සිවුරු පොරවා භික්ෂු වෙස් ගන්වා 500කට පුහුණුවක් දීලා… බුද්ධි අංශ රහස් වාර්තාවක් අනාවරණය කරයි
Posted on September 3rd, 2023
Lanka Lead News
වයස අවුරුදු 18 – 20ත් අතර තරුණයන්ට පුහුණුවක් ලබාදී සිවුරු පොරවා දේශපාලන අරමුණු වෙනුවෙන් යොදාගැනීමේ සූක්ෂ්ම වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කොට ඇති බවට රාජ්‍ය බුද්ධ අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇති බව ජාතික පුවත්පතක් වාර්තා කර තිබේ.
එසේ මේ වන විට 500කට ආසන්න පිරිසත් එසේ පුහුණු කර භික්ෂූන් වහන්සේලා ලෙස යොදාගෙන තිබෙන බවට බුද්ධි අංශ රහස් වර්තාවකින් රජයට තොරතුරු ලබාදී තිබෙන බවක් දැනගන්නට ඇති බව එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.
මෙම ක්‍රියාවලිය පිටුපස දේශපාලන හස්තයක් තිබෙන බවද ඔවුන් පවසයි. මෙම චීවරධාරීන් මගින් දේශපාලන මත ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙලක් ඇති බවද ඔවුන් අනාවරණය කරගෙන ඇති බව වාර්තා කරයි.