Sri Lanka Support Group වෙතින් ප්‍රකාශයක්
Posted on February 15th, 2023

Sri Lanka Support Group

Sri Lanka Peace Support Group නැමති සංවිධානයක් විසින් ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ තදබල වැඩ වල නියැලී ඇති බව මෑතක Lankaweb අඩවියේ ලිපි මඟින් එලි දක්වා තිබුණි.

Sri Lanka Peace Support Group (SLPSG) සංවිධානය (එවැනි සංවිධානයක් ඇත්තටම ඇත්නම්) එය හා අප සංවිධානය – Sri Lanka Support Group (SLSG) අතර කිසිම සම්බන්ධතාවයක් නොමැති බව මෙම නිවේදනය මඟින් අප දන්වා සිටිමු. SLPSG නමින් සංවිධානයක් ඇත යන්න අප දැන ගත්තේ මෙම ලිපි කියවීමෙන් පසුව, 2023 පෙබරවාරි මසය.

SLPSG සංවිධානයේ ඊනියා නිලධාරීන් සමඟ අප Sri Lanka Support Group (SLSG) කිසිම ආකාරයෙන් සම්බන්දතා පවත්වා නැත. ඒ කිසිවෙක් අප කිසිදා හමුවී නැත. එවැනි සම්බන්දතා හෝ හමුවීම් අප ඉදිරියේද සිදු නොකරන්නෙමු.

SLPSG සත්‍ය සංවිධානයක් වී නම්, එය අප සංවිධානය ආරම්භ කලාට පසු, අප සංවිධානයේ නම යුතු ලෙස භාවිතා කර, නිර්මාණය කරන ලද්දක් විය යුතුයි.

අප සංවිධානය (Sri Lanka Support Group (SLSG) කිසිදාක ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ ක්‍රියාවලින් වල යෙදී නැත. අප සැමදා වැඩ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සුරැකීමේ සහ ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව සුරැකීමේ ක්‍රියාවලීන්වලය. අප සංවිධානය කිසිම දිනක කිසිම ශ්‍රී ලාංකික රජයක් හෝ කිසිම ශ්‍රී ලාංකික දේශපාලන පක්ෂයක් වෙනුවෙන් ‘කඩේ යාමක්’ සිදු කර නැත.

අප සංවිධානය සැම දාම ක්‍රියාත්මක වුයේ ශ්‍රී ලංකාවට ආදරය කරන, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සිංහලත්වය සහ බෞද්ධත්වය සුරැකීම සඳහා වැඩ කරන බුද්ධිමතුන්ගේ සහ වෘත්තීයවේදීන්ගේ කුඩා පර්ශ්වදයක් ලෙසිණි. කැන්බරා හි Australian National University (ANU)හි, පශ්චාත් නිතී උපාධිධාරි, ක්‍රියාන්විත  නීතීඥයන්ගේ බුරුල් එකතුවක් ලෙස ඇරභී අප සංවිධානය, අද දක්වා දිගු ගමනක් පැමිණ ඇත.

2000 මුල, අප සංවිධානය කැන්බරාහි ලියාපදිංචි කල අතර, එහිදී සභාපතිත්වයට (අද දක්වා) ජාත්‍යාන්තර නීතීඥ චානක බණ්ඩාරගේ මහතා පත්විණ. ඉන්පසු එය  ඕස්ත්‍රේලියාවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන් කරන ප්‍රධාන lobby group එකක් වශයෙන් කටයුතු කර ඇත. .

ප්‍රසිද්ධිය, පදවි, තනතුරු හඹා නොගොස්, රට, ජාතිය, බුද්ධාගම වෙනුවන් අපේ යුතුකම නිහඬව, අවංකව, සත්‍යවාදීව ඉටු කිරීමයි අපේ කැමැත්ත. SLSG සාමාජික සැම මේ අදහස දරයි.

යුද්ධයට පෙර කාලයේදී ඕස්ත්‍රේලියාවේ ක්‍රියාත්මක වූ විවිධ දෙමළ ත්‍රස්තවාදී සහ බෙදුම්වාදී කණ්ඩායම්වල අවහිර බාධවනට මුහුණ දීමට අපට සිදු විය. ජීවිත සහ වෙනත් තර්ජනද අපට පැමිණීය.

අප සංවිධානය ඕස්ත්‍රේලියාවේ තිබෙන ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සුරැකීම වෙනුවෙන් කටයුතු කරන සෑම, සියළු කණ්ඩායමක් සමඟම වාගේ ඉතා සහයෝගයෙන්, එක්ව කටයුතු කර ඇත. අප සංවිධානය සහ ඕස්ත්‍රේලියාවේ SPUR සංවිධාන (NSW, Qld, Vic, WA) ඉතා කිට්ටුවෙන් වැඩ කර ඇත.

යුද්ධය සමයේ රණ විරුවන් වෙනුවෙන් නොයක් උදව් උපකාර කළෙමු. ශ්‍රී ලංකාව බේරා ගැනීම සහ ශ්‍රී ලංකාවට උදව් කිරීම වෙනුවෙන් ඕස්ත්‍රේලියාව සහ ශ්‍රී ලංකාව තුල විවිධ ක්‍රියාවන්වල වල නිරත වූවෙමු. නමුත්, ඊනියා SLPSG වැඩ ගැන අපේ කිසිම සම්බන්ධයක් නැත.

ශ්‍රී ලංකාවේ සුභ සිද්ධිය වෙනුවෙන් ඕස්ත්‍රේලියාවේ ප්‍රාන්ත සහ මධ්‍යම රජයේ මන්ත්‍රීරුන්‌, ඇමති වරුන්, ඕස්ත්‍රේලියන් අගමැතිවරුන් නිරන්තරයෙන් හමුවී සාකච්චා කළෙමු. ඕස්ත්‍රේලියාවේ මධ්‍යම රජයේ මැතිවරණ පැවැත්වෙන කාලවල විවිධ පක්ෂවල චන්ද අපේක්ෂයන් ශාලාවලට  ගෙන්වා, ශ්‍රී ලංකාවට වාසි ලබා ගැනීමට, රාත්‍රී භෝජන සංග්‍රහ, සංගීත සංදර්ශන වැනි උත්සව, සම්භාෂණ සංවිධානය කළෙමු; හෝ එවැනි දේ කරන අනෙක් දේශප්‍රේමී සංවිධානවලට ආධාර කළෙමු..   

යුද්ධය අවසානයේ, 2010දී, ඕස්ත්‍රේලියානු පාර්ලිමේන්තු ගර්භයේ එරට දේශපාලනඥයන් විශාල දෙනෙක් සහභාගී සහභාගී වූ දැවැන්ත ‘Sri  Lanka Way Forward’ සම්මන්ත්‍රණය සංවිධානය කළෙමු. මෙවැන්නක් මේ දක්වා අන් කිසිම සංවිධානයක් කර නොමැත (දෙමළ සංවිධාන හැර). මීට අමතරව නිරන්තරයෙන් ඕස්ත්‍රේලියාවේ විදේශ ඇමති සහ එම රටේ විදෙස් තානාපතිවරු සමඟ හමුවීම් කළෙමු. වෙනත් දේශප්‍රේමී සංවිධානද මේ සඳහා සහභාගී කරගෙන එම කාර්යයන් සඳහා නායකත්වය දුනිමු.

ඕස්ත්‍රේලියාවේ ශ්‍රී ලාංකික මහ කොමසාරිස් කාර්යාලයේ සෑම මහ කොමසාරිස් වරයෙක් සමඟම ඉතා කිට්ටුවෙන් අප ක්‍රියා කර ඇත. අප සංවිධානයේ විශ්වාසනීයත්වය පිළිබඳව ඒ අය සාක්ෂි දරනු ඇත.

අද, එලෙසින්ම, Sri Lanka Support Group  (Global), යන නමින් කුඩා කන්ඩායමක් ලෙස කටයුතු කරන්නේමු. ඕස්ත්‍රේලියාව, උතුරු ඇමරිකාව, එංගලන්තය, ෆිජී, මැලේසියාව, ශ්‍රී ලංකාව වැනි රටවල විහිදුනු අප සාමාජිකයෝ zoom තාක්ෂනය මඟින් විටින් විට  සාකච්චා කරත්.  

මෑතක සිට ශ්‍රී ලංකාවේ අපගේ වැඩ කටයුතු සිදු කරන්නේ අපගේ සහෝදර සමිතිය වන Sinhala Sanwardhana Sanwidhanaya (සිංහල සංවර්ධන සංවිධානය – SSS ) සමගිනි. දීර්ඝ කාලීන බහාලීමකින් පසුව SSS යලි කුඩා කණ්ඩායමක් ලෙස වැඩ අරභා ඇත.  එහි වත්මන් සභාපතිත්වය දරන්නේද ජාත්‍යාන්තර නීතිඥ චානක බණ්ඩාරගේය.  

SSS මේ රටේ සිංහලත්වය සහ බෞද්ධාගම සුරක්ෂිතකිරීමට සහ ආරක්ෂා කිරීමට කැපවී වැඩ කරන සංවිධානයකි. විශේෂයන්ම උතුරු, නැගෙනහිර පළාත් වල සිංහල ප්‍රජාව වෙනුවෙන් නොයෙක් ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මකයි. SSS ශ්‍රී ලංකාව තුල විවිධ දේශප්‍රේමී සංවිධාන සමඟ ඉතා කිට්ටුවෙන් කටයුතු කරයි. SSS  සාමාජිකත්වය සඳහා දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයනට අයැදුම් කල හැක. (sinhalasanvardhanasanvidhanaya@gmail.com).

SSS 1980 දශකයේ ශ්‍රී ලංකාවේ නිත්‍යානුකුලව සංස්ථාපනය කරන ලද සංවිධානයකි. එහි මුල් සහභාපතිත්වය ආචාර්ය DS බණ්ඩාරගේ දැරීය. ඉන්පසු සභාපතිත්වය දැරුවේ ගාමිණි ඊරියගොල්ල, KB සුගතදාස වැන්නන්ය.   මාදුළුවාවේ සෝභිත හිමි සහ අම්පිටියේ රාහුල හිමි බොහෝ කලක් එහි අනුශාසකවරුන් වශයෙන් කටයුතු කළහ.

මෙම ලිපිය මඟින් SLSG සහ SSS සංවිධාන සම්බන්ධව කිසියම් විස්තර Lankaweb පාටකයන් වෙත ලබාදීමට අවස්ථාව ලබාදීම ගැන අප Lankaweb වෙබ් අඩවියට අප ස්තුති වන්ත වෙමු.

Sri Lanka Support Group, Global  (ශ්‍රී ලාංකික සහයෝගිතා කණ්ඩායම – ගෝලීය)

srilankasupportgroup@bigpond.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress