නව ව්‍යවස්ථා කෙටුම්පත ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගේ විග්‍රහයට ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වාගෙන් ප්‍රතිචාර
Posted on October 25th, 2023
BY KUBIYA2 ON OCTOBER 25, 2023

‘නව ව්‍යවස්ථාකෙටුම්පත මගින් 13 ඉක්මවා යන බලයක් පළාත් සභාවලට ලැබෙනවාද?’ යනුවෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඉකුත් දා ලිපියක් මගින් දීර්ඝ විග්‍රහයක් සිදුකරන ලදී.
එම ලිපිය මගින් ඒ මහතා පෙන්වා දී තිබුනේ නව කෙටුම්පත වර්තමාන ජනාධිපතිවරයා විසින් පිළිගතහොත් සහ එය ක්‍රියාත්මක කළහොත් බෙදුම්වාදීන්ට වඩා වාසි සහගත තත්ත්වයක් නිර්මාණය වන බවය.
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා එම කරුණු සඳහන් කර තිබුනේ මෙසේය.
නව ව්‍යවස්ථා කෙටුම්පත මගින් සමගාමී ලැයිස්තුව අහෝසි කර මධ්‍යම රජයේ බලතල ලැයිස්තුව ඉවත් කර පළාත් බලතල ලැයිස්තුව විෂයන් 67ක් දක්වා පුළුල් කර ඇත. එම බලතල වලට අදාළව ද පාර්ලිමේන්තුවට නීති පැනවිය හැකි බව සඳහන් වුව ද පළාතක් විසින් එම බලතල වලට අදාලව ප්‍රඥප්ති සම්මත කිරීම ඒ මගින් වැළැක්විය නොහැක. නමුත් 13 වැනි සංශෝධනය යටතේ ප්‍රඥප්තියක් සම්මත කිරීම සඳහා ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය අවශ්‍ය වේ. නව ව්‍යවස්ථා කෙටුම්පත තුළ එම ප්‍රතිපාදන ඉවත් කර ඇති අතර පළාත් සභාවකට ස්වාධීනව තම ප්‍රඥප්ති සම්මත කර ගැසට් කිරීමේ බලතල ලබාදී ඇත. ඒ අනුව ප්‍රඥප්තියක් සම්මත කිරීමෙන් පසුව පවතින නීතියට පටහැණි නම් හෝ ජාතික ප්‍රතිපත්තියට පටහැනි නම් එය නිවැරදි කරන ලෙස නියෝග කිරීමේ බලය ජනාධිපතිවරයා සතු වුවද එම බලය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමේ හැකියාව ලබා දී ඇත. නමුත් 13 වැනි සංශෝධනය මගින් ඒ ආකාරයට ජනාධිපතිවරයාගේ බලතල දුර්වල කිරීමක් සිදු කර නැත. නව කෙටුම්පත අනුව මධ්‍යම රජය විසින් යම් විෂයකට අදාලව නීතියක් හෝ ප්‍රතිපත්තියක් සම්පාදනය කර නොමැති තත්වයක් යටතේ පළාත් සභාවකට එම විෂයට අදාලව ප්‍රඥප්ති සම්මත කිරීම සඳහා විශේෂ අවකාශයක් ලැබේ. ඊට අමතරව සමගාමී ලැයිස්තුවට අදාලව ප්‍රඥප්ති සම්මත කිරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් පවතින ව්‍යවස්ථාව මගින් දක්වා ඇත. එම නිසා පළාත් ප්‍රඥප්තියක් සම්මත කරන අවස්ථාව හෝ කාල වකවානුව අනුව ව්‍යවස්ථාමය ප්‍රතිපාදන වලින් රිංගායෑමේ හැකියාවක් නොලැබේ. ”
කෙසේ වෙතත්, වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මෙම විග්‍රහයට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා විසින් ලිපියක් සම්පාදනය කරමින් පවසා ඇත්තේ මෙම නව ව්‍යවස්ථා කෙටුම්පත 13 සංශෝධනය අකර්මණ්‍ය කිරීම සඳහා ඉදිරිපත් කළ කෙටුම්පතක් බවය.
මෙම කෙටුම්පතේ සමගාමී ලැයිස්තුව ඇතුළත් කර නොතිබීම පිළිබඳව වසන්ත බණ්ඩාර මහතා දක්වන කරුණු පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා පවන්නේ සමගාමී ලැයිස්තුව වැදගත් වන්නේ ෆෙඩරල් හෝ අර්ධ ෆෙඩරල් රාජ්‍යයකට බවය.
එමෙන්ම පළාත් සභා ලැයිස්තුවේ විෂයන් සම්බන්ධයෙන් හා පළාත් ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය සම්බන්ධයෙන් මෙන්ම ඉඩම් බලතල, පළාත් ප්‍රතිපත්ති හා පළාත් සභාවල මූල්‍ය බලතල සම්බන්ධයෙන් ද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා දකවා ඇති කරුණුවලට මෙම ලිපිය මගින් මනෝහර ද සිල්වා මහතා ප්‍රතිචාර දක්වා තිබේ.
අදාළ ලිපිය පහළින්..




