පෙබ 24 දා අධ්‍යාපන අමාහ්‍යාන්ශයේ යකඩ ගේට්ටුව උඩින් ඇතැමුන් සිවුරු වැට උඩ රඳවාද තවත් අය පේමන්ට් එකේ දමාද දිව්වේ බෞද්ධ භික්ෂූන්ද.
Posted on February 25th, 2023
සැදැහවත් බෞද්ධයෙක්
පෙබ 24 දා අධ්‍යාපන අමාහ්‍යාන්ශයේ යකඩ ගේට්ටුව උඩින් ඇතැමුන් සිවුරු වැට උඩ රඳවාද තවත් අය පේමන්ට් එකේ දමාද දිව්වේ බෞද්ධ භික්ෂූන්ද. මා හිතන අන්දමට ඔවුන් භ්ක්ෂූන් නොවිය හැක.අනිවාර්‍යෙන්ම ඔවුන් සිවුරු පෙරවාගත් අන්තවාදී දේශපාලන පක්ෂයකට අයත් පිරිසක් විය යුතුය. ඔවුන් සැබෑ භික්ෂූන් නම් ඒ අයගේ ගුරු හාමුදුරුවරුන් විසින් ඔවුන් වහාම පන්සලට කැඳවා උපැවිදිකොට වහාම ගෙදර යැවිය යුතුයයි මම සිතමි. මන්ද මෙවැනි අය සිවුරේ සීටිම සාශනයට මහත් ව්‍යශනයක් බැවින් එවැනි පුද්ගලයින් කිසිසේත් තවදුරටත් සිවුරේ නොසිටිය යුතුය. එසේම ලාන්කික බෞද්ධ භිෂූන්ට ඉමහත් අපකීර්තියකි.
එසේ වැට උඩින් පැන්න පුද්ගලයින් සැබෑ භිෂූන් නොවේනම් කැරළිකෝලාහලවලට සම්භන්ධ වීමට අමතරව ලන්කාවේ බෞද්ධ භික්ෂූන් අපකීර්තියට පතකිරීම වෙනුවෙන් ඔවුන්ට විරුද්ධව අප්‍රමාදව නීතිමගින් ක්‍රියාකළ යුතුයයි මම සිතමි.