බලය ලබාගැනීම සහ එහි රැඳීසිටීම සඳහා  සුළු ජන ඡන්ද ලබා ගැනීමට තම මාතෲභූමියත්, එහි භූමිපුත්‍රයින් මෙන්ම වසර 2500 කට වැඩි අඛන්ඩ ප්‍රෞඩ ඉතිහාසයක හා සන්ස්කෘතියක උරුමයක් ඇතුළු ජාතියක සමස්ථ ශිෂ්ඨාචාරයම පාවාදෙන දේශපාලඥයින් සිටින ලෝකයේ එකම රට ශ්‍රී ලන්කාව
Posted on June 18th, 2023

දේශමාන්‍ය ආචාර්‍ය සුදත් ගුණසේකර

මේ ලෝකයේ වසර 2500 කට වැඩි අඛන්ඩ ප්‍රෞඩ ඉතිහාසයක හා ශ්‍රේෂ්ඨ සන්ස්කෘතියක උරුමයක් සින්හල ජාතිය සතුව ඇතත් ඒ බවවත් නොදන්නා, බලය ලබාගැනීම සහ එහි රැඳීසිටීම සඳහා තම රටට හා ජාතියට වඩා සුළුජන ඡන්දයට ආදරය කරණ එසේම රට ජාතියට අබමල් රේණුවක ආදරයක් නැති, තමන් සින්හවන්ශිකයින්ගෙන් පැවත එන්නන් බවවත් නොදන්නා, දේශද්‍රෝහී, ජාතිද්‍රෝහී, බලලෝබී ආත්මාර්ථකාමී පාලකයින් විසින් සුළු ජන ඡන්ද ලබා ගැනීම සඳහා දේශයේ භූමිපුත්‍රයින් සහ තම රට පාවාදෙන ලෝකයේ ඇති එකම රට ශ්‍රී ලන්කාවය.

ක්‍රි. පූ.543 දි ආරම්භවු සින්හල ජාතිය සතුව මේ වන විට  පොතේ සහ ගලේ ලිඛිත ඉතිහාසයේ සඳහන් පරිදි වසර 2566 ක අඛණ්ඩ මෙන්ම වර්ණවත් සහ ප්‍රෞඩ ඉතිහාසයක් ඇත. එසේම කි.පූ.307 මහින්දාගමනයෙන් ආරම්භවූ ලොව ඇති ශ්‍රේෂ්ඨතර ආගමවූ බුදුන්ගේ උතුම් දහම මත පදනම්වු අවිහින්සාවාදී විශිෂ්ඨ සන්ස්කෘතියකටද උරුමකම් කියන සින්හල බෞද්ධ ජාතියට වසර 2347 ක් පිරී ඇත.මේ අනුව පුරාණ ලෝකයේ චීන, ඉන්දීය  වැනි පෙරදිග ශිස්ඨාචාරයන් මෙන්ම රෝම, ග්‍රීක් සහ ඊජිප්තු වැනි බටහිර ශිෂ්ඨාචාරයන් සමඟද  කරට කර සිටි මේ රටේ සින්හල බෞද්ධ ශිස්ඨාචාරය වසර 2500 කට වැඩි ශ්‍රෙෂ්ඨ ශිෂ්ඨාචාරයකට උරුම්කම් කියන මේ මිහිපිට ඇති අද්වීතීය ශිෂ්ඨාචාරයන්ගෙන් එකකි. භාතිකාභය රජු දවස (ක්‍රි.පූ.38-66) රෝමයේ ඔගස්ටස් අධිරා ජ්‍යයා විසින් එන්ගලන්තය පරදවා යුධ සිරකරුවකු වෂයෙන් එහි රජු පෙරහැරේ ගෙනගිය අවස්ථාවේදි අප රටින් ආරාධිත රාජ්‍ය දූතයා වු ඇමතිවරයා, ඔගස්ටස් අධි රාජ්‍යයාගේ දකුණු පසින් වූ පළමු අසුනේ සිටි බවට වාර්තා වීමෙන්ම එවකට ලන්කා රාජ්‍යයට ජාත්‍යන්තරව තිබුණු පිළිගැනීම අපට වටහාගත හැක.

එහෙව් ජාතියකට අද රටක් නැත. රටට ජාතියක් නැත.ජාතිකත්වයක්ද, ජාතික අභිමානයක්ද නැත. ජාතියට හා රටට අනන්‍යවූ සන්ස්කෘතියක්ද නැත. එසේම සුවිශේෂී ජාතික අනන්‍යතාවක්ද නැත. ජාතික නායකයෙක්ද නැත. අද එය බහුජාතික, බහු භාසික, බහු ආගමික බහු සන්ස්කෘතික අච්චාරු රාජ්‍යයක් වෂයෙන් හැඳින්වේ. ගමේ සින්හල බෞද්ධ ගැමියන් හැර රටේ රාජ්‍ය නායකයාගේ පටන්, සෙසු සියළුදෙනාම ගිරවුන් මෙන් එයම පුනරුච්චාරණය කරත්.

ක්‍රි.පූ 3 වන සියවසේ මහින්දාගමනයෙන් ආරම්භවී සියවස් 26 ක් පුරා වැවයි දාගැබයි ගමයි පන්සලයි වටා ගොඩනැගුන සින්හල බෞද්ධ ශිෂ්ඨාචාරය  සමස්ථ ලෝකයේම ඇති විශිෂ්ඨතම පැරණි ශිස්ඨාචාරවලින් එකකි.

එහෙත් ඒ කිසිවක් නොදන්නා, ඒ කිසිවක් අගය නොකරණ, තම බලය සහ පැවැත්ම ගැන පමණක් සිතන වසර 75 ක් තිස්සේ මේ රට විනාශකල තවමත් දිගටම එයම කරණ දේශපාලන බලය සහ ආත්මාර්ථය ගැන පමණක් සිතන, රට ජාතිය ගැන සිහිනෙන්වත් නොසිතන ආත්මාර්ථකාමී දේශපාලකයින් සිටින ලෝකයේ එකම රට බවට අද මේ රට පත්ව ඇත.

ඉරහඳ පායන තුරුම මේ  රට එන්ගලන්තයේ යටත් විජිතයක් වෂයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ යාන්ත්‍රණයක්වු සෝල්බරී ව්‍යවස්ථාව නම්වු ඔවුන් විසින්ම එන්ගලන්තයේ සාදනලද  යදමින් බැඳ මේ රටේ ඉතිහාසයේ කිසිදාක නොතිබුණු ජාති ආගම් භේධ එම ව්‍යවස්ථාවේම 29 වන වගන්තියෙන් ලක් පොලවේ පැළකොට වසර 133 ක රිජු යටත් විජිත පාලනය අවසන්කොට, තම පාලනක්‍රමයම ගෙනයාම සඳහා තවදුරටත් කොල්ලකෑමේ,සූරාකෑමේ සහ රාජ්‍ය පාලනයේ තෝණ්ලණුව තම අතේම තබාගෙන සියවස් 1 1/2 තිස්සේ, බුද්ධි ශෝධනය කොට මනාසේ පුරුදු පුහුණු කරණළද  කලු සුද්දන් පිරිසකට ඔවුන් වෙණුවෙන් මේ රටේ පාලනය භාරදී වර්ෂ 1948 දී එන්ගලන්තයේ සුද්දෝ නැව් නැග ගියහ.

එකී රාජ්‍යපාලන ක්‍රමය අනුව තවමත් මේ රටේ ක්‍රියාත්මක වන විකුර්ති හා පජාතික රාජ්‍ය ප්‍රතිපත්ති තවදුරටත් ක්‍රියාත්මක කිරීමට පාලකයින්ට ඉඩදී දේශප්‍රේමී ජනතාව නිහඬව සිටියහොත් රටක් නැති, ජාතියක් නැති, ජාතික භාෂාවක් නැති, ජාතිකත්වයක් සහ ජාතික අභිමානයක්ද නැති, තමන්ගේමයයි අනන්‍යවූ සන්ස්කෘතියක්ද නැති, එසේම, තමනටය කියා සුවිශේෂීවූ ජාතික අනන්‍යතාවක්ද නැති ලෝකයේ ඇති එකම රට මේ රට බවටද ඉන්පසු වැඩි කළක් යාමට පෙර දෙමළ සහ මුස්ලිම් වර්ගවාදීන් විසින් මේ රට අත්පත් කරගැනීම නිසා මිහිපිටින් අතුරුදන්වූ තවත් එක් ජාතියක් බවට ද සින්හලයින් පත්වනු නො අනුමානය.

සුද්දන් මේරට ශාරීරිකව හැර ගිය 1948 න් පසු ගතවූ වසර 75 ක් වැනි ඉතා කෙටි කාලයක් තුලදී වසර 2566 ක් පැවති අභිමානවත් ජාතියකට හා රටකට මෙසේ වූයේ ඇයි?

ජාතිය ඉදිරියේ ඇති ඊළඟ ප්‍රශ්නය වණුයේ අතීතයේ සින්හල රජ දවසේ, ඉන්දීය සාගරයේ මුතු ඇටය, පෙරදිග ධාන්‍යාගාරය, මිහිබට සුරපුරය, උජ්වලිත ලන්කා, ධර්මධ්වීපය සහ බුදුන්ගේ දේශය වැනි විචිත්‍ර නම්වලින් හැඳින්වූ, දුටුගැමුණු, මහාපරාක්‍රමබාහු විජයබා සහ Father Fernao De Queiroz visin a man so warlike and valiant that so far as his person was concerned, he could be compared to Caesar at the same age, and to Alexander”. යනුවෙන්   වීරාභිවන්දනය කරණලද  සීතාවක රාජසින්හ වැනි නරපතීන් විසින් පාලනය කරණ ළද  එසේම ඉතාලි ජාතික දේශගවේශකයකුවූ මාර්කෝපෝලෝ වැනි දේශගවේශකයින් විසින් එදා මෙහි සිට සුරලොවට ඇත්තේ ලීග 40 ක්  යැයි කි මේ පින් බිම, අද දරිද්‍ර භාවයේ පතුළටම වැටී ලෝ වටා පොල්කටුව අතින්  අරන් හිඟමනේ යන රටක්  බවට පත්වී, මත්ද්‍රව්‍ය කාරයින්ගේ,  දුෂිතයින්ගේ, පල්හොරුන්ගේ සහ මෝඩ පාලකයින්ගේ  සුරපුරයක් බවට පත්ව අද මේ රට හා ජාතිය මෙවැනි අභාග්‍යසම්පන්න තත්වයකට ඇද වැටී ඇත්තේ ඇයි?එසේ වීමට හේතු මොනවාද? යන ප්‍රශ්නවලට පිලිතුරු සෙවීමේ එක් දේශප්‍රේමි ජාතිමාමක හා හුදකලා වෑයමකි මේ.

සම්බුදු පා පහසින් තෙවරක් පූජනීය වූ මේ පින්බිම සහ ජීවමාන බුදුන්ගේ ආශීර්වාද ලත් ලක්පොලව සිසාරා වෙහෙර විහාර, පන්සල් සාදවා, ජයශ්‍රී මහාබෝමැඩ ශාකා සිටුවා  උතුම් බුදු දහම කිතු වසින්පෙර දෙවන සියවසේදි පළමුවරට ලේඛණාරූඩකොට,  සින්හල ජාතිය විසින් වසර 2567 ක් පුරා දිවිහිමියෙන් ආරක්ෂාකළ, ආතර් ක්ලාක් වියතුන් විසින් ඔහුගේ ඩීප් රේන්ජ් නැමති කෘතියෙන් 2050 වනවිට ලෝකයේ ඉතිරිවන එකම ආගම වශයෙන් ප්‍රකාෂකළ බුදුදහම සහ බුදුසසුන දිවිහිමියෙන් ආරක්ෂාකළ සින්හල ජාතිය මෙන්ම සම්බුදු සසුනට දිවිහිමියෙන් ආදරය කරණ දෙශප්‍රේමී, ජාතිහිතයිෂී සියළුම සින්හලයින්ගේ දෑස් ඇරවීමට හා දැල්වීමට මෙම ලිපිය යෝධ ප්‍රදීපස්ථම්භයක් වේවායි මම ප්‍රර්ථනා කරමි.

මෙම අවාසනාවන්ත තත්වයට  වගකිව යුත්තෝ

මා දකින අන්දමට මේ අවාසනාවන්ත තත්වයට මුලින්ම වගකිය යුත්තේ 1948 දී ඊණියා නිදහස නම්වූ ප්‍රෝඩාව භාරදෙන අවස්ථාවේදි එය භාරගත්තවුන් 1815 මාර්තු 2 දා භාරදුන් රට නොඉල්ලා සුද්දා විසින් දුන්, උන් නිදහසයයි කී ප්‍රෝඩාව ගෙඩිපිටින්ම භාරගත් පාලකයින්ය. අඩුම තරමින් 1815 දි මාර්තු ගිවිසුමෙන් සුද්දන්ට මේ රට භාරදුන් අවස්ථාවේදී තිබුණු රටේ නම වූ “සින්හලේ” සහ ජාතියේ නමවූ “සින්හල ජාතිය ” යන්න, අපගේම පාලන ක්‍රමයක් පිහිටුවා ගැනීමේ අයිතිය සහ භූමිපුත්‍රයින්ගේ 1815 අහිමිවූ භාෂාව සහ ආගමික අයිතීන් හෝ ලබාගතයුතුව තිබිණ. එසේම සුද්දන් විසින් 1840 න් පසු ඔවුන්ගේ තේ සහ රබර් වතුවල වැඩට ඉන්දියාවෙන් ගෙන ආ ලක්ෂ 12 ක පමණවූ දෙමළ කම්කරු හමුදාවද ඉන්දියාවට ආපසු යවා එම ඉඩම්වල හිස් භුක්තිය ඉල්ලා ගත යුතුව තිබිණ. අපට පෙර ඉන්ග්‍රීසීන්ගෙන් නිදහස්වු බුරුමය, ටැන්ගනිකාව ඇතුළු බොහෝ රටවල් වලට එසේ කිරීමට හැකිවූයේ නම් මේ රටේ පාලනය භාරගත් අට එය කිරිමට නොහැකිවූයේ ඇයි?

පළමුවෙන්ම ඊට දියහැකි උත්තරයනම් එවකට මේ රටේ පාලනය භාරගත් දේශපාලකයින්ගේ නිවටකම සහ ඉන්ග්‍රීසීන් කෙරෙහි ඔවුන්තුල තිබුණ ගැතිකම සහ රට හා ජාතිය ගැන ඔවුන්තුල කිසිදු අවභෝධයක් හා හැඟීමක් නොතිබීම නොවේද. ඔවුන් එදා එසේ කළේනම් අද පවතින වතු දෙමල ප්‍රශ්නද මේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න වල ඉන්දීය ඇඟිලිගැසීම්ද එසේම අපට හිසරදයක් බවට පත්ව ඇති  ජාති, ආගම් හා භාෂා ප්‍රශ්නද කිසිවක්  ඇති නොණු ඇත.

දෙවන හේතුව වනුයේ1948 න් පසු අද දක්වාම මේ රට පාලනය කලායයි කියන සියලු දෙනාද ඒ අඩිපාරේම ගියා මිස කිසිවෙකුත් 1815 මේ රටේ පරම අයිතිකරුවන් වන සින්හලයින්ගේ  වසර 133ක් තිස්සේ අහිමිවූ අයිතිවාසිකම් ලබාදීමට කිසිම පියවරක් ගත්තේද නැත, ඒ වෙනුවට ඔවුන් සියළු දෙනාම කලේ තරඟයට සුලුජන චන්දය ලාබාගැනීම සඳහා  මේ රටේ උරුමකරුවන්වූ  සින්හලයින් පාවාදෙමින් සුළුජන ඡන්ද වන්දනාවේ යාමය.

තෙවණුව 1505 සිටම පෘතුගීසි.ඕලන්ද සහ ඉන්ග්‍රීසි ආක්‍රමනිකයින්ගේ බලපෑම්වලට යටත්වූ එසේම ආර්ථික වාසි මෙන්ම පැවත්ම සඳහා ඔවුන්ගේ නම්ගම් සහ ආගම වැලැඳ ගත් අයගෙන් පැවත එන සින්හල වුවත් බෞද්ධ නොවන එම උප සන්ස්කෘතීන් වැළඳගත් එම උප සන්ස්කෘතියේම ජීවත්වන බටහිර ගැති  පිරිස්ය. අල්මේදා,දොන් ජුවන්,පෙරේරා,ප්‍රනාන්දු කුරේ, සිල්ව, සොයිසා, පීරිස්, කොරෙයා, අන්ටෝනියෝ,අල්මේදා,ගබ්‍රියෙල්, සහ සිල්වා වැනි පෘතුගීසි නම් සහ ඩොන් සහ ඩෝන යන වාසගම් මෙන්ම ඇල්ෆ්‍රෙඩ්,අල්විස්,ඇලන්,රිචඩ්,මර්ටින්,නෙවිල්,මේර්ය්,මර්සි,හිල්ඩා,ස්ටැන්ලි.ඩේවිඩ්,ගබ්‍රියෙල්,මේරි.මයිකල්,ලෙස්ලි,        ජුනියස් රිචඩ්,ජෙරල්ඩ්,ආතර්,ජේමිස් වැනි පුද්ගල නාම සහ කලම්බු, ජැෆ්නා, මැනා,නිගම්බු,චිලව්,ට්‍රින්කොමලී,බැටිකලෝ,ගෝල්,කේගෝල්,කන්ඩි, ඇඩම්ස්පීක්, ගෝල්පේස් වැනි පුද්ගල නාම සහ ස්ථාන නාම දකින  කෙනෙකුට මේ රට එන්ගලන්තයේම කොටසකැයිද එසේම පෘතුගීසිකාරයින් සහ ඉන්ග්‍රීසීන් ජීවත්වෙන රටක් යැයිද සිතෙනු ඇත.ඊනියා නිදහස ලැබුණායයි කිය75 වසරක් ගතවීත් මේවා වෙනස් නොකොට මේ අවාසනාවන්ත යටත් විජිත මානසිකත්වය තවමත් පවත්වාගෙන යාමෙන්ම මේ රටේ පාලකයින්ගේ මානසික වහල් භාවයේ තරම පැහැදිලිවෙයි.

සිව්වණුව බටහිර අධ්‍යාපන ක්‍රමයෙන් භිවූ  බුද්ධාගමට වඩා මාක්ස්වාදය ඇතුලු විවිධ මත වාදීන්ගේ ගොදුරු බවට පත්ව තම වේදිකාවල ලෙනින්,මාර්ක්ස් සහ ට්‍රොට්ස්කි වැන්නවුන්ගේ පින්තුරම ප්‍රදර්ශනය කරන තමාමුත් අන් කිසිවෙකු බුධිමතුන් නොවේ යන මතයේ සිට මේ රටේ ඉතිහාශය සහ සන්ස්කෘතිය නොදත් එලොවටත් නැති මෙලොවටත් නැති සන්ස්කෘතික වශයෙන් අතරමන්වූ පිරිස්ය.

අවසාන වශයෙන් මේ සියල්ලටම වැඩියෙන් මෙම තත්වයට වගකිවයුත්තේ එක් අතකින් තමන්ගේ රට ජාතිය හෝ ආගම සහ ඒවායේ වටිනාකම නොදන්නා සහ අනෙක් අතින් මේ සියල්ලටම වඩා තම දේශපාලන බලය රැකගැනීම සඳහා සුළු ජනකොටස්වල චන්දය වෙනුවෙන් රට ජාතිය පාවාදෙන ආත්මාර්ථකාමි දේශපාලන බඩවැඩියන් යන අයය.

රට හා ජාතිය ඉදිරියේ ඇති මේ මහා ව්‍යශනයෙන් රට ජාතිය බෙරා ගැනීමටනම් පලමුවෙන්ම කළයුත්තේ මේ සින්හල දේශය, හුදු දේශපාලන වාසි සඳහා පමණක්,  දෙමළ මුස්ලිම් ප්‍රාන්තවලට නොබෙදා ඒකචත්‍ර සින්හල රටක් වශයෙන් ආරක්ෂාකොට ගැනීමය.

එසේ කිරීමේ ඒකායන මාර්ගය නම් මේ රට සින්හල බෞද්ධයිනේ රට. මේ රටේ ජාතිය සින්හල. සින්හලයින් හැරුණුකොට දෙමළ මුස්ලිම් වැනි සුළු ජනකොටස් සියල්ලම විදේශිකයෝය. එමනිසා මේ රටේ රට වැසිබව ලබා මේ රටේ ජාතිය වශයෙන් සිටීම කිසිවෙකුට ඕනෑනම් ඉහතින් ක්වූ නිර්ණායකයන් පිලිගෙන සින්හල ඉගෙනගෙන පෙර රජ දවස සිදුවූ පරිදි සින්හල සමාජයට අන්තර්ග්‍රහනය විය යුතුය. එසේ නොකලහැකි සියළු දෙනාම මේ රටේ ඉල්ලන අයිතිවාසිකම් ලබාගතහැකි රටකට වහාම ගොස් එම අයිතිවාසිකම් ලබා ගන්නාමෙන් මම අභියෝගකරමි. ඒ අනුව සියළුම දෙමල මිනිසුන් හැකිනම් ඔවුන්ගේ මව් රට වන ඉන්දියාවට ගොස් ඉන්දීය ජාතිකත්වය සහ පුරවැසිකම  ඇතුළු මේ රටේ දී ඉල්ලන  අයිතිවාසිකම් එහිදි ලබාගන්නා මෙන්ද මම මම අභියෝගකරමි. මුස්ලිම් මිනිසුන්ට ද කිව යුත්තේ එයමය.

තව්දුරටත් 2020 මැයි 27 වනදින ලන්කාවෙබ් ප්‍රවුර්ති ජාලයේ මේ රට් කුමන රජයක් බලයට පත්වුවද ……  අවිවාදයෙන් පිලිගතයුතු ජාතික සම්මුති මාලාවක්” යන මැය යටතේ පළවු ලිපියද කියවනමෙන් මම ඔවුන්ගෙන් ඉල්ලමි.

රටේ නම සින්හලේ/ශ්‍රී ලන්කා සහ ජාතිය සින්හල වශයෙන් සියලු දෙනාම පිළිගත යුත්තේ ඇයි?

වසර 2500 ඉක්මවු ඉතිහාශය පුරාම මේ රට ලෝකය පුරාම හැඳින්වූයේ, ලන්කා/ ලන්කාදීප කියා හෝ සින්හලේ කියාය.ජාතිය වූයේ සින්හලය. ක්‍රි. පූ. 307 මහින්දාගමනයේ සිටම රටේ සන්ස්කෘතිය වූයේ සින්හල බෞද්ධය.සුද්දන්ගේ යටත් විජිතයක්ව පැවැති 1815 -1972 දක්වා සිලෝන් (Ceylon) කියා එය හැඳින්වූයේද, සිනහ්ලයින්ගේ රට යන අරුතිනි. 1815 දී ඉන්ග්‍රීසීන්ට උඩරට ගිවිසුමෙන් භාරදුන්නේද සින්හලේ රාජධානියයි. සින්හලේ යන වචනය 1815 මාර් 2 දින උඩරට ගිවිසුමේ 13 තැනක සඳහන් වීමෙන්ම ඒ බව සනාථ වෙයි.මේ අනුව 1815 දක්වාම මේ රටේ නම වූයේ සින්හලේය. එසේම ජාතිය වූයේද සින්හලය. මේ කාලය තුලද දෙමළජනයා, මුස්ලිම් ලබ්ධිකයින් මෙන්ම තවත් විදේශිකයින් සුළු ජනකොටස් වශයෙන් තැනින් තැන සිටිය ඔවුන් සියළුදෙනාම හඳුන්වනලද්දේද සින්හලේ වැසියන් වෂයෙනි. එසේම සින්හලයින් වශයෙනි.එමනිසාම රට වැසියන් වශයෙන් ඔවුන් සියළුදෙනාද එදා සින්හලයින්ම වීය.අද මෙන් මේ රටේ එදා දෙමළ මෙන්ම මුස්ලිම්  ජාතීන් සිටියේ නැත. කිසිවෙකු එසේ කී බවටද කිසිදු සාක්ෂියක් නැත. ඒ අනුව එදා දක්වාම ලොවපුරාම මේ රට හැඳින්වූයේ සින්හලේ කියාය. රටේ රටවැසියන් (පුරවැසියන් නොවේ) හැඳින්වූයේද සින්හලයින් වෂයෙන්මය.

සින්හලයින්ගේ රට යන අර්ථය ඇති සින්හලේ සහ ලස්සන රට සහ දූපත යන අරුත දෙන ලන්කා, ශ්‍රි ලන්කා සහ ලන්කාදීප යන අපර නම්ය. මේ නම් දෙකම ක්‍රිස්තු පූර්ව යුගයේ සිටම මේ රට හැඳින්වීමට භාවිතා කොට ඇති බව. මහා භාරතය, රාමායණය සහ ස්කන්ධ පුරාණය වැනි ඉන්දීය පුරාන ග්‍රනථ වලද, ඇතැම් අවස්ථාවලදී භාරත ඉතිහාසයේ ඌනතා පවා සම්පූර්ණකළ හාවන්ශය, දීපවන්ශය වැනි ලාන්කික ඉතිහාශ ග්‍රන්ථ මේ නම් දෙකම භාවිතාකොට ඇත. මීට අමතරව ග්‍රීක ජාතිකයින් විසින් භාවිතා කළ තැප්‍රොබේන් (තම්බපන්නි ඇසුරෙන් සාදාගත්) ඇතුළු තවත් විවිධ නම් 21 ක් පමණ මේ රට හැඳින්විමට ලෝකයේ විවිධ ජාතින් විසින් යොදාගෙන ඇත. තප්බ්‍රොබේන් සහ ලන්කා යන වචන දෙක හැර අනෙක් සියල්ලම සින්හල මිනිසුන්ගේ රට යන අරුතෙන්ම තබා ඇත. ඒ සියළුම නාමයන් වලට මුල්වී ඇත්තේ සින්හලයින්ගේ රට(සින්හලේ), පොලවේ මැද පිහිටි රට (ලන්කා), (භූ මද්ධ්‍යයේ අන්කීයතිති ලන්කා) සහ ලස්සන රට සහ දිවයින යන නාමයන්ය.  දෙමලුන් ඊළම් කියා කියන්නේත් සින්හලයින්ගේ රට යන්නමය, දක්ෂින භාරතයේ මේ නාමය දීර්ග කාලයක් තිස්සේ භාවිතා වී ඇත ලන්කාවේ දෙමළ ජනයා එය ඉලන්කයි කියා භාවිත කරත්.

කෝටි 7කට වැඩි දෙමළ වැසියන් සිටින, ඔවුන්ගේ අයිතිහාසික නිජ භූමිය වන තමිල් නාඩුවේවත් නැති දෙමල රාජ්‍යක් මේ සින්හලුන්ගේ රටේ තිබෙන්නේ කෙසේදැයි මම අසමි

(ඉලන්කයි තමිල් අරසු කච්චි කියනෙත්, සින්හලේ දෙමළ රාජ්‍ය පක්ෂය න්නය). කෝටි 7කට වැඩි දෙමළ වැසියන් සිටින, ඔවුන්ගේ අයිතිහාසික නිජ භූමිය වන තමිල් නාඩුවේවත් නැති දෙමල රාජ්‍යක් මේ සින්හලුන්ගේ රටේ තිබෙන්නේ කෙසේදැයි යන්න පවා නොදන්නා දෙමල  දේශපාලකයින් ජීවත් වන්නේ  දේශපාලන මනෝ ලෝකයක  බව ඔවුන්වත් නොදනිති. ඒ නිසා ඔවුන් මේ සින්හලුන්ගෙ ජන්ම භූමියට ඉලන්කයි කියාද, ඇතැම් මානසික විකුර්තිකාරයින් ඊලම් කියන වචනයේ තේරුමවත් නොදැන ඊලම් යනුවෙන් දෙමල මින්සුන්ගේ රටයයිද කියත්. සුද්දා සිලෝන් කියා කීවෙත් සින්හලයින්ගේ රට යන්නමය.  ඊළම් මතවාදය පිළිගන්නා කැනඩාව වැනි බටහිර අධිරාජ්‍යවාදී රටවල්  කියන හැටියට මේ රට ඊලම වුවහොත් වසර් 2500 කට වැඩි උරුමයක් ඇති, එසේම මේ රටේ සිෂ්ඨාචාරය බිහිකළ, එහි පරම උරුමකරුවන් වන සින්හලයින්ට මේ මිහිපිට රටක් නැතිවණු ඇත.

මේ රටේ ජාතිය සින්හල වෂයෙන් නීතිගතකළ විට ජාති භේද කතාව අවසන්වනු ඇත.

මා මෙසේ කියණුයේ උදේ සිට රෑ වෙනතුරුත් රූපවාහිනිය, ගුවන්විදුලිය  හෝ වෙනත් ඔනෑම ජානමාධ්‍යයක් බැලුවොත්, අපට නිතරම ඇසෙන සහ පෙනෙණ දෙයක් වන ජාති භේධ, නැති ආගම් භේධ නැති කතාව රටේ රාජ්‍ය නායකයාගේ පටන් සම්ප්‍රදායක නායකයින් වන මහානයක හිමිවරුන් ඇතුළු දැන උගත් පඬිවරුන් සහ වියතුන් ආදී සියලු දෙනාගේ මුවින් කියවෙන සහ එසේම පෑණෙන් ලියවෙන බැවිනි. රූපවාහිනියෙන් පෙනෙන දෙයක් තමා ‘ජාතිභේධයක් සහ ආගම් භේධයක් නැතිව අපි කටයුතුකළ යුතුයි යන සම්පප්ප්‍රලාප දැන්වත් නතර කළයුතු කාලය පැමිණ ඇති බව පාඨකයින් දැන්වත් පිළිගත යුතුය.

1.අපි පළමුව ජාති භේද ගැන කතා කරමු. ජාතිභේධයක් ඇතිවීමට නම් කිසියම් රටක් තුල ජාතීන් කීපයක් සිටිය යුතුය. මා දන්නා තරමින් මේ රටේ ජාතියක් වෂයෙන් හැඳින්විය හැක්කේ සින්හල යින්ට පමණි.මන්ද මේ රටේ මුල් පදින්චි කරුවෝද, ශිෂ්ඨාචාරය බිහිකලෝද ඔවුන් නිසාය. එසේම කි.පූ 2 සිටම සියළුම පරසතුරු ආක්‍රමණ වලින් ජීවිත පරිත්‍යාගයෙන් ඉතිහාශය පුරාම මේ රට රැකගණු ලැබුයේද ඔවුන් නිසාය. ඒ අනු මේ රටේ ජාතිය සින්හල වියයුත්තේ ඔවුන් පමණක් බව යුතු.

ඉතිහාසයේ ආරම්ඹයේ සිට 1948 වතුරු මේ රටේ වාසයකල සියලු දෙනාම හැඳිවූයේද සින්හලයින් වශයෙනි.  මේ රටේ ජාතින් කීපයක් සිටී යන විෂබීජ සන්කල්පය රටේ ඉතිහාශයේ පළමුවරට බිහිකලේ සුද්දන් විසිනි. ඒ 1948 සෝල්බරී ව්‍යවස්ථාව නම්වූ මර උගුලේ 29වන වගන්තියෙනි.

මේ අනුව ඉතිහාසයේ වරන්වර ආක්‍රමනිකයින්,වෙළෙන්දන් ,හොර වැසියන් සහ සුද්දන් විසින් ඔවුගේ වැඩපලවල සහ තේ වතුවල වහල් මෙහෙයට 1840න් පසු ඉන්දියාවෙන් මෙහි ගෙනවිත්  එක් අතකින් එන්ගලතයේ භාණ්ඩාගාරය තර කරමින්  අනෙක් අතින් අවුරුදු පතා තමන් හම්බකරගත් සියළු දෙය රත්‍රන් බවට හරවා ඉන්දියාවට ගෙන ගොස්  ඔවුන්ගේ මව් රට පොහොසත් කළ,  1948 දී සුද්ද්හන් මේ  රට අත්හැර යනවිට මෙහි අතරමන්කොට ගිය එවකට බ්‍රතාන්‍යපුරවැසියන් වු ඉදීය සම්භවයක් සහිත පිරිසකට  ඉන්දියාව විසින් වරන්වර කරණලද බලපෑම්නිසා මේ රටේ පුර වැසිකම ලබාගත් නමුත් කය මිස සිත මහි ණැති වතු දෙමල මිනිසුන් ඇතුළු තම අයිතිහාසික මව්බිම වූ ඉන්දියාවේවත් නැති ජාතිකත්වයක් ඔවුන්ට මේ සින්හල රටේ ඉල්ලන්නේ මොන පදනමක් මතද. දෙමළ මුස්ලිම් යන ජනකොටස් දෙකම මේ රටේ සුළු ජනවර්ග මිස ජාතීන් නොවේ. දෙමල ම්නිසුන්ට ජාතියක් වෂයෙන් උරුම කීමට හැක්කේ දකුණු ඉන්දියාවේ පමණි. ඒ වගේම මුස්ලිම් මින්සුන්ටද ජාතියක් වෂයෙන් පෙනීසිටිය හැක්කේ මුස්ලිම් ජාතියක් වශයෙන් පිළිගෙන ඇතිරටක පදීන්චි විමෙන් පමණි. එවැනි රටක් මේ ලෝකයේ කොතැනකවත් මා අසා නැත. තවද මුස්ලිම් කියන්නේ බෞද්ධ්,හින්දු වැනි ආගමික වර්ගීකරණයක් මිස ජාතියක් නොවේ.මුස්ලිම් කියා ලෝකයේ කිසිම රටක නැති ජාතියක් නිර්මාණය කිරීමට උත්සාහ කරන්නේ මේ රටේ පමණි.සමස්ථ අරාබිකරයේ හෝ මුස්ලිම්වරුන් ගේ රටවල් වන පකිස්ථානය,බන්ග්ලදේශය, මැලේසියාව, ඉන්දුනීසියා සහ මාලදිවයින වැනි කිසිම රටක හෝ ලෝකයේ වෙනත් කිසිම තැනක මුස්ලිම් නමින් ජාතියක් නැත.  ඒ හැම රටකම ජාතිය හැඳින්වෙන්නේ එකී රටවල නමිනි. එසේ තිබියදි මේ සින්හල රටේ පමණක් ඔවුන් ජාතියක් වෂයෙන් හඳුන්වන්නේ කෙසේද. මා දකින අන්දමට මේ රටේ ඔවුන් ජාතියක් වෂයෙන් හඳුන්වන්නේ මෙම තත්වය නොදැන ඔවුන්ගේ චන්දය ලබගැනිමට වළිකන  දේශපාලකයින් පමණි. 

ලෝකයේ ඔනෑම රටක ඇත්තේ එක ජාතියක් පමණි.උදාහරණ යකට ජපානයේ ජපන්නු,කොරියාවේ කොරියන්වරු,චීනයේ  චීන්නු,ඉන්දියාවේ ඉන්දියානුවන්, ඇමෙරිකාවේ ඇමරිකානුවන්,  එන්ගලන්තයේ ඉන්ග්‍රීසින් සහ ප්‍රන්ශයේ ප්‍රන්ශ ආදි වෂයෙනි. මේ හැම රටකම විවිධ ජනවර්ග ජීවත් වෙන නමුත් ඔවුන් එම රට්වල්වල ස්වදේශිකයින් හා සම ජාතීන් වශයෙන් පෙනීසිටීමට අරගල කරණවාද. ඒ ඒ රටවලින් තමන්ට බිම් කොටස් ඉල්ලනවාද. එසේත් නැත්නම් එම රටවවල ජාතික ගීය මොවුන්ගේ භාෂාවලින් ගයන්ට කියනවාද. ඒ එක රටක් හෝ බහුජාතික, බහු ආගමික රටක් වෂයෙන් නීතිගත කොට තිබෙනවාද. එසේත්.නොමැතිනම් ඒ රටවල දේශපාලකයින් එසේ ප්‍රකාශකරණවාද.කරුණු එසේ තිබියදි මේ රටේ පමණක් මෙවැනි ඉල්ලීම් ඇතිවන්නේ ඇයි. 

 එසේම කි. පූ. 307 සිට අද දක්වාම පැවතෙන පරිදි බුද්ධාගම රාජ්‍ය ආගමකොට සෙසු ආගම් ඇදහීමේ නිදහස පමණක් නීතිගතකළවිට බහු ආගම් කථාවද අවසන් වනු ඇත

මේ රට තුල අද පවතින මෙම අවාසනාවන්ත  තහ්වයට හේතු

ප්‍රධාන හේතුව මේ සින්හල බෞද්ධ රට විනාශකිරීම සඳහා බෙදා පාලනය කළ සුද්ධන්ගේ බෙදා පාලනය කිරීමේ අවෂ්‍යතාව තවමත් මෙහි ක්‍රියාත්මක වීමය.

දෙවැන්න මේ රට තම රටේ 29 වන ප්‍රාන්තයකොට ගැනීමේ කිසිදාක නොසන්සින්දෙන දේශපාලන දොළදුකින් පෙලෙන ඉන්දියාවේ බලපෑම්ය.

තෙවනුව මේ සියල්ලටම වඩා තමන්ගේ රට කුමක්ද, එහි භූගෝලය, ඉතිහාශය කුමක්ද, අපගේ සස්කෘතිය සහ ශිශ්ඨාචාරය සහ ඒවායේ වටිණාකම් මොනවාද, එසේම තම ජාතිය කුමක්ද,එසේම ජාතිකතවය, ආගම සහ උරුමයන් මොනවාද  ඒවායේ  වටිනාකම් මොනවාද  කියාවත් අවභෝධයක් වර්තමාන පරම්පරාවට නැති කමය.

අනෙත් අතින් සුළුජන ඡන්දය නමැති මිරිඟුව පසුපස අන්ධයින් මෙන් දුවන තම බලය රැකගැනීම සහ අලුතෙන් බලය ලබාගැනීමේ නොසන්සිඳෙන දෙශපාලන බලතන්හා දොළදුකෙන් පෙළෙන තමන්ගේ රට, ජාතිය සහ ආගමට ආදරයක් නැහි දේෂප්‍රේමයක් මෙන්ම ජාති වාත්සල්‍යක් නැති සින්හල බෞද්ධ කමේ ඇති වටිනාකමවත්  නොදන්නා එසේම රාජ්‍යපාලනයේ මූලික වගකීම් තුන වශයෙන් කෞටිල්‍යන් විසින් හඳුවාදුන් රක්ෂ, පාලන සහ යෝගක්ෂේම යන තුනවත් නොදන්නා  බඩගෝස්තරවාදි  දේශපාලනඥයින්  සහ එවැනි දේශපාලන පක්ෂ පස්සේ අවිචාරයෙන් දුවන ඡන්ද දායකයින්ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress