොන්ත්‍රාත්තුව කල කුමාර්සූරියර්ලා ඇතුළු පිරිස හා සුදුහම ඇති අය අතර අවාහ-විවාහ මඟින් ඇතිවූ සම්බන්ධය දකුණේ සිංහල පවුල් සමඟ සිදුනොවීය. මෙයත් ඇමෙරිකන් මිෂනාරී සමාගම් යාපනේ පාසැල් ආරම්භ කිරීමත් නිසා ඉන්ගිරිස් අධ්‍යාපනය ලැබූ පිරිසක් 1820 සිට පමණම බිහිවිය. දකුණේ සිංහල බෞද්ධයින්ට මෙය ලැබුණේ 1880 න් පසු කර්නල් ඕල්කොට්ගේ ආගමනයෙන් පසුවය.
සුද්දන් විසින් තනතුරු දීම නිසා උද්දාමයට පත්වූ මේ ඉන්ගිරිස් උගත් මලබාර් නේවාසික (Malabar Inhabitants) පිරිස තමන්ට රටේ නායකත්වය ලැබේ යයි විශ්වාස කලේය. එය පසුකලෙක රුවන්ඩාවේ ටුට්සි සුළු ජනවර්ගය හුති මහ ජාතිය දෙස බැලූ ආකාරයට සමාන විය (ටුට්සි ජන සංහාරය 1994 අප්‍රේල්-ජූලි). සිංහල නායකයින් මෝඩයින් යයි පොන්නම්බලම් හා චෙල්වනායගම් යන දෙන්නාම ප්‍රසිද්ධියේ පවසුවේය.
වන්නි ප්‍රදේශයේ හීස් ඉඩම් වල දෙමළ ජනයා පදිංචිකරවීමට ඉන්ග්‍රීසි පාලකයින් ගත් උත්සාහ අසාර්ථකවූයේ මැලේරියා මඳුරුවා නිසාත්, දකුණට ඒමට යාපනේ ජනයා අකමැති වීමත් නිසාය. 1970 දශකයේදී පවා කන්කසන්තුරේ සිමෙන්ති පැක්ටේරියේ දෙමළ සේවකයින් උසස්වීම් ලබා හෝ පුත්තලම කම්හලට ඒමට අකමැති විය. අනිත් අතට කඳුකරයේ තේ වගාව නිසා මිරිකී ගිය සිංහල ජනයා මෙම ප්‍රදේශ වල පදිංචිකරවීම <සිංහලීකරණය> යනුවෙන් බෙදුම්වාදීන් විසින් හංවඩු ගසන ලදී.
පුරාණ සිංහල ගම්වල ජනයා මැලේරියා මඳුරුවා සමඟ ගෙවූ දුෂ්කර ජීවිතය බ්‍රිතාන්‍ය සිවිල් නිලධාරීන් විසින් වාර්තාකර ඇත. පසුකාලීන ජනපද ව්‍යාපාර යටතේ දෙමළ ජනාවාස වලට හානියක් නොවු අන්දම ක්ෂෙත්‍ර පර්යේෂණ මඟින්, භූගෝල විද්‍යා මහාචාර්ය G. H. පීරිස් මහතා විසින් පෙන්වා දී ඇත.
1948 දක්වා ඊළම් ගමනේ සිදුවීම්
*1. 1833 – කෝල්බෲක් ව්‍යවස්ථාදායක සභාවේ සිංහල-දමිළ සම නියෝජනය (වර්ෂ 60 ක් පමණම සිංහල නියෝජිතයා එක ඥාති පවුලකින් ආ ක්‍රිස්තියානි කළු සුද්දෙක් විය).
*2. 1921 – පොන්නම්බලම් අරුණාචලම් සිලෝන් කොන්ග්‍රස් එකෙන් කැඩී දකුණු ඉන්දියාවද සහිත ටැමිලක්කම් සංවිධානය පිහිටුවා ගැනීම
*3. 1921-24 කාලය තුල ඇතිවු සමබර නියෝජන උණ (මැනිං ආණ්ඩුකාරයාගේ උසි ගැන්වීම (balanced representation, all minorities = Sinhala majority)
There was also no shift in the thinking pattern of the small Tamil separatist cell in Sri Lanka operating from Colombo since the separatist fever reached Ceylon in 1918 from Tamil Nadu. With the governor Manning actively behind it during 1921-24, this became an official fever via a concept of balanced representation” supported by both Tamil and Sinhala Colombo politicians (ref. Communalism and language in the politics of Ceylon, by Robert Kearney, 1967, page 37). In 1928 and in 1944 two royal commissions rejected it but it was resurrected in 1949 as the Tamil state party (ITAK).
*4.1928-44- ඩොනමෝර්-සෝල්බරි කොමිෂන්. චන්ද බලය ව්‍යාප්තවීමත් සමඟ වැඩිවන සිංහල නියෝජනය ඉදිරියේ දමිළ නායකයින් සර්ව ජන චන්ද බලය දෙනවාට විරුද්ධවීම හා පනහට-පනහ ව්‍යාපාරයක් දියත් කිරීම
*5.1935 සිට පොදුවේ මාක්ස්වාදීන්ගෙන් දෙමළ බෙදුම්වාදයට ලැබුණ රුකුල. චෙල්වනායගම් මැලේසියාවේ සිට දකුණු ඉන්දියනු පල්ලිය හරහා කොළඹට ආවේ මේ සමසමාජ මාක්වාදීන් විසින් සපයන තෝතැන්නෙන් පල නෙලා ගැනීමට තිබෙන වාසියද නිසාය. අදටත් ක්‍රිස්ත්‍රියානි පල්ලිය හා මහළු හා තරුණ මාක්ස්වාදීන් බෙදුම්වාදය පැත්තේ නොවේද?
*6. 1910 පමණ සිට අනාගාරික ධර්මපාලතුමා සිංහල ක්‍රිස්තියානීන් සමඟ සහයෝගයෙන් ක්‍රියාකරන්නට උත්සාහ කලත් එය අසාර්ථක විය. එතුමා දෙමළ හෝ වෙනත් ජනවර්ගයක් පහත් කොට සැලකුවේ නැත. සිංහල ජාතිය සතුරු බලවේග වලින් රැක ගැනීමට ක්‍රියාකිරීම ජාතික වාදය මිස ජාති වාදය නොවේ. හීනමානයෙන් හා අපේක්ෂා බංගත්වයෙන් සිටි (ඩොනමෝර් හා සෝල්බරි කොමිෂම් නිර්දේශ ඉදිරියේ) දමිළ බෙදුම්වාදීන් ඩොනමෝර් ව්‍යවස්ථාව ප්‍රතික්ෂේපකර 1931 චන්දය වර්ජනයකර, අමාරුවේ වැටී, 1936 දී මන්ත්‍රණ සභාවට පැමිණිවිට ඔවුන්ට කිසිම ඇමතිකමක් නොදීමේ සුත්‍රයක් මැත් ප්‍රොපෙසර් සුන්දරලිංගම් ලවා සිංහල නායකයින් සදාගත්තේය. මෙය බෞද්ධ විරෝධී ක්‍රියාවකි.
*7. 1944 à ගාන්ධිට, හිට්ලර්ට, සුබාස් චන්ද්‍ර බෝෂ්ට හා රුසවේල්ට් ඇමරිකන් ජනාධිපතිට පින්සිදු වන්නට පෙත්සම් ගසා නිදහස ලබා ගැනීමේ <සටනේදී>, මාක්ස්වාදීන්ගේ තර්ජනය ඉදිරියේ, දේශපාලන පක්ෂයක් අටවා ගැනීම, ඒ වනවිට සර් D. B ජයතිලකව ලංකාවෙන් ඉන්දියාවට තල්ලුකරගෙන සිටි D. S. සේනානායක/ඔලිවර් ගුණතිලක කල්ලියේ අවශ්‍යතාවය විය.
UNP= එක්සත් ජාතික පක්ෂය යනු වැල්ලේ අටවා ගත් අට්ටාලයක් මිස ජාතික සමඟිය උදෙසා කැපවුණු බෞද්ධ දර්ශනය මත ගොඩ නැඟුණු සමාජ දේශපාලන ප්‍රවාහයක් නොවීය. එය 1815 නින්දිත ගිවිසුම, 29 වගන්තිය මඟින් නැවතත් තහවුරුකල, ධර්මපාලතුමා විසින් කල්තියාම පෙන්වා දුන්, සුද්දා විසින් කළු සුද්දන් පිරිසකට මාරුකරදී ගිය බෙහෙවින්ම ක්‍රිස්තියානිකරණයවූ ආණ්ඩු තන්ත්‍රයක් විය.
1948 න් පසු මෙම කළුසුද්දන්/මාක්ස්වාදීන් දෙමළ බෙදුම් වාදයට අසාධාරණ (unreasonable) ලෙස, රටේ ඉතිහාසයට හා භූගෝල විද්‍යාවට (රටක් ඉතිහාසය යනු ඒ රටේ අතීත භූගෝල විද්‍යාවය) ද්‍රෝහී වෙමින්, දැන හෝ නොදැන, හවුල්වූ, මුක්කුගැසූ ආකාරය මෙම ලිපි පෙලේ 3 වන කොටසින් විමසමු.