පොහොර ගන්න ලංකාවට රුසියාවේ සහය
Posted on May 4th, 2023
උපුටාගැණීම මව්බිම
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය යූරියා හා MOP පොහොර ලබා ගැනීම පහසු කර ගැනීමට රුසියානු රජයේ සහයෝගය ලබා දීමට එකඟත්වය පළ කර තිබේ.
ශ්‍රී ලංකාව හා රුසියාව අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගිතාව මත හා දෙරට අතර පවතින මිත්‍රත්වය තහවුරු කරන පරිදි මෙම යූරියා හා MOP පොහොර ලබා දීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට එකඟත්වය පළ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
මේ සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (මැයි 3) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවැත්වූ අතර ඊට ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති එච්.ඊ. ලෙවන් ධගරායන් (H.E. Levan Dzhagarayan) හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සහභාගි වී ඇත.
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය යුරියා හා MOP පොහොර සැපයීමේ වැඩ පිළිවෙළ කඩිනමින් ආරම්භ කිරීම සඳහා දෙරට අතර කටයුතු කඩිනමින් ආරම්භ කරන බව ද මෙහිදී රුසියානු තානාපතිවරයා සඳහන් කර තිබේ.
එමෙන් ම, මෙම කටයුතු ලබන මහ කන්නය ආරම්භයට පෙර අවසන් කිරීමට ත් ලබන මහ කන්නයේදී යූරියා හා MOP පොහොර ගොවීන්ට ලබා දීමේ වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීම ඉලක්ක කර ගනිමින් වැඩ කටයුතු ආරම්භ කරන ලෙස මහින්ද අමරවීර නිලධාරීන්ට උපදෙස් දී ඇත.